IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


නගර සභා දිනන්න බැරිවෙයි කියන බයට ආණ්ඩුව පළාත් සභා ඡන්ද කල් දානවා

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

”පුංචි ඡන්දයට කලින් පළාත් සභා ඡුන්දය තිබ්බොත් නගර සභා කීපයක්වත් දිනාගන්න තිබෙන ඉඩ නැතිවෙයි කියන බයට ආණ්ඩුව පළාත් සභා ඡන්දය කල්දමා නොවැම්බරයේ පළාත් පාලන මැතිවරණය කැඳවන්න සූදානම් වෙනවා” යැයි  පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (9) පැවැසීය.

ගම්මන්පිල මහතා මෙසේ පැවැසූයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද පැවැසීය.

”නව ව්‍යවස්ථාව සම්පාදක මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පටන් ගන්නේම ටොම් පචයකින්.  පළමු පිටුවේම කියනවා ඒකීය රාජ්‍යයේ ඉංග‍්‍රීසි යෙදුම වන ”යුනිටරි ස්ටේට්” ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිත කිරීම සුදුසු නොවේ කියලා. ඒකට හේතුව හැටියට දක්වන්නේ යුනිටරි ස්ටේට් එකක් හැටියට පැවැති එක්සත් රාජධානියෙන් උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට වෙන්ව යා හැකි තත්ත්වයක් වර්තමානය වනවිට පැවැතීමයි. මේක අමූලික බොරුවක්.

එක්සත් රාජධානියේ ඒකීය රාජ්‍යය ලංකාවටත් වඩා සවිමත්. ලංකාවේ පළාත් සභාවල බලතල ඉවත් කරන්න, ඒ වගේම පළාත් සභා අහෝසි කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක්  ඕනෑ.  නමුත් එක්සත් රාජධානියේ සරල බහුතරයෙන් ඒක කරන්න පුළුවන්. නමුත් එංගලන්ත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන්  ඕන නම් අයර්ලන්ත පාර්ලිමේන්තුව සම්මත කරන  ඕනම දෙයක් සංශෝධනය කරන්න විතරක් නෙමෙයි  ඕන නම් අයර්ලන්ත පාර්ලිමේන්තුව අහෝසි කරල දාන්නත් පුළුවන්. 1921 තමයි අයර්ලන්තය සඳහා මන්ත‍්‍රණ සභාවක් ලබාදුන්නේ. අයිආර්ඒ හෙවත් අයිරිෂ් ජනරජ හමුදාව අයර්ලන්තයට ස්වාධීනත්වය පතා සන්නද්ධ අරගලයක් පටන් ගත්තා. එයට ප‍්‍රතිචාරය වශයෙන් එක්සත් රාජධානිය 1974 දී සම්මත කළ උතුරු අයර්ලන්ත පනත මගින් එතෙක් උතුරු අයර්ලන්ත රාජ්‍ය සභාවට ලබා දී තිබුණු බලතල අහෝසි කර එකී බලතල මධ්‍යම ආණ්ඩුවට පවරාගත්තා. ඒ සඳහා අවශ්‍ය වූයේ එක්සත් රාජධානි පාර්ලිමේන්තුවේ සරල බහුතරයේ කැමැත්ත පමණි. ඒ වගේම එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව විසින් 2003, 2006, 2007, 2009 සහ 2014 වසරවල දී  පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් උතුරු අයර්ලන්තයට ලබා දී ඇති බලතල සංශෝධනය කළා. අපිට පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් පළාත් සභා අහෝසි කරන්න තබා බලතල සංශෝධනය කරන්නවත් බෑ. ඒ නිසා ලංකාවට වඩා එංගලන්ත ඒකීය රාජ්‍යය ශක්තිමත්.

එක්සත් රාජධානියේ සවිමත් ඒකීය රාජ්‍යයක් තිබෙන නිසා තමයි මේ ආණ්ඩුව යුනිටරි පදය ඉවත් කරන්න හදන්නේ. මොකද යුනිටරි කියන වචනය තිබුණොත් මේ අයගේ ෆෙඩරල් කුමන්ත‍්‍රණයට එය බාධාවක්. ඒ නිසා ඉතාම සූක්ෂම විදිහට පට්ටපල් බොරුවක් කියලා යුනිටරි පදය ඉවත්කර තිබෙනවා. දෙමළින් ඔට්රියච්චි කියන්නේ එක ආණ්ඩුවක් කියන එකයි. ජයම්පති වික‍්‍රමරත්න මහතා මෑතකදී රූපවාහිනී සංවාදයකදී ඒ බව පිළිගත්තා. ජයම්පති මහතාගෙන් ඒ වචනය ඉවත් කළේ මොකද කියලා ඇහුවාම එක ආණ්ඩුවක් කියන අදහස ඒකීය රාජ්‍යයට ගැලපෙන්නේ නෑ කියලයි.

