(*** නාලක සංජීව දහනායක)
රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වියත්මග සංවිධානයේ වියතුන්ගෙන් පෙරේදා (13) ඉල්ලීමක් කළේය.
දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග සංවිධානය ඉදිරියේ තිබෙන බව ද ඔහු කීවේය.
ජනාධිපතිධුරයට පත්වීමෙන් පසුව වියත්මග සංවිධානයේ සභාපතිවරයා ලෙස ඇතුල්කෝට්ටේ පිහිටි වියත්මඟ කාර්යාලයට පෙරේදා (13) පළමුවරට පැමිණි අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
වියත්මග සංවිධානය විවිධ ක්‍ෂේත්‍ර ඇතුළත් පුළුල් පරාසයක විහිදුණු, උගතුන්ගෙන් බුද්ධිමතුන්ගෙන් සහ ව්‍යවසායකයන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේ වියත්මඟ සංවිධානයට ප්‍රාදේශීය මට්ටමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායකවීමට හැකියාව තිබෙන බවය.
ග්‍රාමීය, නාගරික ඇතුළු සියලු ජනකොටස් ආර්ථික සහ සමාජීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යංශ ස්ථාපනය කර තිබෙන බවකී ජනාධිපතිවරයා එකී අරමුණ ජයගැනීමට දායක විය හැකි ආකාරය පිළිබඳව වියත්මඟ සංවිධානයේ විධායක සභාවට පෙන්වා දුන්නේය.
උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මඟ පෙන්වීමටත් අමාත්‍යවරයා හමුවේ තිබෙන අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහය වීමටත් හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.
සියලු සංවර්ධන ක්‍රියාදාමයන් පරිසරය ආරක්‍ෂාවන අයුරින් කරගෙන යාමට සියල්ලන්ම වගබලාගත යුතු බව ද ඔහු කීවේය.
විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කෙරෙන පරිදි නව සාමාජිකයන් බඳවා ගැනීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්ම මහත්මීන්ද, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දේශපාලන වැඩවලට හවුල්නොවී රජයේ ඉදිරිගමනට සහායවන්න