IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


දේශපාලකයන්ගේ-රාජ්‍ය නිලධාරීන්ගේ විනය පිරිහිලා

(සුජිත් හේවාජුලිගේ)

දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු සෑම අංශයකම විනය පිරිහී ඇති බවත්, රටේ බොහෝ ප්‍රශ්න මතුවී ඇත්තේ විනය පිරිහීම නිසා බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ලෝකයේ බොහෝ දියුණු රටවල් ඉහළට ගොස් ඇත්තේ විශිෂ්ට වූ විනය නිසා බව කී ජනාධිපතිවරයා, රටේ ප්‍රශ්න අභියෝග බොහොමයකට බෞද්ධ දර්ශනයෙන් විසඳුම් ගත හැකි බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  පැවැති ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක ධුරයට පත්වුණු මාතලේ ධම්මකුසල මාහිමියන් වහන්සේට අක්තපත්‍ර පිරිනැමීමේ උත්සවයේ දී ය.

නාපාන පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියෝ මාතලේ ධම්මකුසල හිමියන්ට පිරිනැමෙන අනුනායක පදවියට අදාළ අක්තපත්‍රය පිරිනැමූහ.

ධම්මකුසල අනුනායක හිමියන්ට විජිනිපත පිරිනමනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
උන්වහන්සේට ප්‍රසාද තිළිණ පිරිනැමීමක් ද එහිදී සිදුවිය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

මේ වැදගත් උත්සවයට සහභාගිවීමට ලැබීම ගැන මා අතිශයින්ම සතුටු වෙනවා. මා දීර්ඝ කාලයක සිට මාතලේ ධම්මකුසල හිමියන් දැන හැඳින ගෙන සිටියා. බොහෝ බෞද්ධ කටයුතුවල දී උන්වහන්සේ මට මුණගැසුණා. ඒ සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ කාරුණික බවත්, සෙනෙහෙබර බවත් අප හොඳින් හඳුනාගත්තා. උන්වහන්සේ බෞද්ධ සමාජයට විශාල ශක්තියක්. ධර්මධර, විනයධර බහුශ්‍රැත ස්වාමීන් වහන්සේ නමක් විදියට උන්වහන්සේගේ චරිතයෙන් දෙන ආදර්ශය විශේෂයෙන් නව තරුණ භික්ෂු සමාජයට වැදගත් වෙනවා. අප බෞද්ධ රටක් විදියට අපට තියෙන මහා දායාදය තමයි බෞද්ධ දර්ශනය. ඈත අතීතයේ සිට උදම්ඇනිය හැකි තත්ත්වයක් ඇතිවුණේ අපේ රටේ තිබෙන බෞද්ධ දර්ශනය නිසයි. අපට එමගින් ලොකු ගෞරවයක් ලැබුණා. සමාජයේ විවිධ ප්‍රශ්න ගැටලු අභියෝගවලට බෞද්ධ දර්ශනයේ විසඳුම් තියෙනවා. කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමියන්ගේ අනුශාසනාවේ දී වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළා. භික්ෂු සමාජයේ වගකීම් හා යුතුකම් ගැන උන්වහන්සේ කතා කළා.

වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ දී 2015 දී ඒ මුල් මාස කිහිපයේ දී මේ සම්බන්ධයෙන් මූලික වැඩකොටස් රාශියක් ක්‍රියාත්මක කළා. ඇතැම් කරුණු සම්බන්ධයෙන් අණ පනත්, යෝජනා අපි පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහෙත් ඒ එක්කම ඇතිවුණු භික්ෂුන් වහන්සේලාගේ විවිධ ප්‍රශ්න, ගැටලු, ඒ වගේම නිකායික වශයෙන් ඇතිවූ විවිධ අදහස් නිසා අපිට ඒ කරගෙන ආ වැඩකටයුතු තාවකාලිකව නවත්වන්න සිදුවුණා. ඔබවහන්සේලාගේ අනුශාසනා පරිදි නැවතත් අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කරන්න කැමතියි. බැණුම් අහන්න සිදුවුණත් කමක් නැහැ. අප රජයක් විදියට වැඩ කරන්නේ ඔබවහන්සේලාගේ මගපෙන්වීම් අනුවයි. ඒ නිසා භික්ෂු සමාජය ශක්තිමත් කිරීමට රජයක් විදියට අප කටයුතු කරනවා.

