(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබීම කෙරෙහි තම පක්ෂයේ උනන්දුවක් තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (16) පැවසීය.
මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ ඒ.එච්.එම්. අශ්රෆ් මහතාගේ 19 වන ගුණ සැමරුම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී හකීම් මහතා මේ බව පැවසීය.
ඇමතිවරයා මෙසේද කීය .
"එක්සත් ජාතික පක්ෂයෙන් ජනප්‍රිය අපේක්ෂකයෙක් ඉදිරිපත් කරයි කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. නමුත් තවම ඒ පිළිබඳව හරි තීරණයක් ලැබුණේ නැති පාටයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් අනුව සජිත් ප්‍රේමදාස මහතා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළා. අපේ පක්ෂය සමඟත් සාකච්ඡාවක් කළා.
එතුමාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ශය ජනප්‍රිය අපේක්ෂකයෙකු ගැන කතා කරන අවස්ථාවක කරූ ජයසූරිය මහතා කොයි වගේ තැනකද ඉන්නේ කියන එක ගැන අපට ප්‍රශ්නයක් තිබෙනවා. අපි හිතන්නේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ‘‘
Raveendra Monday, 16 September 2019 06:07 PM
ඔව් ඔව් මේ ගොයියලා සජිත් ගොයියාගේ තාත්තට මල් තියල හැමදාම වදින්න් ඕනේ"හිවලුන්ට " කරපු උදව්වට...මතකනේ කෙටිම කෙටි කාලෙකදී ප්‍රේම් ගොයිය ප්‍රශාද මන්ත්‍රී ආසන ප්‍රතිශතය වෙනස් කරපු එක එයින් උනේ සදාකල් රටට හෙනයක් පාත් උනෙක නොවේද ?? කට ඇරලා කියන අපි බොරුනම් කියන්නේ ... සජිත් දැන් මේ බබා වගේ කෙකර ගාන්නේ....
කෝ දහනායක Tuesday, 17 September 2019 01:22 AM
එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව සියලු පක්ෂවලට ලැදි ලාංකිකයින් බොහෝදෙනාම කැමති වැඩක්පලක් නොකර කවුරුහෝ දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටීමටයි. කිසිම ඉදිරි දැක්මක් නැති කිසිම නිර්මාණශීලිත්වයක් නැති සහනාධාර බෙදමින්බෙදන කෙනෙකුගෙන් සිදුවිය හැක්කේ ඉතාමත්ම අවාසනාවන්ත තත්වයක් බව ජනතාවට අවබෝධවේවා !!!
vipula Tuesday, 17 September 2019 05:27 AM
ජනප්‍රිය වීම පමණක් ජාතික නායකයෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ජනප්‍රියත්වය නිමේෂයෙන් නැතිවී යා හැක.
Rata Perata Tuesday, 17 September 2019 06:07 AM
අපේ ඡන්දය ඔහුට නැත.
Nishan Tuesday, 17 September 2019 07:01 AM
එතකොට සිරිසේන ජනාධිපතිවරණයට ඉල්ලන කොට සජිත් තරම්වත් ජනප්‍රිය නැහැ නේ. ඔබලා ඔහුට එදා සහයෝගය දුන්නේ මොන පදනමින්ද එතකොට? කාලෙන් කාලෙට එක එක තියරි. සජිත් ඔබත් එක්ක කළ සාකච්ඡාවේදී ඔබ ඉල්ලපු හැමදේම දෙන්නම් කිව්වා නේද? කරූට වඩා සජිත්ව නටවන්න ලේසි කියල හිතුනද? කුමන හේතුවක් නිසා හෝ ඔබ සජිත්ට කැමති උනාට යහපාලනයට ඡන්දෙ දුන් බහුතරයක් සජිත්ට කැමති නැහැ. විශේෂයෙන්ම උගතුන් කැමති නැහැ. ඔහු හැමෝම පිනවන්න උත්සාහ කරන කෙනෙක් මිසක් ඔහුට කියලා දර්ශනයක්, ප්‍රතිපත්තියක් නෑ. ඒ ඔහු මුහුකුරා ගොස් මදි නිසා.
arunaTuesday, 17 September 2019 08:57 AM
හරියට හරි. සජිත් සිරිසේනට දෙවෙනි නැහැ.
sirimaliee Tuesday, 17 September 2019 09:09 AM
ඔය කියන ජනප්‍රිය කමක් ජනතාව අතර සජිත්ට තිබුනේ නැහැ. එ.ජා.පයේ තමාගේ වාසියට ඇමතිකම් වලට වැඩකරන අය සහ සිරස එකතුවී කරන ලද පින්බීමක්.කෘතීම ජනප්‍රියත්වයක් ඇති කිරීමක්.ඔය ජනප්‍රියකම තිබුනානම් හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය නොකළත් සැලකිය යුතු ප්‍රතිශතයක්වත් ගන්න තිබුණනේ.
haramanis Thursday, 19 September 2019 10:59 AM
දාගැබ් 1100ක් හදනවා කිව්වාම තේරෙනවා මිනිහගේ මොලේ කොහොමද කියලා..
lalithmSaturday, 21 September 2019 07:39 AM
නැතිනම් චීවරධාරීන් අන්දන්න බැහැ. අපේ සිංහල මෝඩ හැත්ත අන්දන්නත් බැහැ. එතකොට ඡන්දත් නැහැ. සුම්මා තමයි. මේ විදිය තමයි ලංකාවට හරි. අපි ඔක්කොම ගොනාට අන්දවනවා.