IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රයට එරෙහිව ජවිපෙ සටන් කරනවා

(මුදිතා දයානන්ද)
 
රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණයටත්, රාජ්‍ය බදු මුදල්වලින් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමටත්, ඕනෑම කෙනකුට ප්‍රමිතියෙන් තොර උපාධි කඩ ආරම්භ කිරීමටත් පාර කපා දෙන, 81 අධ්‍යාපන ධවල පත්‍රිකාවටත් වඩා හානිකර ධවල පත්‍රිකාවක් බදු ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රයට එරෙහිව සියලු බලවේග සමග එක්ව ජනතා විමුක්ති පෙරමුණෙ සටන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ඊයේ (13) පැවසීය.
 
රත්නායක මහතා මෙසේ පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වන අතර ඔහු තවදුරටත් මෙසේද පැවසීය.
 
පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රය මේ රටේ නිදහස් අධ්‍යාපනය වැනසීම සඳහා 1981 ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවට වඩා දරුණු එකක් බව අප අවධානය කරනවා. 21 වැනි සියවසේ ඉදිරිපත් කරන අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ බරපතළම පනත් කෙටුම්පත මේකයි. සාකච්ඡාවකටවත් කිසිම ඉඩක් ඉතිරි කරන්නේ නැතිව රාජ්‍ය සරසවි පෞද්ගලීකරණය කිරීමට රාජ්‍ය මුදල්වලින් පෞද්ගලික සරසවි ඇති කිරීමට මේ පනතින් ප්‍රතිපාදන සලසාගෙන තිබෙනවා. ඒ නිසා, ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් සමාජවාදී ශිෂ්‍ය ව්‍යාපාරය හැටියටත් අපි මෙය පරාජය කිරීම සඳහා මේ රටේ සියලුම බහුජන සංවිධානත් ශිෂ්‍ය ව්‍යාපාරය, වෛද්‍ය සංගම්, සරසවි ශිෂ්‍ය මව්පිය සංගම් ආදී මේ අවස්ථාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට අමතරව රටේ මුළු මහත් ජනතාව මේ වෙනුවෙන් පෙළ ගැසිය යුතු බව අපි අවධාරණය කරනවා. 
 
රාජ්‍ය සරසවි පෞද්ගලීකණය කිරීමේ හා රාජ්‍ය මුදලින් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ පනත තමයි මේ ගෙනත් තිබෙන්නේ. ප්‍රමිතියෙන් තොර වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම රාජපක්ෂ පාලනයත් මෛත්‍රී රනිල් පාලනයත් එකම ප්‍රතිපත්තියක තමයි හිටියේ. සයිටම් ප්‍රශ්නයේදී අතිවිශාල ජනතා විරෝධය හමුවේ ආණ්ඩුවට සිදු වුණා එය ප්‍රමිතියෙන් තොර ආයතනයක් සහ එය වසා දැමිය යුතුයි කියලා පිළිගන්න. එහිදී සයිටම් සිසුන්ට අසාධාරණයක් නොකළ යුතුයි කියන ස්ථාවරයේ සයිටම් විරෝධී සියලු බලවේග එකඟතාවක සිටියා. මොන ආකාරයේ අඩුපාඩු තිබුණත් වෛද්‍ය සභාවේ නිර්දේශ අනුව මේ අයට වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීමට ඒ සියලු බලවේග එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්ද පත් කළා. දැන් ආණ්ඩුව සයිටම් සිසුන්ගේ ප්‍රශ්නය දඩමීමා කරගෙන කොතලාවල විශ්වවිද්‍යාල පනත ගෙනත් තිබෙනවා. මේ විසඳුම ගැන එම අරගලයට සම්බන්ධ වූ කිසිවෙක් දන්නේ නැහැ. 
 
