IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


‘ගුණරුවන් වාර්තාව හොර සහතිකයක් වගේ‘

(*** අංජුල මහික වීරත්න)

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන්  විමර්ශනය කරන්නට පත්කළ ලලිත සිරි ගුණරුවන් වාර්තාව කිසිදු ගුණයක් හෝ වටිනාකමක් නැති  වාර්තාවක් යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට  ප්‍රකාශයක් කරමින් ඉකුත් 27 වැනිදා පැවසීය.
 
එම වාර්තාව හරියට හොර උපාධි සහතිකයක් වගේ යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයට ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ලලිතසිරි ගුණරුවන් වාර්තාව දුටුවිට ඇමරිකා තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ඇමෙරිකාවෙන් ලංකාවට කිසිදු මුදලක් නිකුත් කර නැති බව.

මට පෙනෙන හැටියට නම් ගුණරුවන් වාර්තාව නුගුණ, වටිනාකමක් නැති වාර්තාවක්. එහි කිසිදු ගුණයක් නැහැ. මේ වාර්තාව හරියට හොර උපාධි සහතිකයක් වගේ.

ආණ්ඩුවට මඩ ගහන්න අපිට වුවමනාවක් නැහැ. අපි අහන්නේ එක ප්‍රශ්නයයි. එම්සීසී ගිවිසුම අනුමත කරනවාද නැද්ද යන කාරණය ආණ්ඩුව කෙළින් පැවසීය යුතුයි. ඇමරිකන් ආණ්ඩුවට මේ වනවිට දී තිබෙන පිළිතුර කුමක්දැයි හෙළි කරන්න. ඉතිරි ටික ඊට පසුව මා කියන්නම් යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.



අදහස් (1)

‘ගුණරුවන් වාර්තාව හොර සහතිකයක් වගේ‘

Raveendra Tuesday, 30 June 2020 12:38 PM

අපරාදේ කියන්න බැහැ.. අපේ සත්ගුණවත් සූත්තර පුංචා ට්‍රම්පට් අයියගේ වැඩේ ගොඩදාන්නයි නේද ට්‍රයි එක? කොහොමත් දේශපාලුවන් කියන්නේ තමන් උපන් රටට සැමවිටම විනකරන පිරිසක් බව මෙමගින්ද හොඳටම පැහැදිලි වෙනවනේ..

:       21       200

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5005 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 569 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1959 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 867 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site