එංගලන්තයේ ඉන්දියාවේ ඔස්ටේ‍්‍රලියාවේ විතරක් නොවේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයත් යුනිටරි පදය නිර්වචනය කරලා නඩු තීන්දු දී තිබෙනවා. ඒකීය රාජ්‍යයක් යනු එක රටක්. ෆෙඩරල් රටක් කියන්නේ එකම රටේ ආණ්ඩු ගොඩක්. ඒ නිසා අපට ”ඒකීය රාජ්‍යයක්” කියන යෙදුමටත් වඩා වැදගත් යුනිටරි කියන ඉංග‍්‍රීසි යෙදුම. මොකද ඒකීය රාජ්‍යය කියන එකේ සිංහල අරුත ගත්තොත් එක රටක් මිස එක ආණ්ඩුවක් නොවේ. ෆෙඩරල් රාජ්‍යයක එක රටක් තුළ ආණ්ඩු ගොඩක් තිබෙන්න පුළුවන්. 

යුනිටරි ස්ටේට් කියන යෙදුම පිළිබඳ ලෝකයම පිළිගත් නිර්වචනය ලබා දී තිබෙන්නේ කීර්තිමත් නීති විශාරදයකු වන ශ්‍රීමත් කෙනත් වෙයරේ. එයට අනුව රටේ සෑම ප‍්‍රදේශයකටම සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති පැනවීමේ බලය මධ්‍යම ආණ්ඩුවට තිබේ නම් එය ඒකීය රාජ්‍යයක්. ඒ නිසා ඒකීය රාජ්‍යය හැඳින්වීමට හොඳම දෙමළ වචනය වන ඔට්රියච්චි තිබිය දී ෆෙඩරල් අර්ථය දෙන ඔරුමිත්ත නාඩු භාවිත කර තිබෙන්නේ කුමන්ත‍්‍රණකාරී ලෙසයි. ෆෙඩරල් රාජ්‍යය කියන්නේ රටවල් බෙදන්න නෙවෙයි වෙන්ව තිබෙන රටවල් එක් කරන්න භාවිත කරන න්‍යායක්.

මේ විදිහට කුමන්ත‍්‍රණකාරී ලෙස නව ව්‍යවස්ථාවෙන් යුනිටරි යන්න හා දෙමළෙන් ඔට්රියච්චි යන්න ඉවත් කර ඔරුමින්තාඩු යන්න භාවිත කර තිබෙන්නේ ඒකීය රාජ්‍යය යනුවෙන් අදහස් කරන්නේ එක රටක් තුළ ආණ්ඩු ගොඩක් තිබෙන ෆෙඩරල් ව්‍යුහයමයි කියලා නිර්වචනයක් ඉදිරිපත් කරගන්න අනාගතයේ අවශ්‍යතාව පරිදි දක්වන්නට අවශ්‍ය ඉඩකඩ තබාගැනීමටයි.

ලෝකයේ පළමු ෆෙඩරල් රාජ්‍ය වන ස්විට්සර්ලන්තය වගේම  ඕස්ටේ‍්‍රලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බි‍්‍රතාන්‍යය, කැනඩාව, ස්පාඤ්ඤය, ජර්මනිය වැනි රාජ්‍ය ෆෙඩරල් රාජ්‍ය බවට පත්වුණේ විසිරී තිබෙන ස්වාධීන රාජ්‍යයන් ගණනාවක් සිය ආරක්ෂාව පතා එකට එකතුවීමෙන්. බටහිර බලවතුන් බලහත්කාරයෙන් කඩා බෙදා වෙන්කර ෆෙඩරල් රාජ්‍යය හදන්න උත්සාහ කරනවා.

