(රන්න චන්ද්‍රසේන ගමගේ)
ලබන 04 වැනි දින පැවැත්වෙන 70 වැනි නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු සහභාගි කරවා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම මේ පාලකයන් ගේ නිවටකම ප්‍රදර්ශනය කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගුණකොළපැලැස්සේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පලාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියේදී පැවසීය.
මෙම රැළියේදී අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා, “ මේ රට යටත් කර ගෙන හිටපු රටක නායකයෙකු ගෙන්වා මේ රටේ නිදහස් උළෙලක් පැවැත් වීම සුදුසු දෙයක් විධියට මම සලක්නේ නෑ. එඩ්වඩ් කුමාරයා වෙන උත්සවයකට ගෙනාවානම් ඒක වරදක් විධියට මම දකින්නේ නෑ .මමත් චෝගම් එකට චාල්ස් කුමාරයත් ගෙන්නුවා . එඩ්වඩ් කුමාරයාට සුභ පතන ගමන්ම මම මේ ආණ්ඩුව වැටී ඇති තත්වය ගැනද කණගාටු වෙනවා.
අද බලන්න මේ ආණ්ඩුව රට වටේම තියෙන අපේ භූමි භාගය පිටරට වල් වලට විකුණනවා. දකුණ චීනෙට ඉන්දියාවට උතුර ඉන්දියාවට නැගෙනනහිර ඉන්දියාවට සිංගප්පූරුවට කොළඹ චීනෙට උකස් කරනවා.පිට රටවල් වලට මේ රට පාවා දෙන්න ආණ්ඩුව පියවර අරගෙන තිබෙනවා.මේ ඡන්දයේදී පොදු ජන පෙරමුණට දෙන ඡන්දය රට විකුණනවාට විරුද්ධව දෙන ඡන්දයක් වගේම ප්‍රභාකරන්ට කර ගන්න නොහැකි වූ දේ සිදු කරන්න මාන බලන සම්බන්ධලාට විරුද්ධවත් දෙන ඡන්දයක් බව අමතක කරන්න එපා.“ යැයිද පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු ගෙන්වීම රට පාවා දීමක් - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
sanjeewa Saturday, 03 February 2018 08:21 AM
කටින්ද කියන්නේ කියලත් හිතෙනවා. මෙයාට මතක නැති ලෙඩේ තියෙනවා...
Pradeep Saturday, 03 February 2018 04:47 PM
චාල්ස් කුමාරයා ආවේ මෙතුමා අගමැති කාලේ.
mahinda Saturday, 03 February 2018 12:29 PM
කියන්න දෙයක් නැතිවුණාම ඔයවගේ විකාර තමයි කරන්නේ...
sena Saturday, 03 February 2018 01:45 PM
මේ කතාව ගමේ ගොඩේ සාමාන්‍ය මනුස්සයෙක් කීවානම් ගණන් ගන්න දෙයක් නැහැ. නමුත් අපේ හිටපු ජනාධිපතිතුමා මේ කතාව කීම ගැන හරිම කණගාටුවක් ඇතිවෙනවා. එතුමා දන්නවා මේක ශිෂ්ඨ ජාතින් දෙකක් අතර ඇතිවුණු රාජ්‍යතාන්ත්‍රික ගමනක් කියන එක.
erdi Saturday, 03 February 2018 02:47 PM
බොළඳ කතා ... අඟුණකොළපැලැස්සේ බයියන්ට අල්ලලා යන ඒවා දෙන්නත් එපැයැ. රටකින් අරාධිතයෙක් ගෙන්නුවා කියල වරදක් වෙනවද? තමන්ගෙ ඇහේ පොල්පරාලේ නොදකින අනුන්ගෙ පොල්කෙන්ද දකින අප්පලා පුතාලම තමයි..
