IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ඡන්දය දුන්නේ කැලෑ කපන්න නෙවෙයි

(*** මෝදර සී. ඉග්නේෂස් ඇන්තනි)

‘‘වර්තමාන පාලකයන්ට ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන්නේ පරිසරය ආරක්ෂා කිරීමට මිස විනාශ කිරීමට නොවේ යැයි’’ සමගි ජනබලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා උතුරු කොළඹදී ප්‍රකාශ කළේය.

‘‘පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගය වෙනුවෙන් ජන්දය ප්‍රකාශ කළ ජනතාවට තුති පිදීම සඳහා උතුරු කොළඹ පැමිණි විපක්ෂ නායකවරයා එසේ පැවැසුවේ, උතුරු කොළඹ සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති ජනහමුවේදීය.

සමගි ජන බලවේගය උතුරු කොළඹ ප්‍රධාන සංවිධායක සී.පී.වයි. රාම් මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබිණි.

මෙහිදී කාන්තාවන්ගේ ආර්ථිකය නංවාලීම පිණිස ස්වයං රැකියා සඳහා ණය ආධාර ප්‍රදානයක්  හා පාසල් සිසු සිසුවියන් සඳහා අභ්‍යාස පොත් ඇතුළු උපකරණ බෙදාදීමක් සිදුකෙරිණි.
පාසල් සිසු සිසුවියන් 200 කට අධික පිරීසකට මෙම උපකරණ බෙදාදීම විපක්‍ෂ නායකවරයා අතින් සිදුවිය.

ජනහමුව අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

‘‘සමගි ජන බලවේගය දිනවීම සඳහා අප වෙනුවෙන් ඇප කැපවී ඡන්දය දුන් සියලු දෙනාටත් මේ ජනහමුව සංවිධානය කළ සී.පී.වයි. රාම් මහතාටත් මගේ අවංක ස්තූතිය පුදකර සිටිනවා.
උතුරු කොළඹ මෙතෙක් බලය රැකගෙන සිටි එජාපයට තිත තබා අපට මෙම ප්‍රදේශයේ ජනතාව 41000 කට වැඩි ඡන්ද ප්‍රමාණය දුන්නා. එය මා අගය කරනවා.

ඉදිරියේදී සමගි ජනබලවේගයේ ඉදිරි ගමන යාමට උතුරු කොළඹ ජනතාව අපත් සමග අත්වැල් බැඳගනීවියි කියා මා සිතනවා. උතුරු කොළඹ සංවර්ධනය කිරීමට එය රුකුලක් වෙනවා. මා කිසි විටෙකත් මේ ජනතාව අමතක කරන්නේ නැහැ.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිටින කාන්තාවන්ගේ අතමිට සරුකිරීම සඳහා ස්වයංරැකියා පිණිස අවශ්‍ය මුදල් ආධාර දෙන්න අප සූදානම්. ඒ සඳහා මගේ බිරිඳ ජලනී ප්‍රේමදාස මහත්මිය ලක ලෑස්තිව ඉන්නවා.

රට බාරගන්න ඉන්න දරුවන්ගේ අනාගතය යහපත් කරන්න ඕනෑ. ඒ සඳහා තිරසර සංවර්ධනයක් අවශ්‍යයි. එසේ වුවත් තිරසර සංවර්ධනයක් රටේ ඇතිවෙයි කියා අපට හිතාගන්න බැහැ.
රටේ ජනතාව මේ රජයට තුනෙන් දෙකක බලයක් දුන්නා. බලය ලැබුණත් එක්කම ඔවුන් පරිසරය විනාශ කරන්නට පටන්ගෙන තිබෙනවා.

මේ වනවිට පුත්තලමේ සහ සිංහරාජ අඩවියේ භූමි කොටස් ඩෝසර් කරමින් යනවා. එයින් පරිසරය විනාශ වෙනවා. පාලන බලය අතට ගත් පාලකයන් මේ දින කිහිපය තුළ කරන්නාවූ පරිසර විනාශය දෙස අපට බලාගෙන ඉන්න බැහැ. මෙය වහාම නැවැත්විය යුතුයි. අපි ඒ සඳහා පියවර ගන්නවා.

ජනතාව ඔවුන්ට තුනෙන් දෙකක බලයක් දුන්නේ පරිසරය විනාශ කරන්න නොවෙයි, පරිසරය රැකගෙන තිරසර සංවර්ධනයක් ඇතිකරන්නයි. රට සුරක්ෂිත කිරීමට කැපවෙනවා.’’
මෙම අවස්ථාවට විපක්ෂ නායකවරයාගේ බිරිඳ වූ ජලනි ප්‍රේමදාස මහත්මියද සහභාගී වූවාය.

 



අදහස් (4)

ඡන්දය දුන්නේ කැලෑ කපන්න නෙවෙයි

Kumara Tuesday, 01 September 2020 06:35 PM

නිධන් හොරුත් ගස් ගැන කතාකරනවා.

:       0       0

විජේ Tuesday, 01 September 2020 10:27 PM

ප්ලැකනිල් ගේන්න. අනේ මේ සජී ප්ලීස්..

:       0       0

Raveendra Wednesday, 02 September 2020 03:03 AM

සජි මලයාගේ කතාව නම් අප ඉහළින්ම අගයන්නෙමු. එලෙසම කවුරු පරිසරය විනාශ කළත් රටට ආදරය ඇති අවංක මිනිසුන් නම් එකහෙලා එයට විරුද්ධ වෙනවා. ඒ වගේම අර විල්පත්තුව පැත්තේ නාන කෙනෙක් අක්කර ගාණක් ඝන කැළෑව සුද්ද පවිත්‍ර කරලා පොහොර දාලා ගස් පැළකරපු එක ගැන සජි පුතා නිකමටවත් වචනයක්වත් කිව්වේ නැහැනේ? ඒ මොකද සජිත් මල්ලියේ? එතකොට තාත්ත බලයේ ඉන්නකොට කරපු පරිසර විනාශය ගැන සජි මලයාගේ කියවීම කුමක්ද යන්න අප විමසන්නෙමු. අප විශ්වාස කරනවා සජී මලයා මැරිලා ඉපදිලා තියෙන්නේ අද, ඊයේ වෙන්න ඇති කියලා.. එ්කනේ තාමත් ඇස් ඇරිලත් නැත්තේ...

:       0       0

Chris Wednesday, 09 September 2020 12:26 PM

ඔබ ඡන්දය දුන්නේ ගෝඨාභයට සහ පොහොට්ටු පක්ෂයටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3213 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 773 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site