මේ පනතේ හරය කුමක්ද? 1978 විශ්වවිද්‍යාල පනතට පිටින් ගිහින් රාජ්‍ය මුදල් යොදවලා පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට දරන උත්සාහයක් හැටියටයි මෙය දකින්න වෙන්නේ. සිසුන් බඳවා ගැනීමට කිසිම නීතියක් නැහැ. පදනමක් නැහැ. රටේ වෙනත් දේශීය හෝ විදේශීය ඕනම විශ්වවිද්‍යාලයක් හෝ අධ්‍යාපන ආයතනයක් සමග එක්ව උපාධි පිරිනමන්න බලය මෙයින් ඉල්ලා තිබෙනවා. මේ ආණ්ඩුවේ එස්බීලා, කිරිඇල්ලලා, මෛත්‍රීපාල ජනාධිපතිවරයා කිඹුල් කඳුලු හෙලුවේ සයිටම් සිසුන් අසරණයි. ඒ අයට සාධාරණයක් කරන්න ඕන කියලයි. ඒ නිසා හැමෝම එකඟ වුණා ඒ සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන්න. ඒ පසුගිය වසරේ නොවැම්බර්වලදියි. දැන් මාස හයකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. නමුත් තවම කිසිම විසඳුමක් නැහැ. 
 
දැන් ඒ දුක්ගැනවිල්ල භාවිතා කරලා පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සයිසන් එක හදාගන්න. ඒ වගේම ලංකාවේ හමුදාව අධ්‍යාපන පෞද්ගලීකරණ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න යොදාගන්න උත්සාහයක් මෙයින් ඇති වී තිබෙනවා.  81න් පසුව ගෙනා අධ්‍යාපනයට බරපතළම හානියක් සිදුකරන ධවල පත්‍රිකාවක් තමයි මේ ගෙනත් තිබෙන කොතලාවල ආරක්ෂ විශ්වවිද්‍යාල සංශෝධන පනත. 
 
පසුගිය සිකුරාදා මේ පනත මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා තිබුණා. නමුත් සභානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. මේ පනතේ සිංහල පනතත් සමග දෙමළ හා ඉංග්‍රීසි පිටපත් සැසඳීමේදී වෙනස්කම් කීපයක් තිබෙනවා. සභානායකවරයා එය ඉදිරිපත් නොකළේ ඒ වැරදි නිසාද? නැත්නම් සයිටම් විරෝධී ජන පවුරට දුන් පොරොන්දුව සිහිපත් වීම නිසාද?  කියලා ආණ්ඩුව රටට ප්‍රකාශ කළ යුතුයි. සිකුරාදා මේ පනත සභාවට ඉදිරිපත් කළා නම් මන්ත්‍රීවරුන්ට මෙයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාලයක් තිබුණා. නමුත් දැන් එහෙම ඉඩක් නැහැ.
 
මේ පනත ජෝන් කොතලාවල මහතාගේ අන්තිම කැමති පත්‍රයටත් පටහැනියි. සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් තවත් පුද්ගලයෙක්ගේ අන්තිම කැමති පත්‍රයට පිටින් ගිහින් වැඩ කරන්නේ නැහැ. එහෙත් මේ ආණ්ඩුව ඒ අන්තිම කැමති පත්‍රයත් හොරාකනවා. ජෝන් කොතලාවල මහතා මේ ඉඩම පරිත්‍යාග කර තිබෙන්නේ අන්තිම කැමති පත්‍රයේ සටහන් වන පරිදි ආරක්ෂක අංශවල සේවයේ නියුතු වූවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. ඒ නිසා මෙහි ආරම්භක 81 පනතේ සටහන් වන්නේ ආරක්ෂක ඇකඩමිය හැටියටයි. පසුව එය විශ්වවිද්‍යාලයක් හැටියට පවත්වා ගෙන ගියා. මේ වන විට මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සියයට හැත්තෑපහක් ආරක්ෂක අංශවලට පිටින් ආපු සිසුන්. 
මේ විශ්වවිද්‍යාලය පවත්වාගෙන යන්නේ රජයේ මුදල්වලින්. ඒ කියන්නේ ජනතා බදු මුදලින්. එහි ඉගෙන ගන්නා සිසුන්ගෙන්ද මුදලක් අය කරනවා. දැන් මේ පනත මගින් කරන්න යන්නේ කුමක්ද? මෙය සම්පූර්ණයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමටයි. එවිට රජයේ බදු මුදල්වලින් පෞද්ගලික අංශවලට ලාභ ඉපයිය හැකි අධ්‍යාපන කඩ බිහි කිරීමටයි. මෙවැනි විශ්වවිද්‍යාලයක් ආරම්භ වන්නේ ලංකාවේ පමණක් නොවන ලෝකයේත් පළමු වතාවටයි. මේ පනත අනුව එහි අධ්‍යාපන ප්‍රමිතිය හෝ සිසුන් බඳවා ගැනීමේ ප්‍රමිතිය ගැන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ අනුමැතියක් අවශ්‍ය නැහැ. එය තීරණය කරන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක මණ්ඩලයයි. 
 
