(විනීතා එම් ගමගේ)
ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වන නායකයන් තමන් ඉදිරිපත් කරන කරුණු ක‍්‍රියාත්මක කරන බවට දළදා සමිඳුන් ඉදිරියේ දිවුරුම් දී අත්සන් කළයුතු යැයි ද තම සහය ලැබෙන්නේ එවැනි නායකයන්ට පමණක් යැයි ද දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
එසේ අත්සන් කළ පසු තේවත්ත පල්ලියේ දවටගහ පල්ලියේ කොච්චිකඩේ පල්ලියේ හෝ වෙනත් දේවස්ථානවලදීද අත්සන් කළ හැකි බවත් ඒ අවස්ථාවන්ටද තමන් සහභාගී වන බවත් උන්වහන්සේ කීහ.
රටේ ජනතාව බෞද්ධ කතෝලික මුස්ලිම් හා හින්දූන් සියලූ දෙනා එකට ජීවත්වීමට කැමැත්තෙන් සිටින නමුත් ඒ සඳහා කැමැත්තක් නැත්තේ දේශපාලඥයින් බවත් කී ඇල්ලේ හිමියෝ ඔවුන් බොරදියේ මාළු බාමින් සිටින බව ද පැවසූහ.
මේ කියන්නේ ආණ්ඩු පක්ෂය ගැන පමණක් නොව විපක්ෂයේ ද දේශපාලඥයින් ගැනත් යැයි පැවසූ උන්වහන්සේ පාස්කු-ඉරිදා සිද්ධීයේ දී පියතුමන් ලා සමඟ කොච්චිකඬේ පල්ලිය තුළට යද්දී වසා තිබු මළ සිරුරු අතර සූප්පුවක් සහිත කිරිබෝතලයක් දුටු බවත් එහි දී ඇති වූ වේදනාව තවමත් එලෙසම පවතින්නේ යැයි ද කීහ.
වැස්සක් වසින විට කූඩැල්ලන් නැගිටින අන්දමින්ම දේශපේ‍්‍රමයට මුවා වූ අලුත් දේශප්‍රේමී සංවිධාන, බෞද්ධ සංවිධාන, සිංහල සංවිධාන, අලූත් නායකයන්, අලූත් මිනිසුන් නැගිටිනු ඇතැයි පැවසූ උන්වහන්සේ හැමදාමත් රැවටුණු අයුරින් මෙවර රැවටෙන්නට එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසූහ.
ජනතාව කළ යුත්තේ, ශක්තිමත්, එක එක්කෙනා ඉදිරියේ හෙට්ටු කළ නොහැකි බල සම්පන්න ආණ්ඩුවක් පත් කර ගැනීම යැයි ද ඇල්ලේ හිමියෝ ප‍්‍රකාශ කළහ.
චීනය ඉන්දියාව සෞදි අරාබිය හා ඇමරිකාව යන රටවල් විසින් ශ්‍රී ලංකාව ආක‍්‍රමණය කර ඇතැයි පෙනී යන්නේ යැයි පැවසූහ.
ඉදිරි හයමාසය තුළ වත්මන් රජය යටතේ ම මෙකී රටවල් සමඟ ගිවිසුම් රැසක් අස්සන් කිරීමට සියලූ කටයුතු යොදා ඇතැයි හෙළිවන බව ද ගුණවංශ හිමියෝ කියා සිටියහ.
ජනාධිපතිවරයා චීනයේ දී එරට සමඟ ගිවිසුම් තුනකට අස්සන් තැබූ බව වාර්තාවන්නේ යැයි ද මොවුන් ගිවිසුම් අස්සන් කරන්නේ කාගේ රට වෙනුවෙන් දැයි විමසිය යුතුව ඇතැයි ද කී ඇල්ලේ හිමියෝ ජනතාව මේ රටේ කිසි හිමිකමක් ඇත්තන් නොවන්නේ දැයි විමසා සිටියහ.
මෙකී ගිවිසුම් ගැන දැන ගන්නට ජනතාව නමැති අවුරුදු 2500 ක ඔප්පු හිමි අයිතිකාරයෝ පිරිසට කිසිදු අයිතියක් නැති බව මේ පිරිස සිතන්නේ යැයි ද යැයි ද උන්වහන්සේ පැවැසූහ.
