(*** මල්වාන - ඩබ්ලිව්. ඩී. එම්. විතානගේ)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගන්නා ලෙසට එක්සත් ජාතික පාක්ෂිකයින් බොහෝ දෙනෙක් තමාගෙන් ඉල්ලා ඇතැයිද ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ විශ්වාසය මා ගැන තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට සූදානම් යැයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් හා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
රුවන් විජයවර්ධන මහතා එසේ පැවැසුවේ මෙවර මහා මැතිවරණයේදී තමාට සහාය ලබාදුන් ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ප්‍රණාමය පුද කිරීම සඳහා පෙරේදා (25) දහවල් මල්වානේ වල්ගම පිහිටි රුවන් විජයවර්ධන මහතාගේ ‘ලේක් ක්‍රසන්ට්’ නිවාස පරිශ්‍රයේ පැවැති එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හමුවකදීය.
එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂයට ජය පරාජය දෙකම පුරුදුයි. ඒ අනුව අප පක්ෂය පරාජයට පත්වූ පළමුවන අවස්ථාව මෙය නෙමෙයි. 1970 වසරේදි අප පක්ෂය අන්ත පරාජයට පත්වුණා. නමුත් 1977 වසරේ පැවැති මහා මැතිවරණයේදී අප පක්ෂය හයෙන් පහක බලයකින් බලයට පත්වුණා. ඒ නිසා දැන් අපි පක්ෂයේ තිබෙන දුර්වලකම් හා අඩුපාඩුකම් සොයා බලා ඒවා මඟ හරවා ගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. එබැවින් මේ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයින් තම මතවාද අමතක කර දමා පක්ෂය වටා ඒකරාශි වන ලෙසට ඉල්ලා සිටිනවා.
කවුරු මොනවා කියුවත් අප පක්ෂයේ නායකත්වයේ අර්බුදයක් නැහැ. නායකත්වයට හතර පස් දෙනෙක් ඉදිරිපත්වී සිටිනවා. ඒ අතර හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ නමද ඉදිරිපත්වී තිබෙනවා. මේ සම්බන්ධව කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී සාකච්ඡා කර සුදුසු කෙනෙක් තීරණය කරනවා. අපගේ පාක්ෂිකයින්ගේ මා ගැන විශ්වාසයක් තිබෙනවා නම් පක්ෂයේ නායකත්වය භාරගෙන පක්ෂය ජයග්‍රහණය කරා ඉදිරියට ගෙන යාමට මා සූදානම්. අපගේ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඕනෑම කෙනෙකුට තම අදහස් හා යෝජනා පක්ෂයට ඉදිරිපත් කරන්නට අවස්ථාව තිබෙනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ පක්ෂය රැකගෙන ඉදිරියට ගෙනියන්න.
එක්සත් ජාතික පක්ෂය මේ රටට විශාල සේවයක් කර තිබෙන පක්ෂයක්. පසුගිය යහපාලන රජය කාලයේ රජයේ සේවකයින්ට මෙන්ම ජනතාවට විශාල සහන රැසක් ලබා දුන්නා. රජයේ සේවක වැටුප් දස දහසින් වැඩි කළා. සුව සැරිය ගිලන් රථ සේවාව ආරම්භ කළා. ඉන්ධන හා ගෑස් මිල අඩු කළා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහත දැම්මා. ගම් පෙරළිය වැඩ සටහන යටතේ ගම්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර ගත්තා. නමුත් වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව අපගේ යහපාලන රජය කාලයේ ලබාදුන් සහන සියල්ලක්ම නවතා දමලා. රජයේ සේවක වැටුප් වර්ධන නතර කරලා. අත්‍යවශ්‍ය ආහාරවල මිල දෙගුණ තෙගුණ වෙලා. ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා.
පාස්කු ප්‍රහාරය ගැන දැන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ජනතාවට වගේම අපටත් දැන ගන්නට ඕනෑ. කොතැනද වරද වුණේ කියලා. එහි වාර්තාව නිකුත් වීමෙන් පසුව එහි නියම තත්ත්වය අප කාටත් දැන ගැනීමට හැකිවේවි.
බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ප්‍රසන්න සම්පත් මහතා ඇතුළු කීප දෙනෙක්ම කතා කළහ.
මේ අවස්ථාවට සහභාගිවූ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පක්ෂයේ නව නායකත්වයට රුවන් විජයවර්ධන මහතා පත් කළ යුතු බවට යෝජනාවක්ද සම්මත කර ගත්තේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ඇත්නම් එජාප නායකත්වය ගන්න සූදානම්
Kamal Koyrala Thursday, 27 August 2020 08:48 AM
ඔය කියන පාක්ෂිකයන් කියයිද කියලා කියන්න. රනිල් විශ්‍රාම ගන්නකම් කිසිම පාක්ෂිකයෙක් සහයෝගය නොදෙන අතරම, එජාප කාරයින්ගේ කැමැත්ත කරු ජයසූරිය මහත්මාට... දැක්කනේ නායකත්වයට පොරකාගෙන පැනපු අය.. ලැබුණු 3% නැතිවෙන්නයි යන්නේ.
විජේ Thursday, 27 August 2020 03:16 PM
පාංකඩ, රූකඩ වැඩක් නෑ.. අඩුමගානෙ අවුරුද්දක් දෙකක් මලකඩවත් අල්ලන්නේ නැති එකක් නැද්ද මේ පක්ෂයේ..?
saman Thursday, 27 August 2020 07:43 PM
මොහු පැමිණියොත්, ඔය තියෙන එක ආසනෙත් නැතිවෙනවා ෂුවර්...
Bamunuarachchi Friday, 28 August 2020 04:08 AM
සියල්ලටම පළමුව ඔබලාගේ ප්‍රතිපත්ති වෙනස් කරන්න. ඔබලාගේ ප්‍රතිපත්ති නිසා සුළු ජාතිකයින්ට මහ ජාතිය අභිබවා යා හැකි බවක් තියෙනවා නම් සිංහල බෞද්ධ ජනතාව ඔබලාට ඡන්දය දෙන්නේ නැත. සුළු ජාතීන්ගෙන් මහජාතියට වෙන්න යන විපත දැන් සිංහල බෞද්ධ ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ.
Bamunuarachchi Friday, 28 August 2020 04:11 AM
ඔබට අමාත්‍යාංශයක් කරගන්න බැරි බව ඔබ ගිය අවුරුදු 5දී ජනතාවට පෙන්නුවා. ඔබ එජාපයේ නායකයා වීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැත. මොකද නුඹලා බෙදීසිටින තුරු අපට වාසියි.
Bandara Friday, 28 August 2020 06:49 AM
ඔබතුමා වැනි වැදගත් මිනිස්සු නායකත්වය ගතයුතුයි. නැතිනම් හීනමානයෙන් පෙලෙන අය පහුගිය කාලේ වගේ රට විනාශ කරයි.
chandima Saturday, 29 August 2020 02:18 AM
මාමණ්ඩි මොනතරම් නම් කිව්වද ඒකාලේ ටිකක් දුවලා පැනලා වැඩ කරන්න කියලා?
Bamunuarachchi Tuesday, 01 September 2020 11:45 AM
පාක්ෂිකයින්ගේ කැමැත්ත මත පක්ෂ නායකයා වුණාට රටේ ජනතාවගේ කැමැත්ත නැතිනම් රටේ නායකයා වෙන්න බැහැ. දැන් සිටින නායකයාට වෙලා තිබෙන්නේ ඒකයි. රටේ සිංහල බෞද්ධයාගේ කැමැත්ත ලැබුණොත් රටේ නායකයා වීමට වෙන කාගේවත් කැමැත්ත වුවමනා නැතිබව ඔප්පු කර තිබෙනවා. එම නිසා රටේ සිංහල බෞද්ධයා මුල්කරගෙන ඔබේ පක්ෂ ප්‍රතිපත්ති වෙනස් කළොත් මොකක් හෝ කරගන්න පුළුවන්. ඒත් ගෝඨාභය මහත්තයාගේ වැඩ දිහා බලනකොට මේ ඔබලාගේ පක්ෂයට කල්පයකටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඉස්සෙල්ලාම රාජිත, රවී, චම්පික පක්ෂයෙන් ඉවත් කරන්න.