ජයම්පති වික‍්‍රමරත්න මහතා කියනවා එහෙම කරන්න අපිට අදහසක් නෑ කියලා. නමුත් එතුමන්ට අමතක වෙලා ව්‍යවස්ථාව හදන අයටත් ව්‍යවස්ථාව නිර්වචනය කරන්න බෑ කියලා. එය නිර්වචනය කිරීමේ වගකීම ව්‍යවස්ථාවෙන්ම දීල තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. දැන් ජයම්පති වික‍්‍රමරත්න මැතිතුමා කතා කරන විට ජනතාවට හිතෙන්න පුළුවන් එතුමා කියන දේ හරි කියලා. මම කතා කරනවිට හිතෙන්නේ මම කියන දේ හරියි කියලා. දෙදෙනා එකම තැන සිට විවාද කළොත් තමයි කවුද ඇත්ත කියන්නේ කියන එක ජනතාවට සොයා ගන්න පුළුවන් වෙන්නේ. මේ රටේ ජනතාවට සත්‍යය දැන ගැනීමට ඇති අයිතියේ නාමයෙන් තොරතුරු දැනගැනීමේ පනත ගෙනා ආණ්ඩුවේ වගකීමක් විදහට පාළු ගෙයි වළං බිඳින්නේ නැතුව විවාදයකට එන්න කියා ජයම්පති මන්ත‍්‍රී තුමාට මම නැවත වතාවක් ආරාධනා කරනවා.

මල්වත්තේ මහානායක හාමුදුරුවන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා විශ්වාස නිසා නව ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් නෑ කියා ප‍්‍රකාශ කර තිබුණා. නමුත් බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයෙන් දේශනා කරනවා බුදු හාමුදුරුවෝ කියපු පමණින් වත් යමක් විශ්වාස කරන්න එපා, විමසා බලා තර්කයට, බුද්ධියට, යථාර්ථයට ගැලපේ නම් පමණක් විශ්වාස කරන්න කියලා.

අපේ මහානායක හාමුදුරුවන් ජනපති විශ්වාස කරලා ව්‍යවස්ථාව යෝජනාවෙන් බුදු දහමට හානියක් නැතැයි පැවැසුවත් ජනපතිතුමා නම් කියන්නේ මම නම් තවම  ඕක කියවලා නෑ කියලා. ඒ නිසා ජනපතිතුමාව විශ්වාස කළොත් අපේ මහානායක හිමියන් අමාරුවේ වැටෙන්න ඉඩ තිබෙනවා. අපි එහෙම කියන්නේ ඔබ වහන්සේගේ ගෞරවය රැක ගැනීම වෙනුවෙන් බෞද්ධයන් විදිහට අපට වගකීමක් තියෙන නිසා.

ජනපතිතුමා මේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට හානියක් වෙනවා ද කියා අහන්නේ කාගෙන් ද? ආගම රාජ්‍යයෙන් වෙන් කළ යුතුයි කියා විශ්වාස කරන වික‍්‍රමරත්න මන්ත‍්‍රීතුමාගෙන්. දී කිරට බළල්ලූ සාක්ෂි කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලට. ජයම්පති මන්ත‍්‍රීතුමා කියන්නේ එතුමාට වාමාංශිකයකු හැටියට ආගමික රාජ්‍යයන් සඳහා එකඟ වෙන්න බෑ කියා. නැතිනම් රාජ්‍යය ආගමෙන් වෙන්කර තැබිය යුතුයි කියන මතයේ ඉන්න කෙනෙක් කියලායි. නමුත් එතුමා දන්නේ නෑ බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලබා දීමේ වගන්තිය ව්‍යවස්ථාවල එකතු කළේ ලංකා ඉතිහාසයේ බිහිවුණු කීර්තිමත්ම වාමාංශිකයකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා. 1972 ව්‍යවස්ථාව පිළිබඳ විවාදයේ දී එතුමා ඉතාම අපූරුවට බුදු දහමට ප‍්‍රමුඛස්ථානය ලබා දිය යුත්තේ ඇයි කියන එක පැහැදිලි කරනවා.  ජයම්පති වික‍්‍රමරත්න මහතාගෙත් පරණ ගුරුවරයකු වන කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමන්ගේ ඒ වියත් කතාව නැවත වතාවක් කියවන්න කියලා මම එතුමන්ට ආරාධනා කරනවා.

උතුරු මැද සහ සබරගමුව යන පළාත් දෙකම අපි ජාතික වශයෙන් පැරදුණු ජනපතිවරණය වගේම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ජයග‍්‍රහණය කළා. අපි පැරදුණු අපිට අවාසිදායකම තත්ත්වයක් තිබුණු වාතාවරණය තුළත් අපි මේ පළාත් දෙක ජයග‍්‍රහණය කර තිබෙනවා. එදා එහෙම නම් අද කොහොම ද කියන එක මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා ආණ්ඩුව පළාත් සභා ඡන්දයට පුදුම බයයි.

