IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


‘පොහොට්ටු ආණ්ඩුවෙන් කැපූ රාජ්‍ය සේවක දීමනා අපි දෙනවා‘

(*** අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවකයන්ට හොඳින් සලකන බව කියා බලයට පැමිණි පොහොට්ටු ආණ්ඩුව දැන් රාජ්‍ය සේවය දියකර හරිමින් රාජ්‍ය සේවක සියලු‍ දීමනා සහ අයිතීන් කප්පාදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෝමාගම දී පැවසීය.

එක්සත් ජාතික පක්ෂය බලයට පත්වූ සැණින් රනුග්ගේ කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන බව කී රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය සේවකයන්ට තම රජය දුන් සහන සියල්ලක්ම නැවතත් ලබාදීම ආරම්භ කරන බවද අවධාරණය කළේය .

එක්සත් ජාතික පක්ෂ හෝමාගම සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා සංවිධාන කළ මෙම ජනහමුව හෝමාගම, පිටිපන අමල්යා උත්සව ශාලාවේ දී පැවැත්විණි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද සියලු‍ම දෙනා ජීවත් වන්නේ අසීරුවෙනුයි. ගෙවල්වල තිබෙන තත්ත්වය අමුතුවෙන් කිව යුතු නැහැ.

සෑම දෙනාටම ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදු වී තිබෙන බව මා දන්නවා. කුමන ක්ෂේත්‍රයක වුවද රජයේ මෙන්ම පෞද්ගලික අංශයේත් වෙළෙඳ ව්‍යාපාර, සංචාරක, ප්‍රවාහන ව්‍යාපාරවල සිටියත් අද සැමගේ ආර්ථිකයට පහර වැදී තිබෙනවා.

රජයේ සේවකයන්ට අපේ ආණ්ඩුව ඉතා හොඳින් සැලකුවා. රජයේ සේවකයන් දේශපාලන බලපෑමෙන් ඉවත් කරන්න අපට අවශ්‍ය වුණා. ඒ වගේම පොලිසිය දේශපාලන බලපෑමෙන් ඉවත් කරන්න අවශ්‍ය වුණා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන මැතිවරණ කොමිසම ඒ අනුව මා ස්ථාපිත කළා. අප පටන් ගත්තේ එතැනින් ඊටත් වඩා හොඳ වාර්තාවක් අප සතුව තිබෙන නිසයි.

1948 න් පසු අප තරම් රාජ්‍ය සේවකයන්ට වැටුප් හා දීමනා දුන් වෙනත් ආණ්ඩුවක් නැහැ. අනෙක් අය කතා කරනවා පමණයි. පෙළපාළි යනවා සටන් පාඨ කියනවා පමණයි.

ආණ්ඩුව පත්වී මාස දෙකෙන් එනම් පළමු අයවැයෙන් රුපියල් දස දහසක් රාජ්‍ය සේවක වේතන වැඩි කළා. 2019 වසරේ මා ආපසු ආණ්ඩුව බාර දෙන විට රාජ්‍ය සේවක වැටුප සියයට 107කින් වැඩි කර තිබුණා. අප එවැනි දියුණුවක් ඇති කළා.
අප විශ්‍රාම වැටුප් විෂමතා සංශෝධනය කර විශ්‍රාමිකයන් ලක්ෂ 5ක ගේ දීමනා වැඩි කළා. රුපියල් 12,500 සිට රුපියල් 48,000 දක්වා එය වැඩි කළා.

ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන බලපෑමෙන් මා ඉවත් කළා. පත්වීම් හා උසස්වීම් සියල්ල කළේ පොලිස් කොමිසමෙනුයි. රුපියල් 10000 වැටුප් වැඩිවීමට අමතරව තවත් 40% කින් වැටුප් වැඩි කළා. 2015 සහ 2019 වසරවල දී අප හමුදාවේ වැටුප් අට වතාවක් වැඩි කළා.

ඒත් අද සිදුවී ඇත්තේ කුමක්ද? අද රාජ්‍ය සේවය විශාල අර්බුදයකට පැමිණ තිබෙනවා. රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙන බව දැන ගත්තේ රාජ්‍ය සේවකයන්ට නොසලකා හැරීමට පටන් ගත් නිසයි.

මෙරට ආර්ථික අර්බුදය පටන් ගත්තේ කොරෝනා සමග නොවෙයි. පළමුවෙන්ම ආර්ථික අර්බුදය පටන් ගත්තේ 2020 දී රාජ්‍ය සේවකයන්ට දිය යුතු දීමනා සියල්ල නතර කළ මොහොතේයි. කොරෝනා පැතිරෙන්නට පටන් ගත්තේ පෙබරවාරි, මාර්තු මාසවලදීයි. ඒත් ජනවාරි වලදීම ආර්ථික අර්බුදය ඇරඹුණා.

