IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


’නූතන සිරිසඟබෝ ප්‍රජාතන්ත්‍රවාදයේත් පාර්ලිමේන්තුවෙන් ගෙල සිඳලා’

(නිමල කොඩිතුවක්කු)
 
අනුරාධපුර යුගයේදී සිරිසඟබෝ රජතුමා ගෝඨාභය මල්ලිගේ අවශ්‍යතාවයට තමන්ගේ හිස  දන්දුන්නා මෙන්  නූතන රාජපක්ෂ යුගයේත් මහින්ද රාජපක්ෂ  තමන්ගේ මල්ලි වන  ගෝඨාභය රාජපක්ෂ මහතාට රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ පාර් ලිමේන්තුවේ ගෙල සිඳ දන් දීමට කටයුතු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද(22) පැවසීය.

රටේ  ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාවගේ අයිතිවාසිකම්  ආරක්ෂා කිරීම වෙනුවෙන්  විසිවන සංශෝධනයට එරෙහිව රටේ ජනතාවත් සමග වීදියේ සටනක් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බවද  විජයවර්ධන මහතා සඳහන් කළේය.

කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග රට  අවදානම් තත්ත්වයක් පත්ව තියෙද්දිත් ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළීබඳ නොසිතා බලයට ඇති කෑදරකමට පාර් ලිමේන්තුව රැස්කරගෙන ආණ්ඩුව  සිදුකරන වැඩපිළිවලට විරෝධය පල කරන බවද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.

අපේ රටේ ඉතිහාසය අනුව අනුරාධපුර යුගයේදී සිරිසඟබෝ රජතුමා ගෝඨාභය මල්ලිට තමන්ගේ හිස  දන්දුන්නා. නූතන රාජපක්ෂ යුගයේත් මහින්ද රාජපක්ෂ  තමන්ගේ මල්ලි වන  ගෝඨාභය රාජපක්ෂ මහතාටත් දන් දෙන්න සිද්ධ වෙලා තියෙනවා. 

එතනදි දන් දෙන්නේ තමන්ගේ හිස නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල සිඳලා  බලය මුලුමන්න්ම ඒකාධිපති ජනාධිපතිවරයකුගේ අතට දන් දෙන්න තමයි දැන් ලෑස්ති වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය විදියට අපි මේ පිළිබඳව කණගාටුවෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසිවන සංශෝධනයට විරුද්ධව  එදා ඉදන්ම කතා කලා. අදත්  අපි ඒ මතයේ සිටිනවා. කුමණ්ත්‍රණකාරීව හෝ මේ සංශෝධනය සම්මත කරගැනීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.



අදහස් (6)

’නූතන සිරිසඟබෝ ප්‍රජාතන්ත්‍රවාදයේත් පාර්ලිමේන්තුවෙන් ගෙල සිඳලා’

kamal Koyrala Friday, 23 October 2020 06:54 AM

නූතන සිරිසගබෝට කඩුව දුන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත්. දැන් තව අවුරුදු 20ක් කඩුව කොපුවෙ දානවා බොරු. ගැම්මටම බිම්මට්ටම අවසානයේ තම්මැට්ටම ගහ ගහ ඉන්න එකයි ඇත්තේ.

:       2       6

vinivida Friday, 23 October 2020 10:31 PM

මේ වන විට ලංකා දෙසපලනයේ ඇතිවෙමින් සහ ඇතිවීමට තිබෙන්නාවූ සිදුවීම් පිලිබදව විශ්ලේෂණයක යෙදුනහොත් රජයට ඉදිරියේදී බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදුවනවා නියතවේ. ආර්ථික වසයෙන් රජයට සහ ජනතවට මෙන්ම ජාත්‍යන්තර වසයෙන් විශේෂයෙන්ම රජයට බොහෝ බලපෑම් සහ ගැටළු නිර්මාණය වන බවක් පෙනෙන්නට තිබේ. ලංකාවට සිදුව තිබෙන්නේ ඇමෙරිකාව සහ චීන අර්බුදයකට මැදිව සුදුස්සා තොර ගැනීමට වේ. මද්‍යම ප්‍රතිපදාව අනුව රටවල් දෙකම සමග සමීප සම්බන්දත්වය පවත්වා ගැනීම සුදුසුවේ. එක පසකින් ලංකාව චීන කොලොනියක් වීම සහ අනෙක් පසින් ඇමෙරිකානු හමුදා අනු කණ්ඩයක් සදහා වන අරගලයකි.

