ජුඩ් සමන්ත
වර්තමානයේ අප රට පත්වී ඇති තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නොමැතිකම නිසා යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මාදම්පේ සමුපාකාර රංග ශාලාවේ පැවති “එළිය” විද්වත් කථිකාවත 7 වැනි වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේද කියා සිටියේය.
මම පැවත එන්නේ දේශපාලන පවුලකින්.මගේ පියා දේශපාලනය ආරම්භ කරන්නේ මම උපදින්නටත් කලින්.රාජපක්ෂවරුන් හම්බන්තොට ප්‍රදේශයට සේවය කරන්න පටන් ගන්නේ 1935 වසරේදී. ඒ මගේ ලොකු තාත්තාගෙන්.මගේ පියා වසර 20 ක් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඊට පස්සේ මගේ සහෝදරවරුන් වන හිටපු ජනාධිපතිතුමා, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයත්, ඥාතීන් වන ලක්ෂමන් රාජපක්ෂ සහ ජෝර්ජ් රාජපක්ෂ, නිරුපමා රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ආදී වශයෙන් පරම්පරා තුනක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපානය කරපු අය.ඒ ආකාරයට රාජපක්ෂවරුන්ව පරම්පරා තුනක් පාර්ලිමේන්තුවට තෝරා ගන්නේ ජනතාව තුළ යම් කිසි විශ්වාසයක් ඇති නිසයි.අපේ පියා හරි හම්බ කරපු දේ තමයි ජනතාව.
මම හිතන්නේ දේශපාලනය ඉගෙන ගත යුත්තේ පාර්ලිමේන්තුවට ඇවිත් පමණක් නොවෙයි කියලයි. අපි දන්නවා දේශපානය ගැන විශාල අවබෝධයක් තියන අය මේ සභාවෙත් ඉන්නවා. ඒවගේම විවිධ තනතුරු ලබා ගන්න දේශපානය නිසා ඇතැම් අයට අවස්ථාව ලැබෙනවා. සමහර අයට එම අවස්ථාව ලැබෙන්නේ නෑ.
දේශපාලන පවුලකින් පැවත ආවත් මම යුද හමුදාවට බැදුණ නිසා දේශපානය කරන්න ඉදිරිපත් වුනේ නෑ.නමුත් මට මතකයි පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් සිටින කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුල් වරට ලාබාලතම දේශපාලකයා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන විට එතුමා ජයග්‍රහණය කරන්න මමත් එදා ගෙයක් ගෙයක් ගානේ ගිය හැටි.
2005 වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වෙන කොට මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වයඹ පළාත බාර අරගෙන වැඩ කටයුතු කළේ මම.මට එය හොදට මතකයි.දේශපාලනය ගැන කථා කරන්න,දේශපාලනය කරන්න රට වැසියෙකු වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට අයිතිවාසිකමක් තියනවා.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘නිසි ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ක්‍රමවත් ආර්ථික සැලැස්මක් පාලකයින් සතුව නෑ’