එසේම වෙනත් අධ්‍යාපන ආයතන සමග බද්ධ වීමට හැකියාව ඇති බවට එන ප්‍රකාශ අනුව ඉදිරියේදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල ශාඛාව, හම්බන්තොට ශාඛාව ආදී ලෙස තවත් විශ්වවිද්‍යාල ඇති කිරීමට ඕනම කෙනකුට හැකියාවක් ලැබෙනවා. මේ කිසිවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රමිතීන්ට යටත් නොවන නිසා එයින් බරපතළ ලෙස රටේ වෛද්‍ය උපාධිය වගේම අනෙකුත් වෘත්තීන්වලට අදාළ උපාධීන් සියල්ල හෑල්ලුවට ලක් වෙනවා. ඒ නිසා හරිම පැහැදිලියි මේ හදන්නේ සියටම් ප්‍රශ්නය දඩමීමා කරගෙන උපාධි කඩ ආරම්භ කිරීමටයි. එයද සිදු කරන්නේ රටේ ජනතාව ගෙවන බදු මුදල් උපයෝගී කරගෙන වීම මෙහි තිබෙන අසික්කිතකම තවත් පෙන්නුම් කරනවා. 
 
මේක සම්මත වුණොත් මෙතෙක් විදේශ රටවල විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා එන අයට මෙරටදී පෙනී සිටීමට සිදුවූ ඇක්සිස්ටින් විභාගය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි වෙනවා. එවිට ප්‍රමිතියෙන් තොර විශ්වවිද්‍යාලයකින් වුවත් ලබාගන්න සියලු උපාධිවලට මේ රටේ ඉඩක් ලැබෙනවා. එය වෛද්‍ය ක්ෂේත්‍රයට වගේම ඉංජිනේරු ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම නරක ලෙස බලපානවා.
 
මේ සියල්ලෙන් පැහැදිලි වෙනවා ආණ්ඩුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත භාවිතා කරලා පෞද්ගලික විශ්වවිද්‍යාල බිහිකරන්න සූදානම් වන බව. අපි ආණ්ඩුවට කාරණා කීපයක් මතක් කරන්න කැමතියි. පළමුව රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරන රාජ්‍ය මුදල් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වා ගෙන යාමට පාර කපන මේ ධවල පත්‍රිකාව මේ පනත හකුලා ගන්න. දෙවනුව සයිටම් සිසුන් සම්බන්ධයෙන් සයිටම් විරෝධී ජන පවුර සමග ඇතිකරගත් එකඟතාව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිනවා. කොතලාවල මහතාගේ අන්තිම කැමති පත්‍රයට පටහැනිව ආරම්භ කරන්න යන මේ විශ්වවිද්‍යාලයට එරෙහිව ජනතාව පෙළ ගැසීම වළක්වන්න බැහැ. එවිට ගැටුම ඇතිවන්නේ සාමාන්‍ය ජනතාව, විශ්වවිද්‍යාල සිසුන් හා ආරක්ෂක අංශ සමගයි. මෙය අනවශ්‍ය දේශපාලන ගැටුමකට ආරක්ෂක අංශ යොමු කිරීමක්. ඒ නිසා ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ආරක්ෂක අංශ වෙතම පවත්වා ගෙන ගියාට අපේ විරෝධයක් නැහැ. තෙවනුව අපි කියන්නේ සයිටම් සිසුන්ට ඔවුන්ට සුදුසු රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන්න. 
 
