IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


‘කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්’ - අගමැති

(සිරංගිකා ලොකුකරවිට)

"කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්. කැච් එක අතඇරියොත් මැච් එක පරාදයි. මේ අපට ලැබෙන අවසන් අවස්ථාව. මේ වෙලාවේ කැච් එක අතඅරින්න එපා." යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (22) ගාල්ලේ වැකුණුගොඩ 'නිල සෙවණ' පොලිස් නිල නිවාස 100ක් භාරදීමේ උත්සවයේ දී කීවේය.

අග්‍රාමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

දේශපාලන යන්ත්‍රණයේ සමහර ප්‍රශ්නවලට පිළියම් නැති වුණාම ත්‍රස්තවාදයෙන් භීෂණයේන ප්‍රශ්න විසඳන්න හිතනවා. ඒ නිසා ඕනම රටක් තමන්ට ඇති දේශපාලන ප්‍රශ්න හැකි සෑම විටම විසඳන්න පියවර ගතයුතුයි. උතුරේ යුද්ධය ඇතිවුණේ දේශපාලන ප්‍රශ්නයක් නිසා යුද්ධයෙන් පස්සේ විසඳන්නත් බැරි වුණා. දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂත් සිංහල මුස්ලිම් දේශපාලන පක්ෂත් ඒකීය රාජ්‍යයක් අවශ්‍යයි කියන මතයේ නිතරම හිටියා.

නමුත් පෙඩරල් ක්‍රමයක් ඕන කියලා ද්‍රවිඩ ප්‍රශ්න වලින් කිව්වා. යුද්ධයේ දීත් වෙනම රාජ්‍යයක් ඉල්ලුවා. ඒක විසඳන්න අපි ක්‍රියාකලා. අපේ ව්‍යවස්ථාදායක සභාවේ මෙහෙයුම් කමිටුවේ අන්තර් වාර්තාවේ එකට විසඳුම් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වාර්තාවේ පළමු ඡේදයේ තිබෙන යෝජනා ගැන ප්‍රධාන පක්ෂ දෙක අවධානය යොමු කරලා තියෙනවා.

උපරිම බලය බෙදා හැරීම පාර්ලිමේන්තුවට අමතරව සෙනට් සභාවක් ඇතිකිරීම. මදිපුංචිකම් වලට ඉඩ නොදෙන මානව හිමිකම් ක්‍රමයක් ඇතිකිරීම, ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇතිකිරීම, යුද්ධයෙන් අවතැන් වූවන් වහාම පදිංචි කිරීම කියන කාරණාවලට ප්‍රධාන පක්ෂ දෙක එකඟවෙනවානම් විසඳුමක් ලෙස ඒකීය රාජ්‍යයට හා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය ලබා දීමටත් තමන් එකඟ වෙනවා කියා සුළු ජාතීන් නියෝජනය කරන පක්ෂ එකඟ වෙලා තියෙනවා. මම මේ ගැන එයාලා සමග සාකච්ඡා කරා.

මේ ප්‍රශ්න ගැන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් හැමදාම කඹ ඇද්දා. නමුත් එදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න පොදු අපේක්ෂකයා වටා එකතුවුණේ මේ සියල්ලට විසඳුම් හොයන්න. එදා සිවිල් සමාජය හා සුළු ජාතික පක්ෂත් එකතු වුණා.

අද අපිට එකම මතයකට එන්න පුළුවන් වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අපි ජාතික ආණ්ඩුවක් හැදුවේ මේ ප්‍රධාන පක්ෂය විසඳන්න. ඇතැම් අය අපෙන් ඇහුවා ඇයි මේ ජාතික ආණ්ඩුවක් හදන්නේ කියලා. අපිට තනි පක්ෂයක් හැටියට ලැබෙන වාසිය ටිකක් අඩු කරගත්තත් කමක් නැහැ. රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න විසඳාගන්න ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවා.

2016 ජනවාරි මාසයේ දී පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කළේ. ඒ කෙටුම්පත අපි පාර්ලමේන්තුවෙන් සම්මත කරා. දෙවැනි පියවර හැටියට මෙහෙයුම් කොමිටියක් පත් කළා. අවුරුද්දකට වඩා ඒ කමිටුවේන සාකච්ඡා කළා. තමන්ගේ ස්ථාවරය. තමන් අතර තිබෙන වෙනස ප්‍රශ්නය විසඳන්න පුළුවන් ද බැරිද කියා කත කළා. වාද කළා. විවාද කළා.  මගෙන් සමහරු ඇහුවා සභාපති වෙලා කල්ගත කරනවා ද කියා.

මම මේ කාර්යයට කල් ගත්තේ හැමෝටම අදහස් දක්වන්න. විසඳුම් යෝජනා කරන්න. දෙවැනි ඡේදයේ තියෙනවා තමන්ට අවශ්‍යනම් තමන්ගේ පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරලා ඒ කාරණාවලට එකඟ වෙන්නේ කොහොමද කියලා. දැන් අපි සම්පූර්ණ වාර්තාව දීලා තියෙනවා. එතැන බහුතරයක් නෑ. සුළුතරයක් නෑ. පක්ෂ විපක්ෂ ඒකාබද්ධ විපක්ෂ අදහස් ඔක්කොම තියෙනවා. එක එක පක්ෂවල මූලධර්ම සියල්ල තියෙනවා.