‘අද රටේ නායකයෝ කංකානියෝ වෙලා ජනතාවගෙන් අතලොස්සක් හැර අනෙක් අය බෝඩිම්කාරයෝ වෙලා වෙන්නේ මොකක්ද කියල හිතාගෙන ඉන්නවා. එහෙම හිතාගෙන හිටපු නිසා තමයි අවුරුදු 30 ක් තිස්සේ සුසුම් හෙලමින් කඳුළු සලමින් ඉන්න වුණේ. යළිත් අවුරුදු දහයකට පස්සේ අපි ඊටත් වඩා නරක තත්ත්වයකට අපි මුහුණ පා සිටින්නේ’ යැයි ද උන්වහන්සේ පැවසූහ.
මේ හයමාසෙ ඇතුළත මේ ගිවිසුම අස්සන් කර ඇමරිකාවේ කොලනියක් බවට පත් කිරීමේ අඩිතාලම දමනන්නට සූදානම් බවත් අවුරුදු 200කට බදු දීමට සූදානමක් ඇති බවත් වාර්තාවී ඇති බව ද උන්වහන්සේ පැවැසූහ.
ඇමරිකාව සමඟ අස්සන් කරන එම් සී සී ගිවිසුම හා සෝපා ගිවිසුම භයානක යැයි ද එම් සී සී ගිවිසුම යටතේ රටේ සම්පත් ගන්නා අතරේ අනෙක් පැත්තෙන් රටේ රාජ්‍ය බලය සොලවමින් කටයුතු කරන බවක් පෙනෙන්නට ඇතැයි ද ගුණවංශ හිමියෝ පැවසූහ.
සෝපා ගිවිසුම යටතේ ත‍්‍රිකුණාමල ඔලුවිල් හා කන්කසන්තුරේ වරායන් ද පුල්මුඬේ ඛණිජ වැලි මන්නාරම් ද්‍රොනියේ තෙල් නිධි 6ක් ද අපට අහිමි වන්නේ යැයි ද උන්වහන්සේ කීහ.
මේ ගිවිසුම් අස්සන් කර මෙකී සම්පත් අහිමි කර ගැනීමෙන් පසු අපට ඊළඟට ජනතාවට ජලය වෙනුවෙන් සටන් කරන්නට සිදුවනු ඇතැයි ද ඇල්ලේ හිමියෝ පෙන්වා දුන්හ.
මේ අවස්ථාවේ ආණ්ඩුවට තමන් විරුද්ධ බව සැඟවිය යුතු නැති බවත් මේ ආණ්ඩුව නොව වහා අවශ්‍ය වන්නේ මැතිවරණයක් බවත් පැවසූ උන්වහන්සේ අපට ජනාධිපතිවරණයක් දෙන්නැයි හඬනගා කියන බව ද පැවැසූහ.
බෝම්බ පිපිරීමත් සමඟ අපට දුක්වන්නට සිදුවුණත් එයින් සිදුව ඇති යම් යම් යහපත් දේ ඇතැයි කී උන්වහන්සේ උගත් මුස්ලිම් ජාතික පිරිසක් තමන් හමුවූ බවත් රටේ බොහෝ නීති වෙනුවට එක නීතියක් ඇති වියයුතු යැයි ද මේ දියාරු ආණ්ඩුව වෙනුවට ශක්තිමත් ආණ්ඩුවක් පත්කර ගෙන එමඟින් මේවා කරගත යුතුයැයි තමන් පෙන්වා දුන් බවත් කීහ.
දියාරු ආණ්ඩුවක් තිබෙනවාට ජාත්‍යන්තරයත් ආණ්ඩුව ඇතුලේ ම ඇති අන්තවාදී කොටස්ද කැමැත්තෙන් පසුවන බවත් එවැනි පිරිසක් විසින් මේ වනවිටත් තවත් පාසැල් 400 ක් පිහිටුවීමට ගෙන ආ යෝජනා කැබිනට් මණ්ඩලය දක්වා ගොස් ඇතැයි තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි පැවසූහ.
අඇල්ලේ ගුණවංශ හිමියන් මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (20) පැවති යුතුකම සංවිධානයේ මාධ්‍ය හමුවක දීය.
එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වු ජාතික ඒකාබද්ධ කමිටුවේ විධායක සභික, ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කියා සිටියේ රට එකම නීතියක් එකම ධජයක් යටතේ පාලනය වුවහොත් රට බේරා ගැනීමට හැකි බවත් එසේ නොවුවහොත් රට විනාශ වීම වැළැක්විය නොහැකි බවත් කීය.
පසුගිය සමයේ ක‍්‍රියාත්මක නොවුවත් සියලූ පළාත් සභාවන්ට පොලිස් බලතල දී ඇතැයි පැවසූ මනෝහර ද සිල්වා මහතා විග්නේෂ්වරන් මහතා ටීඑන්ඒ සමග ඇති අභ්‍යන්තර ආරවුලක් නිසා මිස වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ඕනැම අවස්ථාවක අලූත් පොලිස් පනතක් අලූත් අපරාධ පටිපාටිය පිළිබඳ නීතියක් මෙන්ම නීතිය හා සාමය පිළිබඳ නීතියක් ගෙන එන්නට පුළුන්‍න් බලතල ලැබී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
මහ ඇමතිවරු ක‍්‍රියාත්මක කරන පොලිසි මේ රටේ ක‍්‍රීයාත්මක වුණා නම් රටේ නීතිය හා සාමයට අත් වන ඉරණම කුමක්දැයි කිව යුතු නැති බවත් තම තමන්ගේ දේශපාලන අවශ්‍යතා නිසා රටේ නීතිය හා සාමයට සිදුකර ඇති හානියට දේශපාලඥයින් වගකිව යුතු යැයි ද කීය.
රජයට විරුද්ධ විශ්වාසභංගයක් ගෙනැවිත් ජයගත්තත් රටට අනතුරක් වුවත් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයක් පවත්වන්ට බැරි තැනට පත් කළේ දේශපාලඥයින්ගේ ආත්මාර්ථකාමී අභිමතාර්ථ ඉටුකර ගැනීමට යැයි ද ඔහු පවසා සිටියේය.
19 සංශෝධනයේ දී අනර්ඝ ක‍්‍රියාවලියක් හඳුන්වා දුන්නා යැයි උදම් අනන පිරිසට කිවයුත්තේ එය මේ රටට එන්ජීඕ කාරයින් හඳුන්වා දුන් මහා පිළිලයක් බව යැයි හෙතෙම සඳුහන් කළේය. අද රට මොනතරම් අරාජික තත්ත්වයට ආවත් එය නිවැරදි කළ නොහැකි තත්ත්වයක් පත්ව ඇතැයි පෙන්වා දුන් ඒ මහතා මැතිවරණ කොමිෂන් සභාවට පවා මැතිවරණ පැවැත්වීමේ උවමනාවක් නැතැයි ප‍්‍රකාශ කළේය.
ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ කළහොත් එය ද විජාතික උවමනාවට කරන්නක් යැයි ද මේ තත්ත්වය බැහැර කළ යුතු බවද මනෝහර ද සිල්වා මහතා තවදුරටත් කියා සිටියේය.
මාධ්‍ය හමුව ඇමතූ යුතුකම සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසා සිටියේ ඉදිරියේ පිහිටුවා ගන්නා ආණ්ඩුව ජනතාවට යටත් ආණ්ඩුවක් විය යුතු බවය.
අතීතයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ කිසිදිනක මහා සංඝරත්නය විවේචනය නොකළ බවත් මෑතක සිට පක්ෂයට එක්ව සිටින සමහරුන් මහා සංඝරත්නයත් විවේචනය කරමින් රටට හානි කරන බවත් මේ පිරිස පක්ෂයට ගෙන ආවේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ඔහු කියා සිටියේය.
රට බේරාගන්නට නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම අත්‍යාවශය යැයි පෙන්වා දුන් කුමාරතුංග මහතා එකී ආණ්ඩුව යම් යම් කණ්ඩායම් විසින් නටවන ආණ්ඩුවක් නොවිය යුතු බවත් ශක්තිමත් ආණ්ඩුවක් වියයුතු බවත් සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මැතිවරණවලදී කියන දෑ ක‍්‍රියාත්මක කරන බව දළදා වහන්සේ ඉදිරියේ දිවුරන්න ඕනෑ’
chandima Monday, 20 May 2019 01:05 PM
දළදා හාමුදුරුවෝ ළඟ විතරක් දිවුරවල මදි හාමුදුරුවනේ, අර තිරුපති දෙවි හාමුදුරුවෝ ලඟත් දිවුරන්න කියන්න ඕනෑ...
