IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


පොහොට්ටුවට යටවෙන්නේ නැති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක කියයි

(දයාරත්න ඇඹෝගම)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වගේ නරක කාළසීමාවන් තිබුණා. හැබැයි ඒ නරක කාලසීමාවන් කොච්චර තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ මහා දැවැන්ත පක්ෂය කාටවත් මරන්නවත්, විනාශ කරන්නවත් හැකියාවක් ලැබුණේ නැහැ. මොනම හේතුවක් නිසාවත්  ශ්‍රීලනිප-පොහොට්ටුවට දිය කරන්න සූදානම් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභසාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (13) එක් වෙමිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම භාණ්ඩ බෙදාදීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි පැහැදිලිවම කිව යුතු කාරණයක් තිබෙනවා. මේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒක පොහොට්ටුවට වේවා. එක්සත් ජාතික පක්ෂයට වේවා ප්‍රධාන කඳවුරු දෙකටම අපි නැතිව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ.

පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ගත්තම පොහොට්ටුවට ලක්ෂ 50 යි. යූ.එන්.පී එකට ලක්ෂ 35 යි. ශ්‍රී ලංකා එකට ලක්ෂ  15 යි. ප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය ගියා පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් නිසා. මේ ප්‍රතිඵලයම වැටුණොත් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ කෙනා ජනාධිපති වෙන්නේ නෑ. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ 35 ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට තව ලක්ෂ තිහක් ඕනෑ. ලක්ෂ 15 ක් තියෙන අපිට තව ලක්ෂ 50 ක් ඕනෑ.

එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ. දැන් ලක්ෂ 50 ක් තිබ්බට වැඩක් නෑ. ලක්ෂ 15 ව නැතිව. ඡන්ද ලක්ෂ 50 ක් තියෙන අය කොච්චර දැඟලුවත්, කෑගැහුවත් අපේ ලක්ෂ 15 නැතිව දිනන්න බෑ. අපේ ඡන්ද ලක්ෂ 15 තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයත් ඡන්ද ලක්ෂ 35 ක් තියාගෙන අපි තමයි ජනාධිපති කිව්වට වැඩක් නෑ, ඉතුරු ලක්ෂ 30 හොයා ගත්තේ නැත්නම් ඒ ගොල්ලන්ටත් බෑ.ඒ අයටත් අපේ ඡන්ද ලක්ෂ 15 ආවොත් තමයි තව ලක්ෂ 15 ක් හොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ දෙපැත්තටම තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ශක්තිමත් වෙන්න,  දුක් වෙන්න අවශ්‍යතාවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව මේ රටේ ජනාධිපති හදන්න කාටවත් පුළුවන්කමක් නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමඟත් දැන් සාකච්ජා පවත්වාගෙන යනවා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ජා කරලා තියෙනවා. ඉදිරියේ දී තව සාකච්ජා කරනවා. හැබැයි සාකච්ජාවල තවම අවසන් තීන්දුවක් නෑ. අවසන් තීන්දුව ලැබුණට පස්සේ තමයි   පක්ෂයක් ලෙස අපි එකතු වෙනාවද? කොහොමද? මොනවද? මොකක්ද ? කරන්නේ කියලා තීන්දු කරන්නේ. හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ. අදටත් අපේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ හිටියට, අපේ මන්ත්‍රීවරයකුගේ යෝජනාවකට වීදි ලාම්පුවක්වත් දාන්නේ නෑ. කොච්චර සාකච්ජා කළත්, අපි අගමැතිකම මහින්දට දීලත් සමහර ප්‍රාදේශීය සභා වලින් අපේ මන්ත්‍රීවරයකුට වැඩක් කර ගන්න බෑ. මේකම නේද ඉස්සරහටත් වෙන්නේ. ඒ නිසා තමයි අපි පක්ෂයක් විදිහට හරියට සාකච්ජා කරලා හරියට තේරුම් අරගෙන, හරියට කථා බහ කරලා තමයි මේ එකඟතාවය ඇති කර ගන්න ඕන.

