(විනීතා එම් ගමගේ)
‘‘ඇඟට පතට නොදැනී, පහසු ලෙස කොළ කෑලි අරන් ගිහින් දීල මේ ආණ්ඩුව පෙරලන්න බැරි බව වටහා ගෙන ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළා නම් විශ්වාසභංගය දිනාගන්නට ඕනැ තරම් ඉඩ තිබුණා.’’ යයි ජාතික සංවිධාන එකමුතුවේ විධායක කමිටු සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය.
ජනතාව ඡන්දයේ දී දුන් බලය ඉදිරියට ගෙන යන්නට අවශ්‍ය බව ඒකාබද්ධ විපක්ෂය කල්පනා කළේ නැතැයි ද හෙතෙම කියා සිටියේය.
මේ ආණඩුව පෙරලන්නට නම් අති විශාල ජනතා බලවේගයක් මහපාරට බැස්ස විය යුතුයැයි ද ඔහු සඳහන් කළේය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ අදහස් පළ කළේ රාජගිරිය, නාවල පාරේ පිහිටි ජාතික සංවිධාන එකමුතුවේ ප‍්‍රධාන කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහි දී තව දුරටත් අදහස් දැක්වූ බණ්ඩාර මහතා මෙසේ ද කීය.
‘‘පක්ෂය තුළ ඇති වූ පිඩනය නිසාම මතු වූ විශ්වාස භංගය කොහොමද රනිල් ජයගන්න තැනට ගෙන ගියේ කියල බැලූවම පේනවා වුණ දේ. 2013 දි බෙදුම්වාදි පක්ෂ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ එකඟ වී තිබුණේ ඒ ඒ අය ඉදිරිපත් කරන කරුණු වලට එකඟ වන්නේ නම් ඔහු බලයට ගෙන එන්නට උදව් කරන බවයි.
රවුෆ් හකීම් මහතා සමඟ කරුණු 67 කට එකඟ වුනා. එයින් ඉතුරු වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව ගෙන ඒම පමණයි.
මේ වනවිට අතුරුදන් වූවන්ගේ කාර්යාලය විවෘත කරන්න අතුරුදන් කරවීම් වැළැක්වීමේ පනත ගෙන එන්න සුදානම්. මේ දෙක එකට ආවාම සර්වලෝක අධිකරණ බලය තරම් බලයක් තියෙනවා. මේ රටේ මුල්‍ය පද්ධතිය වෙනස් කරන්න, නීති පද්ධතිය වෙනස් කරන්න, කොටින්ගේ ගැහිල්ල නීති ගත කරන්න අවස්ථාව ලබා දුන්නා.
මෙහෙම කුමන්ත‍්‍රණ වලින් බලය තියා ගත්තට මේ ආණ්ඩුවට ඡන්දයකින් නම් දිනා බලයට එන්නට ලැබෙන්නේ නැහැ. ’’ යැයි ද වසන්ත බණ්ඩාර මහතා කීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මේ ආණඩුව පෙරලන්නට ජනතා බලවේගයක් මහපාරට බැස්ස විය යුතුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර
පෙරුමාල් Friday, 06 April 2018 09:59 AM
දොස්තරලා ඔක්කෝටම පිස්සු. පිස්සන්ගෙන් බෙහෙත් බීලා අපේ සමහරක් ජීවත් වෙනවා. සමහරක් මැරෙනවා. ජීවත් වෙන අය ගැන පත්තරවලත් දානවා. මැරෙන අය ගැන සද්දයක් නෑ.
SHAN SAUDI Saturday, 07 April 2018 01:03 PM
අනේ මේ ලොක්කෝ කොහෙවත් ඉන්න ගම් කබරයින්ට කඩේ යන්නේ නැතිව තියන දෙයක් කරගෙන ලැබෙන දෙයක් කාලා වැඩක් බලාගන ඉන්න. එනවා මෙතන පාරට බස්සවන්න. දැන් මහා එකා බැස්සුවේ... එ්ත් පාර්ලිමේන්තුවට වැඩ වුණාද? ඔයාත් මිනිස්සුන්ගේ කාලේ කන්න නැතිව තියන දෙයක් කාල වෙන දෙයක් බලා ඉන්න..
rocky Sunday, 08 April 2018 02:18 AM
මේ වගේ ගවරු හිතාගන ඇති විරුද්ධ පක්ෂයක ප්‍රධාන වගකීම කුමන්ත්‍රණය කිරීම සහ ආණ්ඩු පෙරලීම කියල! ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද, පටන්ගත්ත දවසේ ඉඳලම මේ යක්කු බාල්දි පෙරලනවනේ!
maheshikaSunday, 08 April 2018 12:34 PM
විපක්ෂයේ කාර්යභාරය ආණ්ඩුවට විරුද්ධව උගුල් ඇටවීම සහ පාරට බැසීම බව එජාප රජය ඔප්පුකරලා පෙන්නුවා. තව කවර කතාද? මහින්දගේ හැම සංවර්දන වැඩක්ම රට ගිලගන්න එන බිල්ලෝ විදියට තමයි පෙන්නුවේ. පොර්ට් සිටි එක වහාම නතර කරනවා කිව්වා. මේ ටික ඇවිත් අපූරුවට කරගෙන ගිය සංවර්ධනයට කරපු හදියක්. මහින්ද එක්ක ඉන්නකොට කොන්ද කෙලින් තියාගෙන හිටියා. දැන් මොකද වෙලා තියෙන්නේ? එයාව ජනධිපති කරන්න යටිකූට්ටු වැඩ කරපු හැමෝටම ඔළුව නවනවා. කොන්ද හොඳටම කාලා තියෙන්නේ. ජනාධිපති බලතල භාවිතා කරන්නේ රනිල්...