IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


බදු බර උහුලන්න බැහැ: රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා

(ජයන්ත සමරකෝන්)

ධනපති පන්තිය ආර්ථිකය හැසිරවීම නිසා ජනතාව මත දිනෙන් දින පැටවෙන බදු බර ඉසිලිය නොහැකි තරමින් වැඩිවී ඇතැයි ද මේ ආණ්ඩුව රුපියල බාල්දු වන ප්‍රමාණයටත් වැඩියෙන් බාල්දු වෙන්නේ ඒ නිසා යැයිද ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා ඊයේ (26) පැවසීය.

ආර්ථිකය නිසි ලෙස සැලසුම් කිරීමට නොහැකි කමින් සිදුවන එවැනි දේවල්වලට ජනතාව පිළිතුරු දෙන්නේ ඡන්දයෙන් යැයිද කොළඹ 8 ආචාර්ය අන්.අම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.
සමාජවාදී ජනතා පෙරමුණ විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අද වන විට රුපියල බාල්දුවීම දිගින් දිගටම සිදුවෙනවා. ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව රුපියල දැන් 157 ඉක්මවලා.

මේ නිසා ණය ප්‍රතිශතය දිනෙන් දින වැඩිවෙනවා. අද වන විට රටේ මූල්‍ය ණය බර දිහා බැලුවාම එක් පුද්ගලයෙකුගේ ණය බර රුපියල් 4,32333යි. ආණ්ඩුවට අපි එදා සිටිම කිව්වා ඍජු බදු වැඩිකර වක්‍ර බදු අඩු කරන්නට කියලා. අවුරුදු 3කට පස්සේ දැන් ඒ දේ කරන්නට යනවා.ඉදිරි දිනවල කිරිපිටි මිල ඉහළ යනවා. ඉන්ධන මිල දැනටමත් වැඩි කරලා.

මේ ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න තියෙනවා. එදා මැතිවරණ සමයේදී ජනාධිපතිවරයා කිව්වා, රනිල්ගේ ආර්ථික කමිටුව තමන් අතට ගන්නවා කියලා. ඒත් තාම බැරිවෙලා.

කැබිනට් පත්‍රිකා 3ක් දැම්මා. අදටත් ආර්ථිකය සැලසුම් කරන්නට නොහැකි වෙලා. ධනපති පංතිය බලය අතට     ගැනීම නිසයි මේ දේවල් සිදුවන්නේ. අතට ගත්තු දෙයක් නැවතත් අතහරින්නෙ නැහැ.මහ බැංකු මංකොල්ලයෙන් ගහපු ගැහිල්ල අද මේ රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක්.

හිටපු මහ බැංකු අධිපතිවරයා පමණක් නොවෙයි. ඔහු මේ රටට    ගෙනෙන්නට මූලික වුණු අගමැතිවරයා ඊට මුලින්ම වගකිව යුතුයි. අද ඔහු කොහේ ඉන්නවාද කියා  ගෙනා පුද්ගලයාත් දන්නේ නැහැ. මේ විනාශය නිසයි, අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගය ආවේ.

එජාපයේ පිරිසක් තමයි, මුලින්ම විශ්වාසභංගය ගෙනාවේ. දැන් මේ අය නිහඬවෙලා. දැන් ඒ පැත්තෙන් විශ්වාසභංගය පරාජය කරන්නට වෙනම මෙහෙයුමක් ආරම්භ කරළා. ඒ වුණාට විශ්වාසභංගයේ උණුසුම පාර්ලිමේන්තුවේ තවමත් තිබෙනවා.

පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය පදනම් කරගෙනයි අගමැතිවරයෙකු තෝරා ගන්නේ. ඒ වුණාට රනිල් පත්කළේ කවුද? සම්ප්‍රදාය අනුවද?

අද මේ සියල්ලමට මුල ඒකයි. සම්ප්‍රදායට අනුව එය සිදුවුණා නම් අද රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ.2015 අයවැයේ සිට ධනේශ්වර ආර්ථිකය ඉදිරියට ගෙනගියේ ජනතාව මත බදු බර පටවලා. 

එදා ඒ අයවැයට හැමදෙනාම එකහෙළා අත ඉස්සුවා. ජනතාව ගැන බැලුවේ නැහැ. ඒකට ජනතාව ආපස්සට පිළිතුරු දුන්නා. පසුගිය මැතිවරණයේදී පෙන්නුවේ ඒකයි.

