(නිමල කොඩිතුවක්කු)
යහපාලනය පෙන්වමින් රට වීදි ගණිකාවක් බවට පත්කරන වත්මන් රජයේ ක‍්‍රියා කළාපය බුදු සරණයි බෝඩ් ලෑල්ල දමාගෙන හොර හරක් පටවන ලොරි රථ මෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා අද (14) පැවසීය.
බහුජාතක සමාගම් වලට ඕනෑ විදියට රටේ වැදගත් අණපනත් පවා වෙනස් කරමින් වත්මන් රජය රට ආගධය කරා මෙහෙයවමින් පවතින බවද මන්ත‍්‍රිවරයා සදහන් කළේය.
බත්තරමුල්ල පැලවත්ත ප‍්‍රදේශයේ පිහිට ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ පැවසීය.
යල් පැන ගිය බව පවසමින් රේගු ආඥා පනත, අධ්‍යාපන ආඥා පනත, සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත, කුඹුරු ආඥා පනත ආදී රටට වැදගත් ආඥා පනත් 10ක් අහෝසි කිරීමේ උත්සාහයක රජය නිරත වී සිටින බවද හෙතෙම කීය.
ජනතාව තුළ යම්කිසි අයිතිවාසිකම් ප‍්‍රමාණයක් හෝ ඉතිරි වී තිබුණේ නම් එයට ප‍්‍රහාර එල්ල කිරීම මෙහි අරමුණ වී ඇති බවද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘බහුජාතික සමාගම් වලට ඕනෑ විදියට අණපනත් වෙනස් කර රට අගාධයට ගෙනයනවා’
saman Wednesday, 15 November 2017 06:09 AM
මොන ආණ්ඩුවෙන් මොනවා කරත් ජවිපෙ කට්ටිය කරන්නේ ඒකට මොනවහරි කතා ටිකක් කියන එක විතරයි. කරන විදිය වැරදියි කියනව මිසක් හරියට කරන්නෙ කොහොමද කියල මෙයාල කවදාවත් කියන්නෙ නෑ. ජවිපෙ කට්ටිය හිතන් ඉන්නෙ ආණ්ඩුවට සල්ලි අහසින් පහලවෙනව කියල. සේරම කරන්ඩ ඕනේ මිනිස්සුන්ගෙන් ගන්න බදු වලින් කියල නොදන්නව වගේ තමයි කතා කරන්නෙ.
ranjith Wednesday, 15 November 2017 02:53 PM
ජවිපෙ ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකමයි. බහු ජාතික සමාගම් වලින් කෙරෙන්න යන ආර්ථික මංකොල්ලයටත් වඩා දරුණු වැඩක් සිදු කිරීමට තමා ජවිපෙ දැන් යුඇන්පියට සහයෝගය දෙමින් ඉන්නේ. එනම් රට කෑලිවලට කඩන ව්‍යවස්ථාව කරලියට ගෙන ඒමට... ජවිපෙ යූඑන්පි යට දෙන සහයෝගය දේශද්‍රෝහී ජාතිද්‍රෝහී වැඩක්. එය එදා ආණ්ඩුව කොටින්ට එරෙහිව කල යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් වූ 2008 දී අය වැය ලේඛනය ඉදිරිපත් කල අවස්ථාවේදී එය පරදවා රාජපක්ෂ රජය බිම දැමීමට ජවිපය යුඑන්පිය සහ දෙමළ සන්ධානය සමග එක්වී අය වැය ලේඛනයට විරුද්ධව ඡන්දය දුන්නා වගේම දේශද්‍රෝහි ක්‍රියාවක්. මහින්ද සල්ලි දීලා යූඑන්පියෙන් බිලිබා ගත්තු මන්ත්‍රීවරු 42 නොසිටින්නට එදා එම ඡන්දයෙන් යුඑන්පිය අනිවාර්යයෙන්ම දිනනවා. එහෙම වුණානම් යුද්ධය තවමත් යනවා. ඒ වගේම ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර... එහෙමත් නැත්නම් මෙලහකටත් ඊලම පිහිටුවලා.