IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවා යැයි විපක්ෂය නගන චෝදනාව බොරුවක් බවත්, රත්නපුරේට විතරක් අඟුල් 66ක් මේ වනවිට යවා ඇති බවත් ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.
නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) පස්වරු 1.00ට රැස්විය.

ජාතික පරිසර පනත යටතේ නියමයන් 7ක් ඉදිරිපත් කරමින් මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා:-

“පොලිතින් කළමනාකරණයටත් අද නීති ඉදිරිපත් කරනවා. මයික්‍රෝන 20ට අඩු පොලිතින් තහනම් කෙරෙනවා. අප රටේ දිනකට කෑම දවටන මිලියන 2ක් හා ෂොපිං බෑග් මිලියන 1.5ක් පරිසරයට නිදහස් කෙරෙනවා. ප්ලාස්ටික් විවෘත භූමියේ පුළුස්සන්න බැහැ. සැරසිලි සඳහා පොලිතින් යොදා ගැනීමත් තහනම්. අද ඩෙංගු ව්‍යාප්ත වෙමින් පවතිනවා. ගෝලීය උෂ්ණත්වය වැඩි කරන්න අපේ රටෙන් කිසිම දෙයක් පිට කරලා නැහැ. ලෝකයේ වෙනත් රටවල් නිකුත් කරන දේවල් නිසා ඇතිවුණ උෂ්ණත්වය වැඩිවීමට අද අපටත් මුහුණ දෙන්න සිදුවෙලා. පරිසරයට අහිතකර වායු විමෝචනය වැළැක්විය යුතුයි. අපේ රටේ පරිසර නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.”

පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජවිපෙ):-

“මේ නීති දූෂණයෙන් තොරව ක්‍රියාත්මක කිරීමට නම් නිවැරැදි දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් අවශ්‍යයි. රත්නපුර හැම විටෙකම ගංවතුරට ලක්වෙනවා. නමුත් එක බෝට්ටුවක්වත් ඒ ප්‍රදේශවල සූදානම් කරල නැහැ. ගංවතුරට ආණ්ඩුවේ සූදානම ප්‍රමාණවත් මදි. මුදල් වෙන් කරල පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් කියන්නේ මහජනතාවගේ සල්ලි.”

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (එජනිස):-


“අවුරුද්දක් තිස්සේ රත්නපුරයට ඔරු ඉල්ලනවා. ඔරු නැහැ. මිනිස්සු බඩගින්නේ. කෑම ටික බෙදන්න ඔරු නැහැ. නිලධාරීන් කියනවා ඔරු 105ක් ඕනෑලු. ඔරු කුලියට අරගෙන රත්නපුරයට යවන්න. මුදල් වියදම් කරන පම්පෝරි කතා කියලා වැඩක් නැහැ.”

ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා:-
“අඟුල් 66ක් රත්නපුරයට යැව්වා. අනෙකුත් ප්‍රදේශවලටත් අඟුල් යවනවා. අපි අනෙකුත් දිස්ත්‍රික්කවලටත් ගොස් සොයලා බලනවා. තවත් අඟුල් 26ක් රත්නපුරයට යවන්න සූදානම් කළා. මම වගකීමෙන් කියන්නේ, අප පෙර සූදානමින් කටයුතු කරනවා. මේ වනවිට මරණ 11ක් වෙලා තියෙනවා. මරණ 4ක් වුණේ අකුණු සැර වැදීමෙන්. අදත් ධීවරයෙක් මියගියා. අප කලාවැවේ වතුර පාලනය කළා.”
මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී ශ්‍රීනේෂන් මහතා (දෙජාස):- “වන සම්පත රකින්න ඕනෑ. කඳුකරේ වනාන්තර විනාශය දිගටම වෙනවා. අපේ රටේ වල්අලි ප්‍රශ්නයත් තියෙනවා. පොලිතින් භාවිතය අඩුවෙලා නැහැ.”

