(අම්බලන්ගොඩ - හේමන්ත ද සිල්වා)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා. පාලනය කළ නොහැකි තරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්තරය තුළ ශක්තිමත්. ලෝකයේ ඇතැම් රටවල වගේම අද සිදුවන මිනීමැරුම් අපරාධවලට මුල්වී ඇත්තේ මත්ද්‍රව්‍ය බැව් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අම්බලන්ගොඩදී පැවැසීය.
යහපත් සමාජයක් ගොඩනැගීමට හා සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජාතියක් බිහිකිරීමට එවැනි උවදුරු සමාජයෙන් ඈත් කළ යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ඉදිකළ සෞන්දර්ය ඒකකයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විද්‍යාලයීය මුදලිඳු තෝමස් ද සිල්වා අනුස්මරණ ශ්‍රවණාගාරයේදී ඉකුත් 2 වැනිදා පස්වරුවේ පැවැති උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවැසීය.
සෞන්දර්ය ඒකක ව්‍යාපෘති ආදි ශිෂ්‍ය කමිටුව මගින් රුපියල් ලක්ෂ 350ක පමණ වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල සිහිවටන ඵලකය නිරාවරණය කර පීත්ත පටියක් කපා විවෘත කළ ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගෙන උත්සව සභාව වෙත කැඳවාගෙන ආහ.
ආදි ශිෂ්‍ය ව්‍යාපෘති කමිටුව මගින් සමරු කලාපයක් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක්ද මෙහිදී ප්‍රදානය කළේය. විශ්‍රාමික විදුහල්පති ඒ.ජී.අයි. ද සිල්වා මහතාගේ විශේෂ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
මම ඉතාම සතුටුවෙනවා කීර්තිමත් පුරවැසියන් රැසක් රටට දායාද කළ ධර්මාශෝක විද්‍යාලයේ සෞන්දර්ය ඒකක සිව්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීමට ලැබීම ගැන. මේ රටේ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන වසර සියයක් ඉක්මවා ගිය විශිෂ්ට ශ්‍රේෂ්ඨ ඔබේ පාසල ගමක් පළාතක් නොව රටම දන්නා හඳුනන විද්‍යාලයක්. එහි වැදගත් උත්සවයකට සහභාගිවීමට ලැබීම සතුටක්.
මට මේ ආරාධනය කළේ මගේ හිතවත් මැති ඇමැතිවරුන් නොවේ. මට මේ ආරාධනය දුරකතනයෙන් කළේ මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා. මම එතුමට ඒ ගැන විශේෂයෙන් ස්තුතිවන්ත වනවා මේ පින්වන්ත දරුවන් හමුවීමට අවස්ථාව උදාවීම ගැන.
මේ රැස්වීම් ශාලාවේ ඉහළ මාලයේ ශිෂ්‍ය නායක නායිකා දරුවන් සිටගෙන සිටින්නේ ඇයි දැයි මම විදුහල්පතිතුමාගෙන් ඇහුවා. මම එහෙම ඇහැව්වේ දරුවන් හිටගෙන ඉන්න නිසා මට පොඩි දුකක් ඇතිවුණු නිසයි. විදුහල්පතිතුමා මට කිව්වා මේ දරුවන් එහෙම ඉන්නේ ලස්සනට වගේම ඔබතුමාට ගෞරව කරන්න කියලයි. ඔවුන්ට එය හොඳට හුරුපුරුදුයි. අපේ ළමයින්ට එහෙම අමාරුවක් නැහැ කියලා.
ධර්මාශෝකයේ ඉතිහාසය ගැන මෙහි සඳහන් වුණා. මෙහි සිටින ඔබ හිටපු විදුහල්පති ආචාර්ය මණ්ඩලය ආදි ශිෂ්‍යයන් මව්පියන් දශක දහයක් ඉක්මවූ ඒ ශ්‍රේෂ්ඨ ඉතිහාසය දකුණු පළාත රට පමණක් නොව ලොව ජාත්‍යන්තරය ජයගත් ශ්‍රේෂ්ඨ පාසලක්. ඒ ශ්‍රේෂ්ඨ කීර්තිමත් පාසලට එක්වන විශේෂත්වය තමයි අප අද විවෘත කළ සෞන්දර්ය ඒකකය.
