IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා

(අංජුල මහික වීරරත්න මඩකළපුවේ සිට)

මඩකළපුව ඇතුළුව මුළු නැගෙනහිර පළාතම දියුණු කිරීම සඳහා පළාත් සභාව සහ මහ ආණ්ඩුව එක්ව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ආරම්භ කර ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මඩකළපුවේදී පැවැසීය.

පළාත් අතර තරගකාරී සංවර්ධනය ඇති කිරීම රජයේ අපේක්ෂාව බව කී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, ඊළඟ දශක දෙක ඇතුළත බෙංගාල බොක්ක කලාපයේ ඇතිවන ශීඝ‍්‍ර ආර්ථික දියුණුවට ශ්‍රී ලංකාව ප‍්‍රමුඛ පෙළේ කොටස්කරුවකු බවට පත්වන බවද ප‍්‍රකාශ කළේය.

මඩකළපුව දිස්ත‍්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීමත්, සැලසුම් සකස් කිරීමත් සඳහා ප‍්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් සමග මඩකළපුව, ලාගෝන් ඊස්ට් විව්හිදී පැවැති ප‍්‍රගති සමාලෝචන රැුස්වීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් යන මහත්වරුන් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීහුද දේශපාලන නියෝජිතයෝද මේ අවස්ථාවට සහභාගී වූහ.

මඩකළපුව ප‍්‍රදේශය සංවර්ධනය කරා ගෙන යා යුතු ක‍්‍රමවේද පිළිබඳව දීර්ඝ වශයෙන් තොරතුරු ගැනීමෙන් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.

අද මා මෙහි පැමිණියේ ආණ්ඩුකාරතුමන්, පළාත් මහ ඇමැතිතුමන් ඇතුළු පළාතේ නිලධාරීන් සමග සංවර්ධන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමටයි. නැගෙනහිර පළාතට සම්පත් ගණනාවක් තිබෙනවා. ඒත් සම්පත්වලින් සම්පූර්ණ ප‍්‍රයෝජනය ගෙන නැහැ. ඒ සම්පත් ඒකරාශී කරගෙන උපරිම ප‍්‍රයෝජනය ගත යුතුයි.

ලංකාවේ ප‍්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් තුනම මේ ප‍්‍රදේශයේ එකට ජීවත් වෙනවා. එය මුළු රටටම ආදර්ශයක් බව කිව යුතුයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව මෙහි ඉන්නවා. සියලූම ජන කොටස් ඒකාබද්ධව වැඩ කර දියුණුව ඇති කරන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුයි.

මේ පිළිබඳව ආණ්ඩුකාරතුමන් සමගත් සාකච්ඡා කළා. එතුමාත් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පරිපාලන යාන්ත‍්‍රණයත්, මහ ආණ්ඩුවත් එකට එකතු වී ප‍්‍රදේශයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩසටහන ඇති කිරීම අපේ අරමුණයි.

මහ ආණ්ඩුවෙන් කළ යුතු සියලූම වැඩසටහන් අප කරනවා. එමෙන්ම පළාත් සභාව විසින් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනවා. සියලූම දෙනා ඒකරාශී කරගෙන කෙටි කාලීන, මධ්‍යම කාලීන සහ දිගු කාලීන වශයෙන් සැලසුම සකස් කර ඉතා ඉක්මනින් සංවර්ධනය ක‍්‍රියාත්මක කළ යුතුයි. කතා කිරීමෙන් පමණක් ඵලක් නැහැ. වැඬේ විය යුතුයි.

දැන් ආර්ථික ස්ථාවර බව ඇතිවෙලා. ඒ නිසා පළාත් තරගකාරී අයුරින් දියුණුවට පත්විය යුතුව තිබෙනවා. තමන්ගේ පළාතේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට සියලූම පළාත් බලධාරීන් ක‍්‍රියා කළ යුතුයි. එවිට වඩාත් ශීඝ‍්‍ර අයුරින් සංවර්ධනය කරා ළඟාවිය හැක්කේ කාටදැයි බලාගන්න හැකියාව ලැබෙනවා.

යුද්ධයෙන් විනාශයට පත් වූ උතුර සහ නැගෙනහිර ප‍්‍රදේශයට විශේෂයෙන් සලකන්න විදේශ ආධාර සහ වැඩසටහන් තිබෙනවා. ඒවායින් ප‍්‍රයෝජන ගත යුතුයි. ඒ ප‍්‍රයෝජනය නොගතහොත් ලෝකයේ ධනවත් රටවල් යුද්ධය නිසා විනාශ වූ සෙසු රටවල් ගොඩනැංවීම සඳහා එම ආධාර යොමු කරනු ඇති.

ඒ නිසා අපට ලැබුණු විදේශ සහනවලින් නිසි ප‍්‍රයෝජන ගත යුතුව තිබෙනවා. පළාත් අතර සංවර්ධන කටයුතු නිසි පරිදි සම්බන්ධීකරණයද විය යුතුයි.

