IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘

(නිමල කොඩිතුවක්කු)
 
කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ  දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක  ගැටලු ඇතුළු  වර්තමාන අභියෝග ජයගැනිමට ජවසම්පන්න පාලනයක්  බිහිකිරිමට කැපවෙන බව සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද(20) පැවසීය.

 
නාස්තිය, දූෂනය, වංචාව පිටුදකින  සැමට ප්‍රතිලාභ හිමිවන  කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඉටුකිරීමට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය යොදා ගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලේය.
 
ප්‍රජාතන්ත්‍රවිරෝධී සියලු බාධක පරාජය කරමින් ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කර ජාතික අවශ්‍යතාවයන් සපුරාලමින්  රටම බලගන්වා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ජනතාව දිනවන  බවද ඔහු පැවසීය.
 
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන  කාර්යාලයේදී පැවැති මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ   උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස  එක්වෙමිණි.
 
ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් තේමාවෙන් එලැදැක්වූ  සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩ පිළිවල ඇතුළත් වේ.

 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.
 
   “ ජනතාවත්  අපත් අතර ඇතිකරගන්නා වු සමාජ ගිවිසුම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක ආරම්භයක් හැටියට මම හදුන්වන්නට කැමතියි.
 
පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශණයකින් ගම්‍ය වන්නේ අනුගමනය කිරීමට අපේක්ෂා කරන ප්‍රතිපත්ති මාලාවයි. සමගි  ජනබලවේගයේ ප්‍රතිපත්ති මාලාවත්  අපේ ගමනත් අතර  මනා සම්බන්ධතාවයක් ඇති බව මෙහිදී පැහැදිලි කළ යුතුයි.
 
ප්‍රජාතන්ත්‍රවාදී  ඉතිහාසය පුරාවටම සෑම මැතිවරණ සමයකදීම විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශණ එලි දක්වනවා  අපි දැකලා තියෙනවා. ඒ ඉදිරිපත්  කරන වැඩසටහන් රාජ්‍ය බලය ලැබුනයින් පසුව ක්‍රමිකව අමතක කරනවා.
 
සම්ප්‍රදානුකූලව  මෙතක් ක්‍රියාත්මක වූ  ප්‍රතිපත්ති ප්‍රකාශණ එලිදැක්විමත් සමගි  ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ඒ  වැඩපිලිවෙලත් දර්ශණයත්  අතර වෙනසක් තිබෙනවා.  අපි ක්‍රමිකව දිනවකවානු සහිතව සැලැස්මක් අනුව  මේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා.  මේ රටේ සමස්ථ ජනතාවත්  සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම  එහි සදහන්ව තිබෙන වචනවල පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රයෝගිකවම ක්‍රියාත්මක කිරීමට අපි සැදී පැහැදි සිටිනවා.
 
සමගි  ජනබලවේගය අප රටේ නූතන අභියෝගවලට, ජනතා ප්‍රශ්නවලට විසදුම් සපයන දේශපාලන  ප්‍රවාහයක් වනවා. අපි ප්‍රශ්න විසදන්නන් හැටියටයි ඉදිරිපත්වෙන්නේ.
 
ප්‍රජාතන්ත්‍රවාදි ඉතිහිසය තුළ  රට පාලනය කල විවිධ පක්ෂ, විවිධ නායකයින් රටේ ජනතාවගේ ප්‍රශ්ණ  වලට තිරසර විසදුම් ලබාදුන්නද කියන එක ගැන අපි ප්‍රශ්ණ කළ යුතුයි.  අපි ඉදිරිපත්වෙලා තියෙන්නේ අභියෝග  වලින් ප්‍රශ්ණ වලින් පැන යන්න නෙමෙයි. අපි ඉදිරිපත් වෙලා සිටින්නේ නැවුම් අදහස්වලින්,  ඉදිරිය දකින දර්ශනයක් තුලින් රටට උචිත වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන්නයි.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශණය නිර්මාණය කලේ ඉතාම පිරිසිදු ක්‍රමාණුකුල ක්‍රමවේද තුලින්. සති ගණනාවක්   තිස්සේ විවිධ ක්ෂේත්‍රවල විශේෂඥයින්, විද්වතුන්, වෘත්තියවේදීන් ඇතුලු පිරිස් ඒකරාශී කරගනිමින් තමයි අපි  මේ ප්‍රතිපතත්ති ප්‍රකාශණය ඉදිරිපත් කළේ.
 
අපේ රට මුහුන දෙන වර්ථමාන අභියෝගවලට  විසදුම් ලබාදිමේ වැඩසටහන් මෙහි ඇතුලත් වෙනවා. කොරෝනා වසංගතය නිසා ආර්ථික, සමාජිය, ජාතික ආරක්ෂාව ඇතුලු සෑම ක්සේත්‍රයකම  අභියෝග රැසක් නිර්මාණය වෙලා තියෙනවා. මේ නිර්මාණය වූ අලුත් අභියෝග පිලිබඳ  අලුතින් හිතලා නිර්මාණශීලිව අපේ ප්‍රතිපත්ති සකස් කළා. ඒ තුලින් ප්‍රශස්ථ, ප්‍රබුද්ධ රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක  කරන්න අපි අපේක්ෂා කරනවා.
 