Raveendra Monday, 20 May 2019 01:12 PM
අවසරයි අපේ හාමුදුරුවනේ..!!! ඔබවහන්සේගේ වටිනා අදහස් අප ඉතා ඉහළින් අගය කරන්නෙමු. අප අවුරුදු 60කට අධික කාලයක් පුරාවටම දියුණු වෙමින් පවතින ජාතිය වූයේත්, මේ මොහොතේදීත් එසේ දියුණුවෙමින් සිටින ජාතිය ලෙස ලොව ප්‍රචලිත වී තිබෙන්නේත් දේශපාලකයන්ගේ බලලෝභී අදූරදර්ශී ක්‍රියාවන් නිසා නොවේද? මෙම රිලව් 225 සැමවිටම මාන බලන්නේ කෙසේ දියවන්නාඔයේ කැලේ සදාකල් යන්න නොවේද? දේශපාලඥයා යනු වැදගත් ගෞරවාන්විත වචනයේ නියම අරුතවත් නොදත් මොවුන් 225ම ඉදිරියටත් මාන බලන්නේ මහජන මුදලින් තම සුඛවිහරණය රැකගැනීමට බව නම් 100% රටවැසියන් වන අපට විශ්වාසයි. බලයේ සිටීමට තමාව මෙලොවට බිහිකළ තම ආදරණිය මෑණියන් වුවත් පාවාදීමට මොවුන් 225 මාලි නොවෙන බවත් කිවයුතුය. අපගේ මෙම අදහස්වලින් ඔබවහන්සේට යම්කිසි හෝ සිත් තැවුලක් සිදුවුණි නම් අපට සමාවෙනු මැන...
siri Monday, 20 May 2019 02:32 PM
අවසරයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ අර 1980 ගණන්වල නිතර දෙවේලේ ප්‍රකාශ කල "උදේට අල්ලා කියල පටන් ගන්නවා හැන්දෑවෙන කොට සේරම අල්ලලා ඉවරයි " කියන මතය දැන් වෙනස් කරලා නේද? ඒ වගේ කතා පසුගිය ආණ්ඩු කාලයේ පටන් කියනවා අසුනේ නැති නිසයි අහන්නේ.
Chanak los angeles Monday, 20 May 2019 09:53 PM
මුදල් දාන දෙන්න චීනුන් අවේ නැතැයි ස්වාමීන්වහන්ස ?
chathuri Tuesday, 21 May 2019 01:27 AM
රටේ දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නයට මැතිවරණ 100 ක් තිබ්බත් මේ හොර නඩ දෙක තමයි එන්නේ, දළදා සමිදුන් ඉදිරියේ මේ කට්ටිය දුම්මල ගහලා දිවිරුම් දුන්නත් හොරකම ජඩකම නම් අත අරින්නේනම් නැහැ.
ලුම්බිණි Tuesday, 21 May 2019 02:17 AM
විධායක ජනාධිපති කම නැතිකරනවා කියල දළදා වහන්සේ ඉදිරියේ දිවුරල තමයි බලයට ආවේ. ඉතින් කලාද?
MP Tuesday, 21 May 2019 02:58 AM
චාරයක් නැති, ජන්මයක් නැති, ආගමට අවංක නැති මේ නරුමයන් කොයි දේවාලේ දිවුරුවත් ඇති වැාඩේ මොකක් ද? මේ අය භාරදෙන්න ඕනේ යමපල්ලාටමයි.
chris Wednesday, 22 May 2019 10:45 AM
සිම්පල්නේ... දළදා මාලිගාව ඉස්සරහා රේස් පැද්ද අපිට ඕකත් කජ්ජක්ද?
Ajith Nissanka Wednesday, 22 May 2019 12:36 PM
ඕක මොකක්ද හාමුදුරුවනේ...? කට්ටිය එක සැරයක් 2005 මැතිවරණයේදීත් කලේ !
siri abeygooneratne Monday, 27 May 2019 09:17 AM
අැල්ලේ හාමුදුරුවනේ...!!! දිවුරන එක බෞද්ධ ආගමට අදාල නැහැ නේද? ඔබ බුද්ධ පුත්‍රයෙක්ද?