IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ජූලි වෙද්දි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09ක් ලංකාවට

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ලක්ෂ නවයක් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත් ගෙන්වා ගැනීම සඳහා රජයේ බලධාරීන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බවත් ලබන ජූලි මාසය වන විට එන්නත් මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ 260,915දෙනකුට ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නතේ පළමු මාත්‍රාව ද, ඉන් 9,826 දෙනකුට දෙවැනි මාත්‍රාව ද ලබාදී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ 174,563 දෙනකුට ‘සයිනොෆාම්’ එන්නත පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් අමාත්‍යවරයා කීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 20 ක් මේ වන විට සම්පූර්ණයෙන් ද, ගම්මාන 10 ක් අර්ධ වශයෙන් ද, හුදකලා කර ඇතැයි කී අමාත්‍යවරයා පැවසුවේ එන්නත්කරණ කටයුතුවලට සහාය දක්වන ලෙස පළාත් පාලන ප්‍රධානීන්ට ද තමන් උපදෙස් දුන් බවයි.

ගම්පහ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (18 වැනිදා) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා එසේ පැවසීය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.

“අප්‍රේල් 17 වැනිදා සිට මැයි 18 වැනිදා දක්වා ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් අසාදිතයන් 9289 ක් හමුවී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධනයන වන පවුල් 18,228 කට රුපියල් 5000 බැගින් වන භාණ්ඩ මලු දෙක බැගින් ලබාදී තිබෙනවා. ඒ සඳහා රුපියල් කෝටි නවයකට අධික මුදලක් වැය කරලා තියෙනවා. සංචරණ සීමා දැඩිව පවතින කාලසීමාව තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා බලපත්‍ර 177 ක් නිකුත් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවකයන්ගෙන් සියයට අසූවකට පමණ කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දුන්නා. සෙසු අයට ද කඩිනමින් එන්නත ලබාදීමට අපේක්ෂා කරනවා. ඉදිරියේ දිවයිනට ලැබෙන එන්නත්වලින් ගම්පහ දිස්ත්‍රික්කයට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස මම ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලීමක් කළා.

 



අදහස් (10)

ජූලි වෙද්දි ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09ක් ලංකාවට

mp Friday, 21 May 2021 03:28 AM

තවත් මිනිසුන් රවට්ටන්න ද උත්සාහය? පිටරටින් කෝවිඩ් ගෙනත් ගෙනත්, රටේ මිනිස්සු නැති කලා.

:       1       9

sam Friday, 21 May 2021 07:09 AM

රටම විනාශ කරලා ජනතාව අනතුරේ දාලා මෝඩ කතා තවත් කියනවා.

:       1       9

Lion Saturday, 22 May 2021 12:25 AM

මෝඩ මිනිසුන්... තමන් හැම දේම දන්නවා කියලා හිතන් ඉන්න පාලකයින් ඉන්න රටක් මේක...

:       1       6

විජිත් Saturday, 22 May 2021 01:13 PM

හලෝ ප්‍රසන්න, අප්‍රසන්න වැඩ කරන්න එපා. බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යන්න එපා. ගුවන්සේවා ඇමති ඒ වැඩ ගැන කතාකරනවා මිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ ගැන කට දමන්න එපා. ඔහේ කියන ඒවා කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ. ඔය එනවා කියන බෙහෙත් ටිකෙන් කොටසක් හොර කඩේට විකුණාගන්නද දන්නේ නැහැ මෙයා ලැහැස්තිවෙන්නේ... ඒ වගේ හොර කපටි ඇට්ටර වැඩවලට නම්දරාපු අය...

:       0       7

wicky Sunday, 23 May 2021 05:09 AM

යුක්රේන්වලින් වෙන්නැති...

:       0       5

Puppa Monday, 24 May 2021 08:36 AM

මේ යෝධයා කප්පම් ගත්ත විදිහට ඕකෙනුත් සම්තින් එකක් කරයි..

:       0       3

Kumara Tuesday, 25 May 2021 03:40 PM

නොදන්නා දේවල් කතා නොකර හිටියොත් තමයි හොඳ

:       0       7

mp Wednesday, 26 May 2021 10:33 AM

එනවා... එනවා විතරයි. ඊට පස්සේ ඒවා මකබෑවෙනවද?

:       0       2

dhamneth Friday, 28 May 2021 01:38 AM

එන්නත ගන්න දැන් මාසයකටත් වැඩි කාලයක් සිට සාකච්චා කරනවා නේද.?

:       0       2

Sri Lanka Monday, 31 May 2021 12:13 PM

සංචාරක ඇමැති... කෝ සංචාරකයෝ? දැන් එන්නත් ඇමැතිද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1862 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3490 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1545 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4643 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1232 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 326 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 895 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site