IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ

(ඩයනා උදයංගනී)

ජිනීවා නුවර පැවති මානව හිමිකම් කොමිසමට ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් තමන් ඇතුළු පිරිසක් සහභාගී වූයේ ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා අසත්‍ය ඒවා බව සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට මිස දේශපාලන වාසියක් බලාපොරොත්තුවෙන් නොවේ යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (10) පැවසීය.

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් කොමිසමේ යෝජනාව පිළිගැනීමේ ප‍්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාවක් මගින් රට දෙකඩ කිරීමට සිදුව ඇතැයි කී සරත් වීරසේකර මහතා එයට ඡන්දය ලබාදෙන මන්ත‍්‍රීවරුන්ට විශාල වශයෙන් මුදල් ලබාදීමට දෙමළ ඩයස්පෝරාව කටයුතු කරගෙන යන බවට තොරතුරු ඇතැයි ද කියා සිටියේය.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මේ බව පැවසුවේ නාවල, රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන සම්මේලන මූලස්ථානයේදී පෙරේදා (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මෙසේ ද කියා සිටියේය.

”අපි මෙවර ජිනීවා සමුළුවට සහභාගී වුණා. මේ ජිනීවා යෝජනාවට පාදක වුණේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාවයි. ඒ වාර්තාව මත පාදක වී මේ ජිනීවා යෝජනාව සකස් කර තිබෙනවා. වත්මන් රජය මේ දිනවල එකින් එක කරගෙන යන්නේ ජිනීවා යෝජනාවේ ඇති කරුණුයි.

අතුරුදන්වීමේ කාර්යාල පනත, බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ පනත, ව්‍යවස්ථා සංශෝධනය ආදී සියල්ලක් කෙරෙන්නේ ජිනීවා යෝජනාව අනුවයි. මේ ජිනීවා යෝජනාවට පදනම් වූ සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව අසත්‍ය ඒවා බව අපි මේ කොමිසමේදී කරුණු සහිතව ඔප්පු කළා. එහි ඇති චෝදනා අන්තර්ගත වාර්තාව අපේ විදේශ අමාත්‍යාංශයට ආවේ ජිනීවා යෝජනාව ඉදිරිපත්වීමට දින 10කට පෙරයි. අපේ විදේශ අමාත්‍යාංශය කිසිම විමර්ශනයක් නැතිව අගය කරමින් පිළිගෙන අපිට එරෙහි මේ යෝජනාවට සම අනුග‍්‍රාහකත්වය දක්වා තිබෙනවා.

ගෝලීය ශ්‍රී ලංකා සංසදය තමයි මෙයට විරුද්ධව අදහස් දැක්වීම සඳහා අපිට අනුග‍්‍රාහකත්වය ලබාදුන්නේ. එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්සප හාමුදුරුවන්ගේ පන්සල හරහායි අපි මේ කටයුතු ආරම්භ කළේ. අපි යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා, ජෙෆ්රි නයිස් වැනි ලෝකය පිළිගත් යුද විශේෂඥයින් හය දෙනෙකුගේ වාර්තා 7ක් විදේශ අමාත්‍යාංශයට ඇවිත් තිබුණා. ඒවා ඇතුළු වාර්තා අපි මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ලබාදුන් සහය ගැන අපි ගෝලීය ශ්‍රී ලංකා සංසදයට ස්තුතිවන්ත වෙනවා.

මේ කරන්න යන ව්‍යවස්ථා සංශෝධනය ලංකාවට අවශ්‍ය එකක් නෙවෙයි. මෙය ජිනීවා යෝජනාවේ තිබූ එක් යෝජනාවක් අනුගමනය කිරීමක්. ව්‍යවස්ථා සංශෝධනයකින් දේශපාලන විසඳුමකට එන ලෙස එහි යෝජනාවක් තිබෙනවා. ප‍්‍රභාකරන්ට යුද්ධයෙන් ගන්න බැරි වූ දේ තමයි මේ ව්‍යවස්ථාවෙන් දෙන්න හදන්නේ. මෙය හැදුවේ ජයම්පති වික‍්‍රමරත්න මහතා සහ සුමන්දිරන් මහතා එක්වයි.

