(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මැතිවරණ ජයග‍්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයන්ට ආදරය කරන සජිත් පේ‍්‍රමදාස මහතා වහාම පක්ෂ නායකත්වයට පත් කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පාක්ෂිකයින් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් ශාන්ත කහවල මහතා පැවැසීය.
පක්ෂයේ සහ පාක්ෂිකයන්ගේ බහුතරයට කන් දෙමින් රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාට මෙම අවස්ථාව ලබාදිය යුතුව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ එක්සත් ජාතික පාක්ෂිකයින් සුරැකීමේ ජාතික සංවිධානයේ කාර්යාලයේ අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කහවල මහතා මෙසේද කීය.
‘‘පාක්ෂිකයන් ආරක්ෂා කරමින් පක්ෂයට ආදරය කරන නායකයෙකු පත්කරගැනීම අපේ අරමුණයි. ඒ අනුව පක්ෂ නායකත්වයෙන් ඉවත්ව සජිත් පේ‍්‍රමදාස මහතාට එම අවස්තාව ලබා දෙන ලෙසට අපි රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරමින් අගමැතිකම පරිත්‍යාග කලා වගේ පක්ෂ නායක කමත් සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා දීමට කටයුතු කළ යුතුයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා දිගින් දිගටම සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය ලබාදීම ප‍්‍රතික්ෂේප කරමින් සිටිනවා. නායකතුමන් ඇතුළු ඇතැම් පිරිස් සිතා සිටිනවා එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ පවුලේ බූදලයක් කියලා.
නායකත්වය ගැන සාකච්ඡා කරන්න 9 වැනිදා රැස්වෙලා 16 වැනිදාට කල් දානවා. 16 වැනිදාට යළිත් කල් දානවා. මේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීම ප‍්‍රමාද කිරීම ගැන එක්සත් ජාතික පාක්ෂිකයින් සුරැකීමේ ජාතික සංවිධානය විදියට අපිට තවත් බලා සිටින්න බැහැ. සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය දෙනතෙක් අපි ගම් මට්ටමින්, ආසන මට්ටමින්, දිස්ත‍්‍රික් මට්ටමින් මේ සටන මෙහෙයවනවා.
ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතාට තිබූ ජයග‍්‍රහණය කමිටු දදා කල් දමා රනිල් වික‍්‍රමසිංහ මහතා වැළැක්වුවා. මේ නිසා එතුමන්ට අවශ්‍ය සංවිධාන කටයුතු කරන්න ප‍්‍රමාද වුණා.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කළාට පස්සෙත් ජනාධිපතිවරණයෙන් පස්සේ තවදුරටත් අගමැති ඔහුයි කියලා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළා. ඒ වගේම සජිත් පේ‍්‍රමදාස මහතා හිතවත් නොතිබූ එම්. සී. සී. ගිවිසුම අත්සන් කරන බව පැවසුවා. මේ නිසා අපිට විශාල ඡන්ද ප‍්‍රමාණයක් අහිමි වුණා.
අද මේ ආණ්ඩුව ජනතාවට බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාවගේ විශ්වාසය බිඳගෙන තිබෙනවා. ජනාධිපතිවරණයේදී වූ වැරුද්ද නිවැරදි කරගැනීමට ජනතාවට දැන් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කරවීමට ජනතාව බලා සිටිනවා. ඒ ජයග‍්‍රහණය වැලැක්වීමට රනිල් වික‍්‍රමසිංහ මහතා රාජපක්ෂවරුන් සමග එක්ව කරන කුමන්ත‍්‍රණයකටද මේ නායකත්වය ලබාදීම ප‍්‍රමාද කරන්නේ කියලා අපිට සැක සිතෙනවා.
සජිත් පේ‍්‍රමදාස මහතාට සියලුම පාර්ශව හවුල් කරගෙන ඉදිරි මහමැතිවරණය මෙහෙයවීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට අපි පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
“මැතිවරණය දිනන්න නම් සජිත් එජාපයේ නායකයා කරන්න ඕනෑ”
jayarathna jayasingha Sunday, 19 January 2020 11:02 AM
ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයට සහ පාක්ෂිකයින්ට ආදරය කරන සජිත් පේ‍්‍රමදාස මහතා පත් කරගෙන ඉල්ලගෙනම නෑවා මදිවට තව ගේමක් ඉල්ලනවා. එ්කත් ඉල්ලගෙන කන්න හදන්නේ. පිස්සු නැතිනම් ෂෝක්...