පසුගිය අවුරුද්දේ එක්සත් ජාතීන් නම් කළ ජාත්‍යන්තර වෙසක් උත්සවය ලංකාවේ පැවැත්වුවා. ජාත්‍යන්තර නායකයන් රැසක් ඊට සහභාගි වුණා. පසළොස්වක දිනයක දී බෞද්ධයන් විදියට අප ප්‍රමාණයකට සිල්වත් භාවයක් ඇති කර ගන්නවා. අද රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි විනය පිරිහීම. විනය පිළිබඳ ප්‍රශ්නය භික්ෂු සමාජයේ පමණක් නොවෙයි දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, සාමාන්‍ය පුරවැසියන් යනාදී සෑම කොටසකම විනය පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. රටේ බොහෝ ප්‍රශ්න ඇතිවී තිබෙන්නේ විනය පිරිහීම නිසයි. ලෝකයේ දියුණු රටවල තාක්ෂණයේ දියුණුව සමග විනයක් ද ඇතිවී තිබුණා. ඒ රටවල් දියුණු වුණේ ඒ නිසයි. මා මීට දින දෙකකට කලින් ඉරානයේ සංචාරය කළා. ඉරානය ජාත්‍යන්තරය හමුවේ මොන විදියේ අභියෝගයන්ට ලක්ව තිබුණත් ඒ රටේ සියලු දෙනා එක මතයක් තුළ එක වැඩපිළිවෙළක ඉන්නවා. ඒ නිසා ඒ රටේ ඉතා ඉහළ දියුණුවක් තියෙනවා. ඒ මුළු ජාතියම විනයක් ඇතිව වැඩ කරනවා. අපිට ඇතිවී තිබෙන සියලු ප්‍රශ්නවලටත් බෞද්ධ දර්ශනය තුළ විසඳුම් තියෙනවා.

කතානායක කරු ජයසූරිය මහතා:- 

අප කාගේත් ගෞරවයට පාත්‍ර වුණු හිමිනමක්. බහුශ්‍රැතභාවයෙන් සිල්වත්කමින් පිරිපුන් යතිවර නමක්. අප උන්වහන්සේ සමග ළඟින් කටයුතු කළා. සෑම ජාතියකම ගෞරවයට පාත්‍ර වුණු මේක ඉල්ලලා ගත්තු තනතුරක් නොවෙයි. භික්ෂුන් වහන්සේලා ඒකච්ඡන්දයෙන් තෝරා පත් කර ගත්තා. මහා සංඝයා ඉදිරියට ඇවිත් රටේ විනයක් ඇති කළ යුතුයි. රටේ සෑම අංශයකම විනය පිරිහිලා තියෙනවා. ඒ ගැන අප කනගාටු වෙනවා. විනයක් තියෙනවා නම් මේ රටට උසාවි, පොලිසි අවශ්‍ය නැහැ.

වැඩ වර්ජන නිසා අසරණ රෝගීන් මියයන අවස්ථා අප දැකලා තියෙනවා. මිනිස්කම අපේ හදවතට ආවොත් මේක වෙනස් කරන්න පුළුවන්. කොටුගොඩ හිමියන් කියපු කරුණු ඉතා වැදගත්.

අප එදා කතිකාවක් ලියාපදිංචි කරන්න කටයුතු කළා. වෙහෙර දේවාලගම් පනත ගෙනාවා. ඔලුබක්කෝ ප්‍රදර්ශනය නැවැත්තුවා. නඩු ඇසීම, දඬුවම් කිරීම සංඝ සභාව කළ යුතුයි. ගිහියන් ඒ කටයුතුවලට අත ගහන්න අවශ්‍ය නැහැ. එක නිකායක කතිකාවතක් වසර 75ක් පරණයි. තවත් එකක 50ක් පරණයි. නීතිගත වෙන්නේ නැති නම් මේවායේ කිසිම නීතිමය බලයක් නැහැ. අද තියෙන ප්‍රශ්නය ඒ නීතිය මහා නායක හිමිවරුන්ට නොදෙන එක.

අටපිරිකරවලත් ප්‍රශ්න තිබුණා. සමහර ඒවායේ යකඩ, ගෝනි වගේ දේවලුත් තිබුණා. අපි ඒ දේවල් නැවැත්තුවා. කතිකාවල් ගෙන එද්දී සමාජයේ කොටසක් විරුද්ධ වුණා.

නාපානේ පෙමසිරි රාමඤ්ඤ නිකායේ මහ නායක හිමියෝ:

ධම්මකුසල හිමියන්ගේ ජීවිතය අප කාටත් ආදර්ශයක්. විශේෂයෙන්ම අපේ දරු පරපුරට උන්වහන්සේගෙන් උගෙන ගත හැකි පාඩම් බොහොමයි. ශාසනය වෙනුවෙන් උන්වහන්සේ විශාල සේවයක් කළා. ශාස්ත්‍රීය ලෝකයටත් ලොකු වැඩකොටසක් කළ හිමිනමක්.

