IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


තවත් යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ දෙන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

“යුද්ධය නිසා තම පරපුරේ අනාගතය නැති වූ ආකාරයට තවත් එවැනි යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ නොදෙන බව” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (11) කොළඹදී පැවැසීය.

“ජාතිවාදීන් කිහිප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට සමස්ත ලෝකයෙන්ම දොස් අසන්න සිදුවී ඇති බව කී අග්‍රාමාත්‍යවරයා සිද්ධිවලට වැරදිකරුවන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇතැයි”ද ප්‍රකාශ කළේය.

වැල්ලම්පිටිය, සේදවත්ත, වෙහෙරගොඩ පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත නව භික්ෂු නේවාසිකාගාරය සඳහා මුල්ගල් තැබීම සහ රන්වැට ස්ථාපිත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“සේදවත්ත පුරාණ විහාරයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත රන්වැටේ වැඩ අද දින ආරම්භ කළා. අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ විහාරස්ථානය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. 

පසුගිය දශකය තුළ උන්වහන්සේ ක්‍රමානුකූලව විහාරස්ථානය දියුණුව කරා ගෙනැවිත් තිබෙනවා. ඒ සංවර්ධන වැඩ කටයුතු සහ බුද්ධ ශාසනය වෙනුවෙනුත් උන්වහන්සේ කරන සේවයට මා ස්තූතිය පළ කරනවා. සේදවත්ත ප්‍රදේශයට අංගසම්පූර්ණ විහාරස්ථානයක් ලැබී තිබෙන්නේ උන්වහන්සේගේ උත්සාහය මතයි. 

ඕලන්ද පාලන සමයේ තිබූ සේදවත්තක් ගනිමින් පදිංචි වූ බෞද්ධ පවුල්වල අවශ්‍යතාව මත පළමුවෙන්ම විහාරස්ථානය ආරම්භ වුණා. නමුත් වර්තමානයේදී මේ ප්‍රදේශයේ තත්ත්වය වෙනස් වෙලා. දැන් විවිධ ජනවර්ග ප්‍රදේශයේ ජීවත් වෙනවා. 

කොළඹ නගරය ක්‍රමයෙන් දියුණු වනවිට සිංහල පමණක් නොව වෙනත් ජාතීන්ද ප්‍රදේශයේ පදිංචි වීම ඉහළ ගියා. විහාරස්ථානය නිසා ප්‍රදේශයේ සියලුම ජාතීන්ට විශාල සහයෝගය, රැකවරණය ලැබිලා. එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ ආධ්‍යාත්මික වර්ධනය ඇති කරන මධ්‍යස්ථානයක් ලෙස සේදවත්ත පුරාණ විහාරය හැඳින්විය හැකියි.  බි්‍රතාන්‍ය යුගය තුළ තිබූ ඉපැරැණි ගෘහ නිර්මාණ ශිල්පයත් සේදවත්ත පුරාණ විහාරයෙන් හමුවෙනවා. 

ජනගහනය වැඩි වන මෙවැනි ප්‍රදේශවලට ආධ්‍යාත්මික සංවර්ධනය ඇති කරන ආගමික මධ්‍යස්ථානවල අවශ්‍යතාව වැඩි වශයෙන් ඇති වී තිබෙනවා. ආගමික ස්ථාන දියුණු කිරීමට රජය ලෙස මා ආධාර උපකාර කරන්නේ ඒ නිසයි. 

මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධව කරුණු සොයා බැලීමට මා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඒ ප්‍රදේශවල හානියට පත්ව තිබෙන ස්ථානවල සංඝයා වහන්සේ, මුස්ලිම් ආගමික පූජකවරුන්, සිවිල් වැසියන් බොහෝ දෙනා එක් රැස්ව සිටිනු මා දැක්කා. සංඝයා වහන්සේලා පැමිණ තිබෙන්නේ ඇති වූ විනාශයෙන් පසු නැවත ජාතීන් අතර සාමය ඇති කිරීමට බව ඒ පිළිබඳ විමසීමේදී මට දැන ගැනීමට හැකි වුණා.

සියලුම ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා ජනතාව එක්රැස් කරමින් විශාල උත්සාහයක් ගෙන තිබූ බව අකුරණ ප්‍රදේශයට ගිය අවස්ථාවේත් මට දැකගන්න හැකි වුණා. අම්පාරේදී ඇති වූ ගැටලුකාරී අවස්ථාවේදීත් සංඝයා වහන්සේලා සහ කතෝලික පූජකතුමන්ලා පහරදීමට ලක්වූ මුස්ලිම් ආගමික ස්ථාන වෙත ගොස් නැවතත් සමගිය ඇති කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා. පැවැති අර්බුදකාරී අවස්ථාවේදී සාමය ඇති කිරීමට සංඝරත්නයෙන් වූ සේවය අගය කළ යුතුයි. 