මෙහි වැදගත්කම විෂය නිර්දේශ වගේම විභාග සමත්වීමට මගපෙන්වීම වගේම කලාව සාහිත්‍ය, නාට්‍ය, නර්තනය ඒ සඳහා කරන මගපෙන්වීම සමාජයට ඉතා විශිෂ්ටයි. කලාව, සංගීතය, චිත්‍රය, චිත්‍රපට ඒ සියල්ල තුළින් අප සමාජයට ලබාදෙන්නේ අධ්‍යාත්මික ආශ්වාදයක්.
අප ඉගෙනගන්නා බොහෝ විෂයයන් තුළ ගැඹුරු බව නව තාක්ෂණය දැනුම යහපත් මිනිසුන් ලෙස ඉදිරියට යාමට වැදගත්. ධර්මාශෝකයෙන් චණ්ඩාශෝකයන් බිහිනොවීම නිසා සෞන්දර්ය ඒකකයෙන් මනුෂ්‍යත්වය, යහපත් බව ගුණගරුක බව මගපෙන්වීම සේම අධ්‍යාත්මික වශයෙන් වැදගත් බවත් සිහිපත් කළ යුතුයි.
මිනිස් සමාජයට ආදරය කරන මිනිස් සමාජය ජයගන්නා සැබෑ ලෙසම මිනිසුන් දෙස බලා තේරුම් ගන්න අධ්‍යයනය කරන්න මිනිස්කම සිතට කාවදින්න අවශ්‍ය අධ්‍යාත්මික දර්ශනයකින් යුතු සෞන්දර්ය ක්ෂේත්‍රය කලාවක්.
අද මට ලබාදුන් ප්‍රකාශනයේ පිටු දෙකතුනක් මා කියෙව්වා. එහි සඳහන්ව තිබුණා ආදිශිෂ්‍ය ව්‍යාපෘති කමිටුව මේ ගොඩනැගිල්ල පටන්ගත් අන්දමත් එදා සිට මේ විවෘත කිරීම් දක්වා මුහුණදුන් අත්දැකීම් ගැටලු බාධක ගැන. අවසානයේ ඒ සියල්ල ජයගෙන මේ ලස්සන ගොඩනැගිල්ල නිමා කිරීමට හැකිවුණා.
ආරම්භය දුෂ්කරයි. කටුකයි. අභියෝගාත්මකයි. ඒ ආරම්භක අත්දැකීම්වල අවසානය සුන්දරයි. ඒ තුළින් විශිෂ්ටත්වය ශ්‍රේෂ්ඨත්වය ගොඩනැගෙනවා.
අද පාසල විභාග ඔස්සේ විශිෂ්ට වාර්තා බිහිකර තිබෙනවා. ක්‍රීඩා හා සෙසු අංශවලින් සියලු ජයග්‍රහණ ලබා තිබෙනවා.
නිදහස් අධ්‍යාපනයෙන් විශිෂ්ටයන් මේ සමාජයට බිහි කළා. මුළු මහත් සමාජයම වෙලාගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුර අපට පමණක් නොව ලෝකයටම ප්‍රශ්නයක්. අප රටේ කෙටි සංචාරයකට පැමිණි ඕස්ටේ්‍රලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් අද උදේ මාව මුණගැසුණා. එතුමා මගෙන් ඇහුවා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා. මම මුලින්ම කිව්වා අප රට දූපත් රාජ්‍යයක්. ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නය අපේ රටට මුහුණ පා ඇති බව පෙන්වා දුන්නා. මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට ඒවා හොයා ගන්නා නව තාක්ෂණික උපකරණ ලංකාවට පරිත්‍යාග කරන බවට ඕස්ටේ්‍රලියානු අගමැතිතුමා මට පොරොන්දු වුණා.
අප රටට විදේශ ආක්‍රමණ, විවිධ බලපෑම් තිබෙනවා. ලෝක සිතියමේ භූගෝලීය වශයෙන් අප රට පිහිටීම වැදගත්. ලෝකයේ බලගතු රටවල් නැවත වරක් අප රට දෙස බලා සිටින්නේ ඒ සැම කෙනකුටම ඒවා වැදගත් ස්ථාන නිසයි. නමුත් ඒ සෑම දෙනාගෙන්ම අප රටට අවශ්‍ය දේ ලබාගන්නවා. අනවශ්‍ය දේ බැහැර කරනවා.
මත්ද්‍රව්‍ය ප්‍රශ්නය නගරය වගේම ගම්වලට ඇවිත්. අවුරුදු තිහක යුද්ධයක් තිබුණු උතුරු නැගෙනහිර මත්ද්‍රව්‍ය ආක්‍රමණය කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රවාහනයට පාසල් සිසුන් යොදවාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ට තෑගි බෝග දෙනවා.
