අනීෂා මානගේ
ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇතැයි හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අගමැතිවාරයාගේ උපන්දින තෑග්ග ලෙස තෙල් මිල වැඩි කර ඇති බව ද රාජපක්ෂ මහතා කියයි.
නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසූවේ අද(26) සවස තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
‘නගර සභාවේ බහුතර ඡන්දයත් අපි දිනලා. හැබැයි නගරාධිපති තෝරන්නේ ටොස් එකෙන්. කාසියේ වාසියෙන් තමයි නගරාධිපති තෝරන්නේ. ටොස් එකෙන් අපි පැරදුණා. ජනතාවගේ බහුතර කැමැත්ත තියෙන්නේ පොදුජන පෙරමුණට. මේ යහපාලන ආණ්ඩුවෙන් අසීමිත ප්‍රජාතන්ත්‍රවාදය කියලා ලැයිස්තු ක්‍රමයක් හදුන්වල දුන්නනේ. සියයට හතලිහක් ලැයිස්තුවෙන් දෙනවා කිව්වා. අන්තිමට මොකද වුණේ, එක සභාවක් වත් පිහිටුවාගන්න බැහැ. පිහිටගන්න පුළුවන් බහුතරයක් සභා දැන් ටොස් වලින් පිහිටුවන්නේ. ස මහර සභා අපිට ආරංචියි දැන් ආප්ප න්‍යායත් ක්‍රියාත්මක කරලා.
අද රටේ මිනීමැරුම් වැඩිවෙලා. අදත් උදේ මම දැක්කා ගෙදරකට වෙඩි තියලා. ඇමැතිවරයකුගේ පුද්ගලික ලේකම්. මේ එක්සත් ජාතික පක්ෂයේ. රාජපක්ෂලා හොරු,මිනීමරුවෝ කියල කෑ ගහපු අය ගෙවල් වලට වෙඩි තියලා යනවා. එදා කළා නම් කොහොමද? මේකට අහුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. හැප්පිලා මැරුණු තඩුජීන්වත් ඝාතනය කළා කිව්වනේ. එහෙම ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ගේ ගෙවල් වලට ඇවිත් වෙඩි තියල යනවා. ආණ්ඩුවට හයියක් නැහැ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා දෙන්න. ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ට හැකියාවක් නැහැ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න.
රටේ අගමැතිතුමාගේ උපන්දින තෑග්ගට පෙට්‍රල් මිළ රුපියල් නවයකින් වැඩිකළා. අද පැහැදිලියි ආණ්ඩුවට ආර්ථිකය හසුරුවාගන්න බැහැ. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කර දෙන්න බැහැ. දැන් තව ටික දවසක් ගියාම අපේ ගම්වල ඉන්න අම්මලා තාත්තලා හැරමිටියෙන් ගහනවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට. ‘ යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
තෙල් මිල වැඩි කළේ අගමැතිගේ උපන්දින තෑග්ගට - නාමල් රාජපක්ෂ
සමන්ත Monday, 26 March 2018 02:32 PM
කොහොමද ඒක ..?
gunarathnaTuesday, 27 March 2018 01:46 AM
ඒක නෙමෙයි මේක..
Chanak Los angeles Tuesday, 27 March 2018 02:29 AM
මොවුන් කල වැරදි ලියන්න ගියොත් කල්පයකුත් මදි වෙනවා .. තජුදීන් හැප්පිලා මරුන නිසා වෙන්න ඇති අධිකරණ දොස්තර තජුදීන්ගේ ශරීර කොටස් අතුරුදන් කර නීතියෙන් වැරදි කරුවෙකු වුනේ ?ලංකාවේ දේසපාලකයාට හා බලවතාට නීතිය හිල් කුඩයක් කියලා අපි දන්නවා නමුත් කර්මය විසින් දඬුවම එවන්නේ ගොනා පසුපස එන කරත්තේ වගෙයි එම දඬුවම නීතියෙන් ලැබෙන දඬුවමට වඩා බරපතලයි ....
Chandra Tuesday, 27 March 2018 07:27 AM
වැරදි කර කර බොරු වීරෝයෝ වෙන්න බැහැ. ඒක මේ ලෝකයට අකැප දෙයක් , ඉපදුනු පොලවට අකැප දෙයක්. ස්වාබාදහමට එරිහිව අපිට ගමන් කරන්නත් බැහැ.
shan saudi Thursday, 29 March 2018 07:11 AM
එතකොට වසර ගණනාවක් 117 පෙට්‍රල් ලීටරය 167 ගැනේ වික්කේ මුගේ අම්මගේ උපන්දිනේට තෑගි ගන්න සල්ලි හොයන්න වෙන්න ඇති ඒ ගත්ත මුදල් වලින් ජනතාවට මොනවද කලේ එක ඔකොටම කලින් කියපන් ජනතාවට......................
Kumar Saturday, 31 March 2018 03:43 AM
මොන මෝඩ කතාවක්ද? අපි ඉන්න ඇමෙරිකාවේත් පැට්‍රල් මිල ඉහළ ගිහින්... නාමල්ගේ බාප්පාගෙන් අහල බලන්නකෝ...
saththaya Saturday, 31 March 2018 05:04 PM
අය්යෝ කව්රුත් දන්නේ නැහැ ඇයි ඉන්ධන මිල ඉහල දාන්නේ කියලා.?