( +++ අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටුකිරීමට අසමත් වී ඇති හෙයින් ආණ්ඩුව අද විපක්ෂයේ මන්ත්‍රීවරුන් දඩයම් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (5) පැවැසීය.
ජනාධිපතිවරණයේදී පොරොන්දු දී ජනතා විශ්වාසය ගොඩනගාගත් නමුත් දැන් දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි බව ආණ්ඩුව තේරුම් ගෙන ඇතැයි කී මන්ත්‍රීවරයා, ශීඝ්‍රයෙන් ඉහළ යන බඩු මිල ඇතුළු ජනතා ප්‍රශ්න අමතක කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගනිමින් සිටින්නේ යයිද සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු කුමක් හෝ වරදක් සෙවීමෙන්ම මෙහි විහිළු ස්වරූපය මැනවින් පෙනෙන්න පටන්ගෙන තිබෙන බව මුජිබුර් රහුමාන් මහතා, ඉදිරියේදී ආණ්ඩුවට විරුද්ධව එල්ලවිය හැකි දරුණු විවේචන කල්තියා මැඩපැවැත්වීමේ ක්‍රමයක් ලෙස අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද පැවසීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුව පැවැත්විණි.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
’’පොරොන්දු ඉටුකරන්න බැරිව විපක්ෂ මන්ත්‍රීන් දඩයම් කරනවා’’
Senarath Monday, 06 January 2020 09:52 AM
රන්ජන්ගේ සහ ශානිගේ හඬ පට ටික ඇහුණේ නැතිද තවම? එ්ක ඇහුවම පෙනෙනවා පසුගිය යහපාලන රජය කරපු යහපාලනයේ තරම. 1948න් පසුව කිසිම රජයක් මේ වගේ පහත් වැඩ කරේ නැහැ. මහා බැංකුව හොරා කාපු හොරු දාම් බෝර්ඩ් බෙදපු, සිල් රෙදි බෙදපු උදවිය හිරේ දැම්මා FCID කියලා නාඩගමක් අටවාගෙන. එන මැතිවරණයේදී ලැජ්ජාවක් තියෙන කිසිම UNP කාරයෙක් ඡන්දෙ දෙන්නේ නැහැ මොවුන්ට...
HELARATAWASIYATuesday, 07 January 2020 01:23 PM
දාම් බෝර්ඩ් හොරු, සිල්රෙදි හොරු... කොච්චර කල් හිරේ හිටියද දන්නේ නැති නිසා අහන්නේ...
Bamunuarachchi Monday, 06 January 2020 10:36 AM
ඈ නුඹලා අවුරුදු 5ක් මොන බම්බුවක්ද රටට කරුවේ අඩුගණනේ හොරු ආල්ලන්න වත් බැරිවුණා. මොකද හොරු අල්ලන්න ගියොත් නුඹලාට හොර වැඩ කරන්න බැරිවෙන නිසා. මෙන්න ආණ්ඩුව, හොරු වංචනිකයින් මඩ ගසන්නන් අල්ලන කට්ටිය ඒ වැඩ ටික කරනවා. අධ්‍යාපනය හදන්න බාරගත් උදවිය ඒ වැඩ ටික සූදානම් කරනවා. අනිකුත් වැඩ බාරගත් අය ඒ වැඩ කොටස් කරනවා. ඔහෙලාට අවුරුදු 5ක් කරන්න බැරිවුණු දේවල් මේ ගොල්ලන්නට එක රැයෙන් කරන්න බැරිබව රටේ ජනතාව දන්නවා. අවරුදු 5 ගියාම කියනවා මේ ගොල්ලොත් වැඩ කලේ නැහැ කියලා. ඔය කියන ඒවාට ජනතාව අසුවුණා නම් 2019 නොවැම්බර් ප්‍රතිඵල වෙනස් හලෝ. මේ මාර්තුවේදී තමයි දුවන්න හම්බවෙන්නේ..
Bamunuarachchi Monday, 06 January 2020 11:23 AM
පාකිස්තානයේ දේශපාලකයෙකුට මරණීය දණ්ඩනය දුන්නාම අපි මෙහෙ ඉදන් අන්න ක්‍රමය අපේ රටේ තමයි ඔහොම නීති නැත්තේ කියමින් ඒ රටට ආවඩනවා. මෙහෙත් ඒ වැඩේ පටන් ගත්තාම ඒවා දේශපාලන පලිගැනීම කියනවා. ඔහෙලා කට වහගෙන උසාවියේදී නීතිඥයෝ ඉදිරිපත් කොරනවා මෙතන පල්හෑලි කියවන්නේ නැතිව.
සෙනෙවි Tuesday, 07 January 2020 12:58 PM
මොහු දඩයම් මන්දකට අසුවන දිනය වැඩි ඈතක නෙවෙයි
HELARATAWASIYA Tuesday, 07 January 2020 01:18 PM
අනේ බමුණු මහත්තයෝ, මෝඩකම පෙන්නන්නේ නැතුව ඉන්න. මහ දවල් ජනතාව රවට්ටන ෂෝ මේවා. ඔයා වගේ අයට හොඳයි මේවා...............
Bandara Wednesday, 08 January 2020 10:24 AM
දඩයම ගැන දැනගෙන ලීක් වුණු හඬපට අහගන්න.
Kiran Thursday, 09 January 2020 03:49 AM
හෙළ රටවැසියාගේ කිසිම හෙළ ගතියක් නැහැ. ඔහු පිටරටවසියෙකි පිටරටවැසියෙකි.