ජයම්පති වික‍්‍රමරත්න මහතා මෙය අනාගමික රාජ්‍යයක් විය යුතුය යන මතයේ සිටින ෆෙඩරල්වාදියෙක්. සුමන්දිරන් මහතා සිංගප්පූරුවේදී කියා තිබෙන්නේ අපේ සිංහලයාට හා හාමුදුරුවරුන්ට අවශ්‍ය ලේබල් පමණයි. අපි අවශ්‍ය දේ කරමු කියලයි. ඒකීය ලේබලය තුළ ඔවුන් උපරිම ලෙස බලය විමධ්‍යගත කර ස්වාධීන පළාත් 9ක් බවට පත්කිරීමට ව්‍යවස්ථාව මගින් ප‍්‍රතිපාදන සකස් කරගෙන යනවා.

මේ ව්‍යවස්ථාවට අත උස්සන සෑම මන්ත‍්‍රීවරයෙක්ම දේශයට ද්‍රෝහීවන දේශද්‍රෝහීන් ලෙසයි අපි සලකන්නේ. දැනටමත් දෙමළ ඩයස්පෝරාව මෙයට ඡුන්දය ප‍්‍රකාශ කරන මන්ත‍්‍රීවරුන්ට රුපියල් මිලියන 300 බැගින් ලබාදීමට යන බවට අපිට ආරංචිමාර්ග ලැබී තිබෙනවා. මෙයට අත උස්සන අය මුදලට තමන්ගේ මාතෘභූමිය විකුණන අය ලෙසයි අපි සලකන්නේ.

රණවිරුවන් 26,000ක් මියගොස් 14,000ක් ආබාධිත වුණේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙනුයි. මෙයට අත උස්සන අය කරන්නේ ඒ රණවිරුවන් පාවාදීමක්. අපි මන්ත‍්‍රීවරුන්ගේ ඥාතීන්ගෙනුත් ඉල්ලන්නේ මන්ත‍්‍රීවරුන්ට මෙයට අත උස්සන්නට නොදෙන ලෙසයි. රටට අපහාස වන ප‍්‍රකාශ නිකුත් කර රටට අපහාස කරන අවස්ථාවක ඉඩෝරයට පොද වැස්සක් සේ රටට යම් තත්ත්වයක් මානව හිමිකම් සංසදය තුළ ලබාදීමට අපිට හැකිවුණා.

මම අවුරුදු 35ක් නාවික හමුදාවේත්, වසර 4ක් සිවිල් ආරක්‍ෂක බළකායේත් වශයෙන් යුද්ධය ආරම්භ වූ දා සිට අවසානය තෙක් සේවයේ සිටියා. බෙංගමුවේ නාලක හිමියන් ඒ කාලයේ රණවිරුවන් දිරිමත් කරන්නට විවිධ කටයුතු කළා. උන්වහන්සේගේ ජිනීවා නුවරටත් ගොස් අපට ආශීර්වාදය ලබාදුන්නා.” යැයි සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

ජිනීවා නුවර මානව හිමිකම් කොමිසමට සහභාගී වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙහිදී මෙසේ පැවසීය.

