IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණයි

(*** අංජුල මහික වීරරත්න)

නිරෝධායන පනත ශක්තිමත් කළ යුතු බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ  ජනරාල්වරයා ප්‍රසිද්ධියේ පවසා ඇතැයිද එලෙස නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමෙන් යැයිද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

මේ අනුව සෞඛ්‍ය අංශ මැතිවරණය සඳහා කොළ එළියක් ලබා දී නැතැයිද කිරිඇල්ල මහතා කීය.

කොළඹදී පෙරේද‌ා (27) පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවැසීය.

මේ වන විට පාර්ලිමේන්තුව මාස 03ක් වසා දමලා. මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරලා තිබුණා මැතිවරණය පැවැත්වීමට නම් වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසුව දින 75ක් අවශ්‍යයි කියා. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන්නේ අගෝස්තු මාසයේ.  විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය වශයෙන් අපේ රටේ පාලන ක්‍රමයේ කුලුනු තුනක් තිබෙනවා.  ප්‍රජාතන්ත්‍රවාදී රටකට මේ අයුරින් මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්න හැකිද යන්න ගැටලුවක්. ඒ නිසා තමයි අද අධිකරණයේ මතය විමසන්නේ.

ව්‍යවස්ථාවට වගකියන ජනාධිපතිවරයා ජුනි 02ට පෙර පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්නම් අධිකරණයට පාර්ලිමේන්තුව කැඳවිය හැකියි. එම නිසා තමයි අද අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරලා තිබෙන්නේ. අපේ රටේ ව්‍යවස්ථාවේ 4/C වගන්තිය අනුව ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව විසින් අධිකරණ වලට පවරලා තිබෙනවා. අද පුවත්පත් වල උසස් නීතිඥ මහත්වරු ප්‍රකාශ කරලා තිබුණා පාර්ලිමේන්තුව මැරිලා කියා. එතකොට පාර්ලිමේන්තුව මැරිලා නම් පාර්ලිමේන්තුව කොහොමද අධිකරණ වලට උසාවි බලය දෙන්නේ?  මොකද පාර්ලිමේන්තුව තමයි ජනතාවගේ අධිකරණ බලය උසාවි වලට පවරන්නේ. පාර්ලිමේන්තුව මැරිලා නැහැ. එය ජනාධිපතිවරයාට හෝ අධිකරණයට නැවත අවදිකළ හැකියි. මාස 06ක් පාර්ලිමේන්තුව නැහැ කියන්නේ ඒකාධිපති පාලනයකට අවතීර්ණ වෙනවා කියන එකයි.
ඒ වගේම අද රජය කියනවා කොරෝනා ඉවරයි කියලා. ජනවාරි මාසයේ එක රෝගියෙක් සිටියේ නැහැ අප රටේ. නමුත් අද දහස ඉක්මවලා ගිහින්. රජය මොන පදනමකින්ද මේ තත්ත්වය ඉවරයි කියන්නේ. අපි පෙබරවාරි මාසයේ යෝජනා කළා ගුවන්තොටුපළ වසා දමා රටම නිරෝධායනය කරන්න. එසේ කළානම් අද එක රෝගියෙක්වත් අප රටේ නැහැ.  

ඒ වගේම වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයට දුන් ලිපිය පැහැදිලි කළා. ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කිරීම ගැන පමණයි. ඒ කියන්නේ ඡන්දපොළ නියෝජිතයන්, මැතිවරණ නිලධාරින් පත්කිරීම, ඡන්දපොළවල් වැඩිකිරීමට අවශ්‍ය කටයුතු, රජයේ නිලධාරින් බඳවාගැනීම් යනාදි කටයුතු පමණයි.  ඔහු පැහැදිලිව ප්‍රකාශ කරනවා කොරෝනා දෙවන රැල්ලක් ආවොත් කිසි දෙයක් කරන්න වෙන්නේ නැහැ කියා. ඔහු මැතිවරණයට කොළ එළියක් දීලා නැහැ. මැතිවරණය පැවැත්වීම පිළිබඳව පැහැදිලි නිගමනයක් තවම දීලා නැහැ.  

වෛද්‍ය ජාසිංහ මහතාගේ එම වැඩසටහන මම නැරඹුවා. ඔහු එතනදී ප්‍රකාශ කරනවා නිරෝධායන පනත ශක්තිමත් කළ යුතුයි කියා. එයින් අදහස් කරන්නේ නව නීතිරීති අවශ්‍යයි කියා. නීති සම්පාදනයට වගේම නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි. ඔහු නොකියා කියනවා පාර්ලිමේන්තුවේ අවශ්‍යතාව. සමගි ජන බලවේගය මැතිවරණයකට සුදානම්. නමුත් අසම්පූර්ණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා රට මැතිවරණයකට ඇදගෙන ගිහින් මහා ව්‍යසනයක් ඇති වුවහොත් රජය එයට වගකියන්න ඕන.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ කිරිඇල්ල මහතා ඊට දුන් පිළිතුරු මෙසේය.


