(මුදිතා දයානන්ද)
බහුරතයක් සාමාන්‍ය ජනතාව අපි අතර සංස්කෘතික වෙනස්කම් වලට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වීමට සුදානම් වුවත් ඇතැම් දේශපාලඥයින් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ වෙනස්කම් බේද බවට පත් කරනවා. ඒ කෲර වෑයම වළක්වාගැනීමේ වගකීම අපි සියලූ දෙනාටම තිබෙනවා යැයි බෙල්ලන්විල රජමහා විහාරස්ථානාධිපති බෙල්ලන්විල විමලරතන හිමියෝ අද (10) පැපිලියානේදී පැවසුහ.
ලංකාව කියන්නේ ඉතාම කුඩා රටක්. අපි කවදාවත් ඒ බව අමතක නොකළ යුතුයි. මේක දියුණු කරන්න නම් අපි අතර සමගියක් පැවතිය යුතුයි. අපි පුද්ගලයන් හැටියට හෝ භූමිය හැටියට හෝ කොටස් වලට බෙදුනොත් මේ රට දියුණු කරන්න බැහැ.
අපේ රටටත් වඩා කුඩා, අපිට තිබෙන සම්පත්වලින් සීයෙන් එකක්වත් නැති සිංගප්පුරුව දියුණු වුණේ ඒ රටේ නායකයින්ට සෑම දෙනා අතරම ජාතික සමගිය පවත්වාගෙන යන්න හැකිවීම නිසයි. එහෙත් අපේ රටේ අවාසනාවට අපේ ඇතැම් දේශපාලඥයින් පටු දේශපාන අරමුණු වෙනුවෙන් අපි අතර තිබෙන සංස්කෘතික හා ආගමික වෙනස්කම් බේදයන් බවට පත් කරනවා. ඔවුන්ගේ ඒ කෲර වෑයම වළක්වාගැනීම අපි කාගෙත් වගකීමක් බව විමලරතන හිමියෝ සඳහන් කළහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
’ පටු දේශපාලන අරමුණු වළකමු ’ - බෙල්ලන්විල විමලරතන හිමි
saman padukkavidana Wednesday, 11 October 2017 02:51 AM
අතීතයේ මෙන් පක්ෂක්ග්රාහි නොවන ඔබවහන්සේලා වැනි හිමිවරු මේ සදහා නායකත්වය ගන්න අපි උපරිම සහය දෙන්නම්
ruminda Wednesday, 11 October 2017 11:17 AM
ඔබේ අදහස වටිනවා අගය කරනවා. ඔබ වහන්සේ මෑතක දී බණකට වැඩියද? .......... පොඩ්ඩක් නමෝ විත්තියෙන් මෙනෙහි කරන්න. ඔබ වහන්සේගේ පන්සලේ තුළද ඔබේ පවුලේ කට්ටියට විශේෂ වරප්‍රසාද ,ඔබ සලසා දෙනවනේද? ඔබ වනසේ ධර්මයට කැපකර ඇති ඔය ජිවෙතේ, කුමකටද ?.ඔබ වහන්සේ සුපිරි ජිවිතක් ගතකරන ගමන් ,මේමොන විහිලු කතාද? ................
SachithThursday, 12 October 2017 03:04 AM
බෙල්ලන්විල හාමුදුරුවෝ කරපු ශාසනික සේවාව බෞද්ධ මිනිස්සු නම් හොඳට දන්නව. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති විදියටත් සෑහෙන සේවයක් කරපු උන්වහන්සේගේ සේවය දරා ගන්න බැරි, බලු වැඩ කරන උන්ට බනිනකොට රිදෙන උන් බුදු හාමුදුරුවොන්ගේ කාලෙත් හිටියා. දෙව්රම් වෙහෙරට අල්ලපු වැටේ හිටපු චුන්ද සූකරිකට බණ අහන්න පින් තිබුනේ නෑ නේ.
JayasekaraThursday, 12 October 2017 03:08 AM
ඔයාගේ ආගමේ අය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ල හොයල බලන්නකෝ.
Sathyayaa Sunday, 29 October 2017 11:57 PM
රුමින්ද! ඔබේ කටේ මසුරන් දාන්න වටිනවා. ඇත්ත කියන්නත් පැදුරේ නිදියගන්නත් කිසිම කෙනෙක් බිය විය යුතු නැහැ.
Kamal Thursday, 12 October 2017 03:13 AM
පරිස්සමෙන් අපේ හාමුදුරුවනේ. සෝම හාමුදුරුවො, මාදුලුවාවේ සොභිත හාමුදුරුවො අපවත් කරවූ අය අද රට පාලනය කරන්නේ. වෙන ආගම් වල නායකයන්ගෙන් උපදෙස් අරන් ඒව සාධාරණීකරනය කරන්න මහ නායක හාමුදුරුවො හම්බෙන්න යනව විතරයි. පරිස්සමෙන්.
sathyayaa Wednesday, 25 October 2017 01:16 AM
බුද්ධ භාෂණයේ එක වැදගත් ප්‍රකාශනයක් තමයි "පූජාත පූජනීයානං". එහෙත් අසරණ කමට හෝ නොදන්නා කමට අදත් මිනිස්සු ගස් ගල් වැනි මිනිස්සුන්ට වඳිනවා. මෙතෙන කොමෙන්ට්ස් දාල තියෙන ඇතෙමෙකුට මේ වෙනස තවම වටහා ගන්න ට බැහැ.