යහපත් සමාජයක් ගොඩනගන්න සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජාතියක් බිහිකරන්න එවැනි උවදුරු සමාජයෙන් ඈත් කළ යුතුයි. හෙට දවසේ ඔබට වාසනාවන්ත දරුවන් හදන්න අද දවසේ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. මේ දරුවන් ඔබේ මව්පිය ගුරුවරුන්ගේ ප්‍රාර්ථනා ඉටු කිරීම සඳහා ඔබ කරන මහා පරිත්‍යාගය, භාග්‍යවන්ත වාසනාවන්ත ගෙදරක් සමාජයක් රටක් බිහි කිරීමට හැකිවනවා නොඅනුමානයි.
මත්ද්‍රව්‍ය ප්‍රශ්නය වැනි විවිධ සමාජ උවදුරු අභියෝග අප ජය ගත යුතුයි. මම ළඟදී දවසක ගියා මත්ද්‍රව්‍ය පාවිච්චි කර පුනරුත්ථාපන කඳවුරක සිටින තරුණ දරුවන් හමුවන්න. එහි ගිය මුල් දවසේ මට හිතාගන්න බැරි වුණා ඒ තරුණ සුන්දර පාසල් දරුවන් දුටු විට මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වූ මේ දරුවන් කඳවුරුවල දුක වේදනාව කඳුළු දකින ඒ මව්පියන්ගේ කඳුළු මොන තරම් ඛේදනීය ද කියලා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආණ්ඩු පෙරළනවා. ආණ්ඩු හදනවා. ත්‍රිවිධ හමුදාවලට පාලනය කරගත නොහැකි තරමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ජාත්‍යන්තරය තුළ ශක්තිමත්. ලෝකයේ ඇතැම් රටවල්වල වගේම අද සිදුවන අපරාධ මිනීමැරුම්වලට මුල්වී ඇත්තේ මත්ද්‍රව්‍යයි.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් දරුවන් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ කරගෙන කරන විට ඒ වැඩසටහන්වලට ඔබ නායකත්වය දෙන්න. ඔබ නගරය සමාජය මත්ද්‍රව්‍ය තොර සමාජයක් කිරීමට කැපවී කටයුතු කරන්න. විභාග අභියෝග මෙන්ම සමාජ අභියෝග ජය ගැනීමට රටේ පාසල් දරුවන් කැපවී කටයුතු කළ යුතුයි.
මෙහි දරුවන් පන්දහසක් සිටින බව විදුහල්පතිතුමා මට කිව්වා. ගුරුවරුන් වන ඔබ දරුවන් පන්දහසක් බලාගැනීම ලෙහෙසි පහසු කරුණක් නොවේ. එසේ මෙසේ කරුණක් නොවේ. එක පවුලක දරුවන් බලා ගැනීම කොච්චර අමාරුද, දරුවන් පන්දහසක් සිටින පාසලක් පාලනය කරන විදුහල්පති, ගුරුවරු ගන්නා වෙහෙස තේරුම් ගන්න අපට පුළුවන.
දරුවන් පන්දහසකට වැඩි පාසල් දහයක් දොළහක් ලංකාවේ තිබෙනවා. අධ්‍යාපන ක්‍රමය යහපත් වගේම අයහපත් වෙනස් කළ යුතු තැන් තිබෙනවා.
මම ළඟදී දවසක උත්සවයකට තෑගි දෙන්න ගියේ ජර්මන් තානාපතිතුමා සමගයි. එහිදී ජර්මන් තානාපතිතුමා මගෙන් ඇහුවා මේ පාසලේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියා. මම ළඟ පුටුවේ වාඩිවෙලා ඉඳපු විදුහල්පතිතුමාගෙන් ළමයි කීයක් ඉන්නවද කියල ඇහුවම ළමයි හයදහසක් ඉන්න බව මම ජර්මන් තානාපතිතුමාට කිව්වම, ජර්මන් තානාපතිතුමා ඔළුවෙ අතගහ ගත්තා. එතුමා මට කිව්වේ ජර්මන් පාසලක ඉන්නේ සිසුන් වැඩිම ගණන දාහයි කියලා. දාහක් බලා ගන්න එකයි පන්දහසක් බලා ගන්න එකයි වෙනස ඔබට පේනවා ඇති. ළමයි 7000ක් ඉන්න පාසලුත් අප රටේ තියෙනවා.
