IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


එහෙ මෙහෙ පැනිලි බේරගත්තා මිස ඇමති මාරුවෙන් රටට වුණ සෙතක් නෑ

(මුදිතා දයානන්ද සමග තියේෂා අවින්දි)
 
තෙවසරක් තුළ සිව්වෙනි වතාවටත් සිදුකළ කැබිනට් සංශෝධනයෙන් පළිගැනීම්, හිතවත්කම් දැඩිකර ගැනීම් හා හැරයාම් වළක්වා ගැනීම හැර රටත් ජනතාවත් වෙනුවෙන් කළ කිසිම වෙනස්කමක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පෙරේදා (02) පැවැසීය. 
 
හේරත් මහතා මේ බව පැවැසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වන අතර එහිදී ඔහු මෙසේ ද පැවැසීය.
 
“ආණ්ඩුව නැවතත් කැබිනට් සංශෝධනයක් කළා. ඊයේ කැබිනට් ඇමැතිවරු පත්කළා. අද නියෝජ්‍ය හා රාජ්‍ය ඇමැතිවරු පත්කළා. හෙටත් තව කීපදෙනෙක් පත්වේවි. මේ ආණ්ඩුව බලයට ආවේම ඇමැතිකම් තිහට අඩුකරනවා, විද්‍යාත්මක ක්‍රමයකට ඇමැතිකම් බෙදනවා කියලයි. ඔවුන්ට එහෙම කියන්න බල කළේ පසුගිය රජය රටට දරන්න බැරි තරම් කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන තිබුණ නිසා විශාල පිරිසකගේ විරෝධයට ලක්වීමයි. එහෙත් ආණ්ඩුව පත්වුණු ගමන්ම ඒ පොරොන්දු කඩ කළා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ වෙන්නත් කලින් කැබිනට් සංශෝධන හතරක් සිදුකරලා. ඒකෙන්ම පේනවා ඔවුන්ගේ අසාර්ථකත්වය කෙතරම් ද කියලා.
 
මේ ඇමැතිකම් බෙදීමේ කිසිම විද්‍යාත්මක පදනමක් නැති බව හොඳින්ම පෙන්වන අමාත්‍යාංශ ගණනාවක් තිබෙනවා. වනන්තරේ ගස් අයිති වන සංරක්ෂක ඇමැතිට. ඒ වනන්තරේම සත්තු අයිති වනජීවී ඇමැතිට. වයඹ සංවර්ධන, උතුරු සංවර්ධන, දක්ෂිණ සංවර්ධන වගේ ප්‍රදේශ කීපයකට විතරක් සංවර්ධන ඇමැතිවරු වෙන්කර තිබෙනවා. ඒ අතරේ නුවර සංවර්ධන ඇමැති කියලා තව කෙනෙක් ඉන්නවා. එයාට අයිති නුවර විතරයි.
ඊළඟට මහ නගර සංවර්ධන ඇමැති කෙනකුත් ඉන්නවා. මේ එකිනෙකාට තියෙන වගකීම් මොනවා ද? මේ විදහට තවත් අච්චාරු කරපු අමාත්‍යාංශ රැසක් තිබෙනවා. මොකක් ද මේකේ තිබෙන විද්‍යාත්මක බව? ඔලුගෙඩි මාරුවක් හැර වෙනත් සිදුවුණ වෙනසක් මෙතන නැහැ. විද්‍යාත්මකව බෙදනවා නම් කෘෂිකර්ම අමාත්‍යාංශය සමඟ තමයි ජලය, ඉඩම්, වාරිමාර්ග, මහවැලි, පශු සම්පත් කියන සියල්ල තිබිය යුත්තේ. එවිට තමයි කෘෂිකර්මාන්තය දියුණු කිරීමට සියල්ල එකතු කරගෙන විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කළ හැක්කේ.
 
දැන් මේ අමාත්‍යාංශ බෙදිල්ලෙන් සිදුව තිබෙන්නේ ජනතාව මත තවත් බර පැටවීමක් විතරයි. ජනතාවට දුන් පොරොන්දු කඩකරන, ආර්ථිකය ගොඩ නැගීමට වැඩ පිළිවෙළක් නැති අර්බුද නිර්මාණය කරනවා හැර ඒවාට විසඳුමක් නැති මේ ආණ්ඩුව පළවා හැරීමට අපත් සමඟ පෙළ ගැසෙන්න.”
 
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතා ද එක්වූ අතර මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට විජිත හේරත් මහතා මෙසේ පිළිතුරු දුන්නේය. 
 
ප්‍රශ්නය - - විජයදාස රාජපක්ෂ මහතා කලින් කිව්වේ මේ ආණ්ඩුවෙන් දෙන ඇමැතිකම් නැවත ගන්නේ නැහැ කියලයි. නමුත් දැන් අලුත් ඇමැතිකමක් අරන්. මොකක් ද මේ වෙනස ගැන හිතන්නේ?
 
