IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


බැඳුම්කර වාර්තාවේ සියලුම පිටු මැතිසබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන්න

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)

බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ඇත්ත දැන ගැනීමට අවශ්‍ය නිසා කොමිෂන් සභා වාර්තාවේ සියලුම පිටු මැති සබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේ දී පෙරේදා (5) ඉල්ලීමක් කළේය.


වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව පෙරේදා (5) සවස 1.00ට රැස්විය.

වාර්තා හා ලිපි ලේඛන පිළිගැන්වීමෙන් පසුව සභාවේ කටයුතු ඇරඹිණ.
එහි දී බැඳුම්කර වාර්තාව ගැන කතා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එසේ කීය.

බැඳුම්කර වාර්තා ගැන කියද්දී මන්ත්‍රීවරුන් 118 දෙනෙක් ගැන කියැවෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරු 225 දෙනාම සැකයට භාජන වෙනවා. ඔබතුමා වෙත ලැබී තිබෙන වාර්තාවේ ඔය කියන නාමලේඛනය තියෙනවාද?

කතානායක:- මම ඒක බැලුවේ නැහැ. අපි දැනුවත්ව එහෙම දෙයක් නැහැ.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- අපි සියලු දෙනාටම ඕන ඇත්ත දැන ගන්න. අද ඔබතුමාට එවලා තියෙන්නේ ක්‍ 350 සිට 360 දක්වා පමණයි. නමුත් ක්‍ - 1 සිට 349 දක්වා එවලා නැහැ. ඔක්කොම එවන්න කියන්න. 

අනුර කුමාර දිසානායක මහතා:- දැන් එවලා තියෙන්නේ දහයයි නම් තව 349ක් ආ යුතුව තිබෙනවා. ඒ 349 මේ පාර්ලිමේන්තුවට අරන් දෙන බවට ඔබතුමා සහතිකයක් දෙනව ද?

කතානායක කරු ජයසූරිය මහතා:- ඒක අවශ්‍ය බවට මම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කළා. මට දෙන්න පුළුවන් සහතිකය එච්චරයි.

අනුර දිසානායක මහතා:- ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන්න ද?

කතානායක:- තව නැහැ. එතුමා විදේශගතවෙලා. ඒත් මම පියවර ගන්නවා.

විමල් වීරවංශ මහතා:- බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ කෑලි කෑලි මේ සභාවට ගෙනෙන්නේ ඇයි? සමස්ත වාර්තාව දෙනවැයි කියල නොදී ඉන්නනේ ඔය හදන්නේ. එක්කෝ ආපු කොළ ටික අපට පෙන්වන්න.

චන්දිම වීරක්කොඩි මහතා:- මේවා පිළිබඳව සමාජ ජාලවල දැන් යනවා. එම නිසා ඔබතුමාට ලැබුණු නම් ටික දැන් කියන්න.

නලින් බණ්ඩාර මහතා:- මේ සම්බන්ධව විපක්ෂයේ අය කෑ ගහනවා. අපටත් විශාල වුවමනාවක් තියෙනවා මේ ගැන දැන ගන්න. දින 100 කාලෙ දී පාර්ලිමේන්තුවේ හිටියේ එජාපයේ මන්ත්‍රීවරු 42යි. එතකොට වැඩිපුර පිරිසක් හිටියේ ඒ පැත්තේ.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා:- දුරකතන ඇමතුම් ගත්ත අයගේ නාමලේඛනය අද ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කළා. මැති ඇමැතිවරු 24 දෙනකුගේ පොලිස් නිලධාරීන්ගෙන් පොලිසිය කට උත්තර අරගෙන තිබෙනවා. ඒ අය චෙක් මාරු කරලා තියෙනවාලු. මේ අතරේ කෝප් කමිටුවට පත් කර තිබෙන අයගේ රාළහාමිලාගෙන් කට උත්තර අරගෙන තිබෙනවා.

කෝප් කමිටුවට ඒකාබද්ධ විපක්ෂයේ මමත් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාත් පත් කර තිබෙනවා. අපි දෙන්නා අර්ජුන ඇලෝසියස් සමග කතා කළේ නැහැ. මුදල් අරගෙනත් නැහැ. ඒ සම්බන්ධව අපි ඔබතුමාට දිවුරුම් ප්‍රකාශ දෙකක් දෙනවා. කෝප් කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ටත් එසේ දිවුරුම් ප්‍රකාශ ලබා දෙන්න කියන්න.