මඩකළපුව යනු වරාය දෙකක් අතර තිබෙන ප‍්‍රදේශයක්. හම්බන්තොට සහ ත‍්‍රිකුණාමලය යන වරාය දෙකට මැදිවී මේ ප‍්‍රදේශය පිහිටා තිබෙනවා. හම්බන්තොට වරාය ගිවිසුම අස්සන් කළ පසුව ඒ ප‍්‍රදේශය ශීඝ‍්‍ර දියුණුවකට ලක් වීමට නියමිතයි. එතැන් සිට අම්පාරට වැඩි දුරක් නැහැ.

ත‍්‍රිකුණාමලය වරාය ප‍්‍රදේශය ඇතුළු මුළු දිස්ත‍්‍රික්කයේ සංවර්ධන සැලැස්මක් හැදීම සඳහා සිංගප්පූරුවේ ප‍්‍රධාන ආයතනයකට බාරදී තිබෙනවා.

ත‍්‍රිකුණාමලයේ කර්මාන්ත දියුණු කිරීම, කෘෂි කර්මාන්තය දියුණු කිරීම, ත‍්‍රිකුණාමලය නගර සංවර්ධනය පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. සිංගප්පූරු සමාගම මූලික වශයෙන් කරන වැඩසටහන් පිළිබඳව මා අධ්‍යයනය කළා.

ප‍්‍රදේශයේ අභ්‍යන්තර ගුවන් සේවා දියුණුව පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ සංවර්ධනය, ගැනද අවධානය යොමු කරනවා.

හම්බන්තොට වරාය මෙන්ම මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය පිළිබඳව මේ වසර අවසන් වීමට පෙර කටයුතු කරනවා. එවිට මත්තල සිට මේ ප‍්‍රදේශයට කඩිනමින් පැමිණීමට හැකියාව ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. වර්තමානයේදීත් පැය දෙකහමාරක්, තුනක් ඇතුළත එහි යාමට හැකියි.

ප‍්‍රදේශයේ මාර්ග සංවර්ධනය පිළිබඳව ද අවධානය යොමු කරනවා. විශාල අධිවේගී මාර්ග නොව දැනට තිබෙන මාර්ග දියුණු කිරීම අපේ අරමුණයි.

ප‍්‍රදේශයේ ඉඩම් ප‍්‍රයෝජනවත් අයුරින් භාවිත කළ යුතුයි. වනාන්තර ඇතුළු පරිසරය ආරක්ෂා කරගත යුතුයි. අපගේ ස්වභාවික සම්පත් සංරක්ෂණය කර ඒ සඳහා සංචාරක ආකර්ශනය දිනා ගැනීමට හැකියාව තිබෙනවා. වන සංරක්ෂණ කටයුතු ඉතා කඩිනමින් කළ යුතුයි.

එමෙන්ම මේ ප‍්‍රදේශයේ ව්‍යාප්ත වී තිබෙන පශු සම්පත් ක්ෂේත‍්‍රය දියුණු කිරීම, කුකුළු කර්මාන්තය දියුණු කිරීම, කෘෂි කර්මාන්තය, වී වගාව දියුණු කිරීම, ගබඩා පහසුකම් ඇති කිරීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුයි.

ප‍්‍රදේශයේ නිෂ්පාදන වැඩිකර ගබඩා පහසුකම් ඇති කරනවා නම් කොළඹ ආහාර මිලත් අඩු වෙනවා. ඒ වෙනුවෙන් රජය ආධාර දීමට සූදානම්.

ධීවර අපනයනය පිළිබඳවත් අපේ අවධානය යොමු වී තිබෙනවා. වානිජ ක‍්‍රමවේද අනුව ධීවර කර්මාන්ත දියුණු කරන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුයි. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා මෙහි විශාල ලෙස ඉඩම් තිබෙනවා.

පෞද්ගලික ඉඩම් හිමියන්ගේ ඉඩම් අයිතිය ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ටත් ඒ ඉඩම් දියුණුව සඳහා යෙදවීමට හැකියි. අනෙක් අතට හොරෙන් අල්ලාගත් ඉඩම් තිබේනම් ඒවායේ අයිතිය රජය විසින් ගත යුතුයි. එලෙස අත්පත් කරගත් ඉඩම් රටේ සංවර්ධනය සඳහා යෙදවිය යුතුයි.

මුහුදුකරයේ පමණක් නොව අභ්‍යන්තර වැව් ආශ‍්‍රිතව ද සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට හැකියාව තිබෙනවා. කුඩා වැව් විශාල ප‍්‍රමාණයක් ප‍්‍රතිසංස්කරණය කළ යුතුයි. ගංගා මෙන්ම ගල්ඔය, කුඹුක්කන් ඔය, යාන් ඔය දක්වා ඇති ප‍්‍රදේශවල සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට හැකියාව තිබෙනවා.

ගල්ඔය වනෝද්‍යානය, වස්ගමුව, කුමණ ආදී ජාතික සම්පත් රාශියක් මේ ප‍්‍රදේශය සතුයි. මේ ප‍්‍රදේශයට නැත්තේ මොනවාද? මේ සම්පත්වලින් ප‍්‍රයෝජන ගෙන ඉදිරියට යා යුතුයි.

