(විනීතා එම් ගමගේ)
රටේ පවතින ප‍්‍රධානම ප‍්‍රශ්නය වන වංචාව,දූෂණය හා නාස්තිය නැති කරන්නට කතා කරන්නේ මහා පරිමාණ දූෂණවලට වගකිව යුතු දූෂීතයන් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කරයි.
වංචාව, දූෂණය නැවැත්වීමේ අයිතිය තමන් අතට ගන්නට මේ දූෂීතයින් උත්සාහ කිරිමෙන් ජනතාව තුළ තිබෙන දූෂණයට එරෙහි මානසිකත්වය අවුල් වන බව ද ලේකම්වරයා පවසයි.
ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (15) පැවැති පක්ෂයේ මාධ්‍ය හමුවේ දීය.
‘‘මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අඩක් පමණ අවසන් වී තිබෙනවා. මෙවර මැතිවරණය විශේෂ සලකුණක් තියපු මැතිවරණයක්. මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ අලූත් ක‍්‍රමයකටයි. එනිසා මෙවර මැතිවරණය අලූත් අත්හදා බැලීමක්. මහා දැවැන්ත තරගය, ගැටුම් අඩුවෙලා තිබෙනවා. කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වෙන නිසා තරගය කොට්ඨාසයට සීමා වෙලා. තරගකාරිත්වය, ගැටුම අඩුවෙලා.
මැතිවරණ තේමා පාඨයන් අතර වංචාවට, දූෂණයට එරෙහි සටන උඩට ඇවිත් තිබෙනවා. මීට පෙර ප‍්‍රතිපත්ති සහ වෙනත් තේමා පාඨයන් කතාබහට ලක්වුණත් මෙවර මුලට ඇවිත් තිබෙන්නේ වංචාවට, දූෂණයට එරෙහි සටන් පාඨයයි. එයට හේතුව අපේ රටේ පළාත් පාලන ආයතන සියල්ල වංචාවෙන්, දූෂණයෙන්, හොරකමෙන් පිරී තිබීමයි.
අනෙකුත් පක්‍ෂවල අපේක්‍ෂකයින් මන්තී‍්‍රධුරය ලබා ගන්නේම වංචා, දූෂණ කිරීමටයි. ඔවුන්ට මන්තී‍්‍රධුරය හොරකම් කරන්න බලපත‍්‍රයක් වී තිබෙනවා. මීට පෙර හිටපු උප සභාපතිලා, සභාපතිලා, විශාල ප‍්‍රමාණයක් නීති විරෝධී කටයුතු කර තිබෙනවා. දැනුත් කරමින් සිටිනවා. පහුගිය දවසක වාර්තා වුණා, හිටපු උප සභාපතිවරයෙක් බුරුත ගස් කපලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා කියලා. තවත් අපේක්‍ෂකයෙක් ගංජා කිලෝ 32ක් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තව කෙනෙක් කසිප්පු පෙරලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා. මේ වගේ නීති විරෝධී වැඩ පහසු කරගන්න තමයි මේ අය මන්තී‍්‍රකමට තරග කරන්නේ. වංචාවට, දූෂණයට හවුල් වෙන්න මන්තී‍්‍රකම අරගන්න පොරකනවා. මේ තත්වය නිසාම වංචාවට, දූෂණයට එරෙහි ජනතාවගේ හඬ වැඩිවෙලා තිබෙනවා.’’ යැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
දූෂණය නැති කරන්න කතා කරන්නේ දූෂිතයන්මයි - ටිල්වින්
Sanath Monday, 15 January 2018 07:32 PM
මෙවර ජ.වි.පෙ. සැලකිය යුතු ජයග්‍රහණයක් ලබනවා. ඒක ස්ථීරයි.
Nimal Tuesday, 16 January 2018 10:31 AM
ජ.වී.පෙ. ට ජය පතනවා!
Chandra Thursday, 18 January 2018 10:33 AM
ඇත්ත , මේ අය අපායට යනකල් කරන්නේ ඔය ටික තමයි. දැන් ලංකාවේ දේශපාලනය කරපු අය පෝලිමේ ඉන්නවා අපායට ඇතුල් වෙන්න බැරුව............ඉඩ නැහැ...............ඔවුන්ගෙන් පිරිලා ............සල්ලි හොයල නිසා පගාව දීලා එතනින් බේරෙන්නයි හිතාගෙන ඉන්නේ .
Sathyayaa Wednesday, 24 January 2018 10:04 PM
ටිල්වින් සහෝදරයා අහල නැද්ද කැලේ ගහක් නසන්න කැලේ ගහක්ම ඕනේ කියල. අපේ පැරැන්නන් විෂ නැති කරන්න යොදා ගත්තෙත් විෂම තමයි. බලාගෙනයි බලයේ ඉන්න මිනිස්සු ඕගොල්ලන්ව "විෂ" හැටියට යොදා ගන්න ඉඩ තියෙනවා.