(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත, උඩුගම - රවි ලියනගේ)
අද මෛත්‍රී රනිල්ගේ කලිසමෙන් අදිනවා. රනිල් මෛත්‍රීගේ කකුලෙන් අදිනවා. මේ දෙන්නම එකතුවෙලා මහින්දගේ සරමෙන් අදින්න බලනවා. අද රටේ තත්ත්වය ඒකයි.
මේ රටේ බන්ධනාගාර හැර අනෙක් සම්පත් ටික මේ රජය විකුණනවා. බන්ධනාගාර විකුණන්න බැරි එක හේතුවක් තියෙනවා. ඒවා නැතිවුණොත් රාජපක්ෂලා හිරේ දාන්න තැනක් නැහැ යැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බළපිටියේදී පැවසීය
ඔහු එසේ කීවේ බළපිටිය රන්දොඹේ පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු රේගුනිලධාරී ධනසිරි ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණයෙන් රන්දොඹේ පැවැති ජන හමුවක් අමතමිනි.
රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.
මේ යහපාලන ආණ්ඩුව කප්ගහලා තියෙන්නේ රටේ සම්පත් විකිණීම සම්බන්ධයෙනුයි.
මෙහෙම සම්පත් පිටරටට විකුණපු ආණ්ඩුවක් ගැන අපි නම් කවදාවත් අහලා නැහැ.
අද මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රටම දන්නවා. මහ බැංකුව මහ දවල්ම හොරා කෑවේ කවුද කියලත් ජනතාව දන්නවා. එදා අපිට හොරු කිව්ව අයගේ කටවල්ටික වැහිල. අපිට හොරා හොරා කිව්වට තවම අපි හොරකම් කළා යැයි කියන කිසිම දෙයක් ඔප්පු කරන්න බැරි වෙලා.
එදා රන්ජන්, සුජීව, අජිත්ලා වගේ මන්ත්‍රීවරු කිව්වේ ඇලෝසියස් රාජපක්ෂගේ ගෝලයෝ කියලා. ඇලෝසියස් නාමල් රාපක්ෂගේ යාළුවා කියලත් කිව්වා. අද රටම දන්නවා ඇලෝසියස් කාගේ ගෝලයෙක්ද කියලා. ඇලෝසියස්ගෙ යහළුවන් කවුද කියලා. කෝප් කමිටුව ඇතුළේ පරීක්ෂණ යනකොට ඇලෝසියස්ගෙන් ඒ කමිටුවේ ඉන්න සමහරුන්ට දුරකථන ඇමතුම් ඇවිල්ලා. සමහර මැති ඇමැතිවරුන්ගේ පවුල්වල අයටත් ඇලෝසියස් කෝල් කරලා තියෙනවාලු. කොහොමද වැඬේ. හර්ෂණ කියලා තියෙනවා. එයාගේ සීයගේ කාලයේලු ඇලෝසියස් එයාට කෝල් කරලා තියෙන්නේ කියලා.
මේ බැඳුම්කරයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් අද බොහොම අනාථ වෙලා අසරණ වෙලා. පන්සලේ පිංපෙට්ටියටත් අනින මේ ආණ්ඩුවට වැඩ බැහැ. වැඩකරන්න දන්නෙ නැති ආණ්ඩුවක් රටකට ඇති පළේ මොකක්ද කියල මම ඔයගොල්ලන්ගෙන් අහනව.
දින සීයෙන් අලුත් රටක් නිර්මාණය කරනවා කියල ආපු මේ ආණ්ඩුව මොකක්ද කළේ. රට දියුණු කරනවා වෙනුවට මහ දවාලේම මහ බැංකුව සුද්ධ කළා. මේ ආණ්ඩුව කළේ වැඩ දෙකයි. එකක් මන්ත්‍රීවරු 41 ක් එක්ක හිටිය රනිල් අගමැති කළා. අනෙක් එක තමයි මහ බැංකුව හොරා කාපු එක. මේ මහ බැංකු හොරකම වහන්න වරින්වර අපිව හිරේ දානවා. මේ යහපාලන ආණ්ඩුව මාසෙකට වරක් දෙවරක් අපිට නිවාඩු ලබාදෙනවා. ඒ අපිව හිරේ දාලා. මේ අයගේ මහ බැංකු හොරකම වහගන්න රාජපක්ෂලා හිරේ දානවා. යහපාලන ආණ්ඩුව නිසා ගොවියා ධීවරයා අනාථ වෙලා. නන්නත්තාර වෙලා ඔවුනට යන එන මං නැහැ. පොහොර සහනාධාරය කපලා. ගොවියා නැත්තටම නැති කලා. අද මාළු මරන මිනිහ වගේම මාළු කන මිනිහත් අමාරුවේ වැටිලා ඉන්නවා කරකියා ගන්න දෙයක් නැතිව.