හිටපු අගවිනිසුරුතුමාත් මමත් පළාත් සභා මැතිවරණය වහාම පවත්වන්න කියලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ කනින් රිංගලා ආණ්ඩුව ඡන්ද කල් දැමූ හැටි අපි පෙත්සම්වල විස්තර කර තිබෙනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිසමට නියෝග කරාවි කියලා දැන් ආණ්ඩුව බයෙන් ඉන්නේ. පළාත් සභා මැතිවරණයට පෙර පුංචි ඡන්දය පැවැත් වුවහොත් නගර සභා කිහිපයක් හරි දිනා ගන්න පුළුවන් වේවි කියලා එජාපය කල්පනා කරනවා. ඒ නිසා පළාත් සභා ඡන්දයට පෙර පුංචි ඡුන්දය පවත්වන්න ආණ්ඩුව අවස්ථාවාදී යැයි කියන මැතිවරණ කොමිසමට උපදෙස් දීලා. ඒ අනුව නොවැම්බර් මාසයේ දී පුංචි ඡන්දය සඳහා නාම යෝජනා කැඳවන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. මා කියූ අනාවැකියක් මෙතෙක් වැරැුදී නැහැ. මා ජ්‍යොතීර්වේදියෙක් නම් නෙවෙයි. නමුත් අපේ හොඳ ඔත්තු සේවයක් මැතිවරණ කොමිසම විතරක් නෙවෙයි, සිරිකොත ඇතුළෙත්, ජනපති මන්දිරයෙත්, අරලියගහ මන්දිරයෙත් තියෙනවා. ඒ නිසා නොවැම්බරයේ මැතිවරණය පැවැත්වීමට තිබෙන ඉඩ ඉතාමත් වැඩියි.

මෙහිදී මාද්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප‍්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතා කියනවා භික්ෂුන් වහන්සේලාට අවමන් කරන්නේ දේවදත්ත පරම්පරාවේ අය කියලා?

පිළිතුර - විපක්ෂ නායක සම්බන්දන් මහතාට දෙමළ ජනතාව වෙනුවෙන් අදහස් දැක්වීමේ අයිතියක් තිබෙනවා. හරි හෝ වැරැදි හෝ ඔහුට ඒ සදහා අයිතියක් තිබෙනවා. එයට අපි ගරු කරනවා. මොකද එතුමා ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා ආ කෙනෙක්. නමුත් ප‍්‍රාදේශීය සභාවකට යන්න තරම්වත් ඡන්ද අරන් නැති සරත් ෆොන්සේකා මහතාගේ අදහස්වලට අපි මොනවට උත්තර දෙනවා ද?

ප‍්‍රශ්නය - ජයම්පති වික‍්‍රමරත්න මහතාට ඔබ මීට පෙරත් විවාදයකට ඇරයුම් කළා. එතුමා ඒක පිළිගත් බවත් කිව්වා. ඇයි ඒ විවාදය පැවැත්වුණේ නැත්තේ?

පිළිතුර - ජයම්පති මහතා කිව්වේ මාධ්‍ය ඔස්සේ විවාද අවශ්‍ය නැහැ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වන්න කියලයි. නමුත් එහිදී අපට ලැබෙන්නේ විනාඩියක් වැනි කාලයක්. ඒ වගේම එහිදී අපේ අදහස කියන්න මිස විවාද කරන්න ලැබෙන්නේ නැහැ. මේ ප‍්‍රශ්නයෙන් වඩාත් පීඩාවට පත්වෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවයි. අපි එකක් කියනවා. ආණ්ඩුව ඒක වැරදියි කියනවා. අපි කියනවා ආණ්ඩුව කියන්නේ බොරු කියලා. ඇත්ත දෙකක් නැහැනේ. එකයි තිබෙන්නේ. දැන් ජනතාවට තෝරගන්න බැහැ ඇත්ත කියන්නේ අපි ද ආණ්ඩුව ද කියලා. ඒ නිසා මේක විවෘතව සංවාදයට ගත යුතුයි.



අදහස් (0)

නගර සභා දිනන්න බැරිවෙයි කියන බයට ආණ්ඩුව පළාත් සභා ඡන්ද කල් දානවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 872 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1110 22

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7145 4

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 848 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2052 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3758 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site