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා (එජනිස):-

“දේශපාලනයට ඇවිත් නැති ගෝඨාභය රාජපක්ෂට මෙතැන මඩ ගැහුවා. එතුමාට චෝදනා කිසිවක් නැහැ. චෝදනා නැති නඩු විසි කරන්න සිදුවුණා. අවදානමට වඩා සූදානම වැදගත්.”

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා (එජාප):-

 

“උඩරට ෆයිනස් වගාව ලොකු විනාශයක්. මේ ෆයිනස් ගහේ කුරුල්ලකු කූඩුවක්වත් හදන්නේ නැහැ. මේ රටේ පරිසර ප්‍රශ්න විසඳීමට ජනපති, අගමැති කටයුතු කරනවා. ඒක සතුටට කරුණක්.”

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී.):-

“උතුරේ පසේ ලුණු ගතිය නිසා වගාවන් කරන්න බැහැ. ඒ ප්‍රශ්නයට තවමත් විසඳුමක් නැහැ. උතුරු නැගෙනහිර ජනතාව වෙනත් රටක පුරවැසියන් විදියට දකින්න බැහැ. උතුරේ නියඟයට ප්‍රධාන හේතුව පරිසර විනාශයයි. දේශගුණික විපර්යාස තවදුරටත් සිදුවෙමින් පවතිනවා.”

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා (එජනිස):-

“ගංවතුර ගැන අප විවාදයක් ඉල්ලුවත් දුන්නේ නැහැ. ගෝඨාභය කසළ කළමනාකරණයට ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අද කොළඹ කසළවලින් පිරිලා. සියලු කසළ කරදියානට ගෙනත් දානවා.”

පත්කළ මන්ත්‍රී ඒ.එල්.එම්. නසීර් මහතා (එජාප):-

“අම්පාරට අලි වැටක් ඉදිකිරීමට හැකිවී නැහැ. පොතුවිල් ඉඩම්වල ගොවිතැන් කළ නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ ජනතාවට ඉඩම් දෙන්න.”

පත්කළ මන්ත්‍රී තුරේ රත්නසිංහම් මහතා (දෙජාස):-

“වන රක්ෂිත විනාශ වෙමින් පවතිනවා. මාර්ග ඉදිකිරීමටත් වන රක්ෂිත විනාශ වෙනවා. විනාශවන වනයට විකල්ප ලෙස ගස් වැවිය යුතුයි. ත්‍රිකුණාමලයේත් කැලය විනාශ වෙනවා. මෙය අනිවාර්යයෙන්ම නතර කළ යුතුයි. කුඩා ජලාශ වසා දැමීමත් ප්‍රශ්නයක්.”

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් සොයිසා මහතා (එජනිස):-

“රත්නපුරේ ගංවතුර තත්ත්වය නරක අතට හැරෙමින් පවතිනවා. කොළඹ ගංවතුරින් යටවීම වැළැක්වූයේ ගෝඨාභය රාජපක්ෂයි. අද රට බරපතළ ආර්ථික අගාධයකට ඇදී යනවා. අප මේ විපතින් දේශපාලන වාසියක් ගන්නේ නැහැ. හඳුනා නොගත් වෛරසයක් නිසා දරුවන් 13 දෙනකු මැරිලා. ආණ්ඩුවට වැළඳුණු රෝගය වගෙයි. සෞඛ්‍ය ඇමැති කෙනකු ඉන්නවා. ඇමැති වැඬේ ඇරුණහම අනෙක් හැම දෙයක්ම ඔහු කරනවා. ආපදා තත්ත්වයට ක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා:-

“අවිධිමත් සංවර්ධන කටයුතු නිසා පරිසරය විනාශ වෙනවා. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉඩම් ගොඩකිරීම් 3500කට කටයුතු කරනවා. අපි විදේශ සංචිත වැඩි කර ගත්තා. මුහුදෙත් රළු ස්වභාවයක් ඇතිවී තියෙනවා. වැව් දහසක් ප්‍රතිසංස්කරණය කරනවා. ලබන වසරේ 5000ක් ප්‍රතිසංස්කරණය කරනවා. කරපු හොඳ වැඩ ටික ප්‍රචාරය කරගන්න බැරිවීම ආණ්ඩුවේ දුර්වලකමක්.”