කොරෝනා වසංගතය විවිධ අය විවිධ ආකාරයට විග්‍රහ කලා. කොරෝනා  වසංගතය අපේ රටේ ජාතික ආරක්ෂාවට එල්ලවුනු බරපතලම මරු පහරක් විදියට මම සලකන්න කැමතියි. දැන් වර්තමානයේ ආර්ථික ආරක්ෂාව, සෞඛ්‍යමය ආරක්ෂාව, සමාජමය ආරක්සාව  බරපතල අනතුරකට පත්වෙලා තිබෙනවා. හැම අතකින්ම අපිට නව අභියෝග එල්ලවෙලා තිබෙනවා.
 
කොරෝනා වසංගතයට  ප්‍රයෝගික විසදුම් ලබාදීමට නොහැකිව  අබල දුබල වි සිටින පාලකයන් පිදුරුගොඩවල්වලට  ගිනිකූරු ගසා රට මහා ගිනිකන්දක් බවට නිර්මාණය කරමින් යනවා.  ජාතිවාදය, ආගම්වාදය අවුස්සමින් අන්තවාදයට ශක්තිය ලබාදෙමින් ඔවුන් කටයුතු කරනවා.
 
මේ ආකාරයට කොරෝනා වසංගතය නිසා ජාතික ආරක්සාවට බරපතල  අභියෝග රැසක් එල්ලවෙනවා. මේ අභියෝගවලින් අපිට  පැන යන්න බැහැ. අපි ඒවාට මුහුන දිය යුතුයි. ඒ ශකිතිය සමගි  ජනබලවේගය සතුව තිබෙනවා.
 
මේ උද්ගතව තිබෙන සෑම අභියෝගයකටම මුහුන දීලා තිබුනටත්  වඩා සංවර්ධිත ජවසම්පන්න  සද්ධන්ත මාතෘභූමියක්  බිහිකිරිමට කැපවෙන බවට මම මෙහිදී ප්‍රතිඥා දෙනවා.
 
දුර්වල අවිධිමත් පාලනයක් තුළ කොරෝනා වසංගතය පාලනය කිරිමට නොහැකි තතත්වයක් අද නිර්මාණය වෙමින් තිබෙනවා. කොරෝනා වසංගතය  පාලනය කිරීම රටේ ඉදිරි ගමනේ ප්‍රමුඛතාවය විය යුතුයි. 
 
තුන්කල් දකින කණ්ඩායමක් විදියට සමගි ජනබලවේගයේ අපි කොරෝනා වසංගතයෙන් ඇතිවිය හැකි අභියෝග පිලිබඳ කතාකලේ අද ඊයේ නෙමෙයි. කොරෝනා වසංගතයෙන් අතිවිය හැකි බයංකාර  තත්වයන් පාර්ලිමේන්තුවටත්, රජයටත්, රටටත් අපි ඉදිරිපත්කලා.  ඒවට තිරසර විසදුම් ඒ අවස්තාවලදි ලැබුනේ නැහැ.
 
රටේ ජාතික අවශ්‍යතාවයන්, රටේ ජාතික න්‍යායපත්‍රයේ ප්‍රමුඛතාව  ලබාදිය යුතු කාරනා පැත්තකට කරලා  වෙනත් පෞද්ගලික න්‍යායපත්‍ර ඉහලට ඇවිත් තිබෙනවා. කොරොනා වසංගතය පාලනය කිරීමට නොහැකිව සිටින මොහොතක  දෙවැනි තුන්වැනි රැලිවලට  රටක් විදියකට  අපි කොහොමද මුහුන දෙන්නේ. කොහොමද අපි මේ ගැටලුව නිරාකරණය කරන්නේ කියන එක ගැන අපි බැලිය යුතුයි.

මිනිසා ජිවත්කරවමින් රට සැබෑ සෞභාග්‍යයක් කරා ගෙනයාමටත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය  රටට මුසුකරගනිමින් ජාතික ආදායම රටේ සියලුම  ජනකොටස්වලට සමසේ ප්‍රිතිලාභ බෙදියන ආර්ථික වර්ධනයක් අපි රටතුළ ක්‍රියාත්මක කරනවා. රටපුරා සෑම ග්‍රාමනිලධාරි කොට්ඨාෂයකම බෙදියන සංවර්දනයක් ගොඩනමින් අපේ රට දියුනු ලෝකය කරා ගෙනයනවා. පුලුල් සමාජ වෙනසක් අපි ඇති කරනවා.
 
