(දිනේෂ් උපේන්ද්‍ර)
පාස්කු ප්‍රහාරය පිළිබඳව සෙවීමට කොමිසමක් පත් කළා සේ පාස්කු ප්‍රෝඩාව ගැන සේවීමටත් වෙනම කොමිසමක් පත්කළයුතුයැයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(04) පැවසීය.
කුලියාපිටිය ඇස්වැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරස්ථානයේ ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.
සෙනසුරාදා ඉරිදා යන දෙදින තුළ සමගි ජනබලය වටා ඒකරාශී වී ඉකුත් මැතිවරණයේදී උපකාර කළ සියලු දෙනා සමග පිළිසඳරෙහි යෙදීම සඳහා යන අතරවාරයේ ඒ මහතා කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරයට පැමිණ පල්ලේකාගම රතනභාරතී හිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට එහිදී පිළිතුරු දුන් විපක්‍ෂ නායකවරයා මෙසේද පැවසීය.
“විවිධ මාතෘකා යටතේ සොයාබැලීම් කරන්න විශේෂ කොමිසම් පත්කරලා තියනවා. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ බොරුකියපු ප්‍රෝඩා කරපු අය ගැන හොයා බලන්න නව කොමිසමක් පත්කළයුතුව තිබෙනවා. ඒ මිය ගිය අහිංසක ජනතාවගේ මළ කඳන් උඩින් තමයි දේශපාලනය කරන්න මේ මහා ප්‍රෝඩාව කළේ. රිෂාඩ් බදියුදීන් මහතා ඇතුලුව ඒ මහතාගේ පවුලේ පිරිස, මැතිවරණයට පෙර ත්‍රස්තවාදීන්ට උදවුකළ අය. නමුත් අද වෙනකොට තත්වය වෙනස් වෙලා. ඒ කාලෙ සතොසෙන් හොරකම් කළා කියලත් කිව්වානෙ. අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන්ම කියනවා සාක්‍ෂි නැහැ කියලා.
කාර්යාලයක් විවෘත කරනකොට නම් එතුමා ආණ්ඩුවෙ උත්සවයක් නියෝජනය කළා කිව්වට මේ විවෘත කරන හැම එකක්ම අපේ කාලයේ හදපුවා. ඒ නිසා බදියුදීන් මහත්තයට අරාධනාවක් ලැබෙන්න ඇති. ඒත් මම හැමදාම කියන්නෙ අපේ සියලුදෙනා හොඳ දෙමාපියන්ගෙ දරුවො. ඒ අය පක්‍ෂයට පිටින් ගිහින් 20 සම්මත කරන්න උදව් දෙන්නෙ නැහැ.අපි හොඳ ස්ථාවරයක සිටින ශක්තිමත් විනයානුකූල විපක්‍ෂයක් විදිහට මෙතන හැම පක්‍ෂයකම කකුල් තියාගෙන ඉන්න පිරිසක් නැහැ. ඒ සියලුදෙනා කකුල් තියාගෙන ඉන්නෙ රටේ ජනතාවගෙ ජාතික ආරක්‍ෂාව පැත්තෙ.
