IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


‘නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි‘

(ඩයනා උදයංගනී)
 
බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීම සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසමේදී යම් යම් කරුණු හෙළිවන විට චෝදනා එල්ල වන පුද්ගලයින් එම චෝදනා වසා ගැනීමට ගොස් ගලේ පැහැරූ බළලා මෙන් හැම තැනම ගා ගනිමින් සිටින බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.
 
මෙම චෝදනා එල්ල වන්නන් ජනාධිපතිතුමාට හෝ කොමිසමට බැනීම අනුමත කළ නොහැකි බව  කී අමාත්‍යවරයා මෙම කොමිසමේ සිදුවන සාක්ෂි විමසීම්වලදී යම් යම් චෝදනාවලට ලක් වී ඇති මන්ත්‍රීවරුන් ඒ ගැන කතා නොකර සිටිනවා නම් හොඳ බව ද සඳහන් කළේය.
 
තමන් නිර්දෝෂී නම් ඔවුන් ජනාධිපති කොමිසමට ඉදිරි කටයුතු භාර දී සිටිය යුතු බව ද අමාත්‍යවරයා කීවේය.
 
අග්‍රාමාත්‍යවරයාට ද මෙම කොමිසම ඉදිරිපිටට යාමට සිදුවූ බව කී අමාත්‍යවරයා නිදහසින් පසු තමන්ගේ වැරදි සෙවූ එකම ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් මෙම ආණ්ඩුව බව ද සඳහන් කළේය.



අදහස් (18)

‘නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි‘

jayawardena Wednesday, 29 November 2017 03:28 PM

කවුරු මොන පැත්තේ හිටියත් කියන ඒවා කවුද පිළිගන්නේ?

:       33       34

Raveendra Wednesday, 29 November 2017 04:34 PM

කිවුවොත් කියන්නේ කට කැඩිච්ච කථාමය..... ගත්තොත් ගන්නේ වැඩකට නැති තීරණය.... නිතරම හිතන්නෙත් හොද පැත්තට පනින්නය..... මමත් ඉතින් අම්බරුවෙකි දියවන්නඔය සිටින.........

:       1       581

erdi Wednesday, 29 November 2017 04:38 PM

බැඳුම්කර වංචාව ගැන අගමැතිවත් කොමිසමට කැඳෙව්වා එතුමත් උදච්චකම නැතුව ඇවිත් ගියා(නීතියට හිස නමන ගතියක් නව රජයේ පෙනෙන දෙයක්)එහෙත් එදා හොරකම් කරපු අය උසාවියට කැඳෙව්වාම ඒවටත් වරණ නියෝග ගන්නවා බලය නැතුව ඔහොමනම් ඇතුව කොහම කරයිද?

:       206       112

siril Wednesday, 29 November 2017 07:52 PM

"බල්ලෙක් බිරුවට කන්දක් පාත් නොවේ"

:       1       12

emerson Thursday, 30 November 2017 04:48 AM

මෙයා විහිලු කරන්නත් දන්නවා ආ මට අමතක උනා පාර්ලිමේන්තුවේ හැමෝම විහිලු කාරයෝ කියල

:       1       165

Bamunuarachchi Thursday, 30 November 2017 05:48 AM

"අග්‍රාමාත්‍යවරයාට ද මෙම කොමිසම ඉදිරිපිටට යාමට සිදුවූ බව කී අමාත්‍යවරයා නිදහසින් පසු තමන්ගේ වැරදි සෙවූ එකම ආණ්ඩුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් මෙම ආණ්ඩුව බව ද සඳහන් කළේය." වෙන ආණ්ඩුවල සිටි අගමැතිවරු මේවගේ ජාතියටම බලපාන හොරකම්වලට අනුබල දුන්නේ වත හොරු සුද්ද කරන්න ගියේ වත් නැත . එම නිසා ඒ අගමැති වරුන්ට පෙනී සිටීමට කොමිසන් සභා අති වුනෙත් නැත. මේ අගමැතිට මෙතනට එන්නට සිදුවුනේ එයත් මේ බැංකු කොල්ලයට මුලදීම සම්බන්ද උන නිසාත් බැංකු කොල්ලය යටපත් කිරීමට උපාය ශීලීව කටයුතු කල නිසා බවත් 57 දනී. 62 එක දන්නේ නැත............

