(දයාරත්න ඇඹෝගම)
පළාත් සභා ක්‍රමය අහෝසි කිරිමට හෝ පළාත් සභා මැතිවරණය කල් දැමීමට තම පක්ෂයේ කිසිම නායකයෙක් තීරණය කර නැතැයි උතුරු මැද හිටපු මහ ඇමැති පොදුජන පෙරමුණ මිහින්තලේ ප්‍රධාන ආසන සංවිධායක එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පැවසීය.
අනුරාධපුර නගරයේ පිහිටි පොදුජන පෙරමුණ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේ අද (20) පැවති මාධ්‍ය හමුවක දී මේ බව කීය.
මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් සමරකෝන් මහතා මෙසේ ද පැවසීය.
‘සමාජ මතයක් ගොඩ නැගෙමින් පවතිනවා පළාත් සභා ක්‍රමය අහෝසි කරනවා කියන කාරණයක් ගැන. ඒක වැරදි මතයක්. අපේ නායකයෝ හැටියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාවත් එහෙම නැතිව අපේ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාවත් කොහේවත් කියලා නැහැ. පළාත් සභා මැතිවරණය කල් දානවා හෝ පළාත් සභා අහෝසි කරනවා කියලා.’
ඒ නිසා මේ වැරදි මතය කුමන්ත්‍රණකාරින් විසින් ආරම්භ කරමින් සිටිනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා පක්ෂයක් විදියට පොදුජන පෙරමුණ අපි පිහිටෙව්වේ යහපාලනයට විරැද්ධව,යහපාලන ආණ්ඩුව ප්‍රජාත්‍රන්ත්‍රවාදය අමු අමුවේ ඝාතනය කරපු වේලාවක.අපි දැක්කා පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකකට එහා කල් දැම්මා. ඒකට අපි විරුද්ධ වෙලා සටනක් කරලා තමයි මැතිවරණයක් ගත්තේ.
ඒ වාගේම පළාත් සභා මැතිවරණයත් ඒදා යහපාලන ආණ්ඩුව කල්දැම්මා. ඒ නිසා අපට අධිකරණයට යන්න සිද්ධ වුණා. සබරගමුවේ හිටපු මහ ඇමැති මහීපාල හේරත් මහතාත් උතුරු මැද පළාතේ හිටපු මහ ඇමැතිවරයා ලෙස මමත් එදා අධිකරණයට ගියේ සාධාරණයක් බලාපොරොත්තුවෙන්.
ඒ නිසා මේ පළාත් සභා මැතිවරණය අපේ පක්ෂය බලාපොරොත්තු වුණ දෙයක්. ඒ නිසා අද පළාත් සභා මැතිවරණය අපේ ආණ්ඩුවක් ආපු වේලාවක කිසිසේත්ම මැතිවරණය කල් දැමිමක් හෝ එහෙම නැත්නම් පළාත් සභා අහෝසි කිරිමක් කරන්න සිද්ධ වෙයි කියලා.ඒ නිසා ප්‍රජාත්‍රන්ත්‍රවාදය පිළිබඳව දැඩි විශ්වාශයක් තියෙනවා රටේ ජනතාවට. ඒ වගේම අපේ රටේ නායකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රජාත්‍රන්ත්‍රවාදය අද අපේ රටේ තහවුරු කරමින් ඉන්නවා. අන්න ඒ නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් තියයි කියන විශ්වාසය අප තුළ තිබෙනවා.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘පළාත් සභා අහෝසි කරන්න පක්ෂයේ කිසිම නායකයෙක් තීරණය කරලා නෑ’