IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි

(සිටිනාමළුව - අනීෂා මානගේ, තංගල්ල - ආරියදාස කොඩිතුවක්කු සහ රන්න - චන්ද්‍රසේන ගමගේ)

විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාද කරලා ඡන්ද විමසන්න ඕන. අපිට විශ්වාසයි ආණ්ඩු පක්ෂයේ උදවියත් ඇතුළුව එකසිය දහතුනකට වඩා වැඩි ඡන්දයකින් ඔය විශ්වාස භංගය සම්මත කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා කියලා යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඉකුත් දා (17) පැවසීය.

විමල් වීරවංශ මහතා මෙසේ පැවසුවේ ජාතික නිදහස් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලය තංගල්ලේදී විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

වික්‍රමසිංහව ඔය පුටුවෙන් එළවන එක තමයි පළවෙනි දේ. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ අතේ තමයි බටහිර න්‍යාය පත්‍රය තියෙන්නේ. උන්නැහැ තමයි ඇමරිකානු තානාපති කාර්යාලයේ සුවච කීකරු ගෝලයා. ඒ න්‍යාය පත්‍රය ඉදිරි මාස කිහිපය තුළ දිගේලි වෙන එක නවත්වන්න ඕන. එහෙම වළක්වන්න නම් ඒ න්‍යාය පත්‍රය අතේ තියාගෙන කර ගහගෙන ඉන්න කෙනා ඔය පුටුවෙන් එළවන්න ඕන.

හැබැයි රනිල් බලනවා කොහොමහරි මේක භාර දෙන එක වළක්වන්න. කතානායකට දෙන එක වළක්වන්න. සමහරවිට අපේ කඳවුරේම අයව යොදාගන්න බලනවා. පාවිච්චි කරන්න. ඒකට මෙහෙම තියරියක් දානව සමහරු. රනිල් වික්‍රමසිංහ එළෙව්වොත් වෙන කෙනෙක් ඕක අල්ලයි. එතකොට ජනාධිපතිවරණයේදී ඒ අලුත් කෙනා එක්ක තමයි අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඒක පාඩුයි. ඒ නිසා එයා ඉන්න එක හොඳයි. ඒ එක තියරියක්.

රනිල් වික්‍රමසිංහ ඉන්න එක හොඳයි නම් බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනය සම්මත වෙන එකත් හොඳයි.

හමුදාව පිටරට වල උසාවි වලට ගෙනයන අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක වන පනත සම්මත වෙන එකත් හොඳයි. ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන එකත් හොඳයි. ජීනීවා මානව හිමිකම් කොමිසමේ න්‍යාය පත්‍රයට අනුව හදිසි නීතිය තහනම් කරලා ඔක්කොම කොටි ටික නිදහස් කරන එකත් හොඳයි. මොකද එයා ඉන්නවනම් ඒව වෙනවා. ඒ න්‍යාය පත්‍රය තියෙන්නේ එයාගේ අතේ. අපිට ඕන ඒ න්‍යාය පත්‍රය අකුලන්න. ඒ න්‍යාය පත්‍රය අත්හිටුවලා වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් දිනාගන්නා දිශාවට මේ රට අරගෙන යන්න. මහජනයට අභිමත පාලනයක් නිර්මාණය කරගන්න අවස්ථාව හදලා දෙන්න. ඒකට උපාය උපක්‍රම තෝරන්න ඕන.

පෙබරවාරි දහය මිනිස්සු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පොහොට්ටුවට කතිරෙ ගැහුවේ මෝටර් සයිකලයට ගැහුවේ, නයා ලකුණට ගැහුවේ ලකුණ මොකක් වුණත් ඒ දිනවලා දුන්නේ මේ පරගැති හවුලේ ගමන නවත්තන්න. ඒකට ඕන ශක්තියයි දුන්නේ. ඒ ශක්තිය අරගෙන අපි දැන් වෙන වෙන ව්‍යායාම කර කර ඉඳලා හරියන්නේ නෑ. ජාතිය අපේක්ෂා කරන ව්‍යායාමයට අපි යන්න ඕන. එතනට මේ බලවේගය ගෙනියන්න ඕන.

