IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


‘බැසිල් කී විදියට කළා නම් මහින්ද දිනුම්‘

(ඩයනා උදයංගනී)

බැසිල් රාජපක්‍ෂ මහතා කී ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩු කළා නම් තවමත් ඒ ආණ්ඩුව තිබෙන බවත් බැසිල් රාජපක්‍ෂ මහතාට ලෝක දේශපාලනය ගැන මනා දැනුමක් තිබෙන බවත් සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද(4) පැවසීය.

නමුත් මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා කී විදියට බව කී අමාත්‍යවරයා උතුරු පළාතේ හමුදාව යටතේ ඇති ඉඩම් ජනතාවට ලබාදීමේදී විශාලම බාධාවක් වී තිබුණේ ඒකාබද්ධ විපක්‍ෂයේ පිරිස වුවත්, එම ඉඩම් කඩිනමින් නිදහස් කළ යුතු බව බැසිල් රාජපක්‍ෂ මහතා  ප‍්‍රකාශ කිර තිබීමෙන් එම බාධාව ඉවත් වූ බව ද කීවේය.

හමුදාව අපරාධ කළ බව ද බැසිල් රාජපක්‍ෂ මහතා කියා ඇති බව අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 



අදහස් (12)

‘බැසිල් කී විදියට කළා නම් මහින්ද දිනුම්‘

de silva berlin Thursday, 05 October 2017 02:52 AM

කරුණාකර ඔබතුමා හමුදාව සහ යුද්දේ ගැන කතා නොකර සිටින්න.....ඔය එක ඒවා කියන්න ගියහම අන්තිමට නතරවෙන්නේ ජිනීවා වල .....

:       43       38

sathyayaa Friday, 06 October 2017 01:49 AM

ඊයේ පැවති කැබිනට් මාධ්‍යය හමුවකදී රජයේ 3 වන කැබිනට් මාධ්‍යය ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා ජ.වී.පෙ තරුණයින් ගේ රැවුල් සහ මාක්ස් වාදයේ නිර්මාතෘ කාල් මාක්ස් ගේ රැවුල අතර සම්බන්ධය කියන්න ගොස් මාක්ස් ඔහුගේ "දාස් කැපිටල්" පොත ලිව්වේ 1871 වසරේ කියා නියමෙට අනාගත්තා. තමන් ලෝකය ගැන කෙසේ වෙතත් තරුණ ජවය ඇති කාලයේ බොරුවට හෝ මාක්ස් වාදියෙක් ලෙස පෙනී සිටි කාලයේදී වත් මාක්ස් ඒ පොත ලීවේ කුමන වසරේදී (1867) කියා දැන සිට නැහැ . මේ කතාවේ විශ්මිතම එපිසෝඩය ඇමතිවරයා අනාගත්ත බව කවුද පෙන්වා දුන් පසු ප්‍රවෘති විකාශන වලින් ඒ කොටස වහාම ඉවත් කිරීමයි. අද දිනයේ අප භුක්ති විඳින්නේ බලය හා මෝඩ කමට අවස්තාවාදී කම එක්තැන් වූ අවිචාර සමයක ඛේදවාචකයයි!

:       0       70

bandula Friday, 06 October 2017 09:55 AM

ඔය කියන්නේ අර 10% ගත්තා නම් හොඳයි කියලද ?

:       0       0

nimmi Friday, 06 October 2017 01:12 PM

අනේ මේ වගේ මිනිසුන්... කතා කරලා වැඩක් නැහැ ..

:       1       3

janatha anura Saturday, 07 October 2017 09:00 AM

ඒ කියන්නේ සිල් රෙදි බෙදලා ඉන්දියාවෙන් නලඟනක් ගෙන්වලා තව හෝටල් දෙක තුනක් හදලා ..එහෙමද ? අපි නම් මහත්තයා ඕවට අහුවෙන්නේ නැහැ. නමුත් හාමුදුරුවෝ ගහපු ගැටේට නම් අපි බෙල්ලටම අහු වුණා.

:       0       2

appuva Saturday, 07 October 2017 09:01 AM

අම්මපා මට වචන නැහැ මහත්තයා මේවට කියන්න.

:       0       64

janatha anura Saturday, 07 October 2017 09:07 AM

හමුදාව යටතේ ඇති ඉඩම්...? කොහෙද ඒවා තියෙන්නේ යුද්දය පවතිද්දී තම ජීවිත ආරක්ෂාව සඳහා හමුදා වෙත අයත් වුණා. යම් යම් ප්‍රදේශ යුද්ධය ඉවර වී සාමය පවතිනවා නම් පමණක් මේ ප්‍රදේශ වලින් ඉවත් විය හැක. අලිමංකඩ පාන්කඩ කරන්න බැහැ බොහෝ ජීවිත නැති වුණා. මේවා කඳවුරු රැක ගන්න දැන් බෙදන්න කතා කරන දේශපාලකයෝ එදා හිටියේ ඇඳන් යට... නැති නම් අද ජීවතුන් අතර ඉන්න බැහැ.

