IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


‘පළාත් පාලන ඡන්දයට වසරකට කලින් සුදානම් වුණා’

(විනීතා එම් ගමගේ)

පළාත් පාලන ඡන්දයට වසරක තරම් කාලයකට පෙර සිට සුදානම් වූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආයාසයකින් තොරව මැතිවරණයට මුහුණ දිය හැකි යැයි ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයේ මහ ලේකම්, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේය. 

මේ වන විට ශ්‍රීලනිප අපේක්ෂකයින් තෝරා අවසන් වී ඇති අතර සමහර පෙදෙස්වල අපේක්ෂකයින්  පුහුණු කිරීම් පවා අවසන් යැයි ද  මහ ලේකම් වරයා කීය.

පක්ෂයේ හා සන්ධානයේ බහුතර කැමැත්ත අත ලකුණින් තරඟකිරීම බවත් ලකුණ පිළිබඳ අවසාන තීන්දුවකට අද හෙටම පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.  

දිසානායක මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (7) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘පසුගිය කාලෙ අපි සමහර දේවල් මාධ්‍යයට  පවා කිව්වේ නැහැ. මාධ්‍ය අයින් කරලත් කතා කළා. එහෙම කළේ ශ්‍රීලනිපය කොටස් දෙකක් ලෙස වැඩ කළ නිසයි. අපට අවශ්‍ය වුණේ බිම් මට්ටමින් ශක්තිමත් කළ ජනවාරියේ පළාත් පාලන ඡන්දයේ දී දිනන ශක්තිමත්, ජය උදා කරගන්නා පක්ෂයක් ලෙස ඉදිරියට යාමයි. අපි  තවම ලකුණ ගැන තීරණයකට ඇවිත් නැහැ. බහුතර ඉල්ලීම  තියෙන්නේ අත ලකුණින් තරඟ කරන්න කියලයි. අද හෙටම ඒ ගැන තීන්දුවකට එනවා. 

ආසන සංවිධායකවරු මේ වනවිට පක්ෂ මුලස්ථානය සමඟ අවසන් තීන්දු ගනිමින් ඉන්නවා. මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණය පැවැත්වෙන දිනය ප‍්‍රකාශයට පත් කළ වහාම අපි අපේක්ෂක ලැයිස්තු නිල වශයෙන් නිකුත් කරනවා. 



අදහස් (1)

‘පළාත් පාලන ඡන්දයට වසරකට කලින් සුදානම් වුණා’

bamunuarachchi Wednesday, 08 November 2017 01:00 AM

අපිත් නුඹලා වැඩ පටන් ගත්ත දවසේ ඉඳලාම සුදානම් උනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2183 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site