නමුත් ස්වල්ප දෙනෙකුගේ විනාශකාරී ක්‍රියා හේතුවෙන් සමස්ත ලෝකයෙන්ම චෝදනාවට ලක්වී සිටින්නේ සිංහල ජාතියයි. මේ සිදුවීම හරහා අප ලෝකයේ වෙනත් රටවල් සමඟ සංසන්දනය කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ වගේම මෙය දකුණු ආසියාවේ ජීවත් වන අනෙකුත් බෞද්ධ ජනතාවටත් බලපානවා. 

මැදපෙරදිග, ඉතාලිය ආදී රටවල ජීවත් වන පුද්ගලයන් මෙහි වන්නේ කුමක්දැයි මගෙන් විමසනවා. මෙම විනාශකාරී ක්‍රියාව පිළිබඳ පණිවුඩය ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිරී ගියා.

ගැටලුව ආරම්භ වුණේ එක් සිංහල රියදුරෙකුට බීමත්ව සිටි මුස්ලිම් තරුණයන් කිහිප දෙනෙකු පහරදීම නිසයි. සිදුවීමට අදාළ වරදකරුවන් වහාම නීතිය හමුවට ගෙන එන්නැයි මා පොලිසියට පැවසුවා. 

වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රියාවලිය ශීඝ්‍ර කළ යුතුයි. ඒ වගේම ගැටලුව ව්‍යාප්ත කිරීමට කටයුතු කළ පුද්ගලයන් සම්බන්ධයෙනුත් නීතිය ක්‍රියාත්මක කරනවා. 

 සිදුවීම මහනුවර ප්‍රදේශයට පමණක් සීමා වුණා. අර්බුදකාරී තත්ත්වය නුවරින් ආරම්භ වී රට පුරා පැතිරී යනු ඇතැයි බොහෝ දෙනා තුළ බියක් ඇතිව තිබුණා. එවැනි සැකයක් අප තුළත් ඇතිව තිබූ බව පැවසිය යුතුයි. නමුත් එවැනි තත්ත්වයක් ඇති වුණේ නැහැ. එය නවත්වා ගැනීමට අපට හැකි වුණා. ඒ සඳහා දායක වූ ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සියලු පාර්ශ්වයන්ට මා ස්තූතිවන්ත වනවා. 

රටේ බහුතරය වන සිංහල හා සුළුතර ජන කොටසක් වන මුස්ලිම් ජනතාව අතර ඇති වන විවිධ ගැටලු රට තුළ සාකච්ඡා වෙනවා. එය රහසක් නොවෙයි. ඒ සම්බන්ධයෙන් රට තුළ විවිධ මත පළ වනවා. 

සිංහල ජනතාව වෙනුවෙන් මා සමඟ වාද කරන පුද්ගලයකු අර්බුදයෙන් පසුව මට කතා කරමින් පැවසූවේ මෙවැනි අර්බුද සඳහා ප්‍රචණ්ඩත්වය ඇති කිරීම තමන් ද පිළිනොගන්නා බවයි. මේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් එක් මතයකට පැමිණිය යුතු බව ඔහුගේ අදහස වුණා. බොහෝ මුස්ලිම් ජාතිකයන්ගේ අදහස වූයේත් එයයි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව සාකච්ඡා මාර්ගයෙන් මේ සඳහා පිළිතුරු සොයා ගත යුතුයි. 

මේ ගැටලුව සම්බන්ධයෙන් සිංහල, බෞද්ධ, මුස්ලිම් ජනතාව අතර මේ වනවිට විවිධ සාකච්ඡා පවත්වනවා. ඒවා ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් කලබල නොකළ යුතුයි. කලබල, කෝලහාල හරහා විනාශ වන්නේ ශ්‍රී ලංකාවේ අනාගතයයි. 

යුද්ධය නිසා එදා රටේ තරුණයන්ගේ අනාගතය විනාශ වී ගිය ආකාරය අප දුටුවා. යුද්ධයෙන් පසුවත් වර්තමාන තරුණ පරම්පරාවේ අනාගතය විනාශ වීමට ඉඩදිය හැකිද? එසේ නැතිනම් ඉතා අපහසුවෙන් පසුගිය වසර තුන පුරා ගොඩනගා ගත් රටේ ආර්ථිකය සමඟ යහපත් අනාගතය වෙනුවෙන් ඉදිරියට යනවාද? මා මතුකරන කාරණය එයයි. 
ජාතීන් අතර ප්‍රශ්නය විවිධ ප්‍රදේශවල විවිධ ආකාරයෙන් දක්නට ලැබෙනවා.

නැගෙනහිර, කොළඹ, යාපනය ආදී විවිධ ප්‍රදේශවල ගැටලුව තිබෙනවා. නමුත් සිංහල, මුස්ලිම් හෝ ද්‍රවිඩ හෝ වේවා ඇති වී ඇති ගැටලු අප සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. ජාතීන් අතර ඇතිව තිබෙන ගැටලුවට සාකච්ඡාමය වශයෙන් අවසන් තීරණයක් ගැනීමට සුදුසුම කාලය මෙය බව මගේ හැඟීමයි. 