කොටුගොඩ ධම්මාවාස අමරපුර මහ සංඝ සභාවේ මහ නායක හිමියෝ:-

සිල්වත් ගුණවත් හිමිනමක්. ශාසනය රැකෙන්නේ මේ වගේ භික්ෂුන් නිසයි. සංඝ සමාජය අද ප්‍රපාතයට වැටීගෙන යන බව පේනවා. වැරැදි වැඩ කරන භික්ෂුන් ගැන අපි දෙන යම් යම් තීරණ උන්වහන්සේලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා සංඝ කතිකාවතක් අවශ්‍යයි. දැනටමත් ඒ සඳහා ප්‍රමාද වැඩියි. 56 ඉඳලම අප මේ ගැන කතා කළා. නමුත් වැඩක් වුණේ නැහැ. අප යහපත් සැලසුමක් ක්‍රියාත්මක කරමු.

දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමි:

මාතලේ ධම්මකුසල හිමි මේ සංඝ සභාවට ලොකු කාර්යභාරයක් කළ හිමිනමක්. සුපේෂල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක්. කරුණාබර ජීවිතයක් ගත කරන හිමිනමක්. හොඳ ගුරුවරයෙක්. අභිනව නාහිමියන්ට දළදා සමිඳුන්ගේ, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේවා.

මාතලේ ධම්මකුසල රාමඤ්ඤ මහ නිකායේ අභිනව අනුනායක හිමියෝ:-

ශාසනයේ ප්‍රශ්න විසඳන්න ගිහි නායකයන් කටයුතු  කළා. අප ඉවසිලිවන්ත වුණොත් යමක් කළ හැකියි. ඒ එකමුතු වුණොත් කළ නොහැකි දෙයක් නැහැ. මට අද පටන් ලොකු වගකීමක් පැවරෙනවා. ඒ වගකීම ඉටු කිරීමට අධිෂ්ඨාන කර ගන්නවා.

ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක හිමියන් ඇතුළු නායක හිමිවරුන්, දේශපාලන නායකයන්, විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 



අදහස් (9)

දේශපාලකයන්ගේ-රාජ්‍ය නිලධාරීන්ගේ විනය පිරිහිලා

Raveendra Friday, 18 May 2018 06:21 AM

අපි අදනේ දන්නේ මෙසේ පිරිහිලා කියලා. අපි මෙතෙක් කල් සිතාගෙන හිටියේ ලෝකේ සිටින හොදම සහ අවංක, විනීත, නිහතමානි, ඔලුව ඉදිමිලා නැති, උද්දච්ච කම ගෑවිලාවත් නැති, පිරිසිදු , හීනෙන්වත් හොරකමක් ගැන නොසිතන සීලාචාර ටිකක් පිලිබදවනේ.

:       0       103

PerakumSunday, 20 May 2018 06:31 AM

ඇයි අනේ ඔච්චර දෙයක් දන්නේ නැද්ද...?

:       0       0

wimal Friday, 18 May 2018 09:47 AM

කොහෙද ඕක තිබුණේ?

:       0       11

Bamunuarachchi Friday, 18 May 2018 12:42 PM

පත්තරේ කියවලාද කොහේද?

:       0       7

PerakumSunday, 20 May 2018 06:34 AM

ලේකම්ට කියන්න මෙයාට අහුවෙන්න පත්තර තියන්න එපා කියල.

:       0       0

Nimal Friday, 18 May 2018 01:05 PM

අනේ මේ.. ඔයා දන්න ආර්ථික කළමනාකරණය.. අපි නොදන්නවායැ... ඔහේ රුපියල් 2500 කින් පවුලක් ජීවත්කරවන්න පුළුවන් කියපු කෙනානේ...

:       0       67

MO77 Friday, 18 May 2018 03:11 PM

බොහෝ බෞද්ධ රටවල් ආර්ථිකය අතින් බොහොම දුප්පත්...

:       0       5

Chanak Los angeles Saturday, 19 May 2018 12:30 AM

මොහු නවය පන්තියවත් සමත්ද කියා දැන්නම් සැකයක් මතුවෙනවා ???

:       41       0

Perakum Sunday, 20 May 2018 06:28 AM

ඒ කාලේ අට පාස් නම් ග්‍රාම සේවක වෙන්න පුළුවන්.

:       11       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5330 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 617 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1976 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3656 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 138 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 930 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site