ප්‍රශ්නය - පාර්ලිමේන්තුව කැඳවන්න ඉල්ලීම් කරන්නේ මැතිවරණකට ඇති බිය නිසාද?
පිළිතුර - අපේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව මාස තුනකට වඩා වසා තබන්න බැහැ. නීත්‍යානුකූලව ජනාධිපතිතුමාට කරන්න තියෙන්නේ ජුනි 2ට පෙර පාර්ලිමේන්තුව නැවත වරක් කැඳවලා නිවේදනයක් මගින් නැවත විසුරුවා හැරලා මැතිවරණයකට දිනයක් නියම කරන්න. ඇත්තටම එයයි කළ යුත්තේ. එතුමාට ඕන විදිහට පාර්ලිමේන්තුව ඇදගෙන යන්න බැහැ. මොන රටේද මාස 06ක් පාර්ලිමේන්තුව වසා තබන්නේ. අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටයි.        

ප්‍රශ්නය - පාර්ලිමේන්තුව කැඳවීම හරහා රජයේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයන් පිළිබඳ ආණ්ඩුවට ඇති සැකය නිසා මෙලෙස කටයුතු කරනවාද?  
පිළිතුර - අපේ පක්ෂ නායකයන් ලිඛිතව දුන්නා පාර්ලිමේන්තුවට විස්වාසභංග යෝජනා ඉදිරිපත් කරන්නේ නැහැ කියා. කොරෝනා මර්දනය කිරීමට ආණ්ඩුවට අවශ්‍ය සියලු මුදල් සම්මත කරලා දෙන්න ලිඛිතව පොරොන්දු වුණා.

ප්‍රශ්නය - ජනජීවිතය යථා තත්ත්වයට පත්කර තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවක් නැහැ නේද?  
පිළිතුර - මැතිවරණ කොමසාරිස් පැවසූ පරිදි සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන මැතිවරණය පැවැත්වුවහොත් ඡන්ද පෝලිම කිලෝමීටර් එකකට වඩා දිගු වෙන්න පුළුවන්. ජනතාව පැය දෙකක් තුනක් පෝලිමේ ඉඳලා ඡන්දය භාවිතා කරයිද. තව නිලධාරින් දෙගුණයක් යොදවන්න ඕන, වියදම දෙගුණ වෙනවා. මේ කරුණු නොසලකා ඡන්දය තියන්න පුළුවන්ද. මේ ව්‍යවසනය සම්පූර්ණයෙන්ම නතරවීමෙන් පසු මැතිවරණය පැවැත්වූවානම් රටට හොඳයි. ඒකයි අපි කියන්නේ.  
ප්‍රශ්නය - පාර්ලිමේන්තුව කැඳවුවහොත් නාමයෝජනා නැවත අහෝසි වෙනවද?
පිළිතුර – නාම යෝජනා එහෙම අහෝසි වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුව ඉදිරිපත් කරන තර්කයක් පමණයි.



අදහස් (4)

නිරෝධායන පනත ශක්තිමත් කළ හැක්කේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් පමණයි

Ratna P Saturday, 30 May 2020 03:13 AM

යහපාලනය කාලේ පොඩි දෙයක් වත් හරියට කරගන්න බැරිවුන ඔයගොල්ලෝ කොහොමද නිරෝධායන පනතක් ශක්තිමත් කරන්නේ? වැඩබැරි අය පැත්තකට වෙලා ඉන්න.

:       0       59

ඇලොසියුස් Sunday, 31 May 2020 01:45 AM

ඕනේ ගොනෙකුට ඕක කියන්න පුළුවන්. මේ යන ක්‍රමේ හොදයි හරක් ගාල ආයිත් එක්කාසු කරන්නේ නැතුව.

:       0       0

Deepal Nirosh Sunday, 31 May 2020 09:36 AM

ඉතින් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න හැකි ඉක්මණින් මැතිවරණය පවත්වන්න අවශ්‍යයි කියන කාරණය ඕන කෙනෙකුට තේරුම් යද්දි ඇයි මෙයාට විතරක් ඒක නොතේරෙන්නේ?

:       0       0

Bamunuarachchi Monday, 01 June 2020 01:24 AM

මේ තිබෙන ශක්තිමත්කම හොඳටම ඇති. ඔහේ පව් නොදී ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5439 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 635 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1985 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3665 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 147 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 295 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 947 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site