IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


දකුණේ ඉඳලා උතුරට අධිවේගයක් හදන්න අපිම එන්න ඕනෑ

(අමරදාස සිල්වා)

දකුණේ සිට උතුරට අධිවේගී මාර්ග පද්ධතියක් ඇති කළහොත් එය රටේ දියුණුවට ඉමහත් සේවයක් වන බව ගංගාරාම විහාරාධිපති අපේ ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් මෙහිදී පවසා සිටියා. ඒ වගේ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරවන්න නම් නැවත වරක් අපම බලයට එන්න ඕනෑ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ  කළේ අග්‍රාමාත්‍ය කාර්යාලය හා ගංගාරාමය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි ජාතික වෙසක් මහෝත්සවය ආලෝකවත් කිරීම නිමිත්තෙන් එහි සීමා මාලකයේ ඊයේ (1) පැවැති උත්සවයකදී ය.
එහි ප්‍රධාන දායකත්වය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ප්‍රධාන එහි නිලධාරීන් පිරිස විසින් උසුලනු ලැබුහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ විහාරස්ථ දායක පිරිස එහිදී ආගමිත වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති, අමාත්‍ය පියසේන ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගිත්වයෙන් හිටපු ජනාධිපතිවරයා අතින් වෙසක් මහෝත්සවය ආලෝකවත් කෙරිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

ගංගාරාම විහාරයේ ඉතිහාසය, බුද්ධ රශ්මි ජාතික වෙසක් මහෝත්සවයේ ඉතිහාසය, දේශපාලන ඉතිහාසය ආදී කරුණු විශාල ප්‍රමාණයක ඉතිහාසය පිළිබඳව ගල්බොඩ ඤාණිස්සර නාහිමියන් මෙහිදී ඉතා දීර්ඝ අනුශාසනාවක් කළ නිසා මට කියන්නට කිසිම දෙයක් ඉතිරිවෙලා නැහැ කියලයි මා හිතන්නේ.

දකුණේ සිට අම්පාර, අක්කරපත්තුව හරහා උතුරට අධිවේගී මාර්ගයක් ඉදිකළහොත් එය රටේ දියුණුවට විශාල බලපෑමක් සිදුවන බව අපේ නායක හාමුදුරුවන් පැවසුවා. ඉතාම හොඳ අදහසක්. ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා මම ඉතා ගෞරවයෙන් පිළිගන්නා කෙනෙක්. හැබැයි ඉතින් ඒ වගේ සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට නම් නැවත වරක් අපම බලයට එන්නට ඕනෑ.

ඔබ වහන්සේ එදා සිටම අපට අවවාද අනුශාසනා කළා. ඒ සියල්ල සාර්ථක වූ බවත් ඉතා ගෞරවයෙන් සඳහන් කරන්න කැමතියි.

මගේ පාලන කාලයේදී ගංගාරාමයත් සමග එක්ව ආරම්භ කළ බුද්ධ රශ්මි ජාතික වෙසක් මහෝත්සවය ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්නට වාසනාව උදාවේවා කියා මා ප්‍රාර්ථනා කර සිටිනවා.

විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක හිමියෝ මෙසේ පැවැසූහ.

මෙවර බුද්ධ රශ්මි වෙසක් මහෝත්සවය ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන්. අද බුද්ධරශ්මි ජාතික වෙසක් මහෝත්සවයේ විදුලි ආලෝකය විවෘත කිරීම සඳහා අපගේ ආරාධනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිවීම අපට විශාල සතුටක්.

ඒ කාලේ බේරේ වැව හා ඒ ආශ්‍රිත ප්‍රදේශය රාත්‍රී කාලයට ඉතාම අන්ධකාරයි. මේ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මා සමග කියා සිටියා. වෙසක් උත්සවයට මේ පළාත ඒකාලෝක කරන්න වැඩපිළිවෙළක් ආරම්භ කරමු කියා. එතුමාගේ මේ යෝජනාවට අනුවයි අග්‍රාමාත්‍ය කාර්යාලය හා හුණුපිටිය ගංගාරාමය එක්ව බුද්ධ රශ්මි ජාතික වෙසක් මහෝත්සවය ආරම්භ කෙරුණේ.

මෙවර මේ වෙසක් උත්සවය යෙදී තිබෙන්නේ අප්‍රේල් මාසේ යෙදුණු පෝය සහ මැයි මාසෙ පළමු දිනවල.
මැයි පළමුවැනිදා කියනකොට අපට සිහිපත් වෙන්නේ මැයි පළමු දා දිනයක හදිසි අනතුරකින් අභාවයට පත් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා. එතුමා මෙරටට කළ සේවයත් අපි අමතක කළ යුතු නැහැ.

රණසිංහ ප්‍රේමදාස මහතා බලයට පත්වූදා සිටම එතුමාගේ කාර්යභාරයන් විවිධ ආර්ථික දුෂ්කරතා පැමිණියත් ඒ සියල්ලම විප්ලවයක් මගින් ජයගත් බව අපට කිව හැකියි.

එතුමා දුප්පත් ජනතාව නගා සිටුවීම සඳහා ජනසවිය ආරම්භ කළ බව මට මෙහිදී සිහිපත් වෙනවා.

