(මුදිතා දයානන්ද )
රටම දන්න පොහොට්ටුව වෙනුවට මහ මැතිවරණයේදි අලූත් ලකුණක් හඳුන්වාදිම සුදුසු වන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (09) පැවසීය.
ඔහු මෙසේ පැවසුයේ මහමැතිවරණයට පුටුව ලකුණෙන් තරග කරන බවට ගම්මන්පිල මහතා කර තිබෙන ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී එම මාධ්‍ය හමුව පැවැත්විණ.
එහිදි ඔහු මෙසේද පැවසීය.
ලෝකයේ වෙන කිසිම පක්ෂයක් නැහැ පක්ෂයේ නමින් නැතිව පක්ෂ ලකුනෙන් හඳුන්වා දෙන. එහෙම හඳුන්වා දෙන එකම පක්ෂය ශ‍්‍රි ලංකා පොදු ජන පෙරමුණයි. කවුරුවත් අපිට පොදුජන පෙරමුණු කාරයෝ කියන්නේ නැහැ, පොහොට්ටු කාරයෝ කියනවා මිසක්. ඉතිං ඒ තරම් ජනප‍්‍රිය ලකුණ අපි පැත්තකට දාන්නේ ඇයි?
මිනිස්සුන්ට අලූත් ලකුණක් හා අපේක්ෂකයින්ගේ අංකත් මතක තියා ගන්නවාට වඩා පහසුයි තිබුණ ලකුණම භාවිතා කිරීම. මිනිස්සු ගිහින් හොයන්නේ පොහොට්ටුව මිසක් වෙන ලකුණක් නෙවෙයි. ලකූණ ගැන ඒ තරම් හිතන්න අවශ්‍ය නැහැ. පොහොට්ටුවෙන් තරග කළත් අනෙකුත් පක්ෂවල කෝටාවට අසාධාරණයක් නොවන තැනට කටයුතු කරන්න අපි අතර සාකච්ඡා ඇති කරගත යුතුයි.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘පොහොට්ටුව හැර වෙන ලකුණක් මහ මැතිවරණයට සුදුසු නෑ‘
maalaka Thursday, 12 December 2019 04:37 AM
සාස්තර කාරයින්ද කිව්වේ?
Raveendra Sunday, 15 December 2019 04:05 AM
ලකුණෙන් අපටනම් වැඩක් නැහැ. රටට අවංකව සේවයක් කරන්නේ කව්ද ඒ කෙනා මොන ලකුණෙන් ආවත් රටට ආදරය කරන මිනිසුන් කැමැත්ත දෙන බව නම් විස්වාසයි. ඔයගොල්ලෙවෙගේ අය දිව්‍යලෝකේ තියෙන ලකුණකින් ආවත් වැඩක් තියේද නැද්ද තිනය දේ ඔයාලම තේරුම් ගන්න. මිනිස්සුන්ට පව්නොදී තමන්ම ගියොත් හොදයි. ඇහුවොත් නම් සුදු කබාකාරයෙක්ලු නේද ? සේවාදායකයන්ට දෙයියන්ගෙම පිහිටයි !