(*** අංජුල මහික වීරරත්න)
‘‘වතුර ඉල්ලන ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තර දෙන 2015ට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව මේ මාස කිහිපයේදී ක්‍රමයෙන් අවතීර්ණ වෙමින් සිටිතැ’’යි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
‘‘ඡන්දය පාවිච්චි කිරීමේ දී එක්වරක් නොව සිය දහස් වරක් සිතා තීරණ නොගත හොත් තමාගේ ඡන්දය තමාටම පාරාවළල්ලක් වනු ඇතැයි’’ද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
වත්මන් සමාජ තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීවේය.
අප ආණ්ඩුකරන සමයේ ජනතාවට පූර්ණ නිදහසක් දී තිබුණා. තරුණ සමාජයට පුළුල් නිදහසක් දුන්නා. සමාජ මාධ්‍ය වලින් ජනපති, අගමැති, ඇමැතිවරුන් දැඩි විවේචනයට ලක්වුණා. එසේ විවේචනය කළා යයි කිසිවකුගේ පසුපස රහස් පොලිසිය පැමිණියේ නැහැ.
අද රටේ එවැනි තත්ත්වයක් තිබේද? 2015 වසරට පෙරත් එවැනි තත්ත්වය තිබුණේ නැහැ. දැන් ටිකෙන් ටික 2015 වසරට පෙර තිබූ යුගයට ශ්‍රී ලංකාව අවතීර්ණ වෙමින් සිටිනවා. ආණ්ඩුව විවේචනය කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට රහස් පොලිසිය හමුවට ගොස් පැය අටක්, නවයක් කටඋත්තර දෙන්න වෙලා.
මේ ආකාරයට රටකට ඉදිරියට යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් නම් තරුණ සමාජයට නිදහස් අදහස් විවෘතව ප්‍රකාශ කරන්න පසුබිමක් තිබිය යුතුයි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් නැතිනම් රටකට ඉදිරියට යන්න බැහැ. 2015 වසරට පෙරත් අප මෙවැනි සිදුවීම් දුටුවා.
පිරිසුදු වතුර පොදක් ඉල්ලා ආයාචනය කළ රතුපස්වල ජනතාවට වෙඩි තබා හතර දෙනකු ඝාතනය කළ සිද්ධි අපට අමතක නැහැ.
ඉන්ධන මිල වැඩිවීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයකට වෙඩි තබා හලාවත ඇන්තනි තරුණයා මරාදැමුවා. මේ කරුණු ගැන එක් වතාවක් නොව සිය දහස වරක් සිතා බලා තීරණ ගත යුතුයි. ඔබේ ඡන්ද බලයේ සැබෑ වටිනාකම ඇතිවන්නේ එවිටයි.
තරුණ සමාජයට දේශපාලනඥයා මෙන්ම දේශපාලනය ද එපාවෙලා. රටේ සමස්ත සමාජයටම දේශපාලනය තිත්ත වී ඇති ස්වරූපයක් පෙනෙන්න තිබෙනවා. එදා සිට දේශපාලකයන්ගේ පොරොන්දු, දේශපාලනය මෙන්ම ඔවුන් කරන කියන දේ. පාර්ලිමේන්තුවේ හැසිරෙන ආකාරය දුටු විට ජනතාවට පිළිකුල්සහගත බවක් ඇතිවෙලා.
වැදගත්, උගත්, දක්ෂ පුද්ගලයන් පමණක් වටිනා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට අවස්ථාව ලැබෙනවා. ජනතාව ඒ බලයෙන් සැබෑ ප්‍රයෝජනය ගතයුතුයි. හරි පුද්ගලයන්ට ජනතා සහයෝගය දී පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට වගකීමක් තිබෙනවා යයි ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ජනතාවට වෙඩි උණ්ඩයෙන් උත්තරදුන් යුගයට රටයනවා
Bamunuarachchi Thursday, 16 July 2020 05:26 AM
ජනතාවට වැඩි වැඩියෙන් උත්තර දුන්නේ 1989... ඒ කාලේ තිබුණේ එජාප ආණ්ඩුව..
sajith Thursday, 16 July 2020 09:48 AM
ජනතාව ගෙනියන්න ඕනේ විජයවර්ධන පරපුරේ, විජයවර්ධන යුගයකට...