(*** අංජුල මහික වීරරත්න)
“තම අරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් පාර්ලිමේන්තුවට යෑම නොව හැකි ඉක්මනින් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ඇරඹීම” යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනීම සඳහා තමා සූදානම් අතර පාක්ෂිකයන්ගේ දැඩි ඉල්ලීම නිසා ඒ තීරණයට එළැඹිණැයිද රුවන් විජයවර්ධන මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ 74 වැනි සංවත්සර උත්සවයෙන් පසුව පිටකෝට්ටේ, සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
නායකත්ව ප්‍රශ්නය පිළිබඳව සියලු දෙනාම සාකච්ඡාකර විසඳුමකට පැමිණීම අරමුණයි. ලබන සතියේදී ඒ ප්‍රශ්නය විසඳෙනු ඇතැයි මා සිතනවා.
තරුණ නායකත්වයක් අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ නායකතුමා සඳහන් කරනවා. එතුමාත් උත්සාහ කරන්නේ සියලු දෙනා එකමුතු කරගෙන නව නායකත්වයකට බාරදීමටයි. ඒ සම්බන්ධයෙන් මේ සතියේදී යම් තීරණයක් ගනු ඇතැයි සිතනවා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ රුවන් විජයවර්ධන මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.
ප්‍රශ්නය:- පක්ෂයේ නායකත්වය ගන්න ඔබ සූදානම්ද?
පිළිතුර:- මා සූදානම්. මා රට වටේ යනවිට පාක්ෂිකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තිබෙන බව දුටුවා. මා ඉදිරිපත්වූයේත් ඒ නිසයි.
ප්‍රශ්නය:- කරු ජයසූරිය මහතාත් නායකත්වයට සූදානම් බව කියා තිබුණා නේද?
පිළිතුර:- අප සාකච්ඡා කර සාමදාන වී අවසානයේ නිවැරැදි පුද්ගලයා නායකත්වයට ඉදිරිපත් වේවි. ඊට සියලු දෙනාගේම එකඟත්වය අවශ්‍යයි.
ප්‍රශ්නය:- ඔබ නායකත්වයට සුදුසු නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යා යුත්තේත් ඔබම නොවේද?
පිළිතුර:- ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවට නොයන බව මා පෙර සිටම කිව්වා. පාර්ලිමේන්තුවට යනවා නම් යා යුත්තේ ජනතාවගේ ඡන්දයෙනුයි. ඊට වඩා මට වුවමනාව තිබෙන්නේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු හැකි ඉක්මනින් ඇරඹීමටයි. ජාතික ලැයිස්තුවට සුදුස්සෙක් ඉදිරියේදී පත්කර යවනවා.
ප්‍රශ්නය:- දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත්කර විසිවැනි සංශෝධනය ගෙන එන්න හදනවා. ඒ ගැන මතය කුමක්ද?
පිළිතුර:- අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි. දැන් ක්‍රියාත්මක වන ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්. එක්සත් ජාතික පක්ෂය ලෙස අප ඊට විරුද්ධයි.
දහනව වැනි සංශෝධනය ආරක්ෂා කළ යුතුයි. ඉදිරියේදී අප ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස සටන් කරනවා යැයිද කීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මගේ අරමුණ පක්ෂ ප්‍රතිසංවිධානය කඩිනමින් ඇරඹීමයි
VINIVIDA Wednesday, 09 September 2020 09:32 PM
පාර්ලිමේන්තුව තුළ සත්‍ය වශයෙන්ම සිටිය යුතු පුද්ගලයා නම් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාම වේ. කෙසේනමුත් පරාජිතයින් හට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා නොදෙන ප්‍රතිපත්තියක පක්ෂය සිටින්නේ නම් මංගල සමරවීර සුදුසු නැතිද? පාර්ලිමේන්තුව තුළදී හොඳින් බැට් කළ හැකි කෙනෙකු යැවිය යුතුවේ...