:       318       238

Bamunuarachchi Thursday, 30 November 2017 05:50 AM

‘නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි‘ ඔව් අර ආණ්ඩුවේ ඉන්න කොට ඔහෙට ඕන ඕන විදිහට නටන්න දුන්නේ නැහැනේ. කොටින්ම මිනිස්සුත් ඔහේව එළවලා දැම්මානේ. බලමු මේසැරේ වෙන්නේ මොකක්ද කියලා.

:       179       147

Mnj Thursday, 30 November 2017 10:25 AM

ආණ්ඩුව හොඳ නම් අැයි බය?

:       3       11

one srilankan Thursday, 30 November 2017 02:09 PM

කියලා වැඩක් නැත අප්පච්චි... පිළිතුරු දේවි ජනතාව ඡන්දේ ලඟ එනවනේ...

:       23       18

p.IlangaratneFriday, 01 December 2017 11:26 PM

මෙයාට ගියපාරත් ජනතාව හොඳ පිළිතුරක් දුන්නා. කෝ ඉතින් ලැයිස්තුවෙන් ඇතුලට ගත්තනේ හිටං....

:       12       24

Bamunuarachchi Friday, 01 December 2017 02:22 AM

දේසපාලන තාත්තා කව්ද කියා දන්නේ නැති, ජනතාව පිළිකුල් කල, දේශපාලන අව්ජාතකයින් දැන් මහින්ද මහතාට අප්පච්චී කියන්න ලැහැස්ති වෙනවා වගෙයි. මහින්ද මහතා මුන්ට උප්පැන්න සහතික දෙන්න එපා.

:       55       94

daham Friday, 01 December 2017 10:58 AM

සහතික ඇත්ත.

:       30       0

de silva Friday, 01 December 2017 12:07 PM

කවුරු කොමිසමට ආවත් වැඩක් නැත. මේ වංචාව පිලිබඳ මෙපමණ පැහැදිලි සාක්ෂි තිබෙද්දී තවම එකම සැකකාරයෙක්වත් අත්අඩංගුවට අරන් නඩු පවරා නොමැත.

:       120       129

BamunuarachchiSaturday, 02 December 2017 06:05 AM

මේ කොමිසමට කාවවත් වරදකරු කරන්නවත්, දඬුවම් දෙන්නවත් බලයක් නැත. කොමිසම ජනාධිපතිට වාර්තාව දේවි. ඊට පසු අපි බලමු මොකද වෙන්නේ කියලා.

:       0       0

thilak Friday, 01 December 2017 05:10 PM

මේවගේ කතා කියන්නේ රෙදි ඇඳගෙනද දන්නේ නැහැ..

:       2       9

BamunuarachchiThursday, 07 December 2017 12:56 AM

මේ ගොල්ලෝ කවදත් රෙදි ඇන්දේ නැත කලේ අතින් වහගෙන සිටීමය. වැඩේ කියන්නේ මිනිහාට තේරෙන්නේ නැහැ අතින් වහගත්තාට මුහුණ පෙනෙනවා කියලා. ඉතින් අපි මිනිහා කවද කියලා දන්නවය.

:       0       0

siri Saturday, 02 December 2017 09:46 AM

ඇත්ත නේන්නන් "අප්පච්චි මලෝ". නැත්නම් ජනතාව පයින් ගහලා එලවපු මේ වගේ අය කොහොමද ඇතුලේ ඉන්නේ? ලබන පාර පොලියත් එක්ක ලැබෙයි.

:       12       32

Bamunuarachchi Thursday, 07 December 2017 01:02 AM

"නිදහසින් පසු හොඳම ආණ්ඩුව මෙයයි" බලමු ලබන සැරේ ඔබ චන්දය ඉල්ලන පළාතේ ඉන්නේ නුවණක්කාර මිනිස්සුද නැතිනම් මෝඩ ගොබ්බයෝද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 3213 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 528 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1929 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3585 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 773 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site