මේ ආණ්ඩුවට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. එහෙම එකක් අදටත් දන්නේ නැහැ.ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කිරීමේ වගකීම වමේ අපට තිබෙනවා. ඒ මඟපෙන්වීම කළ යුත්තක්.

දැන් රටේ ජනමතය වෙලා තියෙන්නේ, පාතාලය හා කුඩුයි. විශ්වාසභංගය අමතක වෙලා. ප්‍රධාන මාධ්‍ය ජාලවල ප්‍රධාන මාතෘකාව විදියට පාතාලය හා කුඩු ගැන පිටුගණන් යනවා. මෙවා පවතින ආර්ථික ක්‍රමයේම ප්‍රතිඵලයි.කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක පංතියක් තුළ දරුවන් ගංජා බීලා මත්වෙලා මුළු පංතියම නිදි. මේ බව මට කිව්වෙත් පාසලේම ගුරුවරියක්. අද රටේ තත්ත්වය ඒකයි.පාසල් දරුවාගේ පටන් අද මුළුමහත් සමාජයම මත් කරලා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය.

ඉදිරි දිනවල ගෙන එන විශ්වාසභංගයෙන් අගමැතිගේ වෙනසක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. එසේ නොවන තාක්කල් ආණ්ඩුවේ අර්බුදය වැඩිවෙනවා.

දැන් අයිඕසී පිරවුම්හල්වල ඉන්ධන මිල වැඩිවෙලා. එදා 2012 දී තෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් 109.45යි, 2014 දී 96.26යි, 2015 දී 49.49 යි, 2016 දී 40.68යි, 2017 වෙනතුරු 52.51යි, 2018 දී 66.85යි. ඒ වුණාට ලෝක තෙල් මිල අඩුවූ විට අඩු කළේ නැහැ. තෙල් මිල වැඩි කළා.

ලංකා සමසමාජ පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා අදහස් දක්වමින් මෙසේ කීය. 

අද රට දරුණු උගුලකට අහුවෙලා. ග්‍රීසියේ සිදුවූ දේ අපේ රටටත් සිදුවිය හැකියි. ඊට පෙර ලොකු වෙනසක් සිදුකළ යුතුයි. ආණ්ඩුවේ ඇමතිවරුම කියනවා මේ ආණ්ඩුව තවත් මාස 3ක් විතරයි තියෙන්නේ කියලා.

ආණ්ඩුවේ රාජිත, චම්පික ඇමැතිවරුම කියනවා ප්‍රතිපත්තිමය වෙනසක් කරන්නට සිදුවෙන බව. නැත්නම් වෙනත් දේශපාලන බලවේගයක් මතු කරන්නට සිදුවෙන බවද ඔවුන් කියනවා.

ඒ වුණාට ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති ගැන කියන්නේ නැහැ. අගමැති    රැකගන්නටයි ඔවුන් හදන්නේ. අද වන විට ආණ්ඩුවේ ණය බර රුපියල් ටි්‍රලියන 11.7යි. බැඳුම්කර වංචාවට වඩා 10 ගුණයක්.

දේශ විමුක්ති ජනතා පක්ෂයේ උපසභාපති කොළඹ නව නාගරික මන්ත්‍රී ගලගම ධම්මරංසි හිමියෝද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ උපලේකම් ජේ.සී.අයි. තිලකසිරි මහතා ද මෙහි අදහස් දැක්වූහ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය ලේකම්, කොළඹ නව නාගරික මන්ත්‍රී එල්.ආර්. ස්ටීවන් මහතා මෙම අවස්ථාවට සහභාගි විය. 

 



අදහස් (2)

බදු බර උහුලන්න බැහැ: රුපියල බාල්දුවන තරමට ආණ්ඩුවත් බාල්දු වෙනවා

ලුම්බිණි Wednesday, 28 March 2018 06:08 AM

ග්‍රීසියේ සිදුවූ දේ අපේ රටටත් සිදුවිය හැකියි කියන මහාචාර්ය තිස්ස විතාරණ මහතාට ලංකා සමසමාජ පක්ෂයට උන දේ අමතක වගෙයි.

:       0       0

Saththaya Friday, 30 March 2018 07:23 AM

ඒ දවස් වල වුන දුෂණ වැඩ ගැන කට ඇරියේවත් නැහැ . දැන් අපි ණය පියවන්න බදු ගෙවනවා. මොනවාද මේ කථා. ??????????

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4998 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1958 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 863 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site