(මුදිතා දයානන්ද)
‘ජනපතිවරණයක් දිනන්න නම් අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතුම නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 94දීත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනපතිවරණයේදීත් දිනුවේ පක්ෂ නායකත්වයේ ඉඳලා නොවේ’ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා අද (15) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ එංගලන්තයේ ලේබර් පක්ෂයේ නායකයා ඡන්දය පැරදුණු විට නායකත්වයෙන් ඉවත් වුණා සේ එජාපයේ නායකයා ඒ ආදර්ශය නොදෙන්නේ ඇයිදැයි පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන කාර්යාලය සිරිකොත මන්දිරයේදි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී හෙතෙම මෙසේද පැවසීය.
“අපි හැමවිටම අපිට ඕන ආදර්ශය ගැන අහනවා. ඒත් අපේ රටේම ආදර්ශ තිබෙනවා පක්ෂ නායකත්වය නැතිව මැතිවරණ දිනලා පෙන්වපු අයගේ. ඒවා ගැන අපි කතා කරන්නේ නැහැ.
චන්ද්‍රිකා මහත්මිය 1994දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඇය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව නෙවෙයි. ඒත් ඡන්දේ දිනුවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මහතා මෙවර ජනාධිපතිවරණයට එනකොට ඡන්දෙට එනකොට කිසිම පක්ෂයක නායකයෙක් නෙවෙයි. නමුත් ඔහුද ඡන්දේ දිනුවා. ඒ නිසා ඡන්දයක් දිනන්න පක්ෂ නායකත්වය තමන් සතුව තියෙන්න ඕනම කියලා දෙයක් නැහැ” යැයිද හෙතෙම කීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘ ජනපතිවරණය දිනන්න අපේක්ෂකයා පක්ෂ නායකයා විය යුතු ම නැහැ’
vidya Monday, 16 December 2019 02:47 AM
දැන් ඔය පරණ කිල්ලෝටවල තියන හුණු හොයන්නේනනැතිව පොඩ්ඩක් පස්සට වෙලා තරුණ අයට වැඩේ බාර දෙන්න. පැරදුනේ වැඩේ අනාගෙන හින්දනේ.