රටක් පාලනය විය යුත්තේ විනයානුකූලවයි. මේ විනයානුකූල භාවය තුළ මනුස්කම, සොදුරු බාවය තියෙන්න ඕන. හිතක් පපුවක් ඇතිව  ජනතා ප්‍රශ්ණවලට සංවේදිවෙමින් රට පාලනය කළ යුතුයි.  මේ සංවේදිවීම මාධ්‍ය  සංදර්ශණයකට සීමා නොකට විසදුම් සපයන්නා බවට රටේ රාජය නායකයා පත්විය යුතුයි.

අපි  ඇතිකරගන්නා මේ සමාජ ගිවිසුම ජනතාව පිලිගත යුතුයි. සමගි  ජනබලවේග රජයක් තුල අපි නිරන්තරයෙන්ම රට ගොඩනගන,  ජනතා ප්‍රශ්ණවලට සත්‍යවාදි විසදුම් ලබාදෙන විසිහතර පැයේ නොනිදන රජයක් බිහිකරනවා. ශක්තිමත් විනය  පද්ධතියක් තුලින් රටේ ජාතික  සම්පත්, ජාතික ධනය  ජනතාවගේත්, රටේත් සෞභාග්‍යය උදෙසා නිසිලෙස කළමනාකරණය කිරීමට කැපවෙනවා.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 

 



අදහස් (16)

‘ජව සම්පන්න පාලනයක් බිහි කිරීමට කැප වෙනවා‘

naveen Tuesday, 21 July 2020 08:17 AM

කකුල් පණ නැති පාලනයක්ද? නිධන් හොරුන් අපට එපා. නිධන් හාරන්න ගිහිල්ලා තුනටියෙන් පහළ ඔක්කොම පණ නැතිවුණා. රට වටේට බාරවෙලා. යන්තම් කකුල් දෙක විතරක් පණ ආවා.

:       96       839

Raveendra Tuesday, 21 July 2020 07:05 PM

ඔව් ඔව් සහතික ඇත්ත මේ කියලා තියෙන්නේ. හැබැයි තමාගේ ගේදොර වතුපිටි හරකබාන කුබුරුවලින්ම තමන්ගේ ජවසම්පන්න බව මුලින්ම පෙන්නුවානම් නේද හොද නිකන් බයිලා කතා කියවන්නේ නැතිව.

:       23       594

anura Sunday, 26 July 2020 12:18 PM

ජව සම්පන්න කිව්වට?

:       2       101

විජේ Monday, 27 July 2020 10:05 PM

කලින් තිබුන ගව පාලනය වගේ...

:       0       162

Karu Sooriya Saturday, 01 August 2020 12:01 AM

ඔබ ගැන මට කණගාටුයි.

:       0       126

anura Saturday, 01 August 2020 03:05 AM

ජනාධිපතිවරණයෙන් පසු පැරදුණාම ජවය ඔක්කොම ගිහිල්ලා අතන රිදෙනවා මෙතන රිදෙනවා සල්ලි නැහැ ණය ගෙවන්න කිය කියායි හිටියේ. ජනතාව රවටන්න නැවත නැවත බොරු කීම තමයි පුරුද්ද...

:       1       227

kavinda Saturday, 01 August 2020 03:03 PM

ජවසම්පන්න හරක් ටිකක් යැව්වා නම් ඔයිට වඩා හොඳයි මහත්තයෝ...

:       3       141

Saththaya Saturday, 08 August 2020 04:18 PM

කෑදර මනුස්සයන්ට ජව සම්පන්න වෙන්න පුලුවන්ද ? ඔක්කොම කාල එනවා මෙතන ජව සම්පන්න වෙන්න.

:       2       101

විජේ Monday, 10 August 2020 01:01 PM

'ජහ' පාලනයෙන් 'ජව' පාලනයට. යන්න සජිත් යන්න, කෝටි කීයක්ද ණයයි කිව්වා නේද ජනාධිපතිවරණයෙන්...?

:       1       91

Asoka Saturday, 29 August 2020 06:56 AM

මේ බොරුව කියන ඒවා කොහොමටවත් ගණන් ගන්නේ නැහැ.

:       1       46

janabala asamagi Thursday, 10 September 2020 09:33 AM

ඕවා හරි භයානක වැඩ මහත්තයා.

:       0       6

Richie balasuriya Thursday, 10 September 2020 10:38 AM

ජවය, බලය, බලසම්පන්නකම තම ගෙදරින් පටන් ගත්තා නම් ඉහළයි සජිත් මහත්තයෝ, නිකන් බොරු කියලා ජනතාව නොමග යවන්න එපා... ඔබ ගැන බහුතරය දන්නවා..

:       0       6

Asanga Saturday, 19 September 2020 06:12 AM

ඔය කියන තරම් කරනකොට ලේසි නැහැ.. නේද මහත්තයෝ?

:       0       23

kamal Tuesday, 22 September 2020 09:53 AM

ජව පාලනයද? ගව පාලනයද?

:       0       1

chinthaka Tuesday, 22 September 2020 11:13 AM

88/89 තරුණයින් මරපු අයට නම් මේ රටේ අගමැති වෙන්න බැහැ...

:       0       1

Abeywardhana liyana arachchige vineth sanvidu Saturday, 10 October 2020 02:06 PM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3231 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site