IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


චන්ද්‍රිකා මාන බැලුවේ එජාප හවුල් ආණ්ඩුවක ශ්‍රීලනිපය හිරකරන්නයි

(ජයන්ත සමරකෝන්) 

ජනපතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කොට එජාප හවුල් ආණ්ඩුවක් තුළ ශ්‍රීලනිපය හිරකිරීමට කුරුමානම් ඇල්ලුවේ චන්ද්‍රිකා කුමාරතුංග බවත්, මධ්‍යම කාරක සභාවේදී චන්ද්‍රිකා භූමිකාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගත යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (9) පැවසීය. 

ශ්‍රීලනිපය දකුණෙන්, දකුණට රැගෙන ගිය ඇය ශ්‍රීලනිපයට ඇති ප්‍රධාන බාධකය බවද කොළඹ 8 ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මන්ත්‍රීවරයා කීය. 

සමාජවාදී ජනතා පෙරමුණ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.  එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. 

සංකීර්ණ දේශපාලන පෙරළි සිදුවිය හැකි වකවානුවක අප අද ගමන් කරමින් සිටිනවා. ඒකාබද්ධ විපක්‍ෂය ගෙනා විශ්වාස භංගය මෙම සියලු අර්බුදවලට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. මෙම විශ්වාසභංග යෝජනාවට ආණ්ඩු පක්‍ෂයේ ඇමැතිවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයකු මන්ත්‍රීවරයකුගේ අත්සන්ද තිබුණා. මෙය ඉතා පළල්ව ගෙනා යෝජනාවක් වුණේ ඒ නිසයි.

අද රට ජාතිය, ආර්ථික වශයෙන් විශාල අර්බුදයක පවතිනවා. ජාතික සම්පත් විනාශයට පත්වෙමින් තිබෙනවා. රටේ ස්වෛරීභාවයට බරපතළ තර්ජනයක් එල්ලවෙලා. ජන ජීවිතය විනාශ වෙමින් පවතිනවා.

අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බව ජනපතිවරයාද පිළිගෙන තිබෙනවා.
රටේ ආර්ථිකය මෙහෙයවීම ජනාධිපතිවරයා යටතේ සිදුවිය යුතු නිසා එය අගමැතිවරයාගෙන් ඉවත්කර තිබෙනවා.
එවැන්නක් සිදුවී නැති බව කියන්නට ගොස් මංගල සමරවීර ඇමතිවරයා හොට බිම ඇන ගත්තා.

මේ රටේ විශාල ආර්ථීක පසුබෑමක් ඇතිවී තිබෙන අතර, එය ජන ජීවිතයට ඉතා තදබල ලෙස බලපා තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ඔවුන්ගේ මතය පැහැදිලි ලෙස පලකර තිබුණා.

රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ගෙනාවේ මෙම අවස්ථාවේදීයි. ඊට එජාපයේ දහපහළොස් දෙනෙක්, ශ්‍රීනිපයේ හතළිස් ගණනක්, ජවිපයේ හය දෙනෙක්, ඡන්දය දීමටත්, ටී.එන්.ඒ. එක මධ්‍යස්ථව සිටින බවටත් ප්‍රකාශ වුණා. 
විශ්වාසභංගය ලංවෙත්ම සියල්ල වෙනස් වුණ තත්ත්වයක් දකින්නට ලැබුණා. 

දෙස් විදෙස් බලපෑම් විශාල වශයෙන් එල්ල වන්නට පටන් ගත්තා. ටී.එන්.ඒ. සංවිධානය අගමැති හා ආණ්ඩුව රකින්නට තමන්ගේ තිබුණු මධ්‍යස්ථ ප්‍රතිපත්ති අත්හැරියා. 

කෙසේ වෙතත්, ඒකබද්ධ විපක්‍ෂය සමඟ ශ්‍රීලනිපයේ 16 ක් එකම මතයේ සිටියා. ඒ අගමැතිවරයා සිය ධුරයෙන් පහකළ යුතුය යන්නයි.

ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රීලනිප සියලු දෙනා මේ ආණ්ඩුව ආරක්‍ෂා කළ යුතුයි යන මතයේ සිටියේ නැහැ. 
මේ වනවිට පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයාට එරෙහිව ප්‍රමාණාත්මක බලයක් පවතිනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ 54 දෙනා විශ්වාසභංග විවාදයේදී නොසැලී සිටීම අගය කළ යුත්තක්. 

රනිල් පලවා හැරීමේ සටනට නායකත්වය දෙන බව ඔවුන් ඔප්පු කළා.1 විශ්වාසභංගයට ඡන්දය දුන් අයටත් දැන් විශ්වාසභංග ගෙනැල්ලා. මෙහිදී අගමැතිවරයා ජයග්‍රහණය කරවීමක් නොව, ගැලවීමක් පමණක් සිදුවී තිබෙන්නේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පරස්පර මත හා ප්‍රතිවිරෝධතා පවතිනවා. එහෙත් ආණ්ඩුව කැඩී යන තරමට ඒවා බරපතළ නැහැ. විශ්වාසභංගයෙන් ඒ බව තහවුරු වුණා. 