:       0       3

vinivida Friday, 23 October 2020 10:32 PM

වර්තමාන ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්ව සිටියදී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයා සමග ගිවිසුමකට අත්සන් කොට ඇත. ඒ අනුව ඇමෙරිකානු හමුදාවන් හට ලංකාවේ භූමියට පැමිණීමට අවසර ඇත. ගුවන සහ වරායවල් අයත්වේ. නමුත් එදා රටේ ජනතව මේ කිසිවක් දැන සිටියෙ නැත. මෙය මතුවුයේ යහපාලන රජය තිබු ගිවිසුමේ කාලවකවානුව අවසානයේ අලුත් කල අවස්ථාවේදීයි.

:       2       1

Sahan Thursday, 29 October 2020 01:10 AM

සිරිසඟබෝ හිස දන්දෙන්න ගියා. ගෝඨාභය රජ වුනා සිරිසඟබෝ කවටයා වුනා.

:       0       1

vinivida Saturday, 31 October 2020 01:23 AM

ද්විත්ව පුරවැසියන් හට ලංකාවේ පාර්ලිමේන්තුවට සහ රජයේ ඉහල තනතුරු දැරීමට කිසිසේත්ම නොහැකි බවත් ඔවුන් වෙනත් රටවලට පක්‍ෂපාතිත්වය දක්වා දිවුරා පොරොන්දු වී ඇතිබව කියා සිටි. එවන් පුද්ගලයන් ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණිය හොත් ඔවුන් එම රටවල ඔත්තුකරුවන් සේ ලංකාවට විරුද්ධව ක්‍රියා කරනු ඇති බව ප්‍රකාශ කළා පමණක් නොව චීනුන්, ඉන්දියන් ජාතිකයන් ලංකාවේ පාර්ලිමෙන්තුව නියෝජනය කල හැකිබව බොහෝ දෙනාගේ තර්කය විය. ලෝකයේ රටවල දුවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවහිර කොට ඇත. නමුත් රජයේ අවශ්‍ය තත්වයන් මත විදේශීය පුරවැසියන් උපදේශකයන් හෝ විශ්ලේෂකයන් වශයෙන් බදවා ගනු ලැබේ. විශේෂයෙන් ආර්ථික අර්බුද හමුවේ ලෝකයේ දක්ෂයන් සහ යමක් කළහැකි විසදුම් සෙවිය හැකි පුද්ගලයන් ගෙන්වා ගනු ලැබේ.

:       0       0

vinivida Saturday, 31 October 2020 01:26 AM

කෙසේ වෙතත් සමහර දියුණු රටවල දුවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවහිර කිරීමට ප්‍රබල හේතු තිබේ. එම රටවල් න්‍යෂ්ටික අවි භාවිතය, යුද ටැංකි නිපදවීම, සබ්මැරීන නිපදවීම, අවි ආයුධ නිෂ්පාදනය, ගුවන් යානා නිපදවීම, චන්ද්‍රිකා ගුවන් ගත කිරීම් වැනි ප්‍රබල හේතු සාධක පාදක කොට දුවිත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට පැමිණීම අවහිර කර තිබේ. විශේෂයෙන් චීන ජාතිකයන් මෙවැනි සමාගම් වල සේවයට බදවා ගැනීමක් පවා නොකර සිටි. අන් සියලු දෙනාහට වසරකට වරක් security clearance කිරීමකට යොමුකරනු ලැබේ. දුවිත්ව පුරවැසියන්හට පාර්ලිමේන්තුව තහනම් නොකර එය මෙසේ වෙනස් විය යුතු බව මගේ මතය වේ. එනම් ලංකාවේ ඉපදුනු විදෙස් පුරවැසිකම් හිමි ඕනෑම කෙනෙකුට ලංකාවේ පාර්ලිමේන්තුවට යාමට හැකිවන පරිදි නව ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතුවේ. විදෙස් පුරවැසිකම් හිමි නමුත් ලංකාවේ ඉපදුනු ඕනෑම කෙනෙකුට යන අදහස ඇතුලත් කිරීම කිසිවකු අකැමැතිවීමට හේතුවක් නොමැත. විදෙස් පුරවැසිකම ඉවත් කරොත් ඡන්දබලය හැර සියලු වරප්‍රසාද ලැබේ. green card / permanent residence තිබේනම් ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක යලිත් පුරවැසිබාවය ලබාගැනීමට හැකියාව පවතී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 396 1

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 519 6

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5941 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 703 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2029 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3735 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 200 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 378 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1121 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site