මේ බලවේගය ඇතුළෙම ඉන්නවා එතනට යනවා වෙනුවට වෙන වෙන තැන් වලට මේ බලවේගය ගෙනියන්න බලන අය. අසූතුනෙත් ඒකනේ වුණේ. හමුදා නිලධාරීන් දහයක් එකොළහක් මැරුවා. පෙළපාළිය යන්න තිබුණේ වෝඞ් ප්ලේස්වලට. නමුත් පෙළපාළිය ඇරියා හෙට්ටිවීදියට. හෙට්ටිවීදියට ගියාම වැඬේ ලාභයි.

රත්තරන් බඩුත් කඩනවා සල්ලිත් හොරා කනවා. ජාති ආලෙත් යනවා. වෝඞ් ප්ලේස් එකට ගියා නම් අරක කරන්න හම්බවෙන්නෙත් නෑ. මෙදාත් බලනවා  ජාතියේ ආවේගය යන්න ඕන තැන් වෙනුවට වෙන තැන්වලට යවන්න. නියම හතුරාගේ බලකොටුව දෙසට යායුතු ජාතියේ ආවේගය වෙනත් ඊනියා බලකොටු පොඩිපට්ටම් කරන දිශාවට තල්ලුකරන්න.

අපි දන්නවා මේ රටේ සිංහල ජනතාවට යම් යම් ජනකොටස්වල යම් යම් හැසිරීම් ගැන සාධාරණ ආවේගයක් තියෙනවා. හැබැයි ඒවා ආවේගකාරීව පිටකරලා ඒවා බේරගන්න බැහැ. ඒවා බොහොම ඥානාන්විතව බුද්ධිමත්ව ඒවා හරියට කිරල මැනල ඒවට පිළියම් හොයන්න ඕන. එහෙම නැතුව හතුරා අටවන උගුලෙ වැටෙන විදියට ඒ ආවේගය පිට කරන්න ගියොත් හතුරට ඕන කරන වැඬේට අපි උදව් කරනවා වෙනවා.

මේක මරාගන්න මිනිස්සුන්ගෙන් පිරිච්ච රටක් බවට පත් කරන්නයි බටහිරට ඕන. ආර්ථික වශයෙන් බෙලහීන වුණු රටක් බවට පත් කරන්නයි බටහිරට ඕන. දුගී භාවය කරවටක් ළඟට පිරිච්ච මිනිස්සු ඉන්න රටක් බවට පත් කරන්නයි බටහිරට ඕන. එහෙම වුණොත් තමයි උන්ට මේක ගිලගන්න පුළුවන්. ත්‍රිකුණාමලේ බින්න බහින්න පුළුවන්. අප්‍රිකාව නැගෙනහිර ආසියාව මධ්‍යම ආසියාව  කලාප තුනේ නාභිය වුණු ස්ථානයේ පැලපදියම් වෙන්න පුළුවන්. ඒක කරන්න තමයි වික්‍රමසිංහව එයාලට ඕන.

අපි තේරුම් ගන්න ඕන අපි ඉන්නේ පහසු පිට්ටනියක නෙවෙයි. අපි මේ තරගය යෙදෙන්නේ පහසු ක්‍රීඩාංගණයක නෙවෙයි. අපිව අස්ථාවර කරලා ගිලගන්න බලන් ඉන්න සතුරු බලවේග මේ දේශපාලන පිටියේ ඉන්න බොහෝ දෙනා පිටිපස්සේ ඉන්නවා. මිතුරු පිළෙත් ඉන්නවා, සතුරු පිළෙත් ඉන්නවා. හතුරා බලනවා අපේ හතුරවත් හතුරට ඕන විදියට හසුරුවන්න සහ අපිවත් හතුරාගේ මිතුරො ඉන්නවා අපිව ඒ අයට ඕන විදියට හසුරුවන්න. මේ සියල්ලගෙන්ම ගැලවිලා මේ පොළව බේරගන්න නම් නිවැරදි දැක්මක්, චින්තනයක්, විඥානයක් සහිත ජාතික ව්‍යාපාරයක නායකත්වය මේ පොළවට ඕන.