කෙසේ වෙතත් ඉදිරියේදී එන ජනාධිපතිවරණ, මහ මැතිවරණ, පළාත් සභා මැතිවරණ සියල්ල අගමැතිවරයාගේ ආණ්ඩු බලයේ නොතැබිය යුතුයි. භාරකාර රජයක් යටතේ ඒවා පැවැත්විය යුතුයි.

විශ්වාසභංගයෙන් අහිමිවුනු බලය නැවත ලබාගැනීමට අගමැතිවරයා කටයුතු කරනවා. එජාප ඇතුළේ විශාල වියවුලක්, ගින්නක් තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

විශ්වාසභංගයෙන් රනිල් දිනුවාට පරාජයන් ගණනාවක් තිබෙනවා.  එජාපයට තනි ආණ්ඩුවක් හදන්නට බහුතරයක් නැහැ. ආණ්ඩුව මේ වනවිට දෙදරා ගිහින්.  අද වනවිට හවුල් ආණ්ඩුවක් තිබෙනවාද? ශ්‍රීලනිපය වෙන්වෙලා. අවසනට පෙර තිබූ තත්ත්වය දැන් නැහැ.  පරාජය වුණත් ඒකාබද්ධ විපක්‍ෂය අද වඩාත් ශක්තිමත්වී තිබෙනවා. ආණ්ඩුවේ 2/3 දැන් කෝ? 

දැනට පවතින දේශපාලන අර්බුදයේ දෙපැත්තක් තිබෙනවා. ආණ්ඩු කරන්නට බැරි තත්ත්වයක්. එජාපය තුළත් අර්බුද. දැන් ප්‍රතිසංවිධාන පටන් අරගෙන. අගමැතිවරයාට එරෙහිව එජාපයේ අභ්‍යන්තර අර්බුදය උත්සන්න වෙලා. තනි බලයක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ. නායකයා දුර්වල සභාගයකට ඉදිරියට යන්නට බැහැ. 
ජනාධිපතිවරයා යටත් කරගන්නට අගමැතිවරයා උත්සාහ කරනවා. විශ්වාසභංගයේ ජයග්‍රහණයත් සමඟම එම තත්ත්වය වැඩිවෙලා. 

මහින්ද රාජපක්‍ෂ කාලේ මෙහෙම වුණේ නැහැ. ජනපති, අගමැති ගැටුමක් තිබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ බලතුලනය රටේ බලතුලනයට වෙනස් විය යුතුයි. රටේ බලතුලනය පොදුජන පෙරමුණ පැත්තට වෙනස් වී ඇති බව පසුගිය මැතිවරණයෙන් දැක්කා. එජාප-ශ්‍රීලනිප දෙකටම බහුතරය ලැබුණේ නැහැ.මෙම අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගන්න හැක්කේ එළඹෙන මැතිවරණවලින් පමණයි.

ලංකා සමසමාජ පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීය. 

මෙම විශ්වාසභංගයේදී සිරස මාධ්‍ය කළ මෙහෙවරට ආණ්ඩුවේ එජාප මැර කණ්ඩායම් විසින් හොඳින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මෙය නරක පෙරනිමිත්තක්. ඉදිරියේදී ඒකාධිපති පාලන ක්‍රමයක් ඇතිවන්නට පුළුවන්. 
විශ්වාසභංගයෙන් අගමැතිවරයාට එරෙහිව මහ බැංකු මගඩිය පිළිබඳ චෝදනා ගණනාවක් එල්ල කර තිබුණා. මේ මහා හොරකම ගැන රටටම ඔප්පුවී හමාරයි. පසුගිය මැතිවරණයෙන් ජනතාව ඊට පිළිතුරු දී තිබුණා. 
ජනමතය පැහැදිලිව පෙන්වාදී තිබුණා. අගමැතිවරයා විශ්වාසභංගයෙන් බේරා ගැනීමට විපක්‍ෂය කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් එක්වුණා.

රනිල් එක්ක හවුල් ආණ්ඩුවේ තවදුරටත් රැඳී ඉන්නට ආණ්ඩුවේ සිටි ශ්‍රීලනිප මැති ඇමතිවරුන් 26 ක් කටයුතු කර තිබෙනවා. මොනවාගේ බලපෑම් තිබුණාද කියා මේකෙන් පෙනෙනවා. ආණ්ඩුවේ අර්බුද වැඩිවන්නට වැඩිවන්නට 77-89 තත්ත්වයට රට පත්වන්නට ඉඩ තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ඩී.වී.ඩී. තිලකසිරි, මාධ්‍ය ලේකම් නාගරික මන්ත්‍රී එල්.ආර්. ස්ටීවන් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (1)

චන්ද්‍රිකා මාන බැලුවේ එජාප හවුල් ආණ්ඩුවක ශ්‍රීලනිපය හිරකරන්නයි

Saththaya Saturday, 14 April 2018 09:48 PM

ඔබලා මාන බලන්නේ රට කොච්චර අස්ථාවර වුනත් කඩාකප්පල්කාරී වැඩ කරලා බලයට එන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5332 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 617 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1976 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3656 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 139 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 930 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site