IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ඒකාබද්ධය වෙන්වන්නේ දෙදෙනෙකු නිසයි - දයාසිරි

ඩයනා උදයංගනී
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
නමුත් එහි සිටින දෙදෙනෙකු එම එකතුවීම වළක්වමින් සිටින බවද අමාත්‍යවරයා පැවසීය.
 
පක්‍ෂය දෙකඩ කර වසර 20ක් පමණ විපක්‍ෂයේ තබා ඉන්පසු පක්‍ෂය ගොඩනගාගෙන රටේ බලය ලබාගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇතැයි කී අමාත්‍යවරයා ඒ දෙදෙනාගේ නම් ඉදිරියේදී රටට හෙළි කරන බව ද සඳහන් කළේය.
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්‍ෂිකයින් සිටින්නේ කවුරුන් සමඟද යන්න පළාත් පාලන මැතිවරණයේ දී පැහැදිලි වනු ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.



අදහස් (9)

ඒකාබද්ධය වෙන්වන්නේ දෙදෙනෙකු නිසයි - දයාසිරි

kumar (galf) Wednesday, 06 December 2017 06:51 PM

ආත බූත නැතිව දොඩවන හරක් ඇමති කෙනෙක් මේ.

:       4       129

de silva Wednesday, 06 December 2017 09:20 PM

ඔබතුමා ජී.ඇල් පිරිස් මහතා සමග ශ්‍රී ලනිපයේ සිට එජාපෙට පැන්නා. ඉන්පසු එජාපෙ ඉඳන් මහින්ද මහතාගේ ඔඩොක්කුවට පැන්නා. එතනින් සිරිසේන මහතාගේ ඔඩොකුවට පැන්නා. ඔබතුම හිතන් ඉන්නේ රටේ ඉන්න දේශපාලකයින් සියලු දෙනාම වඳුරන් කියලද ?

:       5       179

සෙනෙවි Wednesday, 06 December 2017 11:33 PM

මේ වෙන්ව ඉල්ලීම රටට හිතකරයි. ඒකාබද්ධයේ පෙරමුණ ගෙන සිටින්නේ මහින්ද මහතාට වඩා එම රජයෙන් වාසි ලැබූ අයයි. එමෙන්ම ආතක් පාතක් නැති වීරවංස, වාසුදේව, ගම්මන්පිල වැනි අයයි. ඇතැම් මුහුණු දකිනවිට හිරේ නොසිටීම ගැන පුදුම හිතේ. යූඑන්පිය සමග ගිවිසුම් නොගසා විරසක නොවී වෙනම ඉල්ලන්න පැරදුණත් හොඳ මිනිසුන් ඉතිරිව ගමන යාහැක. ඒකාබද්ධයට යනඑන මං නැතිවෙනු ඇත. ඒකාබද්ධය පවතින්නේ ජාතිවාදය සහ නිවට වහළුන්මෙන් සිතන අය සමගය. නිවටුන් නිවට මානසික තත්වය ඇති අය සිතනුයේ නිදහස සහ බඩ අතරින් වඩා වැදගත් බඩ බවයි. එහෙත් නිවහල්ව සිතන අයට පවුලක හෝ පුද්ගලයෙකුගේ සංදර්ශන දිගු කලක් ඉවසා සිටිය නොහැක. එසේම කලගුණ සැලකීමට තමන්ගේ හිස දන්දිය නොහැක.

:       411       111

Senarath Thursday, 07 December 2017 03:28 AM

මෙයා නම් දොඩවනවා. දෙන්නෙකුට පුළුවන්ද මහින්ද මහත්තයා ඇතුළු අය සියලුදෙනාගේ කැමැත්ත පිටින් වැඩකරන්න. පසුගිය ඡන්දෙදි මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවේ නැති එකගැන අපි අදටත් දුක්වෙනවා. එහෙම කළා නම් කාගෙවත් උගුලකට අස්වෙන්නේ නැහැ. එහෙම ඉල්ලුවානම් එතුමා එක්කෝ අගමැති, එහෙම නැතිනම් විපක්ෂ නායක... දැනට රජය කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය දිහා බැලුවාම , එදා අගමැති වෙන්න බැරි වුණානම්, අද අනිවාර්යයෙන්ම රජයක් පිහිටුවලා.

:       82       200

CHAMINDA Thursday, 07 December 2017 04:06 AM

කොච්චර මොනවා උනත් , නිදහස් පාක්ෂිකයෙකුගේ ජන්දය අතෙන් පිට දාන්න අත නැවෙන්නේ නැහැ.

:       315       268

Chandra Thursday, 07 December 2017 03:52 PM

මේ රටට මොනවා වෙලාද ? ඡන්දය දිනන්න ඕනෑම දූෂිත කණ්ඩායමක් එක්ක එකතු වෙනවා. මේ රට හදන ක්‍රමයද? රට නැති කරන ක්‍රමයක්. ලංකාදේශය පාලනය කරන මහත්වරු යහපත් වෙන්න ඕනෑනේද? දැන් හැම පක්ෂයකම ඉන්න දූෂිත අය එලියට තල්ලු කරලා, මුදලට ගිජු නැති මහත්වරු ටිකක් පක්ෂවලට හොයා ගන්න ඕනෑ වෙලාව. එහෙම වෙන්නේ නැතිනම් ලංකාවට සියලු දෙවියන්ගේම පිහිටයි. මහත්මා ගතිගුණ නොදන්නා දේශයක් වෙන එක කාටවත් වළක්වන්න බැහැ.. ඒක ස්ථිරයි.

:       0       281

nihal Thursday, 07 December 2017 08:34 PM

කුමාර් හරි... කකුළුවා කෙලින් යන්න පැටවුන්ට කියලා දෙනවා.... ඒ රටේ ඇමතියෝ කෙලින්නේ පිස්සු තමයි.

:       0       1

සිරිපාල රත්නසින්හ Thursday, 07 December 2017 10:41 PM

බොරුවට නිකන් ඒකාබද්ධය කියකියා නන්දොඩවන්නෙ නැතිව කෙලින්ම කියන්න. හොරගොල්ලෙ කෙනයි, හොරගොල්ලෙ රවුම්ගහන කෙනයි කියලා.

:       0       2

jeewa Friday, 08 December 2017 10:22 AM

චමින්ද, දැන් තියන තත්වය අනුව නිදහස් පක්ෂයට දුන්නත් ඒජාපයට දුන්නත් වෙනසක් නැත. බලය වෙනුවෙන් මෙවරත් ඔවුන් ඡන්දයෙන් පසු එකතු වෙනවා. එ්ක ස්ථිරයි. මේ පාර හැමෝම කල්පනා කරලා තමන්ගේ ඡන්දය පාවිච්චි කළොත් හොඳයි.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3224 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site