පෙබරවාරි දහය මිනිස්සු ගහපු කතිරේ නිසා මැතිවරණයට පෙර ඇදපු කාටුන්වල මහින්ද රාජපක්ෂ මහත්තයගේ, අපේ ඇදුම් ඉරිලා තිබුණේ, පැච් දාලා තිබුණේ. දහවෙනිදායින් පස්සේ නම් පැච් නෑ. කාටුන් එකේ අපේ ඇදුමේ තිබුණු පැච් එක විතරක් නැති වුණාම ඇතිද. පෙබරවාරි දහයේ ප්‍රතිඵලයට ඒ වෙනස පමණක් ප්‍රමාණවත්ද. මේක පෙරළන්න කියල නෙවෙයිද තමුන්නාන්සේලා අපිට කතිරෙ ගැහුවේ. පෙරළන්න බැරි නම් අඩුගානේ යටත් කරන්නවත් ඕන නැද්ද. යටත් කරල දණගස්සලා තියාගන්න ඕන නැද්ද.

අද චම්පික රණවක කියනවා ආණ්ඩුවක් නෑලු. එතකොට එයා ඇමතිකෙනෙක් නේද කියල ඇහුවම ඒක දන්නෙ නෑලු. ඒකට කියන්නේ දේශපාලනික වශයෙන් මඤ්ඤං වෙනවා කියලා. ඒ මඤ්ඤං වෙන්නේ වැරදි තීරණ ගත්තම. රතන හාමුදුරුවො කියනවා මේ ආණ්ඩුවේ අගය කරන්න කිසිම දෙයක් නෑලු. සාදු සාදු සාදු. ජනවාරි අටට කලින් මේව දකින මිනිස්සු තමයි මිනිස්සු. ජනවාරි අට මේ රට වළට වට්ටලා. රට ගිල්ලලා. සොහොන් ලකුණු පහළ වෙනකොට මේව දැක්කට වැඩක් නෑ. වැදගත්කම තියෙන්නේ කල්තියා දකින්න ඕන. ඒ පාපතර මෙහෙයුම විනිවිද දකින්න ඕන.  

මේ රට ගිලගන්න බලන් ඉන්න සතුරා, ඉස්සර නම් හමුදාව ආවා යුද්ධ කළා, අල්ලගත්ත ගිලගත්තා පාලනය කළා ඒක තමයි ක්‍රමය. දැන් ඒක නෙවෙයි ක්‍රමය. දැන් ඒ ක්‍රමයට එනවා වෙන කරන්න කිසිම දෙයක් නැත්නම්. දැන් කරන්නේ රට ඇතුළෙම හදනවා ගැටුම්. රට ඇතුළෙම හදනවා අවුල්. රට ඇතුළෙම හදනවා ආර්ථික බෙලහීනකම. දේශපාලන අස්ථාවරභාවය. ජනකොටස් අතර මරාගැනීම. බෙදීම්. ඒව තීව්‍ර කරනවා. අන්න ඒවා තීව්‍ර කරලා අරාජිකත්වය තීව්‍ර කරලා ඊට පස්සේ ඔවුන්ගේ දොස්තරලාගෙන් බෙහෙත් ගන්න තත්වයට රට පත් කරනවා. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දොස්තරලාගෙන් ප්‍රතිකාර ගන්න සිද්ධ වෙන අසාධ්‍ය තත්ත්වයට පත්වුණු රෝගියකුගේ තත්ත්වයට මේ රට පත්කරනවා. කැමති වුණත් අකමැති වුණත්  අධිරාජ්‍යවාදීන්ගේ බෙහෙත් බොන්න වෙන තැනට මේ රට වට්ටනවා. සරලව ගත්තොත් මේක තමයි මේ කථාව.