BamunuarachchiMonday, 05 February 2018 03:48 AM
කතාව හරියට පිට රටකම ඉපදිලා වගේ. හොයාගෙන ගියොත් සීය ගේ සීයාත් බයියෙක්ම තමයි.
chathuri Saturday, 03 February 2018 03:05 PM
මෙහෙම කෙහොමද කතා කරන්නේ? නාමල් බේබිට කියලා ඉන්දියාවෙන් නැට්ටුක්කාරියක් ගේන්න තිබුණා බලය තිබුණානම්...
dimuthu chandrasiri Sunday, 04 February 2018 02:15 AM
1815 ඌව වෙල්ලස්සේ කැරැල්ලේදී ලක්ෂ ගානක් සිංහලින් මරන්න අන දීපු අයගේ මුණුපුරන් නිදහස් දිනේට ගෙනල්ල මිය ගිය වීරයන්ට කරපු අපහාසයක්.
banda Sunday, 04 February 2018 07:24 AM
සුද්දෝ මොකටද ඉන්දියාවෙන් නළු සල්මන් කාන් ගේන්න තිබුණානේ... එයා මෙයාගේ යාලුවා නේද?
Bamunuarachchi Sunday, 04 February 2018 08:05 AM
අන්න අන්න මමත් ඔබට විරුද්ධ වෙනවා... මෙතනදී දකුණු ඉන්දියාවෙන් වඩුග දෙමළෙක් ගේන්නද කියන්නේ?
dinka Sunday, 04 February 2018 10:36 AM
ඊට හොඳයි ස්වාසිලන්තයෙන් වනචාරීන් ගෙන්නුවා නම්... අනේ මන්දා...
BamunuarachchiMonday, 05 February 2018 03:44 AM
ඔව් ඔව් සුද්දා මේ රට යටත් කලේ නැතිනම් අපට වනචාරීන් වගේ කොට කොට තමයි ඉන්න වෙන්නේ. සුද්දෝ නිසා අපි සිංහලයෝ කියාගෙන ලෝකේ ජීවත් වෙන්න අවස්ථාව ලැබුණා. සුද්දෝ නිසා සේනානායකලා, බණ්ඩාරනායකලා රටේ නායකයෝ වුණා. නැතිනම් සුබ්‍රමනියම්, සින්නලිංගම්, සුන්දරලිංගම්, පෙරියලිංගම් වගේ අය තමයි රටේ නායකයෝ. දකුණු ඉන්දියාවෙන් එන ආර්යාවන් බෝට්ටුවෙන් බහිනකොට අපේ භාර්යාවන් යාවි පිළිගන්න. සුද්දෝ මේරට අල්ලන විට රටපාලනය කලේ කව්ද? කොහොමද? කියලා සොයා බලන්න.
parakkrama Sunday, 04 February 2018 12:30 PM
කෙක්කෙන් බැරිනම් කොක්කෙන් කිව්වලු . දියේ ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙන්වාලු. මෙයා බලයේ සිටියා නම් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත් වෙනවාද ? අදත් මෙයා ජනාධිපති නම් , අපේ නිදහස් උත්සවයට සහභාගී කරගන්න අනිකුත් රාජ්‍ය නායක්යින්හට ආරාධනා කරනකොට පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව අත්හැර සිටිනවාද? නැතිනම් ඇරියුම් ලබන අනිකුත් රාජ්‍ය නායකයින් අතරින් බ්‍රිතාන්‍ය අගමැති අත්හැර සිටිනවාද ? මෙයා එලෙස ඇරියුම් කළා නම් අඩුම තරමින් මෙරට සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හෝ සහභාගී වනවා නේද? අද සහභාගී වුනේ එක රටක නොවෙයි පදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාවගේ නියෝජිතයා නේද ? මේවා තමයි යමක් නොතේරෙන හෝ නොපිළිගන්නා හෝ කැපුවත් අපි මෙහෙමයි කියන හෝ මිනිසුන්ගේ ඔළුගෙඩි කුරුවල් කරන වැඩ. අලුත් මාර්තෘකාව නම් අගෙයි.
bandara kuwait Sunday, 04 February 2018 01:56 PM
මහරජ ගෙන්නුවේ සුවාසිලන්තයේ නායකයෝනේ... බලලෝභීකම නිසා අවසානය ලංවෙලා වගේ... මේ වගේ නායකයොත් අපේ රට පාලනය කළානේ..