දැන් හැමෝම කථාවෙන්නෙ 20 ගැනයි. ඊට තුනෙන් දෙක හොයන එක ගැනයි. ඇත්තටම තුනෙන් දෙකට ආසන්න ජනවරමක් මේ ආණ්ඩුවට ලැබිලා තියනවව වුනත් ඒක ලැබුණෙ අර කියලු පාස්කු ප්‍රෝඩාව මත. ඒ නිසා ඒක ජනතාවට බොරු කියලා ගත්ත ව්‍යාජ වරමක්. කහ ප්‍රශ්නයට විසඳුම් හොයන්න පොල් මිල පාලනය කරන්න තුනෙන් දෙක අවශ්‍ය නැහැ. ජනතාව ගැන සිතන්නට අවශ්‍යයි. කොහොම වුණත් අපි ජනවරමින් ජන ශක්තියෙන් මේ සදාචාරසම්පන්න නොවන 20 පරදවනවාමයි” යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී සුජීව සේනසිංහ මහතා ස්වාධීනව සිටීමට ගෙන ඇති තීරණය පිළිබඳව ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශනයට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ මැතිවරණ පරාජය සමගින් ඕනෑම අයෙකුට ආවේගශීලී සිතුවිලි පැමිණුනත්, සියල්ල කාලයාගේ ඇවෑමෙන් විසඳෙන බවයි. තවද කෝවිඩ්-19 සම්බන්ධව ප්‍රදේශ කීපයක ඇඳිරිනීතිය පනවා ඇති බවද පවසන ඒ මහතා කොවිඞ් පාලනය කර තිබුණත් මේ වනතෙක් එන්නතක් හෝ සොයා නොගත් පසුබිමක ආරක්‍ෂාකාරීව දිවිගෙවීම සුදුසු බවද පැවසීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘පාස්කු ප්‍රෝඩාව ගැන හොයන්නත් වෙනම කොමිසමක් ඕනෑ’
Kumari Monday, 05 October 2020 01:52 AM
ඔන්න නින්දෙන් ඇහැරිලා දොඩවනවා.
RaveendraTuesday, 06 October 2020 06:06 AM
හානේ... මේ අපේ අලුත්ම අලුත් "සජී මලයා" නේද? කමෝන්.. කමෝන්.. දෙන්න මල්ලි හතර හන්දි කැඩෙන්නම...
Senarath Monday, 05 October 2020 03:26 AM
පාස්කු ප්‍රහාරය වෙනකන් බලාගෙන හිටපු, පාස්කු ප්‍රහාරය වෙන බව දැන දැනම හිටපු මැති ඇමතිවරු සියලුම දෙනාට ජනතා කොමිසම හොඳ උත්තරයක් දුන්න එක මදිද.?
Athula k Monday, 05 October 2020 02:57 PM
කර කරපු කාරක සභා ප්‍රෝඩාව?
Raveedra Monday, 05 October 2020 03:26 PM
මම බලයට ආවිගස නැගෙනහිර පළාතේ නිරායුධව පුල්ලියන්ට බාරවෙන්න කියා අණදුන්නේ කවුද යන්න සෙවීමට කොමිසම පත් කරන අතර කොට නම් කම්කරු උස නම් සිකුරිටි යන ප්‍රතිපත්තිය නීතිගත කිරීම පමා කළ ගොන් තඩියන්ව සොයා බැලීමට තවත් කොමිසමක් දානවා.
babaa Tuesday, 06 October 2020 12:41 AM
එතකොට 78 79 කාලේ මරපු මිනිසු.?
nirmal mendis Wednesday, 07 October 2020 03:12 PM
'පාස්කු ප්‍රෝඩාව' යන යෙදුම මගින් කිතු බැතිමතුන්ගේ උත්තරීතර ආගමික උත්සවයක් අපහාසයට ලක්කෙරෙන බව ගරු විපක්ෂ නායකතුමාට කාරුණිකව මතක් කරමි. 'වෙසක් ප්‍රෝඩාව' ,'රාමදාන් ප්‍රෝඩාව' යනාදී යෙදුම් බෞද්ධ හා ඉස්ලාම් බැතිමතුන් තුළ කිනම් හැඟීම් දනවනු ඇත්දැයි මොහොතකට සිතා බලන්න.
Bamunuarachchi Saturday, 17 October 2020 06:28 AM
යහපාලන කාලේ ඕගොල්ලෝ දම්මානේද පාර්ලිමේන්තු කාරක සභාවක්. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සොයන්න නේද? ඉතින් ඒ කාරක සභාවෙන් මොනවද සෙව්වේ...? අසාද් සාලිත් සාක්කි දුන්නා නේද? එ්කේ හිටියේ ත්‍රස්තවාදයේ තාත්තලා. එ් ගොල්ලන්ගෙන් පේන ඇහුවේ...