:       0       110

Nandalal DE SILVA - France Saturday, 07 October 2017 07:48 PM

යුද්ධය පටන් ගත් කාලයේදී, හමුදා සේවයෙන් පලාගොස් ඇමරිකාවේ පදිංචිව සිටි ගොට්ට මහත්තය ගැන කියල වැඩක් නැහැ. මරා අයියා, නොවඳින වැඳුම් කරලා මෙයාව ගෙන්න ගෙන ආරක්ෂක ලේකම් හැටියට පත්කරේ අත ලෙව කන්නද ? බැසිල් ගැන විශ්වාසයක් නොතිබුන නිසයි මරා අයියා, ගාල්ලේ සුමනදාස උන්නැහේගෙන් අත බලවගෙන, කේන්දරේ හදවාගෙන "වීරයෙක්" වගේ මැතිවරණයට ගොහින් හොස්ස, පස්ස බිම ඇනගත්තේ.... මේ දත් දොස්තර මහත්තයෝ, දන්නා නොදන්නා ඕන දෙයකට, ඕන නැති තැනකදී හොට දමල පස්ස බිම ඇන ගන්නේ නැතිව ඇමති කමේ වැඩ බලා ගත්තොත් ඒක රටට කරන ලොකුම සේවය වෙනවා ! මෙයා මොන මගුලකටද "රාජපක්ෂ පවුල් සංස්ථාවේ" වැඩ ගැන හොයන්න පටන් ගත්තේ ? ආයෙත් වරක් ඒ පැත්තට හේත්තුවක් ගහන්න සූදානමක්වත් යටි හිතේ තියාගෙනද දන්නේ නැහැ ඒ අයගේ හොඳ නොහොඳ ගැන හොයා බලන්නේ !!!!

:       168       0

savanth Monday, 09 October 2017 03:10 AM

නන්දලාල් සිල්වා ප්‍රංශයට පැනලා ගියේ කොයි කාලයේද මොනවා නිසාද? වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් ගල් ගහන්න එපා. බය නැතුව ලංකාවට එන්න. ගෝඨා ඇවිත් බය නැතිකරා. පටන් ගත්තේ සරත් ෆොන්සේකාව හමුදාපති කරලා. ගොඨාභය විතරක් නෙවෙයි, සරත් ෆොන්සේකාත් ඇමරිකාවට ගිය කෙනෙක්. ඔහුගේ ග්‍රීන් කාඩ් එක ගැනත් කියන්න. අනික ගොඨාභය යුද්ධය අතරේ පැනල ගියානම් මොකද ඔහුව ඒ කාලයේම ඇල්ලුවේ නැත්තේ. ඔක්කොම දන්නා එක්කෙනා ඒකත් කියන්න, නන්දලාල්, ඔබ රාජිතට බැන්නාට ඔබත් ඔහු වගේම රාජපක්ෂලාගේ විස්තර අපිට කියන්නේ බලන් හිටිය වගේනේ. ඔබට ප්‍රංශේ ඉඳලා මේ ලංකාවේ වෙන දේ කියවන්නේ හීනෙන් පෙනිලද?

:       0       64

කසුන්Monday, 09 October 2017 06:24 AM

ඔය පිට රට ඉදන් කොමෙන්ට් දාන වැඩි හරියක් දෙනා ට එදා අපි මරණ බයෙන් ජීවත් වෙච්ච කාලේ අමතක වෙලා...... ඔන්න ඕක තමයි සිංහල අපේ තියෙන කුහක කම !!

:       0       0

savanthMonday, 09 October 2017 08:56 AM

හැමදෙනාම නන්දලාල් සහ ලොස් ඇන්ජලිස් ඉන්න චානක වගේ නෙවෙයි. මමත් සැහෙන්න ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්. ඒ වුනාට මම නිතර ලංකාවට යනවා එනවා, අවුරුද්දට 3 - 4 වරක්වත්, දෙමවුපියන් නිසා. ඒ වගේම මම යුද්ධ කාලේ තිබුණු දුක දැක්ක කෙනෙක්. මේ වගේ පිට රටවල්වල රස්නේ වැදිලා ලංකාවට හෙන ගැහුවත් දන්නේ නැති කට්ටිය නිසා හැම දෙනෙක්ටම බැනුම්. කාලයක් ඩුබායි තිලක් කියලා කෙනෙක් උඩ පැන්නා දැන් පලාතෙවත් නැහැ. ඒ නිසා ලංකාව ගැන කමෙන්ට් දානකොට රටේ මොනවාද වෙන්නේ කියලා හිතන්න.

:       0       3

Ratnamalala Sunday, 15 October 2017 12:46 AM

වැල යන අතටලු මැස්ස ගහන්නේ. මෙයා හොඳ බුලටි කාරයෙක්. දැන්මම අමුඩේ ගහල ලෑස්තිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2128 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 49 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 199 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site