”අපි මේ ප‍්‍රශ්නය නිවැරදිව වටහා ගත යුතුයි. මතුපිටින් බලා සරලව මෙය තේරුම් ගත නොහැකියි. අද සිදුවෙමින් පවතින්නේ මානව හිමිකම් ප‍්‍රශ්නයක් විසඳීම පමණක් නෙවෙයි. ලංකාවේ ඉතිහාසය පුරා බොහෝ කාලයක් නොබැඳි රටක් ලෙස තිබුණා. ජාත්‍යන්තරයේ එදා ලංකාව එතරම් වැදගත් රටක් වුණේ නැහැ. නමුත් පසුගිය දශක කිහිපයේදී චීනය හා රුසියාව බලවත් වීගෙන එද්දී ලෝක බල තුලනය තුළ ලංකාවට අනාගතයේ යම් කාර්යයක් ඉටු කළ හැකි බව පේනවා. මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර කණ්ඩායම්වලට ලංකාවේ ස්ථාවර දේශපාලන වාතාවරණයක් පැවතීම හිතකර දෙයක් ලෙස පේන්නේ නැහැ. ඒ නිසා මානව හිමිකම් කොමිසම හරහා ලංකාව අස්ථාවර කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙනවා.

මේ සඳහා ඔවුන්ට සිටින හොඳම කණ්ඩායම දෙමළ ඩයස්පෝරාවයි. ඒ අයට මුදල් වියදම් කරන්න පුළුවන් සේම රට බෙදීමේ උවමනාවත් තිබෙනවා. රට අස්ථාවර කළ හැකි හොඳම ක‍්‍රමය රට බෙදීමයි. ඒ නිසා බෙදුම්වාදයට උඩගෙඩිදීම මේ කොමිසම හරහා සිදුවෙනවා. මේ කොමිසම තුළ සිටින රටවල් සියල්ල අපිට එරෙහි රටවල් නෙවෙයි. අපි ඉදිරියේදීත් කොමිසමට ගොස් අපේ ප‍්‍රශ්නය ගැන කතා කරනවා නම්, අපිට ඇති බොරු චෝදනාවලට නිසි ලෙස පිළිතුරු දෙනවා නම් අපිට මේ රටවලින් උදව් ලබාගන්න පුළුවන්.

නමුත් අවාසනාවකට මෙන් 2015 සැප්තැම්බරයේ අපට විරුද්ධව ගෙනා වැරදි වාර්තාවක් අපේ රජය අගය කරමින් පිළිගත්තා. අරගෙන ඡුන්දයකින් තොරව සම්මත කළා. අපි වැරදි කළ බව පිළිගත් නිසයි අපි මානව හිමිකම් කොමිසම තුළ අසරණ වී සිටින්නේ. ඒ නිසා අද අපි ඉතා ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. ඉන්දියාවේ වයිකෝ වැනි කණ්ඩායම් පැමිණ දිගින් දිගටම රටට විරුද්ධව කතා කරද්දී ජාත්‍යන්තරයට යන්නේ ඔවුන්ගේ පණිවුඩය පමණයි. අපේ රජය මේවා බොරු බව කියන්නේ නැහැ. අපේ තානාපති නිලධාරීන්වත් කතා කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් තුළයි අපි ස්වේච්ඡාවෙන් ගොස් රට වෙනුවෙන් කතා කළේ.

ජිනීවා ගිහින් වැඩක් නැති බව ඇමතිවරයෙක් කියා තිබුණා. එහෙනම් ඩයස්පෝරාව වියදම් කරගෙන ඇවිත් මෙහෙම කතා කරන්නේ ඇයි? ලංකාවේ තිබෙන්නේ සුළු ජාතීන් විනාශ කරන පසුබිමක් බව කියන විට ඒ පණිවුඩය ලෝකයට යනවා. අපි ගිහින් කතා කළේ රට වෙනුවෙන් මිස අපිට දේශපාලනයක් නැහැ. අපි ජිනීවාවලදී නැගුවේ මේ රටේ ජනතාවගේ හඬයි.

අපි ජිනීවා යෝජනාවලට එකඟ වූ නිසා ලෝකයම අපි සමඟ සිටින බව රජය කියනවා. නමුත් නිවටකමට ලෝකයේ රටවල් අපිව අගය කරන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය මෙතනින් නතර වෙනවා කියා සිතනවා නම් එය මෝඩකමක්. වයිකෝලා කතා කරන්නේ ආරක්‍ෂක මණ්ඩලය හරහා සම්බාධක පනවන්නයි. අපි ජිනීවා සටන හරියට නොකළොත් ආරක්‍ෂක මණ්ඩලය හරහා රටට විරුද්ධ තීන්දු ගන්න පුළුවන්. අපි ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස එක් නොවුණොත් මේ රට මොවුන් දෙකඩ කරනවාමයි. එසේ වුණොත් නිර්මාණය වන්නේ වසර දහස් ගණනක අර්බුදයක්.”

 ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ සම සභාපති බෙංගමුවේ නාලක හිමියෝ මෙහිදී මෙසේ අදහස් දැක්වූහ.

”ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලෙස අපි ජිනීවා නුවරට ගොස් කළ දේ ගැන විවිධ අය විවිධ දේ ප‍්‍රකාශ කරනවා. අපි ඒ සමුළුවට සහභාගී වුණේ අපේ රට වෙනුවෙනුයි. මේ අවස්ථාව වන විට යහපාලන ආණ්ඩුව යටතේ රට මේ වන විට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිනවා. දැනටත් රට වැටිලා.

දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් මානව හිමිකම් සමුළුවේදී රටට විරුද්ධව විවිධ අසත්‍ය කරුණු ඉදිරිපත් කරනවා. මානව හිමිකම් සමුළුවේ ප‍්‍රධානීන් හමුවට ගොස් අපි හෝ සත්‍ය කිව යුතුයි යන අරමුණෙනුයි අපි කණ්ඩායමක් ඒ වෙත යොමු කළේ. අපි රටට හිතවත් සංවිධානයක්. ලෝකය පුරා සිටින රටට හිතැති අය ඒකරාශී කිරීම අපි මේ වන විට කරගෙන යනවා. වෙනත් රටවල අයත් තමන්ගේ රටවල මානව හිමිකම් කඩවන බවට මෙහි පැමිණ ප‍්‍රකාශ කරනවා. ඉන්දියාවෙනුත් කිහිප දෙනෙක් එලෙස අදහස් දැක්වූවා.

නමුත් දෙමළ බෙදුම්වාදීන් මෙහිදී කියන්නේ උතුරු ප‍්‍රදේශය හමුදාවෙන් අල්ලාගෙන ඔවුන්ට හිරිහැර කරනවා. යුද අපරාධ කරනවා වැනි කරුණුයි. අපි එක්කෙනෙක් කතා කරද්දී ඔවුන් 15 දෙනෙකු පමණ රටට විරුද්ධව කතා කරනවා. අපි මෙහිදී පැහැදිලිව කීවේ රට බෙදන්න දෙන්න නොහැකි බවයි. හමුදාව එවැනි දේ නොකළ බව යුද සමයේත් හමුදාව සම`ගම බංකර්වල පවා සිටි මා දන්නවා. අපේ හමුදාව පහත් දේ කරන්නේ නැහැ. ඒ නිසාම දෙමළ ජනතාව අපේ හමුදාවට ආදරෙයි.

මේ කණ්ඩායම සාප්පු සවාරි ගිය බව මහින්ද අමරවීර ඇමතිවරයා කියා තිබෙනවා. මෙහේ මැති ඇමතිවරු ගිහින් කරන්නේ මලූ පිරවීම පමණක් බව ඒ කාලේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා කියා තිබෙනවා. දැන දැනත් මේවාට දඬුවම් නොකිරීමේ විපාකයි දැන් මේ විඳින්නේ. අපි ගියේ අපි සොයාගත් මුදල් වියදම් කරලයි. ආණ්ඩුව හරිනම් අපිට ගරු කළ යුතුයි. ඒත් කරන්නේ රට වෙනුවෙන් පෙනී සිටි අපිට අගෞරව කිරීමයි.

මේ දේශද්‍රෝහී ආණ්ඩුව පෙරළා දැමීම හැර අපට දැන් වෙන විකල්ප නැහැ. ව්‍යවස්ථා ගෙනැවිත් රට බෙදන්න හදන මේ ආණ්ඩුව මැතිවරණ පවා කල්දමමින් සිටිනවා. එයත් මානව හිමිකම් කඩකිරීමක්. අපි මීළ`ග වාරයේදීත් ජිනීවා ගොස් රට වෙනුවෙන් පෙනී සිටිනවා.”