මහින්ද රාජපක්ෂ පාලනය හරහා ඒ බෙහෙත් වට්ටෝරුව පොවන්න ඉඩ දෙන්නේ නෑ ජාතියට. ඒ නිසා තමයි ජනවාරි අට රෙජීම් චේන්ජ් කියල එකක් ආවේ. ඒ කාලේ කිව්වේ රාජපක්ෂ රෙජීමය. නියමිත කාලයට කලින් ඡන්ද තියන ආණ්ඩුව රෙජීමය. මුහුණු පොතෙන් අවලාද ගහනකොට දැක්කෙ නෑ වගේ ඇහුණේ නෑ වගේ හිටපු ආණ්ඩුව රෙජීමය. අලුත්ගම ජාතිවාදි කැරැල්ලක් හැදෙනකොට දවසින් ඒක සමථයකට පත් කරලා  සාමකාමී තත්ත්වය මේ රටේ ඇති කරපු ආණ්ඩුව රෙජීමය. ඡන්ද කල් දාන ආණ්ඩුව. මොකක්ද ඒකට කියන්නේ. ඒකට කියනවා ලිච්ඡවී පාලනය කියලා. ඡන්දෙ කල් දානවා විතරක් නෙවෙයි අමාරුවෙන් ඡන්දෙ තියලත් සභාවල් ආරම්භ කරන එකත් කල් දාන ආණ්ඩුවක්. පත් වෙච්ච මන්ත්‍රීවරුන්ට ගැසට් නිවේදනය ගහන එකත් කල් දාන ආණ්ඩුවක්. මැතිවරණ කොමිසමට මළ බද්ධය හැදිලා. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ සම්ප්‍රදාය රකින්න කැපවෙන ස්වාධීන මැතිවරණ කොමිෂන් එකට මළ බද්ධය හැදිලා. තටමනවා තටමනවා ගැසට් නිවේදනය එන්නේ නෑ එළියට. ඡන්දෙ තියල දැන් මාසෙකට වැඩියි. තාම සභාවල් ක්‍රියාත්මක නෑ. සාධාරණ සැකයක් තියෙනවා පැරදිච්ච එක්සත් ජාතික පක්ෂයට සභාවල් ඇතුළේ ඉන්න මන්ත්‍රීවරු මිලදී ගන්න ලබා දී තිබෙන කාලයක් මේ කාලය කියලා.

මහින්ද දේශප්‍රිය මහත්තයා ලැජ්ජයි ඉල්ලා අස්වෙන්න ඕන. ඡන්ද ප්‍රතිඵලය දෙන්නත් ගියා සෑහෙන කාලයක්. මං මේක කිව්ව කියලා ළඟදී මට දුරකතන ඇමතුමක් දුන්න. මං මේ කියන්නේ ආයේ මට කථා කරන එකක් නෑ කියල හිතාගෙන. පැයක් විතර කතා කළා. රෙජීමය කියන වචනේ ආධිපත්‍යයක් තියෙනවා. එතන අර්ථගැන්වෙන්නේ ඒකාධිපති ආණ්ඩුවක් කියන එක. මේක ඡන්ද කල් දානවා, මුහුණු පොතත් වහනවා. හදිසි නීතියත් දානවා. පැය හැත්තෑදෙකයි කියල දිගටම දිග්ගස්සනවා. ඒකට කියනවා ලිච්ඡවී පාලන ක්‍රමය කියලා. මෙතන මාධ්‍ය නොහිටියා නම් තව වචන දෙකක් මේකට මං එකතු කරනවා. ඒ දෙකෙන් අන්තිමට කියවෙන්නේ රෙද්ද කියලා.