රසික Sunday, 04 February 2018 03:08 PM
කටින්ද මේ කතා කරන්නේ? 1998 දී නිදහස් ස්වර්ණ ජයන්තියට චාල්ස් කුමාරයාව ගෙන්නන කොට ඇයි ඔය කතා කිව්වෙ නැත්තේ මෙයා?
theshan Sunday, 04 February 2018 03:25 PM
ඔව් ගෙන්නුවා නම් හොඳයි. මේ නඩුව ගෙනාවා නම් නරකයි. මේ අය ගෙන්නුවේ ඉතින් කොයි වගේ කට්ටියද කියල අපි දන්නවා.. චෝගම් එකට අාපු දකුණු අප්‍රිකානු නායකයා හෝටලේ කට්ටියගෙනුත් මොකක්ද ඇහුවලු...
theshanSunday, 04 February 2018 04:00 PM
මම කිව්වේ, මෙයා ගෙන්නුවොත් හොඳයි කියලා. මේ ආණ්ඩුවෙන් ගෙන්නුවොත් නරකයි කියන එක. පුතාලා කරපුවා මතක නැහැ වගේනේ...
Senevi Sunday, 04 February 2018 03:52 PM
මහත්මයා ඔබ රාජ්‍යනායක යෙක් නොවේද? ඇයි මේ වගේම වගකීම් රහිත කතා කරන්නේ? ඔබ කලානම් පමණද නිවැරදි?
සෙනෙවි ගාල්ල Sunday, 04 February 2018 05:05 PM
මෙතුමා කියන කතා ඇසූවිට වසර 10 ක් රට කල නායකයෙක්ද කියා සිතේ.
සෙනෙවි ගාල්ල Sunday, 04 February 2018 05:08 PM
බ්‍රිතාන්‍යන් ඇතුළු බටහිරයන් කල අපරාද බොහොය එසේ වුවද අප රට ශිෂ්ඨත්වයට පත්විමට මෙම ආගමන බලපා ඇත. මොවුන් නොපැමිනියේ නම් අපිද තවමත් දරුවන් වංගෙඩියේ දමා කොටවන ජාතියෙකි. ඇතැම් අයට එවැනි කාලයන්ට යාමට අවශ්‍යව ඇත.
Ben Sunday, 04 February 2018 10:22 PM
මහින්ද රාජපක්ෂ ගේ පවුල ගැන කතාකරවට වඩා වැදගත් ඒ ගොල්ලන් රටට කරපු සංවර්දනය ගැන කතාකරන එක. රාජපක්ෂ ඩොලර් ට්‍රිලියන් 2 ක් අරගෙන යුද්දේ ඉවරකරලා, වරාය, ගුවන් තොටුපල, පාරවල් හදල ගියත් යහපාලනය ඩොලර් ට්‍රිලියන් 3 ක් අවුරුදු 3 ක් ඇතුලත අරගෙන මොනවද කලේ? ඒ නිසා ඇත්ත තේරුම් ගන්න එක හොඳයි.
Saman Monday, 05 February 2018 05:26 AM
ඔච්චරම දේශප්‍රේමී නම් පොදුරාජ්‍ය මණ්ඩලයෙන් අයින්වෙන්න තිබුණනේ.. තමුන්ට බලය තිබුණු කාලේ, ලක්ෂ ගනන් වියදම් කරලා චෝගම් පවත්වන්නේ නැතුව. දැන් ගැලරියට බයිලා කියනවා.
rocky Friday, 16 March 2018 02:03 PM
ඒක කොහොමද රට පාවා දීමක් වෙන්නේ?