අපේ මහ ඇමැතිතුමා බළපිටියේ ඉඳල අම්බලන්ගොඩ පදිංචියට ආවේ ධර්මාශෝකයට ඇතුළුවෙන්න අද වගේම එදත් තරගයක් තිබූ නිසයි. මමත් ගමේ ඉඳල හැට ගණන්වල පොලොන්නරුවේ රාජකීය විදුහලට ඇතුළු වෙන්න යද්දි ඒ තරගයම තිබුණා. මගේ අම්මා-තාත්තා ඒකට ලොකු වෙහෙසක් ගත්තා. පොලොන්නරුවේ රාජකීය විද්‍යාලය බිහිකරේ මේ ප්‍රදේශයෙන් බිහිවුණු සී.පී. ද සිල්වා මැතිතුමා. දරුවන් පාසලට දැමීමේ මේ තරගය අද ඊයේ ආපු එකක් නොවේ. ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන සැලසුම්වලට යා යුතු වෙනවා.
ආදි ශිෂ්‍යයකු වන දකුණු පළාත් ප්‍රධාන ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතා:- උසස් පෙළ පංතියේදී මට ශුද්ධ ගණිතය ඉගැන්වූ ගුරුවරයකු වූ මහින්ද දේශප්‍රිය මහතා මේ සභාවේ සිටීම සතුටක්. ජනාධිපතිතුමනි, මම අඩුවෙන්ම පාවිච්චි කරන වචනයක් තමයි මගේ කියන වචනය. හැබැයි මගේ විදුහල වන ධර්මාශෝක විදුහල ගැන කතා කරන විට මම කියන්නේ මගේ ඉස්කෝලේ කියලා. මා සංවිධායක ධුරය දරන ආසනයට පාක්ෂිකයන්ට මගේ ආසනය, මගේ පාක්ෂිකයන් කියල කියන්නේ නැහැ. මම ඒකට කියන්නේ උත්තම පුරුෂ බහුවචනය. පාසලත් එක්ක මට ඇත්තේ දිගුකාලීන සබඳතාවක්. පාසල් ජීවිතයේ අඛණ්ඩව වසර දහතුනක් ඉගෙන ගත්ත පාසල මේ. මා දරන සියලු පදවි තනතුරු දරන්න මට ආභාෂය ලැබුණේ මේ පාසලෙන්. ඒ ශිෂ්‍ය නායකයකු ලෙස ලබාගත් ප්‍රායෝගික අත්දැකීම් සමුදාය මට ඉවහල් වුණා. තෙවතාවක් දකුණු පළාතේ මහ ඇමැතිවරයා ලෙසත් වසර විසි හයක් අඛණ්ඩව දේශපාලනයේ යෙදීමේදී එය මට දැඩිව ඉවහල් වුණා.
ධර්මාශෝකය රටේ පමණක් නොව ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ පාසලක්. එවන් පාසලක ඉගෙන ගැනීමට ලැබීමත් භාග්‍යයක් වාසනාවක්. පාසලේ වසර එකසිය හතරක ඉතිහාසය තුළ බිහි කළ කීර්තිමත් පුරවැසියන් රටේ පමණක් නොව ලෝකයේ රටවලත් විවිධ තනතුරු දරනවා. විදුහලේ නිර්මාතෘ මුදිලඳු තෝමස් ද සිල්වා මූලිකත්වය ගෙන ආරම්භ කළ මේ පාසල ගැන එතුමා අද ජීවතුන් අතර සිටියා නම් සතුටු වෙනවා ඒ පාසල පිහිටුවීමෙන් එතුමා අපේක්ෂා කළ අරමුණු පරමාර්ථ සාක්ෂාත් වී ඇති නිසා.
අද දවසේ විවෘත කළේ පාසලට තිබුණු දිගුකාලීන අවශ්‍යතාවක්. ආනන්දයෙන් ප්‍රඥාව කරා යාමට දරුවන් තුළ කලාව සංස්කෘතිය ගැන ඇල්මක් ඇති කිරීමට උපතින් ලබන සහජ දක්ෂතා පාසල් ජීවිතය තුළ ඔප්නැංවීමට අද විවෘත කළ සෞන්දර්ය ඒකකය දැඩි සේ ඉවහල් වනවා. එදා අපි ඉගෙන ගන්නා කාලේ ඔබ භුක්ති විඳින මේ පහසුකම් අපිට තිබුණේ නැහැ. මගේ උපන් ගම බළපිටිය. ධර්මාශෝකයට ඇතුළත් වෙන්න එදා තිබුණු උග්‍ර තරගය නිසා පාසලට ඇතුළත් කරන්න වසරකට කලින් මගේ මවුපියන් අම්බලන්ගොඩ පදිංචියට ආවා. එසේ නොවුණා නම් සමහර විට මම සංවිධායක ධුරයක් දරන්නේ අම්බලන්ගොඩ නොව බළපිටියේ.