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිවම මෙය පරාජය කිරීමේ සියලුම සංවිධාන එකතු කරමින් මේ දක්වා අධ්‍යාපනය වෙනුවෙන් නොතිබූ තරම් මහජන බලවේග පෙළගස්වනවා. අපි ජනතාවටත් අවධාරණය කරන්නේ මේ විනාශකාරී පනත් කෙටුම්පත පරාජය කිරීමට පෙළ ගැසෙන්න කියලයි. දැනටමත් විවිධ මට්ටම්වලදී අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, මව්පිය සංගම්, ශිෂ්‍ය ව්‍යාපාර ඇතුළු සියලුම බලවේග එකට එකතු වී මෙය පරාජය කළ යුතුයි. ඒ සටනේ පෙරමුණේම ජනතා විමුක්ති පෙරමුණත්, සමාජවාදී ශිෂ්‍ය සංගමයත් ඉන්න බව අපි අවධාරණය කරනවා.
 
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහත්වරුද එක්වූහ. 
 
මෙහිදී තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රත්නායක මහතා මෙසේ පැවසීය.
 
ආණ්ඩුව දැනටමත් රුපියල් 92කට අලෙවි කරන පෙට්‍රල් ලීටරයකින් රුපියල් 45ක් බදු ගන්නවා. මේ විදිහට සෑම ඉන්ධනයකින්ම 45%, 35%, 50%වැනි ප්‍රමාණයන්ගෙන් බදු අය කරනවා. ලෝක වෙළඳපළේ තෙල් මිල වැඩි වුණත් ඒ බදු අඩු කළා නම් ජනතාවට බරක් නොවන ලෙස තෙල් මිල පවත්වා ගෙනයාමට ආණ්ඩුවට හැකියාව තිබෙනවා. එහෙත් මේ ආණ්ඩුව ජනතාව මත සියලු බදුබර පටවමින් සිටිනවා. එයට එරෙහිව පෙරට එන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 
 



අදහස් (8)

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල ගැසට් පත්‍රයට එරෙහිව ජවිපෙ සටන් කරනවා

ජයරත්න Monday, 14 May 2018 07:19 AM

සයිටම් සටනට අපි සහාය නොදැක්වුවත් මෙහිදී ඔබතුමන්ලා සමඟ අපිත් එකඟයි. ආරක්ෂක විශ්වවිද්‍යාලය හමුදාවට පමණක් සීමා විය යුතුයි. නැත්නම් අධ්‍යාපනය විකෘති වෙනවා. දැනටත් ඔය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයට වඩා වැඩි තැනක් දෙන්නේ නිල ඇඳුම් වැනි බාහිර අාටෝප වලටයි. ඒවා හමුදාවට ගැළපුනාට බුද්ධිමතුන් බිහි කරන්න සුදුසු නැහැ.

:       39       5

maheshika Monday, 14 May 2018 07:56 AM

ජවිපය බළල් අත් මගින් ළමුන්ව පාරට බස්වලා කරන මේ විගඩම්වලින් අවසානයේ සිදුවන්නේ මොකක්ද? ධනවතාගේ දරුවන් විදේශ ගතවෙලා උපාධිය රැගෙන ලංකාවට එන එක.... එම බුද්ධි මට්ටමේම සිටන දුප්පතාගේ දරුවා තම සිහින බොඳ කරගෙන තමන් අකමැති දෙයක් තම ජීවනෝපාය කර ගැනීමයි. අපේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ජවිපෙ එකෙන්ද යමක් දුප්පතා වෙනුවෙන් සිද්දවෙනවා. ජවිපෙ රටෙන් අතුගෑවිලා ගිය දවසට අපේ රටට යහපතක් සිද්ධ වෙයි.

