IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතුයි - දෙමළ ජාතික සන්ධානය

සිරාජ් හසීම්
 
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතු යන්න දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා සඳහන් කරයි.
 
දේශපාලන හේතුකාරනා මත මෙම ප්‍රධාන පක්ෂ දෙකම තනිව ආණ්ඩු සෑදීමට උත්සහා කිරීම උචිත නොවන බවත් මෙය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහායටද බලපෑමක් බවත් සුමන්තිරන් මහතා කියයි.
 
ජාතික ආණ්ඩුවේ කාලය මෙ මස 31වෙනිදා අවසන් වන බව පවසමින් ප්‍රධාන පක්ෂ ද්විත්වය තුළම  ජාතික ආණ්ඩු පාලනය ගෙන යන්නේද නැතිද යන්න සාකච්ඡාවට භාජනය වී ඇති මෙහොතක එම කරුන සම්බන්ධයෙන්  මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේ සඳහන් කලහ.
 
"අපි අළුත් ආණ්ඩුවක් පිහිටුවීමට අතදෙනවද නැතිද කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න බැහැ.ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් එකට එක්ව ජාතික ආණ්ඩුවක් වශයෙන්  වර්තමනයේ ආණ්ඩුව පවත්වාගෙන යනවා.මෙය දෙමළ ජනතාව වන අපට ලැබුනු මහගු අවස්ථාවක් විදිහටයි මම දකින්නෙ.
 
දීර්ඝ කාලයක සිට පැවත එන උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථීර විසදුම් ලැබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම වෙනුවෙන් අපි ගමන් කර සිටිනවා.ඒ ගමනෙන් හරි අඩක්ම මේ වනවිට පැමිණ තිබෙනවා.එම අරමුණ කරා යාමට නම් ජාතික ආණ්ඩුව ශක්තිමත් විය යුතුයි.එම අරමුණ  ජයගෙන දෙමළ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකර දී අනෙකුත් ජාතීන්වලටද සමාන අයිතිවාසිකම් දිනාදීම අපේ උත්සහායයි.
 
මෙනිසා  දේශපාලන හේතුන් මත හෝ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙන්වී තනි තනිව ආණ්ඩු පාලනය කිරීමට උත්සහා කරනවාට වඩා පක්ෂ දෙකම එක්ව ජාතික ආණ්ඩු පාලනය ඉදිරියටත් පවත්වාගෙන යා යුතුයි කියන එකයි අපේ අදහස.දෙමළ ජාතික සන්ධානය සිටින  ස්ථාවරයත් එයයි".



අදහස් (5)

ජාතික ආණ්ඩුව අස්ථාවර නොවිය යුතුයි - දෙමළ ජාතික සන්ධානය

Bamunuarachchi Wednesday, 27 December 2017 02:18 PM

දන්නවා මහින්දට ගියොත් ඊලම නොලැබෙන බව

:       0       158

Bamunuarachchi Wednesday, 27 December 2017 02:23 PM

මේවා කියවනවිට ඇඟේ මාළු නටනවා

:       0       45

Deepal Nirosh Friday, 29 December 2017 03:37 AM

පක්ෂ දෙක වෙන් වුණොත් තමන්ට පිනට ලැබුණු විපක්ෂ නායකකම නැතිවෙයි කියල බය ඇති.

:       0       12

de silva Saturday, 30 December 2017 03:14 PM

ජාතික ආණ්ඩුවේ ඉන්න මැති අැමැතිවරු, අනිත් පක්ෂේ ඉන්න දේශපාලකයන්ට ඇඟිල්ල දික්කරමින් වැරදි කියමින් ඉන්නවා මිසක් රටට වැදගත් ප්‍රතිපත්තිමය තීරණ අරගෙන රට ඉදිරියට ගෙන යන බවක් නොපෙනේ. ලබන පාර්ලිමේන්තු මතිවරණයේදී මේ ගොල්ලන් කරන්නෙත් ඡන්දෙට කලින් බොරුවට එකිනෙකට චෝදනා කරගෙන අන්තිමට එකතුවෙලා ආණ්ඩුවක් හදාගෙන, මේ විකාරය දිගටම කරගෙන යන එක, දෙමළ සන්ධානයේත් බලාගෙන ඉන්නේ විපක්ෂය වෙලා වරප්‍රසාද භුක්ති විඳින ගමන් හෙමිහිට ටික ටික ඊළම පැත්තට යන්න. දැන් කලයුතු එකම දෙය ජවිපෙ ට ඡන්දය දීලා අඩුම තරමේ විපක්ෂය ලෙස පළාත් පාලන ආයතන, පළාත්සභා පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාව සලසලා දීම... එතකොට රටේ ජනතාව වෙනුවෙන් කතා කරන්න කවුරුහරි ඉන්නවා.

:       14       0

සෙනෙවි Monday, 29 January 2018 11:26 AM

එජාපෙ හිටපු ලේකම් නිවැරදියි කියලා දැන් තමයි තේරෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3243 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 68 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site