ආදි ශිෂ්‍යයකු වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිිය මහතා:-
සෞන්දර්ය ඒකකයක් ඉදිකිරීමක් අප අපේක්ෂා කළේ අධ්‍යාපනයට වගේම ක්‍රීඩාවට වගේම සෞන්දර්ය දක්ෂාතවලින් හෙබි දරු පරපුරක් බිහිකිරීමටයි. චිත්‍ර කලාව, නැටුම්, සංගීතය මේ කලාවන් නිසා ප්‍රචණ්ඩත්වයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී අනුන්ගේ මතයට ඉඩ දෙන සවන් දෙන එකට එක්ව කටයුතු කළ හැකි දරු පරපුරක් බිහිකිරීම අපේ අරමුණයි. අද ශිෂ්‍යයන් හෙට පුරවැසියන් බැවින් සමබර පුරවැසියන් බිහිකිරීමේ අරමුණින් හිටපු විදුහල්පති ඒ.ජේ. ද සිල්වා මහතාගේ අදහසක් අනුව සිදුවූ මෙය සමූහ ක්‍රියාකාරකමක්. මෙම විද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙසත්, ගුරුවරයකු ලෙසත් මා කටයුතු කළා.
ජනාධිපතිතුමනි, අද අප රටේ පාසල් බොහොමයක් ඬේකෙයා සෙන්ටර් බවට පත්වෙලා. මව්පියන්ට ස්වකීය රැකියාව සඳහා යාමට පැය කිහිපයක් දරුවන් ගාල් කරන තැනක් බවට අද පාසල් පත්වෙලා. අප ඉගෙන ගන්නා කාලයේ මේ තත්ත්වය තිබුණේ නැහැ. මේ පාසල පමණක් නොව රටේ පාසල් ගැනයි එහෙම කිව්වේ.
මම ඡන්ද ක්‍රමය ගැන කියන්න ගියාම උදාහරණයට ගන්නේ අම්බලන්ගොඩ නගර සභාව. අපේ නගරය ලංකාවේ විශේෂිත නගරයක්. නගරයට ඈතින් ගමේ කෙළවර බටපොළ හා මේ අවට පාසල් කීපයක් වැහුණා. අපි පාසල් වහනවා හිරගෙවල් අරිනවා. අනිත් පැත්තෙන් ක්‍රීඩාපිටිය නැති වෙනවා. ආණ්ඩුකාරතුමාගේ මහ ඇමැතිතුමාගේ සහාය නගරයට ලැබිය යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත. සුළුතරයට අගතියක් නොවීමට ක්‍රියාකිරීමයි.
විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතා:-
වසර එකසිය හතරක ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප විදුහලේ කාලයක සිට තිබූ සුබ බලාපොරොත්තුවක් ඉටු වන දිනය අදයි. අධ්‍යාපනයෙන්, ක්‍රීඩාවෙන් පමණක් නොව කලාවෙන් පිරිපුන් සම්පත් බිහිකිරීමට සෞන්දර්ය ඒකකයක් තිළිණ කළා. එය දම්සෝ ආදි සිසුන්ගේ ශක්තියක්.
කොළඹින් පිට පාසලක පිහිණුම් තටාකයක් ඉදිවුණා නම් ඒ දම්සෝ ආදි සිසුන්ගේ දායාදයක්. තම මවට දෙවැනි කොට දම්සෝ මාතාවගේ ආදි සිසුන්ගේ විශිෂ්ටත්වය එයයි. රුපියල් ලක්ෂ 515ක් ආදි සිසුන් දම්සෝ මාතාවට ඇති ආදරය කියාපානවා.
ව්‍යාපෘති කමිටු සභාපති එස්.ටී. තරංග මහතා ස්තුති කතාව කළ අතර, බළපිටිය එජාප සංවිධායක හා දකුණු පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පී. අශෝක ධනවංශ ද සිල්වා, දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ජයන්ත ජයවීර, අම්බලන්ගොඩ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් වන සරත් ශ්‍රීලාල්, දේව් රොහාන් රාජපක්ෂ යන මහත්වරුන් ද ආදි සිසුන් මව්පියන් හා දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ආණ්ඩු පෙරළනවා, ආණ්ඩු හදනවා