දිගාමඩුලු දිස්ත්‍රික් මන්ත්‍රී කේ. කෝඩිස්වරන් මහතා (දෙජාස):-

“ඉල්මයිනට් කැණීම් වහාම නැවැත්විය යුතුයි. මේ රජය ඊට මැදිහත් විය යුතුයි. ඒ කැණීම් නිසා පස සේදී යනවා. සම්පත්, අපේ කෝවිල් ඔක්කොම මුහුදට සේදී යනවා. තිරික්කෝවිල් ප්‍රදේශයේ මීටර් 200ක් ගොඩබිම සෝදාගෙන ගොස් තිබෙනවා. ඒ ප්‍රදේශයේ කළපුවත් විනාශ වෙමින් පවතිනවා. කළපුව ගොඩ කරනවා. පවුල් 12,000ක් කළපුවේත් ජීවත් වෙනවා. කළපුවට පස් පිරවීමත් නතර කළ යුතුයි. ගංවතුර ඇති වන්නේත් මෙවැනි ගොඩකිරීම් නිසයි. වටිනා ඉඩම් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්පත් කර ගෙන තිබෙනවා. ඒ සීමා නිර්ණයන් වැරැදියි.”

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වේලුකුමාර් මහතා (එජාප):-

“හන්තාන වත්තේ කුරුඳු කැලේ අක්කර 20ක් පුද්ගලයකුට විකුණලා තියෙනවා. නමුත් පොඩි මිනිහාට වැසිකිළියක් හදාගන්න ඉඩක් දෙන්නේ නැහැ. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. මේ ප්‍රශ්නය ගැන ජනතාව පාරට බහින්න පුළුවන්.” 

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා (එජනිස):-

“අපේ ප්‍රදේශවලට ගිනි නිවන අංශයක් නැහැ. පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ.”

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එජාප):-

“අපිට ගංවතුර ගැන කියන්න එපා. අපි ගිං ගඟත් එක්ක පොර බඳපු මිනිස්සු. එදා අසාර්ථක ව්‍යාපෘති කරල මුදල් කාබාසිනියා කළා. අපි නිල්වලා, ගිං ගඟ ව්‍යාපෘතිවලට අත්පොත් තියනවා. අද දයාසිරි ජයසේකරලා පොරවල් වෙලා.”

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා (එජනිස):-

“කැලිඩෝ වෙරළ තීරය මුහුදට ගසාගෙන ගියා වගේ කළුතර බෝධියත් කළුතර පාලමත් මුහුදට ගසාගෙන යන්න දෙන්න එපා. ඒවා රැක ගැනීමට කටයුතු කරන්න. ගංවතුර ගලපු මේ වෙලාවේ ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් පත්තරවලින් අපි දැක්කේ සුරංගනා කතායි. මේ කතා අපි සාලාව පුපුරලා ගිය වෙලාවේත් සාමසර කන්ද නාය ගිය වෙලාවේත් ඇසුවා. වන්දි හානි පූර්ණ කරනවා කිව්වා. තාම ඒවා කරල නැහැ. මීතොටමුල්ල කුණු කන්ද කඩාගෙන ගිය වෙලාවේත් ඔය කතාම කිව්වා.”