එයට ප්‍රථම වරට දායක වූයේ ගංගාරාම විහාරස්ථානයේ දායක මහත්වරු බව මට තවමත් මතකයි. කුමන රජයක් බලයට පත්වුණත් බදු ගැසීම කරනවා. මෙයින් වැඩි වශයෙන් බදු ගෙවන්නේ මේ රටේ දුප්පතුන්. හොර මගඩි වලින් ආදායම් ලබන අයගෙන් බදු ගැනීම කිසිසේත්ම සිදුවෙන්නේ නැහැ. මෙය එදත් අදත් සිදුවන දෙයක්.
විශාල වශයෙන් හොර මගඩි සිද්ධ වුණේ දකුණු ඉන්දියාවට හා ලංකාවේ උතුර අතර ඔය අතරේ උතුරේ ඇතිවුණ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ඒ හොර මගඩිකාරයන්ට ආශිර්වාදයක් වූ බවත් අප අමතක කළ යුතු නැහැ.

ජනතාව බුල්ඩෝසර් වලින් යට කරලා මරපු චීනය අද ලෝකයේ මහා බලසම්පන්න රටක් බවට පත්වෙලා. ඒක බෞද්ධ රටක්. අපට ඉතා සමීප රටක්. නමුත් අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්නට රාජ්‍ය නොවන සංවිධාන ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙන බව රහසක් නොවෙයි. මේ එන්.ජී.ඕ. කාරයෝ ලංකාවේ දුෂ්කර පළාත්වල ජනතාවගේ ණය මුදල් ගෙවීමට තරම් ජනතාවට සමීප වෙලා. මෙන්න මේ මගින් තමයි අප පංචශීලය ආරක්ෂා කරන සමාජය විනාශයට පත් කිරීමට උත්සාහ ගනිමින් සිටින්නේ.

ඉන්පසුව මෙරට තර්ජනයක් වු ජේ.වී.පී, කැරැල්ලෙන් පසුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයක් පැමිණියා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විනාශයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාට අප ස්තුතිය පළ කිරීමට මැලිවන්නේ නැහැ.
මේ ත්‍රස්තවාදය ඇතිවූ කාලයේ ඒවාට උදව් කළ රටවලට තානාපතිවරුන්ටත් මා කියා සිටියා අප රටට කරන උදව් විනාශය බලාපොරොත්තුවෙන් නොකරන හැටියට.

මේ රට දියුණු කිරීමට අපට අවශ්‍යයි. මම කියන්නේ පළිගැනීම වහාම නතර කළ යුතුයි. එෆ්.සී.අයි.ඩී. සහ සී.අයි.ඩී. වහාම විසුරුවා හැරිය යුතුයි. ඉන්පසුව කිසිම බේදයකින් තොරව සිංහල, දෙමළ හා මුස්ලිම් සියලු දේශපාලන පක්ෂ ඉතා සමගියෙන් රාජ්‍ය පාලනයක් බාරගෙන නිසි වැඩපිළිවෙළක් ඇතිව මෙරට පාලනය කළහොත් ඉතාම කෙටි කාලයකින් මේ රටට සෞභාග්‍ය උදාකරගත හැකියයි මා විශ්වාස කරනවා.

වෙසක් කියන්නේ තරගයක් නොවෙයි. බුදුන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය මැදි පිළිවෙත ආදර්ශයට ගෙන දෙන උත්සවයක්. මේ ආදර්ශය ජනතාවට ලබාදෙන්නේ ශ්‍රී පාදස්ථානය පාලනය කළ පන්සලක වැඩ වසන භික්ෂුවක් හැටියටයි.

අපට අනාගතය පෙනෙනවා. ඒ දර්ශනය නිවැරදියි. මා විශ්වාස කරනවා දකුණේ සිට උතුරට අධිවේගී මාර්ගයක් ඉදි කළහොත් ජනතාවට සෑම අතින්ම ප්‍රයෝජනවත් වේවි කියා. එය රටේ දියුණුවට විශාල ප්‍රයෝජනයක් වේ යැයි මා කල්පනා කරනවා.

මෙම අවස්ථාවට විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ද මහා සංඝරත්නය සහ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක්  සහභාගි වූහ.



අදහස් (4)

දකුණේ ඉඳලා උතුරට අධිවේගයක් හදන්න අපිම එන්න ඕනෑ

Chanak Los angeles Wednesday, 02 May 2018 06:34 AM

කොහොමද දුෂකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනකොට ඒක පලිගැනීමක් වෙන්නේ ?

:       9       106

Nimal Wednesday, 02 May 2018 11:08 AM

ජනතාවට කෙසේවෙතත් ඔයාලට නම් බොහොම ප්‍රයෝජනයක් වෙයි... ඩුබායි බැංකු ගිණුම්වලට...

:       27       194

shan saudi Monday, 14 May 2018 07:51 AM

මෙයා කතා කරන්නේ කටින්ද නැත්නම් වෙන කොහෙන්ද? මේ අය හදපු එක දැන් නැහැ කියනවා.

:       0       0

enama Tuesday, 15 May 2018 08:02 AM

ඒ විතරක් නොවේ.......... පාරවල් හදනකොට කුට්ටි පිටින් ගැහිලි , සුදු වාහන වලින් ඉස්සිලි , ඇමති වරුන්ට ඕන තරම් හොරකම් කරන්න පුළුවන්, කිවෙනම් එකත් රට , දෙකත් රට, තුනත් රට කෙරුවේ සිය පුවුලට සහ හොරු රැළට ........ වටේ හිටපු අය තමයි කාලා දැම්මේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5331 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 617 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1976 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3656 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 139 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 930 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site