අපි මේ ගමන ඉදිරියට ගෙනයන්න ඕන. මෙහෙයුම් කමිටුවෙන් අපි කරන්න ඕන දේ කරා. දැන් රටට ජනතාවට භාර දෙනවා ඉතිරි වැඩ ටික කරන්න. මේක අපිට ලැබෙන අවසන් අවස්ථාව. සමහරු කෑ ගහනවා පොලිසිය උතුරට දීලා කියලා දෙමළ අය කියනවා තමන්ගේ අය බඳවාගෙන නැහැ කියලා. සම්පූර්ණ ඇබෑර්තු 7000යි පළමු වටයේ ද්‍රවිඪ නිලධාරීන් 700ක් බඳවා ගන්නම් කිව්වා.

නමුත් ඇවිත් තියෙන්නේ 180ක් පමණයි. 700ක් මදි ඒත් එන්නේ ඉතා අඩු ගණනක්. අපි යාපනේ ගිහිල්ලත් මේ ප්‍රශ්න කතා කළා. මේක රට පාවලා දෙන එකක් නෙවෙයි. මෙතැනින් අපි ඉදිරයට ගිහින් මේ ප්‍රශ්න විසඳාගන්න ඕන. මේ අවස්ථාව අරගෙන අපි ඉදිරියට යන්න ඕන.මේ කැච් එක අල්ලාගත්තොත් මැච් එක දිනනවා. කැච් එක ඩ්‍රොප් කළොත් මැච් එක පරදිනවා. ඒ නිසා අපි කැච් එක අල්ලාගන්න ම ඕනෑ.

මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද සහභාගී වී සිටියහ.

 



අදහස් (6)

‘කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම්’ - අගමැති

Raveendra Friday, 22 September 2017 09:15 AM

"කැච් එක අල්ලගත්තොත් මැච් එක දිනුම් " ඉතාමත් සත්‍ය කතාවකි.මුළු සෞරග්‍රහ මණ්ඩලයේම තිබෙන හැම ලෝකෙම පිළිගත්තාවූ සහ "මහදැන උගතා " කිසිම දවසක සිහිනෙන්වත් ක්‍රිකට් සෙල්ලම් නොකරත් ලෝක වාර්තා විශාල ප්‍රමාණයකට හිමිකම් ඇති මෙතුමා මෙසේ සදහන් කරන විට අපගේ මතකය දිවයන්නේ ගුවන් විදුලි සංස්ථාවේ පැරණි වැඩසටහනක් වන විනෝද සමයට.

:       25       232

mahee Friday, 22 September 2017 08:59 PM

හැබැයි අපට නිකමට හිතෙනවා දැන් නම් අල්ලගෙන ඉන්නේ කොටි වලිගයක් මිස කැච් එකක් නොවන බව. හැබැයි, කැච් එක ඇත හැරියොත් මැච් එක පරාදයි වගේම කොටි වලිගේ නම් අල්ලාගෙන ඉන්න තරමට මැච් එක පරදින්නත් ඉඩ තියෙනවා. අපිට පුදුම ලෝකෙම තේරුම් අරන් තියෙද්දිත් තවමත් කොටියව ආරක්ෂා කරන්න දඟලන දැඟලිල්ල ගැනයි. ජන කතාවේ තියෙන්නේ කොටි වල්ගේ අල්ලාගෙන ඉන්න මිනිහ කිව්වලු 'මෙයාගේ මූන මගේ සීයගේ වගේ, ඒ හින්ද වලිගේ අතහරින්න බෑ' කියලා. මොනවා කරන්නද හොඳම යාළුවා වෙච්චි කොට...

:       0       151

de silva Saturday, 23 September 2017 04:29 AM

මෙතුමා ට ගැලපෙන්නේ නළුකම , අර රොන් ඇට්කින්සන් රඟපෑවා " මිස්ටර් බින්" වැනි විහිලු චරිතයක් , කරුණාකර සම්ප්‍රපලප දොඩවන්නේ නැතුව එජාපයේ දෙවන පෙළ නායකයන්ට ඉඩක් දීල දැන්වත් විශ්‍රාම ගන්න

:       0       115

arnold Saturday, 23 September 2017 08:42 AM

එක්තරා නායකයෙක් එකපාරක් කොටි එක්ක අැග්රිමේන්ට් එකක් ගහලා, යුද්ධය භයානක වුණා. මහබැංකුවට අධිපති පත් කරලා රටට වෙන්න ඕනෑ ලොකුම පාඩුව අත්කරලා දුන්නා. රටේ මිනිස්සු උද්ඝෝෂණයක් කරොත්, වගේ වගක් නැතුව ඉන්නවා මේ තත්වය යටතේ ඔබලා ව්‍යවස්ථාවට අත තියන්න එපා.

:       0       41

Rohana Sunday, 24 September 2017 08:52 AM

අගමැතිතුමනි, කැච් එක නම් අල්ලා ගත්තා. ඒක නීතිවිරෝධී පන්දුවක්. ඒත් බිලියන 59 ක් වටිනා කැච් එකක්.... දැන් කොමිසමට බඩගානවා. කල් මැරීමට නියම තැන. කවදාහරි ජවිපෙ බලයට ආ දවසක තමයි නඩු ගොනුකරන්නේ.

:       0       6

sathyayaa Wednesday, 25 October 2017 01:27 AM

අනේ මහත්තයෝ සිංහල රටේ හිංගල අගමැති කෙනෙක් හැටියට ඇයි මේ කැච් හා මැච් ගැන කතා කරනේ ? බෝලේ අල්ලනවා කියල ශුද්ධ සිංහලෙන් කිව්වානම් ඉවරයිනේ. මොකද බෝල අල්ලන්න ක්‍රිකට් ගහල තියෙන්නම ඕනේ නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2130 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 200 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site