(*** අංජුල මහික වීරරත්න)
බොරු කියා බලයට පැමිණි ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුව පිළිබඳව ජනතා විශ්වාසය මේ වනවිට අන්තිමටම පිරිහී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම්, කැලණිය ආසනයේ ප්‍රධාන සංවිධායක රුවන් විජයවර්ධන මහතා ජාඇල දී පැවසීය.
කොරෝනා වසංගතය පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කර, සෞඛ්‍ය නිර්දේශ පවා බැහැර කරමින් බලලෝභී වුවමනා වෙනුවෙන් ආණ්ඩුව ජන ජීවිත අනතුරේ හෙළා අවසානැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
මහ මැතිවරණය වෙනුවෙන් ජාඇල ප්‍රදේශයේ පැවති රැලියකදී තවදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීවේය.
“රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා හෝ කොරෝනා වසංගතයෙන් ජන ජීවිත ආරක්‍ෂා කරගැනීමට හෝ රජයට කිසිදු ප්‍රතිපත්තියක් නැහැ.
කොරෝනා ආසාදිතයන් සම්බන්ධයෙන් තොරතුරු වසන් කරමින් රජය කටයුතු කරන බවට මේ වනවිට ජනතාව තුළ විශාල සැකයක් මතුවෙලා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා පී.සී.ආර්. පරීක්‍ෂණ පැවැත්වීමෙන් ඉවත් වූයේ ඇයි? ඊට හේතුව රජය සත්‍ය තොරතුරු වසන් කිරීමයි.
මේ වනවිට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ රජය බැහැර කරමින් කටයුතු කරන තත්ත්වය නිර්මාණය වෙලා. මේ තත්ත්වය තුළ සෞඛ්‍ය අංශයට සම්බන්ධ ඇතැම් නිලධාරීන් රාජකාරියෙන් පවා ඉවත් වූවා.
බලයට ඇති කෑදරකම හේතුවෙන් මැතිවරණය පසුපස දිවයන ආණ්ඩුවට ජනතාවගේ ජීවිතවල සුරක්ෂිත බව පිළිබඳ වගකීම අමතක වෙලා.
එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව මෙවර මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් කණ්ඩායම් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයත්, පක්‍ෂ මූලස්ථානයත් ඇල්ලීම පිළිබඳ කතා කරමින් යන නමුත් රටේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය ආර්ථික සහ දේශපාලනික දැක්ම ඉදිරිපත් කිරීමට මෙතෙක් අපොහොසත් වෙලා.
ජනතාවට වැදගත් වන්නේ පක්‍ෂ ගොඩනැගිලි අත්පත් කර ගැනීම නොව රට වෙනුවෙන් ක්‍රියාවට නංවන දේශපාලන ප්‍රතිපත්ති” බවද එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මේ අවස්ථාවට හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග, මහ මැතිවරණ අපේක්‍ෂක අර්ජුන රණතුංග යන මහත්වරු ද සහභාගි වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘බොරු කියා බලයට ආ ආණ්ඩුව ජනතාවට තිත්ත වෙලා‘
chandana Sunday, 26 July 2020 08:13 PM
ඔබතුමා කියනවා. අපි ඇත්ත වගේ අහගෙන ඉන්නවා. ඒත් ඔබතුමා කියන්නෙ බොරු කියලාත් අපි දන්නවා
sugath Sunday, 26 July 2020 10:06 PM
පසු ගිය කාලේ කව්රුත් බලයට ආවේ බොරු කියලා තමයි. හඳෙන් හෝ හාල් ගෙන ඒම, හාල් සේරු දෙකක් නොමිලේ ලබා දීම, ඇට වර්ග අටක් ලබා දීම, ජනාදිපති තනතුර අහෝසි කිරීම, රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, මනංකල්පිත ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලා ඇති කිරීම, එම් සී සී ගිවිසුම ඉරා දැමීම මේ කිවූ බොරු වලට උදාහරණ කිහිපයක් පමණි.