IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


‘‘කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් එජාපයේ ආණ්ඩුවකට පමණයි‘‘

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මාස අටකදී රටේ නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ වත්මන් පාලකයින්ට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් වන්නේ  එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට පමණක්යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා අද (26) මීරිගම බෝතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.

මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම ජනහමුවේදී විජයවර්ධන මහතා මෙසේද කීය.

    ‘‘මගේ පවුල හා බැදුණු ගම්මානයක් වන බෝතලේ ග්‍රාමයට පැමිණ ජනතාව හමුවන්න ලැබීම මහත් සතුටක්. කොරෝනා බියත් එක්ක ඡන්දය දමන්න නොයා ජීවිතය බේර ගන්න ගෙදර ඉමු කියා හිතන අයගෙන් මට අද කරන්න තියෙන එකම ඉල්ලීම මෙවර මැතිවරණයේදී සියලු දෙනාගේම ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.

අද වනවිට රටේ අනාගතය ආර්ථිකය විනාශ වෙලා ඉවරයි. රට අර්බුදයකින් බේරෙන අන්දම ගැන අපිට හිතන්න වෙනවා. ආණ්ඩව පත්වෙලා මාස අටක් ඉවරයි.

සහන දෙන්න කියලා බදු අඩු කළා. රජයට ආදායම අඩුවුණා. රජයට මුදල් නැහැ. කොරෝනා නිසා ඇතිවූ තත්ත්වයට මුහුණ දෙන්න රජයට ශක්තියක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොරෝනා ඇතිවෙද්දී දේශපාලනය පැත්තක තියලා අපි එක්වී රටක් විදියට මුහුණ දෙමුයි කිව්වේ රට අවදානමෙන් මුදවා ගන්නයි.

එතුමා ඇතිවිය හැකි අවදානම දැක්කා.  මැතිවරණය කල්දාමු කිව්වාට රජය ඇහුම්කන් දුන්නේ නැහැ.  ජනතාවට වයිරසය ගියාට කමක් නැහැ අපිට බලය දෙන්න කියලයි රජය කිව්වේ.  අදටත් මේ ගැන කිසිදු සැලැස්මක් නැහැ. තුනෙන් දෙක දෙන්න කියනවා විතරයි.

රට පුර කර්මාන්ත ශාලා එකින් එක වැහෙනවා. මේ තත්ත්වයට විසඳුම් දෙන වගකීම ආණ්ඩුව ගන්නේ නැහැ. තරුණයින්ට රැකියා එකින් එක නැති වෙනවා. රැකියා නැතිවීම සමාජයට බලපානවා.

මේ ආණ්ඩුව ඉන්ධන සහනය ජනතාවට ලබා දුන්නේ නැහැ.  ඒ මදිවට මාස තුන හතරක විදුලි බිල එකවර ගෙවන්න කියනවා. කොරෝනා සමඟ අවතැන්වූ ජනතාව ජීවත්වුනේ ඔවුන්ගේ රන් බඩු උගස් කරලයි.

ඒ තත්ත්වය වෙනස් කර ජනතාවට සහන සලසන්න ආණ්ඩුවට ඕනකමක් නැහැ. තුනෙන් දෙක ගන්න හදනවා විතරයි. මෙහෙම දිගටම ගියොත් රටකට ආර්ථිකයක් ඉතුරු වෙයිද, ආර්ථිකයක් නැති රටකට මොකක් වෙයිද.

ජනතා ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැති මේ අයට තවදුරටත් බලයක් දිය යුතුද, ඔවුන් කෙරෙහි විශ්වාසය බිදී ගිහින්. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කියනදේ කරන පක්ෂයක් බව සිහිපත් කරන්න ඕනෑ. 

ගෝඨාභය රාජපක්ෂ  ජනපතිවරයා බලයට ආවේ එක රටක් එක නීතියක් ඇති කරන බව කියමින් වුවත් අද වනවිට අහිංසක ජනතාවට නීතිය ක්‍රියාත්මක වුවත් පාලකයන්ට නීතියක් නැහැ. ඒ බව කුරුණෑගල සිද්ධියෙන් පැහැදිලි වුණා.  පුරා විද්‍යා නීති වෙනස් කර තමන්ගේ නගරාධිපතිවරයා බේරාගන්න උත්සාහ ගන්න හදනවා.

නීතියත් ආර්ථිකයත් කඩා බිද දැමූ මේ අයට බහුතර බලයක් දුන්නොත් මොනවායින් මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් ඕනෑ.

ගතවූ වසර හතර හමාරේ අපේ අතිනුත් අඩුපාඩු තිබුණා. ඒ ගැන මම කණගාටු වෙනවා. මෙහෙම තිබියදීත් රට වෙනුවෙන් මහත් සේවාවක් කරන්නට අපිට පුලුවන්  වුණා.  මේ රජයට ආර්ථික කලමනාකරණ හැකියාවක් නැහැ. රජය ඉල්ලන බලය දෙන්න නම් එපා. 

ආර්ථිකය ගොඩ ගෙන  ජනතා ප්‍රශ්න විසදන්න පුලුවන් අපේ රජයක් යටතේ පමණයි. මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දෙන්නේ නායකයෙක් පලවා හරින්නවත් මූලස්ථාන අල්ලන්නවත් නොවෙයි.‘‘යයි රුවන් විජයවර්ධන මහතා පැවසීය

මීරිගම ආසන සංවිධායක ඒ.ආර්. තිලක් අශෝක, ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ, මීරිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සිසිර චාමින්ද විතාන , මීරිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සෙනෙවි ඊෂණ යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (1)

‘‘කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න පුලුවන් එජාපයේ ආණ්ඩුවකට පමණයි‘‘

thilak Monday, 27 July 2020 10:57 AM

කඩාවැටුණු ආර්ථිකය ගොඩ ගන්නේ රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, වොක්ස්වැගන් කර්මාන්ත ශාලා ඇතිකිරීම වැනි දෙයින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3244 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 68 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site