මේ ආණ්ඩුව පසුගිය නොවැම්බරයේදී සමාගම්වලින් එන බදු අඩු කර ආදායම අහිමිකර ගත්තා. එයින්ම කරදරේ වැටුණා. ඉන්ධන මිල අඩු නොකළේ ඇයි දැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවෙන් විමසුවා. ඒ වෙනුවට විශාල ව්‍යාපාරවල බදු අඩු කළේ ඇයි දැයි ඇසුවා. 2020ජනවාරි වන විට විශේෂ දීමනා ගෙවන්නට බැරි තත්ත්වයට ආණ්ඩුව පත් වුණා.

නිලධාරීන්ගේ කැමැත්ත නැතිව අරමුදල් සඳහා පඩි කපන්න පටන් ගත්තා. ආර්ථික අවුලට ඇද දමා පඩියට තට්ටු කළා. අතිකාල සහ අනිත් දීමනා සියල්ල කපන්න පටන් ගත්තා. පසුගිය සිංහල – දෙමළ අවුරුද්ද ඓතිහාසික අවුරුද්දක් බව කිව යුතුයි. පළමු වතාවට රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000 ක උත්සව අත්තිකාරම් දුන්නේ නැහැ.

රාජ්‍ය සේවය නැති කරන්න ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කළා. පොලිසියේ මාරුවීම්වලට ඇඟිලි ගැසුවා. පොලිස් නිලධාරීන් එකවරම ඉවත් කරන්න කටයුතු කළා.

අප වරමක් ඉල්ලන්නේ ජනතාව සමග සම්මුතියක් ඇති කර ගෙනයි. රාජ්‍ය සේවකයන්ගේ නතර කළ දීමනා සියල්ල අප ආණ්ඩුව පිහිට වූ පසු දෙනවා. ඒවා නතර කරන්නේ නැහැ. රනුග්ගේ කමිටු වාර්තාව මා ක්‍රියාත්මක කරනවා. ජනවාරියේ දීමනා ගණනාවක් දෙන්න තිබුණා. ඒ සියලුම දීමනා දෙනවා.

අපේ ප්‍රතිපත්තිය කුමක්ද? අර්බුදයෙන් ගැලවෙන්න හැකියාව ඇත්තේ ජනතාවගේ අතට මුදල් දීමෙනුයි. ජනතාව මුදල් වියදම් කළ යුතුයි.
එක්සත් රාජධානිය සෑම පවුලකටම පවුම් පන්සීයයක වවුචරය බැගින් දෙනවා. එය බැංකුවට දාන්න බැහැ. සාප්පුවක හෝ ආපන ශාලාවක හෝ වියදම් කළ යුතුයි. සිල්ලර වෙළෙඳාම දියුණු කරන්නේ මේ අයුරින් අතට මුදල් දීමෙනුයි.

අප ලබා දෙන්නේ අලුත් දීමනා නොවෙයි. අප දෙන්න පොරොන්දු වූ දීමනා බව කිව යුතුයි. රනුග්ගේ වාර්තාව ක්‍රියාත්මක කර ආධාර උපකාර කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒ වාර්තාව මගින් උසස්වීම් දීමනා දෙන්න කටයුතු කරනවා.

පොලිසියටත් මෙහි වාසිය ලැබෙනවා. මාලි රාජ්‍යයට බලඇණියක් පිටත් කිරීමට මා ගත් තීරණය ඉතාම හොඳ බව බොහෝ දෙනා කියනවා. තවත් අය එහි ගොස් මුදලක් සොයාගන්න කැමතියි. ඒ නිසා අපට ජාත්‍යන්තර සබඳතා අනුව එක්සත් ජාතීන්ගේ සාම හමුදාව සඳහා සම්පූර්ණ බල සේනාවක්ම ලබාදෙන්න හැකියාව තිබෙනවා. පාබල හමුදාව පමණක් නොව. සන්නද්ධ කාලතුවක්කු ආදී සැමට එහි ගොස් මුදලක් උපයා ගන්න අවස්ථාව ලැබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා නිසා මේ කටයුතු කළ හැකියි. මේ ආණ්ඩුව ආබාධිත රණවිරුවන් වෙනුවෙන් කළේ කුමක්ද? අප ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නය විසඳනවා. හමුදාවටත් අග්‍රහාර පහසුකම් දෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න මා කටයුතු කරනවා. නතර කළ අතිකාල දීමනා සියල්ල දීම මගේ ප්‍රතිපත්තියයි.යයි ද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


එක්සත් ජාතික පක්ෂ හෝමාගම ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා,
මේ ආණ්ඩුවට තව දුර යන්න බෑ. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට මේ ආණ්ඩුව කඩා වැටෙනවා. අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රට කඩා වැටෙන තුරු බලා ඉන්නේ නැහැ.