මහින්ද රාජපක්ෂ කාලේ අදෝවාතයක් ගියත් නිවේදන නිකුත් කරන තානාපති කාර්යාල අද කෝ. මානව හිමිකම් සංවිධාන අද කෝ. වහාම පිකටින් කරන ජනතා විමුක්ති පෙරමුණ අද කෝ. හදිසි නීතිය දාලා ජනතා විමුක්ති පෙරමුණ සද්දයක් කටක් අරිනවද. දන්නෙ නෑ වගේ ඉන්නවා. මං හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණ දැන් ක්‍රියාත්මක වෙන්නේ වීපීඑන් තාක්ෂණයෙන්. ඒ කියන්නේ බොඩි එක මෙහේ තිබුණට ඒ අය ලංකාවට ඇතුළු වෙලා තියෙන්නේ වෙන රටකින්. ජේවීපී එක දැන් වීපීඑන් වෙලා. හදිසි නීතිය දාගෙන යනවා කට හොල්ලනවද.

පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව හතරගාතෙන් වැටුණා. මේ අය වැටුණේ පොහොට්ටුව දිනපු තැන් වලින් නෙවෙයි. මේ අය වැටුණේ මහරගම මොටර් සයිකලෙන් දිනපු හන්දා. තව කොහෙද නයාගෙන් දිනපු හන්දා. මෙහෙමත් පුළුවන්ද. මහරගම මෝටර් සයිකලේ පටන් ගත්තේ තැපැල් ඡන්දෙත් ඉවර වුණාට පස්සේ.

මං දන්නේ නෑ හිතාමතාමද කියල. මට නම් හිතෙන්නේ එහෙම. රජයේ සේවකයන්ට දෙන්න ඡන්දයක් තිබුණේ නෑ ඒ වෙලාවේ. තැපැල් ඡන්දෙ ඉවර වුණාට පස්සෙයි ඒ ප්‍රතික්ෂේප කිරීම නිවැරදියි කියල කිව්වේ. ඊට පස්සෙ  තමයි ස්වාධීන ලයිස්තු හෙව්වේ. හරියටම ඡන්දෙට සතියයි තිබුණේ. එක ප්‍රධාන රැලියයි පැවැත්වුවේ. මෙන්න බොලේ මෝටර් සයිකලේ දිනලා. ඒකෙන් තමයි කරටි කැඩෙන්න වැටුනේ මේගොල්ලෝ. ඒකෙන් තමයි මොකක්ද ප්‍රවාහය කියල තේරුම් ගත්තේ. අගමැතිතුමාගේ අගමැතිකමට තට්ටු වෙන්න තත්ත්වයක් නිර්මාණය වෙලා ආවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්ම නායකත්වයට විරුද්ධව කැරැල්ලක් නිර්මාණය වෙලා ආවා.
 
සල්ලි තොග පිටින් බෙදුවා. එහෙම බෙද බෙද එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හිතදිනා ගැනීමේ මෙහෙයුම් ගියා. ඒ මොනව කළත් මේ තත්ත්වය පාලනය කරගන්න බෑ. ඔය අල්ලපනල්ලේ විශ්වාසභංග යෝජනාවකුත් ගෙනාවා. දැන් මොකද කරන්නේ ගිනි තියන්න ඕන රටට. සාකච්ඡාව වෙන අතකට යොමු කරන්න ඕන. මානසිකත්වය වෙන පැත්තකට හරවන්න ඕන. පොහොට්ටුවේ ජයග්‍රහණය අමතක කරන්න ඕන. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කිව්වා ජේආර් ගේ ක්‍රමයට ඡන්දෙ දිනල මං පෙන්වන්නම් කියලා.

ප්‍රජාතන්ත්‍රවාදය මකා දාන එකයි ජේආර් ගේ ක්‍රමය. එයාගේ බෑණා කිව්වා මාමාගේ ක්‍රමයට දිනල පෙන්වන්නම් කියල. ඒත් දිනන්න බැරි වුණා යැයි ද වීරවංශ මහතා කීය.