රජයේ දේපළ විකිණීම මහ බැංකු බැඳුම්කර වංචාව ව්‍යවස්ථා මර උගුල ජීවන වියදම වැඩිවීමට ආණ්ඩුවේ පාර්ශවකාරයන් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගකිව යුතුයි. මේ වංචාවල්වලට හොරකම්වලට අපිව හිරේ විලංගුවේ දැම්මත් අපි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ආරක්ෂා කරනවා.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මේ දෙන්නම මහින්දගේ සරමෙන් අදින්න දඟලනවා
Shan Monday, 27 November 2017 07:10 AM
රෙදි ඇඳගෙනද දන්නේ නෑ මේ විදිහට කතා කරන්නේ නේද?
කුමාර් (ගල්ෆ්) Monday, 27 November 2017 07:14 AM
සියලු ජඩ වැඩ කරලා තවත් කතාකරනවා සුදනෙක් වගේ... ඇඳුමක් ඇඳගෙනද මන්දා කතා කරන්නේ?
පරිඝනක අද්වකාත් Monday, 27 November 2017 10:53 AM
හිසේ අසුචි තියාගෙන මම සුදනා කියනවා.. ඒකට ආස නැද්ද?
banda Monday, 27 November 2017 11:10 AM
එතකොට තාජුදීන් ගැන මොකද කියන්නේ?
Weerasinha Monday, 27 November 2017 12:01 PM
සිරා....ශේප් කලේ නැත්නම් මේ අය දැනටමත් කම්බි ගනිනවා.....
de silva Monday, 27 November 2017 12:47 PM
ඔබතුමාටත් අර චන්ද්‍රිකා මහත්මියට වගේ බලේ නැති වුණාමනේ මොලේ පෑදිලා තිබෙන්නේ, ගිය නුවණ ඇතුන් ලවාවත් අදින්නට බැරිය. ඔබතුමාලගේ කාලේ තමයි කෙලින් තීන්දු දුන්නු අගවිනිසුරුතුමිය එලවලා දැම්මේ... එතුමියට බොරුනඩු දමලා හිරේ අරින්න හැදුවේ... තජුදින් මැරුවේ... ෆොන්සේකාව ඇදගෙනගිහින් නිවාස අඩස්සියේ දමලා, පසුව චෝදනා ගොනු කරලා නඩු දමලා, හිරේ දමලා ටික කාලයක් තබලා ජනතා අප්‍රසාදය දැකලා නිකම්ම ජනධිපති සමාව යටතේ නිදහස් කළේ...
de silva Monday, 27 November 2017 03:08 PM
වීරසිංහ මහතාගේ කතාව සහතික ඇත්ත... සිරා ශේප් කලේ නැත්නම් මේ ගොල්ලන් ඔක්කොම හිරේ තමයි.
sachith Tuesday, 28 November 2017 04:41 AM
අපිනම් තේරුම් අරන් ඉන්නේ ඔය තුන්ගොල්ලොම එකතු වෙලා අපේ සරම විතරක් නෙවෙයි, යට ඇදුමත් ගලවනවා කියලා.
[email protected] Tuesday, 28 November 2017 04:58 AM
කතා කරන්නේ කටින්ද ?
Priya Tuesday, 28 November 2017 08:50 AM
අපිට නම් පෙනෙන්නේ මහින්ද මහත්තයා ඒ දෙන්නගේ කකුලෙන් අදිනවා කියලා. නාමල්ගේ ඇස් පෙනීම දුර්වල වෙලා වගේ.
Sathyayaa Saturday, 13 January 2018 07:09 AM
පන්සලේ පිංපෙට්ටියට විතරක් නොවෙයි අන්න පල්ලියේ පින් පෙට්ටිවලටත් වැඩේ දීලා. පන්සලේ වැඩ ගැන ඔයාට ඔය තරම් කැක්කුමක් තියෙනවා නම් මල්වතු අස්ගිරි මහනායක දෙනමම එපා කියද්දී බෞද්ධයින්ගේ මුදුන් මල් කඩ වූ දළදා මාළිගය ඉදිරිපිට කාර් රේස් පැද්දේ කාගේ ඕනෑකමටද? ඔයා පල්ලියේ පින් කැට ගැන බලා ගන්න. අපි පන්සල රුක ගන්නම්. කිඹුල් කඳුළු එපා... හරිද?