ඒ වගේම සමාජ මාධ්‍ය හරහා ස්වල්ප දෙනෙකු රටට විශාල හානියක් සිදු කළා. ෆේස්බුක් ආදී සමාජ ජාලා භාවිත කිරීම අපට ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එය තුළින් අන්තවාදයත්, ප්‍රචණ්ඩත්වයත් පැතිරවීම විශාල ප්‍රශ්නයයි.

මුස්ලිම් ආගමික ස්ථානවලට පහර දෙන්න, ගිනි තියන්න යයි සමාජ ජාල ඔස්සේ පැතිර යනු දුටුවා. එවැනි මතවාද ව්‍යාප්ත කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ. පළමුව ඇති වූ සිදුවීම පිළිබඳව ක්‍රියාත්මක වීම ප්‍රමාද වූ බවත් පිළිගන්නවා. නමුත් කළ යුත්තේ ඒ වෙනුවට ප්‍රචණ්ඩත්වය ඇති කිරීම නොව සිදුවීමට අදාළ පුද්ගලයන් සහ හේතුව සොයා ගැනීමයි. 

යුද්ධයෙන් පසුව 2015දී යහපාලනය උදෙසා ජනතාව අපට ඡන්දය දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙනුයි. ඒ වෙනස අපට සම්පූර්ණයෙන්ම දීමට නොහැකි වුවත් නීතිය හා සාමය ආරක්ෂා කරමින් ඇතිවී තිබෙන ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගමු” යැයි මා රටට පැවසීමට කැමැතියි. 

“රටේ තරුණ - තරුණියන් බලාපොරොත්තු වන සමාජ ආර්ථික වෙනස ඉදිරියට ගෙන යාමට මා බලාපොරොත්තු වෙනවා. මෙම ස්ථානයට පැමිණි ඔබ සියලු දෙනාට අවසන් වශයෙන් ස්තූති කරනවා” යයි රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවැසීය. 

සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියෝ මෙසේ පැවසූහ:-

“1860 වසරේ දොන් පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමාත් හෙලේනා විජයවර්ධන මැතිනියත් මේ පින්බිම සසුනට පූජා කළා. ඉන් පසුව සිට ඒ පරපුර විහාරය ගොඩ නැංවීමට කටයුතු කරනවා.

අගමැතිතුමා විහාරය ඉතා හොඳින් රැක බලාගන්නවා. එමෙන්ම කැලණි විහාරය, ගංගාරාමය, කොල්ලුපිටිය-වාලුකාරාමය ඇතුළු රට පුරා විහාරස්ථාන බොහොමයක් ගොඩනැගීමට විජයවර්ධන පවුල කටයුතු කරනවා.

අපේ නායකයන් අතුරින් සැබෑ බෞද්ධයකුගේ ලක්ෂණ පවතින්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි. ආගමික ස්ථාන සංවර්ධනය සඳහා වැඩිම දායකත්වයක් දුන්නේ එතුමායි.”

එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා :-
“අඹන්වල ඥානාලෝක හිමියන් ගම්දනව්වල වෙහෙර විහාර සංවර්ධනය සඳහා මහා මෙහෙවර කරනවා. ගම්මානවල පන්සල් 8000කට පමණ මූලික පහසුකම් නැති බව මා සමීක්ෂණය කර තිබෙනවා. බුදු සසුන රැකගැනීමට නම් පළමුවෙන්ම කළ යුත්තේ පන්සල්වල භික්ෂූන් වහන්සේලා රඳවා ගැනීමයි. වර්තමානයේදී අගමැතිතුමා කරන්නේත් ඒ කාර්යභාරයයි. හැබැයි එතුමාට මාර්කටින් තේරෙන්නේ නැහැ. 

වෙනත් දේශපාලකයන් මෙවැනි පන්සල් ගොඩනැංවීමේ කාර්යභාරය කළා නම් එය වෙළෙඳ වැඩසටහන බවට පත්කර ගන්නවා.”

උත්සවය සඳහා පැල්පොළ විපස්සි හිමි ප්‍රමුඛ මහා සංඝරත්නයද දයා ගමගේ, අනෝමා ගමගේ, දුනේෂ් ගන්කන්ද, දොස්තර කාවින්ද ජයවර්ධන, රවී කරුණානායක යන මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 



අදහස් (2)

තවත් යුද්ධයකින් අනාගත පරපුරේ හෙට දවස අහිමි කිරීමට ඉඩ දෙන්නේ නෑ

lalith Wednesday, 14 March 2018 11:26 PM

නරියත් එක වතාවක් කහම්බිලිය ගෑවිලා වුනු දේ මතක් වෙනකොට කහම්බිලිය ගස් ගැන කතාකරනකොටත් වෙවුලනවලු ?

:       0       6

Rathna Sunday, 18 March 2018 04:39 AM

බොහෝ දෙනෙක් ටික කාලයකට රවටපු එක ඉක්මනට ගෙවීගෙන යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4998 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1958 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 863 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site