එස්.එම්. මරික්කාර් මහතා:- මේ එවලා තියෙන ටිකෙයි තව එවන්න තියෙන ටිකෙයි හරහා මේ නම් ටික හෙළිවෙන්නේ නැත්නම් මේ සංවාදවලින් වැඩක් නැහැ. 2010 සිට දුරකතන සංවාද පවත්වපු සියලු දෙනාගේ නම් එළියට දාන්න. 

තාරක බස්නායක මහතා:- සම්පූර්ණ වාර්තාව හෙළිදරව් කරන්න.

කතානායක:- ඔබතුමා එන්න කලින් ඒක තමයි කිව්වේ.

රංජිත් සොයිසා මහතා:- ඔය වාර්තාවේ සිංහල පිටපත ලැබෙන්න සලස්වන්න. මුළු රටම මේ ගැන බලාගෙන සිටිනවා. කතානායකතුමා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මේ ගැන නියෝගයක් දෙන්න.

අජිත් පී. පෙරේරා මහතා:- මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා හොඳ දෙයක් කිව්වා. චෝදනාවලට ලක්ව සිටින තැනැත්තන් පාර්ලිමේන්තුවේ කමිටුවලට පත් කිරීම සුදුසු නැහැ කියලා. අලුත්ගමගේ මන්ත්‍රීතුමා සහ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා මේ දෙදෙනාම සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා ලබපු දෙන්නෙක්. මේ කමිටුවලින් විභාග කරන්නේ ඇලෝසියස්ගේ ගනුදෙනු විතරක් නොවෙයි. තව දේවල් විභාග කරනවා. කිසිම කමිටුවකට අපරාධ චෝදනා අධි චෝදනා ලබපු කිසිදු මන්ත්‍රීවරයෙක් පත් කරන්න එපා.
(සභාවේ ඝෝෂා)

සුසන්ත පුංචිනිලමේ මහතා:- ඇලෝසියස් මුදලාලිගෙන් මුදල් ගත්තේ නැහැ කියල අපි දෙන දිවුරුම් ප්‍රකාශ පිළිගන්න. අපට ගම්වලට යන්න බැහැ. ඒ අය අහනවා ඔබතුමාත් මුදල් ගත්ත කෙනෙක්ද කියලා. නෝන්ඩි දානවා. මගේ දිවුරුම් ප්‍රකාශයත් බාරගන්න.

ගාමිණී ලොකුගේ මහතා:- කෝප් කමිටුවේ සාමාජිකයන්ට සල්ලි දුන්නද? දුරකතන ඇමතුම් දුන්නද? කියන ප්‍රශ්නය තියෙන්නේ. අපට ඕන කෝප් කමිටුව පිරිසුදුව පවත්වාගෙන යන්න. ඒ නිසා තමයි කියන්නේ කෝප් කමිටුවේ අයට දිවුරුම් පෙත්සමක් දෙන්න කියලා.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා:- අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා කිව්වා අපි දෙන්නට අධි චෝදනා ලබලා මහාධිකරණයේ නඩු තියෙනවා කියලා. ඔව් මට මහාධිකරණයේ නඩුවක් තියෙනවා. මගේ නඩුව මම බලාගන්නම්.

මම මෙච්චර කල් කටඋත්තර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කිව්වේ නැහැ. මම දැන් කියන්නම් කටඋත්තර ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් නිලධාරීන් අතර අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමාගේ පොලිස් නිලධාරීනුත් ඉන්නවා.
(සභාවේ ඝෝෂා)

අජිත් පෙරේරා මහතා:- අලුත්ගමගේ මන්ත්‍රීතුමා කියපු කතාව සම්පූර්ණයෙන් වැරැදියි. මගේ ආරක්ෂක භටයෝ හතර දෙනාගෙන් කිසිම පැමිණිල්ලක් අරගෙන නැහැ. මම කතා කළෙත් නැහැ. සල්ලි අරගෙනත් නැහැ.

ජයන්ත සමරවීර මහතා:- අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමා මගේ නමත් සඳහන් කරලා කිව්වා මටත් නඩුවක් තියෙනවා කියලා. ජනාධිපති කාර්යාලයේ වාහන අවභාවිත කළා කියල නඩුවක් තියෙනවා. පුට් නෝට් දාපු කල්ලියේ එතුමාත් සාමාජිකයෙක්. එතුමාටත් කියන්න දිවුරුම් ප්‍රකාශයක් දෙන්න කියලා.

ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා:- එක්තරා පිරිසක් පමණක් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තැයි කියන කොට ඒ හා කිසිම සම්බන්ධයක් නැති ඒකාබද්ධ විපක්ෂයේ විශාල සංඛ්‍යාවක් ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒ නිසා අපව ආරක්ෂා කිරීමට ඔබතුමාගේ වගකීමක්. මගේ වරප්‍රසාද ප්‍රශ්නය ගන්න ඉඩ ලබා දෙනවද?