ඒ සමග ප‍්‍රදේශවල කෙටි කාලීන ජීවනෝපාය මාර්ග ඇතිකරන වැඩසටහන් ස්ථාපිත කරනවා. පුහුණු මධ්‍යස්ථානද ඇති කළ යුතුයි.

සියලූ අංශ පිළිබඳව අවධානය යොමු කර දිස්ත‍්‍රික්ක නගර වශයෙන් දියුණුවට පත් වන්නේ කෙසේදැයි බලමු. ඒ වගකීම අප ඔබට බාර දෙනවා.

ඊළඟ දශක දෙකෙහි මුළු බෙංගාල බොක්කේම ආර්ථික දියුණුව ඇති වෙනවා. ඒ දියුණුවට අප එකතු විය යුතුයි. දශක දෙකක් බලාගෙන ඉන්නේ කෙසේදැයි සමහරුන් අසනවා. අපි දැන්මම පටන් ගනිමු. කළ හැකි දේ අද කරමු.

දීර්ඝ කාලීනව සැලසුම් හැදීමේ වරදක් නැහැ. යුද්ධය අවසන් වූ පසුව ප‍්‍රදේශයේ කඩාවැටුණු ආර්ථිකය ගොඩනංවා විශාල දියුණුව කරගෙන යනවා. අප අද එක්වී සාකච්ඡා කළේත් ඒ වැඩකටයුත්ත පිළිබඳවයි.

සංවර්ධන සැලසුම් සාදා අවසන් වූ පසුව සියලූම නිලධාරීන් එක්ව කොළඹ සම්මන්ත‍්‍රණයක් පවත්වමු. ඒ අයුරින් වැඩ කටයුතු ඉදිරියට ගෙනයමු. සති තුන හතරක් ඇතුළත අපට සැලසුම් දෙන්න. එවිට අදාළ නිලධාරීන්, අමාත්‍යවරුන් කැඳවා සාකච්ඡා කරමු.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පොළොන්නරුව කේන්ද්‍ර කර ගනිමින් විශාල වැඩ කොටසක් අරඹා තිබෙනවා. ඒ දියුණුව නැගෙනහිරට පැමිණීමට නියමිතයි.

මොණරාගල, හම්බන්තොට ප‍්‍රදේශවල දියුණුවටත් එක් වී දියුණුව ඉදිරියට ගෙනයමු. මේ සාකච්වට එක් වූ සැමට මගේ ස්තූතිය පුද කරනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා -

අගමැතිතුමා නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු පිළිබඳ ප‍්‍රගති සමාලෝචන රැුස්වීමට සහභාගී වීම පිළිබඳව මා විශේෂයෙන්ම ස්තූතිවන්ත විය යුතුයි. නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිතුමත්, සෙසු අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන්, ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඉතා උනන්දුවෙන් රැස්වීමට සහභාගී වී සිටිනවා.

අගමැතිතුමන්ගේ උපදෙස් අනුව මධ්‍යම රජය සමග සහයෝගයෙන් අප ඉදිරි වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කරනවා. සංවර්ධන වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමේ වගකීම අප සියලූම දෙනාට පැවරී තිබෙනවා.

පළාත් සභාව මෙන්ම නිලධාරීන්ගේ පූර්ණ සහයෝගයෙන් සංවර්ධන වැඩසටහන් ඉතා ඉක්මනින් ඇරැඹීමට බලාපොරොත්තු වෙනවා. ලබන මාස දෙක තුන ඇතුළත කඩිනමින් සංවර්ධන ක‍්‍රියාවලිය ඇරැඹීම අපේ අරමුණයි. ඒ සඳහා ඔබෙන් ලැබෙන සහයෝගය මා අගය කරනවා.

නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඞ් මහතා-

අගමැතිතුමන්ගේ මඩකළපු සංචාරය පළාතේ දියුණුව ඇති කිරීම සඳහා හොඳ මූලාරම්භයක් සපයන බව අපේ හැඟීමයි. සංචාරක කර්මාන්තය, අභ්‍යන්තර ගුවන් සේවා, වාරිමාර්ග සංවර්ධනය ඇතුළු ආර්ථිකය දියුණුව කරා ගෙන යන සැලසුම් පිළිබඳව අප පුළුල් ලෙස සාකච්ඡා කළා.

ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කරගත් සමස්ත රටේ සංවර්ධනය පිළිබඳව වැදගත් අදහස් මෙහිදී පළවූ බව කිව යුතුයි.

නැගෙනහිර පළාතේ විරැකියාව නැති කර ආර්ථිකය ඉහළ දැමීම සඳහා ක‍්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් පිළිබඳව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අප දැනුම්වත් කළා. ඒ නිසා අගමැතිවරයාගේ මඩකළපු සංචාරය අප විසින් ඉතා ඉහළින් අගය කළ යුතුයි.

නැගෙනහිර පළාතේ නිලධාරීහුද මේ අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

පළාත් අතර තරගකාරී සංවර්ධනයක් ඇති කරනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1877 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3510 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1547 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4652 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1341 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1233 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 442 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site