අතීතයේ පවා කඩාවැටුණු ආර්ථිකය ගොඩගන්නට එතුමා කටයුතු කළා. ප්‍රභාකරන් පවා දුර්වල කර යුද්ධය නිමා කිරීම සඳහා මූලික අඩිතාලම දැමූ දුරදක්නා නුවණින් යුතු නායකයා එතුමා යයි දයා ගමගේ මහතා පැවසීය.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (3)

‘පොහොට්ටු ආණ්ඩුවෙන් කැපූ රාජ්‍ය සේවක දීමනා අපි දෙනවා‘

අබිලින් Thursday, 09 July 2020 01:13 PM

ඔබතුමා කියන දේ හරි. නමුත් මැතිතුමනි, ලිපිකාර සේවය කළමණාකරණ සහකාර සේවය කරද්දී අධි ශ්‍රේණියත් පළමු පංතියත් නොසලකා හැර 2004දී කටයුතු කළා. ඒ ගැන කොතෙක් කිව්වත් සලකා බැලීමක් කළේම නැහැ. නමුත් පැවැති වැටුප් කොමිසම සමහර කෙනෙකුට නිවැරදි වැටුප් සකසා දුන්නා. පසුගිය කාලයේ කුරුණෑගල පැත්තේ සංගමයක කෙනෙක් වරින්වර නඩුකියනවා ඇමති හමුවෙනවා. උපදේශකලාට ගෙවන්න කියකියා අසාධාරණයට ලක්වූ අයගෙන් විවිධ අස්ථාවල මුදල් එකතුකළා. ඔබතුමාගේ කාලේ හිටපු ඇමතිතුමාවත් මේ ගැන නම් බැලුවේ නැහැ. ඔබතුමා ඔය කියනදේ කෙසේ පිළිගන්නද?

:       0       0

VINIVIDA Thursday, 09 July 2020 10:59 PM

මෙවර මැතිවරණයෙන් පොහොට්ටු පක්ෂය රජයක් පිහිටුවීමෙන් පසු MMC ගිවිසුම ඇමෙරිකාව සමග අත්සන් කිරීම නිවැරදිවම සිදුකරනු ඇත. MMCය සමග ගිවිසුමක් අත්සන් කරනවද, කියා රජය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත... මේ වනවිට ගිවිසුම පිළිබඳව රජයේ අවසන් තීරණය ප්‍රකාශ නොවනුයේ මැතිවරණයට පසුව කුඩා සංශෝධන ඇතුළත් කර ඇමෙරිකාව සමග ගිවිසුම් ගතවන නිසාවෙනි. නිහඬ ප්‍රතිපත්තියක සිට ඇමෙරිකාව ලංකාවේ නව රාජපක්ෂ රජය ගිවිසුම අත්සන් කළපසු ගිවිසුමට අදාළ මුදල් ලබාදීමට නම් කොන්දේසි ඉදිරිපත් කෙරෙනු ඇත. අවසානයේ සිදුවන්නේ ඇමෙරිකාව ලංකාවේ රජයට මුදල් ලබා නොදෙන ප්‍රතිපත්තියකට අවතීර්ණ වීමයි. ඉදිරියේදී පවත්වන ඇමෙරිකානු මැතිවරණයේ ට්‍රම්ප් නැවත ජනාධිපති වුවහොත් චීනය සමග මේ වනවිට පවතින වෙළඳ සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උග්‍ර අතට යොමුවනු ඇත. ට්‍රම්ප් වෙනුවට ජෝ බිඩන් ජනාධිපතිවුවහොත් තත්වය වෙනස් වනු ඇත. එසේ වුවත් COVID -19 අර්බුදය නිසා රටවල් අතර වෙළඳ කටයුතු සිදුවන්නේ ඉතාමත්ම සුළු වශයෙනි.

:       0       0

ranjith Thursday, 09 July 2020 11:03 PM

ඡන්දෙට කළින් මෙහෙම කප්පාදු කළා නම් ඡන්දෙන් පස්සේ තියෙන සොච්චත් කැපෙයිද දන්නේ නැහැ. ආර්ථිකයෝ නැවත කිට්ටු කරන් ඉන්නේ මේ කප්පාදුවලට වෙන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5007 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 569 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1960 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 868 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site