එහෙම නැතිව ඔහේ ගිහින් හිටගත්තා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයා ආරක්ෂා කරගන්න බැරිවෙනවා. ඒ නිසා පාක්ෂිකයින් කළබල වෙන්න එපා ඉදිරි සති දෙක තුන ඇතුළත අවසන් තීරණය ගන්නවා. අපේ පක්ෂයේ සංවත්සරය තියෙනවා සැප්තැම්බර් මාසේ 2 වැනිදා. අපි විශ්වාස කරනවා සැප්තැම්බර් 2 වැනිදා වන විට මේ සාකච්ජා සාර්ථක පැත්තට ගිහින් අපිට අනාගතයේ රටේ ජනාධිපතිවරයා අපි හදන පුළුල් සන්ධානය තුළ හදාගන්න හැකිවනු ඇතැයි පැවසිය.



අදහස් (13)

පොහොට්ටුවට යටවෙන්නේ නැති බව ශ්‍රීලනිප ජාතික සංවිධායක කියයි

වර්ණකුලසූරිය Tuesday, 13 August 2019 02:18 PM

අත්තනගල්ල වලව්වෙන් මැදමුලන වලව්ව පෝෂණය වී ශක්තිමත් වුණා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය නොවෙන්න මැදමූලන වලව්වෙන් අයිස් ඉල්ලන්නට සිදුවි ඇත. අදත් ශ්‍රී ලංකා නි. පක්ෂයට ආදරය කරන ජනතාවක් සිටිති. ඒ ජනතාවගේ ගෞරවය රැකෙන තීරණ ගැනීම වර්තමාන ක්‍රියාකාරීන්ගේ වගකීම විය යුතුය. අද වෙනකොට දියවී ඇති ශ්‍රී ලංකා නි.පක්ෂය දිය කිරීමේ ශාපය රාජපක්ෂ පවුල ගෙවිය යුතුව ඇත...

:       263       23

chandanaWednesday, 14 August 2019 05:43 AM

සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලනය අනුව පිල් මාරු කිරීම සාමාන්‍ය තත්වයකි. එහි ප්‍රතිඵලයක් ලෙස මෛත්‍රී මහතා ශ්‍රීලනිපයේ තරඟකාරී පක්ෂය වන එජාපය වෙත ගොස් පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති විය. ජනාධිපති වී අපක්ෂපාති ලෙස නොඉඳ එතුමාට ශ්‍රීලනිලයේ බලයද ලබා ගැනීමට අවශ්‍ය විය. එම ක්‍රියාමාර්ග හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ එවකට පැවැති ආණ්ඩුව හා විපක්ෂයද කැඳ හැලියක් බවට පත්විය. ශ්‍රී ලනිපයේත්, එජාපයේත් දෙකකුල් තබා සිටීම හේතුවෙන් ඒ පක්ෂ දෙක අතරද විරසක විය. නියම ජන මතය නියෝජනය වන විපක්ෂය විය යුතු කණ්ඩායමට රාජපක්ෂ මහතා නායකත්වය දුනි. දෙපැත්තටම කත් ඇදි මොහු වැන්නවුන් හේතුවෙන් පක්ෂය දියාරු විය. ඒ අනුව ශ්‍රීලනිප පක්ෂය දියවුණද එහි ප්‍රතිපත්ති හා මුල් අතු මහින්ද මහතා සමග එකට සිටියි. පක්ෂයේ නම වෙනස් වූයේ එහි ප්‍රායෝගික ශක්තිමත් නායකයාට එය මෙහෙයවන්නට නොදීම නිසායි. අදටත් මොහුත් තවත් කිහිප දෙනෙකුත් ශ්‍රීලනිප ලෙස පම්පෝරි ගැසුවාට ක්‍රියා කරන්නේ පෞද්ගලික එදිරිවාදිකම් පිරිමහගන්නට මිස ශ්‍රීලනිපය රැක ගැනීමට නොවේ. එය ඔවුන්ගේ දැනීමය. එහෙත් පාක්ෂිකයා ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටියි.