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ අනුරාධා යහම්පත් මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

”මේ රජය පත්වුණේ ජාත්‍යන්තර බලවේගවල අවශ්‍යතාව අනුවයි. දෙමළ ඩයස්පෝරාවේ බලය ජාත්‍යන්තරයට කොතරම් දැනී ඇද්ද යන්න අපිට වැටහුණොත් ජිනීවා නුවරට ගිය පසුවයි. එරික් සෝල්හයිම් මහතා පසුගිය දිනක කියා තිබුණේ ලෝකයේ ඩයස්පෝරා අතුරින් ශක්තිමත්ව ඩයස්පෝරාව දෙමළ ඩයස්පෝරාව බවයි. ඔවුන්ගේ ඉල්ලීම්වල සාධාරණත්වය ගැනත් කතා කර තිබුණා. ඔවුන් ඉදිරිපත් කරන අභූත චෝදනාවල අරමුණ මේ රට දෙකඩ කිරීමයි. අපි යුද්ධය ජයගත් පසුවත් ව්‍යවස්ථාවකින් රට දෙකඩ කිරීමේ උත්සාහයක් ඇති බව පෙනෙනවා. එය සිදුවුවහොත් නැවතත් සිදුවන්නේ රට යුද්ධයක් කරා යොමුවීමයි. ලේඛනගත වී රට විනාශ වෙන්න වැඩි කාලයක් නැති බව දැන් අපිට පේනවා. එවැන්නක් සඳහා අපි ඉඩ නොතැබිය යුතුයි.”

 ගෝලීය සංසදයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙසේ සඳහන් කළේය.         

”මේ රටේ දේශපාලනයෙන් යැපෙන මිනිස්සු අපි කළ දේ ගැන අපහාසයෙන් කතා කළත් අපි මේ දේ කළේ රට වෙනුවෙන් පමණයි. අපි ගියේ සාප්පු සවාරියක් නෙවෙයි. සරත් ෆොන්සේකා වැනි සමහර ඇමතිවරු තමන්ගේ දේශපාලන යැපීම සඳහා අපි කළ දේ අවතක්සේරු කරනවා. එදා එක්සත් ජාතික පක්‍ෂය කීවේ  ඕනෙ ගොනකුට යුද්ධ කරන්න පුළුවන් කියලයි. එදා මහින්ද රාජපක්‍ෂ මහතායි යුද්ධය කළේ. එදා එයට උදව් කළේ දේශප්‍රේමීනුයි. අපි රට ත‍්‍රස්තවාදයෙන් නිදහස් කරගැනීමේ යුද්ධයකුයි කළේ.

මානව හිමිකම් කොමිසම තුළ රටේ රණවිරුවන්ට විරුද්ධව යුද අපරාධ චෝදනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අපරාධ හා සරත් ෆොන්සේකා මහතා කියන අපරාධ කියන්නේ එකක් නෙවෙයි දෙකක්.

රටේ නීතියට අනුව වැරදි කළ අයට දඬුවම් දිය හැකියි. නමුත් යුද අපරාධ ඊට වඩා වෙනස්. පවතින ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් ලෙස යම් ජනතාවක් ඉලක්ක කරගෙන කරන අපරාධයකටයි යුද අපරාධ කියන්නේ. අපි එල්ල කර ඇති චෝදනා අසත්‍ය බව කරුණු සහිතව මෙහිදී පැහැදිලි කළා. අපි මේ රට වෙනුවෙන් පෙනී ඉන්නේ ඡුන්ද බලාපොරොත්තුවෙන් නෙවෙයි.” 



අදහස් (0)

ප‍්‍රභාකරන්ට යුද්දයෙන් ගන්න බැරිවූ දේ

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2182 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 505 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site