පත්කළ මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා (එජාප):-

“කාබන්ඩයොක්සයිඞ් වායුව උරා ගැනීමට ගස් වවා ඇති රටවල්වලට ජාත්‍යන්තර වශයෙන් ආධාර ලැබෙනවා. පුළුවන් තරම් වනාන්තර වැවීමේ කාර්ය පෞද්ගලික අංශයට දිය යුතුයි. එය ක්‍රමානුකූලව විධිමත්ව කළ යුතු ක්‍රියාවක්. පරිසරයට ආදරය කරන සියලු දෙනාම වන වගාව කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අනාගත ජනාධිපති අපේක්ෂකවරු වශයෙන් එන බව කියනවා. මේ දෙදෙනාම ඇමෙරිකන් පුරවැසියෝ. ඒ ඇමෙරිකන් පුරවැසි බව ඉවත් කරගත්තා ද කියල පළමුවෙන් ජනතාවට කියන්න.”

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස):-

“අද ගංවතුරෙන් අනාථ වී සිටින ජනතාවට අවශ්‍ය කෑම බීම දෙන්න රාජ්‍ය නිලධාරීන් බයයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී මේ විදියේ කටයුතු සිදුවුණේ නැහැ.”

චන්දිම ගමගේ මහතා:- “ඔබතුමාට ඔය විදියට කතා කියන්න පුළුවන්. ඕවා සාක්ෂි සහිතව කියන්න.”

ජානක වක්කුඹුර මහතා:- “අයගම ග්‍රාමසේවා නිලධාරි මහතාගෙන් අහන්න.”

විජේපාල හෙට්ටිආරච්චි මහතා:- “මෙතුමා රටම නොමග යවනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම අනාථයන්ට දුන්නා.” 

ජානක වක්කුඹුර මහතා:- “ගාල්ලේ දෙන්නැති. මම කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කය ගැනයි.”

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම ගමගේ මහතා (එජාප):-

“විපක්ෂයේ මන්ත්‍රීවරු පොලිතින් තහනම ගැන එක වචනයක් කතා කළේ නැහැ. විපක්ෂයට අද කතා කරන්න මාතෘකා නැහැ. ඒ නිසා කාලයකට වැස්ස ගැන කතා කරනවා. තව දවසක නියඟය ගැන කතා කරනවා.”
පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 10.30ට යළි රැස්වීමට නියමිතය.

 



අදහස් (3)

ගංවතුර විපතේදී ආණ්ඩුව නිදාගෙන සිටිනවායි විපක්ෂය නඟන චෝදනාව බොරුවක්

Bamunuarachchi Thursday, 24 May 2018 04:48 PM

ඔයගොල්ලෝ ඇහැරගෙ‍ෙන ඉන්න එකත් අනික් අය නිදියාගෙන ඉන්නවා හා සමානයිනේ

:       0       0

Bamunuarachchi Friday, 25 May 2018 05:11 AM

"ගංවතුරට ආණ්ඩුවේ සූදානම ප්‍රමාණවත් මදි. මුදල් වෙන් කරල පමණක් ප්‍රමාණවත් නැහැ. මුදල් කියන්නේ මහජනතාවගේ සල්ලි.” බිමල් රත්නායක මහතා ඒගොල්ලන්ට කාර් ගන්න ඕනෙනම් බලන්න කෝ පරිපූරක ඇස්තමේන්තු දාල කෝටිගණන් මුදල් පාස්කර ගන්න හැටි. හැබැයි ඕගොල්ලොත් ඒවාට විරුද්දව කතා කලේ නැත.

:       0       0

kalani Saturday, 26 May 2018 05:43 AM

වාහන ගැනීම ප්‍රශ්නයේදී ජවිපෙ වුවමනාවටත් වඩා විරෝධය දක්වලා තිබෙනවා. චීනයේ කහ ගංගාව නිසා සිදුවූ මහා විපත් අද එරට අවම කරගෙන තිබෙන්නේ පෙර සුදානම්වූ නිසාය. ගංවතුර ගැලීමට පෙර ජලය නොබසින බාධක ඉවත් කිරීම වැනි සරල පිළිතුරක් හෝ කිසිම රජයක් ඉටු කර නැත. බිමල් මහතා පෙන්වා දුන්නේ එයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 774 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6287 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 725 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 400 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site