:       1       108

samFriday, 23 August 2019 03:41 AM

ශ්‍රී ලංකා එක දියකරන්න ගත්තේ හොරගොල්ල වලුව්වෙන්ම තමයි. මුලින්ම අනුර 80 ගනවලදී කඩාගෙන ගියා. අම්මට විරුද්ධව නඩුත් දැම්ම. ඊ ලඟට චන්ද්‍රිකා විජයත් එක්ක එකතුවෙලා කඩා ගෙන ගියා. එයා ආයි ආවම අනුර යු එන පී ගියා. ඕවා ඔක්කොම වෙන අතරේ මැදමුලන හිටියේ සිරිමා මැතිනිය එක්ක. ඉතුර කෑල්ලට පක්ෂයේ ලේකම් ආප්ප කාල හංස පුට්ටු ගහන්න ගියා 2015දි චන්ද්‍රිකාගේ ගේම් එකක් නිසා. එතකොට කවුද ශ්‍රී ලංකා එක දිය කරේ.

:       0       28

janahitha Tuesday, 13 August 2019 07:49 PM

ශ්‍රී ලංකා නි. පක්ෂය... එහෙම එකක් නැහැ. එය යූ.අන්.පී.යට අත එසවීමට පාවා දී ඇත. මසකට මිලියන 21 යූ.එන්.පී. නායකයින්ගේ මිතුරියන්ට දීමටද මත්තල විකුණා දැමීමටද අත උස්සා ඇත. ජනතා පරමාධිපත්‍ය පාවා දී ශ්‍රීලනිප ඡන්දයෙන් පත් වෙලා යූ.එන්.පී. ගැටවලට අහුවෙලා... 19 ව්‍යවස්ථාවට අත් උස්සපු පිරිස ශ්‍රීලංකා කාරයෝ නොවෙති. යූ.එන්.පී. යටම යා යුතුය. හොරගොල්ලේ වළං සේදීමට සුදුසුයි.

:       21       73

Gamage Wednesday, 14 August 2019 04:50 PM

කවුරු ආවත් රට ඉවරයි.

:       5       1

සෙනෙවි Friday, 16 August 2019 11:42 AM

දැනටම එජාපයට යටවෙලා ඉන්න කොට කොහොමද තව එකකට යට වෙන්නේ... ?

:       0       79

lalithm Friday, 23 August 2019 02:58 AM

යටවෙලා නොවෙයි දියවෙලා ගිහින් තියෙන්නේ. තව මොනවා වෙන්නද?

:       0       40

sanath Friday, 23 August 2019 01:55 PM

යටද උඩද නොව ප්‍රශ්නය.. සිංහල ආණ්ඩුවක් පිහිටුවන්න.. එහෙම නම් ගෙදර යන්න ඔය ඔක්කොම... මේ අවස්ථාවේ සුදුසු හමුදා පාලනයක්...

:       0       0

සරනසිරි උමගිලිය Monday, 26 August 2019 01:53 AM

වර්ණකුලසූරිය කිසිම දැනීමක්නැත. සෑම්ගෙන් දැනගත්ත නේද පක්ෂය දියකලේ කව්ද කියා.

:       0       0

G A S upali Monday, 26 August 2019 03:33 AM

බිල්ඩිමකට යට වෙලා නොවැ ඉන්නේ. ඔහේ මොනවාද මේ කියන්නේ ?

:       0       18

maheahikaWednesday, 28 August 2019 08:38 AM

බිල්ඩිමට යටවෙන්න එහි අයිතිකාරියට යටවුණා මගේ හිතේ. එහි ප්‍රතිඵලයක් ලෙස බිල්ඩිමට උර දෙන්න සිද්ධවුණා.

:       0       0

mahehika Wednesday, 28 August 2019 08:40 AM

කිසිදෙයක් සදාකාලික නැහැ. ඔය මොන පක්ෂය හැඳිගෑවිලා ගියත් කමක් නැහැ. රටේ ජනතාවට, රටට යහපතක් වෙනවා නම්...

:       0       0

haramanis Wednesday, 04 September 2019 02:58 PM

මොවුන් ගැන කතාකරලා වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6294 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site