:       0       3

ධනුෂ්කMonday, 14 May 2018 06:46 PM

තවත් දෙයක් රටේ.අාර්ථිකයෙන් 60%ක් භුක්ති විඳින්නේ ජනතාවගෙන් 20ක්. ඉතිරි 80% ම ගොවියො, කම්රුවෝ, කුලීවැඩ කරන අය. සිථීර අාදායම් මාර්ගයක් නෑ. 80% ක් මිනිස්සු දන්නවා. නිදහස් අධ්‍යාපනය තිබිලත් දරුවට උගන්වන්න තියන අමාරුව. ජ.වි.පෙ ඉන්නෙත් ඉන් කොටසක්. මේ දරුවන්ට ඉදිරියට එන්න තියන එකම මග නිදහස් අධ්‍යාපනය පමනයි. එ්කයි එ් වෙනුවෙන් ජ.වි.පෙ පෙනී ඉන්නේ. නැත්තන් මෝඩයින්ගෙන් හා නූගතුන්ගෙන් මේ රට පිරෙනවා. අර ඉන්දියාව වගේ. දැන් අවුරුදු තුනක් රටේ භාගයකට වඩා නියගය. මිනිස්සුන්ට ළමයින්ට උගන්වන්න තබා කන්න විදියක් නැතුව ඉන්නේ ටිකක් හොයලා බලන්න එතකෝට තේරෙයි

:       1       0

BamunuarachchiMonday, 14 May 2018 11:29 PM

මහේෂිකා මම බලන කෝණයෙන් ඔබ හරි ඒත් ජේවීපිය මෙරටේ තිබිය යුතු පක්ෂයක්. ජේවීපිය නොතිබෙන්න මේ පක්ෂ දෙකෙන් රටට කෙරෙන හොරකම් පක්ෂයේ සිටින සමහරක් දන්නේ නැත. බැංකු කොල්ලය එක උදාහරණයක්.

:       1       0

Bamunuarachchi Monday, 14 May 2018 10:13 AM

මෙච්චරකල් සටන් කරලා ඔබලා ජනතාවට ලබාදුන්නේ මොනවාද කියන්න... සිංහලයාත් ශ්‍රී ලාංකික කරන්න හදනවා හැරෙන්නට...

:       0       4

සතයපාල Monday, 14 May 2018 11:13 AM

මහේෂිකා ගතානුගතික චෝදනා දමා ගැසීමෙන් රටේ දේශපාලන ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. මේ රටේ අධයාපන මුදලට විකිණීමේ වෑයම 1980 සිට ක්‍රියාත්මක වුණා. එය පරාජය කරලා නිදහස් අධ්‍යාපනය සුරැකීමේදී ජ.වි.පෙ බළල් අත් පාවිච්චි කලේ නැහැ. ඔවුන් ඒ සටනේ එදා වගේම අදත් ඉදිරියෙන් සිටියා. රජයේ පාසැල් ක්‍රමයෙන් වැසෙමින් ඒ වෙනුවට පෞද්ගලික පාසැල් විවෘත කරමින් යන අතර අද සරසවි අධ්‍යාපනයද ක්‍රමයෙන් පෞද්ගලික කරමින් රජය අධ්‍යාපනයට ඇති වගකීමෙන් මිදෙන්නට දරන නිහින උත්සාහය පරාජය කිරීමටත් මේ රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරකින්නටත් ජ.වි.පෙ. ගෙනයන යුක්ති සහගත හා සාධාරණ අරගලයට නිදහස් අධයාපනයේ මහිමයෙන් තම දෑස් පාදාගත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ සහයෝගය හා ගෞරවය හිමිවිය යුතුය.

:       31       4

Asoka Wednesday, 16 May 2018 03:03 PM

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අප සැමගේ යුතුකමක්ය.

:       0       0

කුමාර කරුනාරත්න Thursday, 24 May 2018 12:49 AM

යමක් සමාජයට කරන්න උත්සහ කලත් ජනතාව නිහඩයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 774 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6287 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 725 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site