කතානායක:- මෙවැනි වරප්‍රසාද ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ නිසා මේ වාර්තාව ඉදිරිපත් කළාට පසුව ඔය ගැන කතා කළ හැකියි.

අජිත් පී. පෙරේරා මහතා:- බැඳුම්කර වාර්තාවේ 671 පිටුවේ බොහොම හොඳට පැහැදිලි කර දී තිබෙනවා ෆුට් නෝට් නිවැරැදියි සත්‍යයයි තර්කානුකූලයි, කිසිම අගතියක් වෙලා නැහැ කියලා. ඒ දිහා නොබලා චෝදනා කරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු මිනිස්සුයි. ඒ නිසා ඒකට මුහුණ දෙන්න. බොරු දිවුරුම් ප්‍රකාශ දෙන්න එපා.

වාසුදේව නානායක්කාර මහතා:- රාජ්‍ය ගිණුම්කාරක සභාව අද රැස්වීමට නියමිතයි. ඒකට නම් කර තිබෙන අය අතරේ සැකයට භාජන වෙච්ච මන්ත්‍රීවරු සිටිනවා නම් ඒ අය පිළිබඳව ඔබතුමා නැවත සලකා බලන්න. දැන් අපි ඔක්කොම පටලැවිලා කෑ කෝ ගහ ගන්නවා. අර හොර දෙටුවා සිංගප්පුරුවට වෙලා ඉන්නවා. 

මහින්ද අමරවීර මහතා:- යම් මන්ත්‍රීවරයෙක් මුදල් අරගෙන තිබෙනවා නම් පාර්ලිමේන්තුවත් රටත් දැනුම්වත් කරන්න. මේ සම්බන්ධව කිසිම සම්බන්ධයක් නැති අයට පවා චෝදනා එල්ල වෙනවා. මේකෙන් හෑල්ලු වෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුයි.

කතානායක:- මාධ්‍ය ඇතුළු සියලු දෙනාට මේ සම්බන්ධව වගකීමෙන් ක්‍රියා කළ යුතුයි කියල මම මුලදීම කිව්වේ ඒකයි. මේ නිසා පොදුවේ රටටත් ඉතාම අහිතකර තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

ආනන්ද අලුත්ගමගේ මහතා:- ලංකාව පුරා විසිරී සිටින ජනතාව මේ 225 පාර්ලිමේන්තුවට එවලා බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නයි. ආධුනික මන්ත්‍රීවරුන් වන අපට ආපු දවසේ සිට පෙනුනේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න විසඳා ගන්නවා මිස ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකිරීමයි. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා.

විමල් වීරවංශ මහතා:- මේ වාර්තා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළොත් මේකේ ජනාධිපතිතුමාගේ නමත් තියෙනවා කියලා ජනතාව හිතන්න පුළුවන්.

අජිත් මාන්නප්පෙරුම මහතා:- විපක්ෂයේ මේ බැඳුම්කර සිද්ධිය අරගෙන එයාලගේ හෙළුව වහගන්න හදනවා. හොරුන්ගේ හෙළුව වහගන්න හදනවා. 
පාර්ලිමේන්තුව යළි රැස්වේ.

 



අදහස් (3)

බැඳුම්කර වාර්තාවේ සියලුම පිටු මැතිසබයට ඉදිරිපත් කරන්නැයි අදාළ අංශවලට දැනුම් දෙන්න

Bamunuarachchi. Thursday, 07 June 2018 07:04 AM

මේගොල්ලෝ කලින් නොතිබූ උනන්දුවක් පෙන්වන්නේ තමන්ට උවමනා ආකාරයට වෙනස් වීම් වෙලාවත් ද ?

:       37       104

Raveendra Friday, 08 June 2018 03:20 AM

ඕන ගොනෙකුට යුද්ද කළහැකි කිව්වෙත් මෙමා ය... ඕන බල්ලෙක් හොරාකන බව ඔප්පුකලෙත් මෙමා ය.. නකල්ස් වලට කෙලව්වෙත් ඇල්ලක් උණු මෙමා ය... ඇල්ලේ අසුචි බොන්නෙත් තක්කඩි මෙමා නේ...

:       0       0

Raveendra Friday, 08 June 2018 03:20 AM

ඕන ගොනෙකුට යුද්ද කළහැකි කිව්වෙත් මෙමා ය... ඕන බල්ලෙක් හොරාකන බව ඔප්පුකලෙත් මෙමා ය.. නකල්ස් වලට කෙලව්වෙත් ඇල්ලක් උණු මෙමා ය...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5562 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 655 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1996 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3692 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 321 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 991 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site