පිළිතුර - - මේ ආණ්ඩුවේ නායකයන් හැසිරෙන විදිහට තමයි පහළ ඉන්න සාමාජිකයන් හැසිරෙන්නෙත්. ආණ්ඩුවෙන් ඉවත් කෙරෙනකොට තනතුරුවලින් පහළට දානකොට තමයි හැමෝටම ආණ්ඩුවට දොස් කියන්න මතක් වෙන්නේ. ඇමැතිකම් කරනතුරු කිසිම දෙයක් ගැන කියන්නේ නැහැ. හෙට දවසේ රවී කරුණානායක මහතාට ඇමැතිකමක් දුන්නොත් ඒකත් පුදුමයක් නෙවෙයි. 
 
ප්‍රශ්නය - ජනිපෙ කියනවා පුස් කකා තිබුණ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නැවත ගෙන ආවේ අගමැතිට බලය හදලා දෙන්නයි කියලා?
 
පිළිතුර - එතුමාට මේ ව්‍යවස්ථා ගැන එතරම් අවබෝධයක් නැහැ. මෙයින් එවැනි දෙයක් සිදුවන්නේ බලය බෙදී යන්නේ අගමැති, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය ස්වාධීන කොමිෂන් සභා ආදී ආයතන ගණනාවකටයි. 
 
ප්‍රශ්නය - මේ කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරගන්න හැකි වෙයි ද?
 
පිළිතුර - - අපි විශ්වාස කරනවා ඒක කරන්න හැකි වෙයි කියලා. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා විධායකය අහෝසි කරන්න කියලා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කරන බවට පොරොන්දු දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවේ සිටින කොටස වගේම මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ටත් මේකට විරෝධයක් නැහැ. ඒ නිසා මේක සම්මත කරගැනීම ගැන ගැටලුවක් නැහැ. 
 
ප්‍රශ්නය - ජනිපෙ ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කියනවා මේ පනත සම්මත කරන්න දෙන්නේ නැහැ, දිවි පරදුවට තබා එයට එරෙහිව සටන් කරනවා කියලා? 
 
පිළිතුර- - බලමු. ලෙමන් පෆ් කකා, තැඹිලි වතුර බිබී නැතිව ඇත්ත උපවාසය කරන්නේ නැතිව අවංකව රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැපවෙන්නේ කොහොම ද කියලා මේ වතාවෙවත් පෙන්වන්නේ කෙසේ ද කියලා.
 
ප්‍රශ්නය - සිංගප්පූරුව සමඟ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ ගැන පාර්ලිමේන්තුව දැනුවත් කර තිබුණා ද?
 
පිළිතුර - - නැහැ. ඒක හංගලා තමයි කරන්නේ. මෙයින් ආර්ථික ක්ෂේත්‍රයට විශාල බලපෑමක් සිදුවෙනවා. මේ ගැන අපි කලින් මලික් සමරවික්‍රමගෙන් විමසූ විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මිසක් කිසිම විදේශීය ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කිව්වා. නමුත් එසේ නොකර ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. 
 
ප්‍රශ්නය - එට්කා වෙනුවට ආපු වෙනත් ගිවිසුමක් ද මේක?
 
පිළිතුර - අපි ඒ ගැන සොයා බැලිය යුතුයි. සප්තා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදීත් ඉන්දියාව තමන්ගේ සමාගම් වෙනත් රටවල ස්ථාපිත කර අප වෙත එව්වා. මෙතනදිත් එවැනි දේ සිදුවෙනවා ද කියලා දැන් කියන්න අමාරුයි. නමුත් ඒ ගැන සෙවිය යුතුයි.



අදහස් (2)

එහෙ මෙහෙ පැනිලි බේරගත්තා මිස ඇමති මාරුවෙන් රටට වුණ සෙතක් නෑ

surath Sunday, 06 May 2018 06:26 PM

ඔක්කොම අමතක වෙන්න 20 ගේන්නේ එම සෙත සාදන්නද ?

:       0       0

kalani withanage Wednesday, 09 May 2018 04:33 AM

සුරත් මහත්මාණනි, සිරිමා බණ්ඩාරනායක මැතිනිය පළමුවරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනේ විධායක ධුරය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දු වෙලා. චන්ද්‍රිකා මැතිනිය ලිඛිත පොරොන්දුවක් දුන්නා.මහින්ද රාජපක්ෂ මැතිතුමා අවස්ථා දෙකක් පොරොන්දු වුනා . වත්මන් ජනාධිපතිතුමා ඉදිරිපත් වුනේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ස්ථිර පොරොන්දුවක් දෙමින්.අති පුජ්‍ය සෝභිත හිමියන්ගේ දේහය ඉදිරියේ පොරොන්දුව සපථ කළා අමතකද? එක්සත් ජාතික පක්ෂය කතරගම සම්මේලනයේදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න තීරණය කළා.ඉතින් ජවිපෙ එම කාරණය මතක් කිරීම වැරදිද./ යමක් ලියන්න කියන්න කලින් කරුණු සිහිපත් කර දැනුම්වත් වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5332 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 617 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1976 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3656 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 139 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 930 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site