 



අදහස් (9)

බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න නම් අගමැති එළවිය යුතුයි

Jayalath Monday, 19 March 2018 07:24 AM

ගමන් බලපත්‍ර වෙනස් කිරීමෙන් පමණක් බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වැළැක්විය නොහැක.

:       117       3

rohan perera Monday, 19 March 2018 08:13 AM

ලංකාවේ දේශපාලනේ පජාත කරලා තියෙන්නේ මෙන්න මෙවැනි දේශපාලකයින්, කටවාචාලකම ඇරුණාම කිසි දෙයක් නැහැ.

:       118       4

rocky Monday, 19 March 2018 08:47 AM

මේ වගේ වාචාලයින්ව පාර්ලිමේන්තුවට එවන්න ඡන්දෙ දුන්න අයගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි!

:       115       3

එර්දි Monday, 19 March 2018 10:19 AM

රනිල්ව යවන්නම ඕනෑ කරපු වැඩේට. නම්ගම් වයස් කීපයකින් හොරට පාස්පෝර්ට් හදාගෙන කරමුලට අහුවෙලා තියෙද්දිත් දඬුවම් නොදී ඉන්නවට. බටහිරට එපා... චීනය තමයි ඕනේ... බටහිර අමුඩ හොයන දේශප්‍රේමියෝ....

:       8       4

Aruna munasingha Monday, 19 March 2018 10:54 AM

කවදා කෙරෙන්න තිබුණු දෙයක්ද? පමාවෙලා හරි අපි අපේ තවත් ලොකු වැරැද්දක් හදා ගත්තා වෙනවා.

:       1       226

naradha Monday, 19 March 2018 11:39 AM

මේ රටේ දේශපාලකයින් යයි කියා ගන්නා අය සහ, බොහෝ මිනිසුන් දරන මතයක් නම්... අද රට බටහිරට ගැති වී ඇති අතර, සැමවිටම ලෝකයේ ඇති අනිත් සියලු රටවල් කෙසේ හෝ ලංකාව ගිලගැනීමට බලා සිටින බවයි. ඇත්ත කතාව නම්, වෙන රටක් අද ලංකාව ගිලගෙන මොනවද මේකෙන් හුරා කන්නට තියෙන්නේ? ඒ අපේ දුප්පත්කමද, ණය කන්දරාවද, කඩ හැලෙන කුණු කඳුද,... ඔය පාරවල් දිගේ බෙරිහන් දෙමින් වර්ජනය කරන අයද? එසේත් නැත්නම් ඔය ජනතාව ගොනාට අන්දමින් හැමදාම හොරා කන දේශපාලකයින්ද? එබැවින්, මෙවැනි රටක් ගිලගත්ත රටකට වෙන්නේ ඒක වහාම වමාරන්ට වෙන එක විතරයි. මේ දේශපාලකයින් අද කරන්නේ ජනතාවගේ අනාරක්ෂිතභාවය සහ දිළිඳුකම ප්‍රයෝජනයට ගනිමින්, ජනතාව මුලාකරන දේශනා පවත්වමින් තමන්ගේ බඩ වඩා ගැනීම පමණයි.

:       0       3

surath Monday, 19 March 2018 12:14 PM

මෙය ඉතා නිවැරදි ප්‍රකාශයක් !!!

:       1       0

Ajith Nissanka Monday, 19 March 2018 07:31 PM

බටහිර න්‍යාය පත්‍රය අවලංගු කරන්න මේ වගේ නරියන්ට වෙනත් නම් වලින් පාස්පෝර්ට් ගන්න පුළුවන් විය යුතුයී!

:       0       1

Chandra Saturday, 24 March 2018 04:31 PM

මෙන්න අලි කොටි ගිවිසුම් , බැලින්නම් අපේම සේනාවට එරෙහිව ආයුද ගන්න කොටින්ට සල්ලි දීල අපේ රටේ දේශ ප්‍රේමියෝ . දෙයියෝ සාක්කි . මෙහෙමත් දේශපාලකයෝ...............

:       0       318

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4998 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1958 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 863 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site